මන් දකින හැටි .....

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]ලංකාවේ දැන් දැන් හුඟක් දෙනා භාවනා කරන්න යොමු වෙන එක ඇත්තටම සතුටට කාරණයක්. අපි මහන්සි වෙන්නේ මිනිසුන්ව ඒ පැත්තට යොමු කරන්න. මිනිස්සු එකා දෙන්නා ඒ දේවලට යොමු වෙද්දි සතුටක් දැනෙනවා. මේ එළකිරි ෆෝරම් එකේ ආගම සම්බන්ධයෙන් තියෙන පිටුවත් මෙතනදි ලොකු සේවයක් කරන බව කියන්න ඕනා. ඒ ව‍ගේම මෙතන ඉන්න බුද්ධිමත් වගේම ධර්මය ගැන දැනුම තියෙන බොහෝ අය ඒ වෙනුවෙන් වෙන කැපවීම අගය කරන්න ඕනා. [/FONT]

[FONT=&quot]කොහොම වුනත් ප්‍රායෝගිකව භාවනාවට යෙදෙද්දි තවමත් අඩු ලුහුඩුකම් දකින්න තියෙන බව කියන්නත් ඕනා. අපි දන්නවා අපි මොන දේ කරන්න ගියත් ඒකට අපේ පෙර සූදානමක් තියෙන්න ඕනා කියන එක. උදාහරණයක් විදියට මාස්ටර් ලී කියනවා මෙන්න මේ විදියට, [/FONT]“ [FONT=&quot]Practice Makes Perfect[/FONT] [FONT=&quot]”[/FONT][FONT=&quot] කියලා. බුදුහාමුදුරුවො කියනවා සත්‍ය සොයා යන ගමනේදී මිනිසෙකුගේ අතින් සිදු වෙන්න පුළුවන් වැරදි දෙකක් තියෙනවා කියලා. ඒ තමයි ඒ මාර්ගයේ සම්පූර්ණයෙන් ගමන් නොකරන එක හා ගමන පටන් නොගන්න එක. ඉතින් භාවනාවට යෙදෙන කෙනෙක්ට ඒ නිසාවෙන් භාවනාව සම්පූර්ණ කර ගන්න පෙර සූදානම බොහොම වටිනවා. ඒක බොහොම වැදගත්. ඇත්තටම මන් හුඟ කාලෙකට කලින් මන් ඉගෙන ගත්ත දෙයක්, මගේ යාළුවො එක්ක බෙදා ගන්න දෙයක්. [/FONT]

[FONT=&quot]-[/FONT][FONT=&quot] සූදානම් වෙන්න -

[/FONT]
[FONT=&quot]අපි යම් කිසි දෙයකට සූදානමකින් යුතුව කටයුතු කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් අපි කරන්න යන කාර්යය කොයි තරම් පහසුවෙන් කරන්න පුළුවන්ද කියන එක. අපේ පැත්තෙ තියෙන කුඹුරු වල වැඩ කරද්දී මේකට හොඳ උදාහරණයක් දකින්න පුළුවන්. ගොවියො වපුරන්න කලින් කරන්නේ කුඹුරෙ තියෙන වල්පැල ආදිය ගලවලා මඩ හදන එක. ඉන් පස්සේ තමයි වී ඉහින්නේ. මෙහෙම කරන්නේ නැතිව නිකම්ම වී වපුරලා දැම්මොත් සමහර විට සමහරක් ඇට පැලවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පො‍හොර නැති නිසා වී ඇට මුල් අල්ලන්නේ නැති ව පාඩුවක් මිසක් වාසියක් වෙන්නේ නෑ. ඇත්තටම වී වපුරගන්න කලින් ගොවියො වෙන මහන්සිය නැත්නම් පෙර සූදානම හරිම වටිනවා භාවනානුයෝගියෙකුට තමන්ගේ භාවනා කටයුතු සාර්ථක කරගන්න. හැබැයි ඒ ප්‍රඥාවෙන් ඒ දේ දකිනවා නම් විතරයි. [/FONT]

[FONT=&quot]‍[/FONT][FONT=&quot]ගොවියා බිම සකස් කරනවා වගේම තමන්ගේ ඇතුලත වගා කරගන්න බලාපොරොත්තු වෙන ‍කෙනාත් කටයුතු කරන්න ඕනා. මේ දෙන්නාගේ ඒ කියන්නේ භාවනානුයෝගියාගෙයි ගොවියාගෙයි සමානකම් තියෙනවා. ඔයාලා දන්නවා ඇති භාවනා කියන එකේ එක තේරුමක් තමයි වගා කර ගැනීම කියන එක. පදාර්ථයෙන් ගත්තම භාවනා කියන්නේ යමක් වැඩෙන්න සලස්වනවා කියන එක. යමක් වගා කරන්න පටන් ගන්නවා කියන එකෙන් අපිට තෙරුම් යවනවා අපි ලඟ එක්කො පැල කරන්න බීජ නැත්නම් අතු තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට වගා කරන්න යමක් තියෙනවා. ඉතින් පැල කරන්න දෙයක් නැත්නම් මොනවා පැල කරන්නද? අපි හිතමු අපි ලඟ බීජ තියෙනවා කියලා පැල කරන්න. ඒ තිබුනට මදි අපි ඒ බීජ පැල කරන්න සුදුසු බිමක් හදා ගන්නත් ඕනා. එතනදි බිමේ තියෙන වල් පැල, පැලයට අහිතකර දේ ඉවත් කරගන්නත් බිම පිරිසිදු කර ගන්නත් අපිට සිද්ද වෙනවා. මේ කරුණු අපි අපේ ජීවිතය සම්බන්ධයෙන් දකින්න බලමු. සාමාන්‍යයෙන් වල්පැල ඇති වෙන එක ස්වභාවිකයි. බලන්න අපේ ජීවිත දිහා මොන වගේ අනවශ්‍ය දේවල්ද තියෙන්නේ කියලා. සමහරක් දේවල් හුඟ කාලයක් තිස්සේ වැවිලා දැන් මහා මුල් අල්ලලා ලේසියෙන් ඉවත් කරන්න බැරි තරමට. උදාහරණයක් විදියට සමහරු දිගු කාලයක් තිස්සේ සිගරට් එහෙම නැත්නම් අරක්කු බොන්න පුරුදු වෙලා ඉන්නවා. කොයිතරම් අමාරුද ඒවා නවත්වගන්න. සමහරවිට නැවැත්තු‍වොත් ඒ කෙනා ‍මැරෙන්න පුළුවන්. ඇඟටම අල්ලලා. තව නියපොතු කෑම වගේ. මේ නිසා මේ වල් පැල ගලවන එක බොහොම වැදගත්. [/FONT]

[FONT=&quot]ඒ ව‍ගේම තමයි අපි පුරුදුවෙලා ඉන්න තව දෙයක් තියෙනවා යමක් කරන්න හරි ගන්න හරි ගියාම කේවල් කරන එක. මේක දැන් අපේ ජාන වලටම ගිහිල්ලා. කඩ පොලෙත් ඇඳුම් කඩෙත් ඉස්පිරිතාලෙත් කියලා වෙනසක් නෑ. ජීවිතේ පවා කේවල් කරනවා. මතක තියා ගන්න අපි දෙයක් කරන්න ආසයි නම් ඒ ගැන කේවල් කරන්න එපා කියලා. සමහරු භාවනා කරන්න එන්නේ සති 2 න් නිවන් දකින්න. ඇත්තටම එහෙම පුළුවන් පාරමිතා ශක්තිය ඇති අයත් ඉන්නවා තමයි. නැතුවම නෙමේ. සමහරුන්ට මේ ආත්මෙදි බෑ. නමුත් ඉතින් මේක අපි දන්නවායැ ? ඉතින් සමහරු භාවනා කරන්න ගියාම අහනවා කොයිතරම් වෙලා යයිද සමාධිය ඇති කර ගන්න ? කොයි තරම් කල් භාවනා කරන්න වෙයිද නිවන් දකින්න ? වගේ ප්‍රශ්න. කවුරුවත් ‍කොහොමද කියන්නේ තව කෙනෙක්ට නිවන් දකින්න කොයි තරම් කල් යයිද කියලා ? මේක අපි දන්න දෙයක් නොවෙයිනේ. ඉතින් අපිට නිවන් දකින්න ඕනයි කියලා හිතෙනවානම් ඒක කරද්දි සතුටක් දැනෙනවා නම් ඒ තුල යෙදෙන්න අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතිව. ඒ සතුට අපිව තවත් ප්‍රාණවත්ව ඉස්සරහට අරන් යයි. මේ නිසා කේවල් කරන එකෙන් ඈත්වෙන්න. අඩු තරමේ භාවනාවෙදිවත්. මිනිස්සු හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් දීලා පුළුවන් උපරිමෙන්ම ලබා ගන්න. මේක ඒ තරම් හොඳ දෙයක් නෙ‍මේ විශේෂයෙන්ම භාව‍නාවෙදි. නිකම් හිතලා බලන්න අපේ ජීවි‍තයේ එදිනෙදා සම්බන්ධතා වලදී කොයි තරම් නම් මේ කේවල් කිරීම භයානකද කියලා. අපි අඩුවෙන් දීලා වැඩියෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අපේ සමීපතමයො බහුතරයක් එක්ක අමනාප වෙන්නයි වෙන්නේ. ඒ බව මන් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ, ඔයාලා දන්නවානේ. ඇත්ත කතාව තමයි අපිට ලැබෙන්නේ අපි දෙන තරමටයි කියන එක. අපි දෙන්නෙ පොඩ්ඩක්නම් අපිට ලැබෙන්නෙත් පොඩ්ඩක්. අපි සම්පූර්ණයෙනම් ‍කැපවෙනවා නම් අපිට ලැබෙන ප්‍රතිඵලයත් ඒ ‍වගෙයි. භාවනාව පුහුණු කරද්දී මනස තුලටම ගිහිල්ලා තමන්ගෙන්ම අහන්න ඇයි මන් භාවනා කරන්නේ? ඇත්තටම මට භාවනා කරන්න ඕනාද? කියන වග. අපිට දෙයක් ලබා ගන්න කැප කිරීමක් කරන්න වෙන බව අමතක කරන්න එපා. අපේ ජීවිතයේ තියෙන යම් දෙයක් අපිට අත්හරින්න වෙයි. සමහරවිට අපි ජීවත් වෙන ක්‍රමය වෙන්න පුළුවන්. නැත්නම් අපේ වස්තු, දේපල වෙන්න පුළුවන්. ඇත්තටම මේ ටික කියවනවා කියන්නෙත් යමක් අත් හැරියා කියන එක. [/FONT]

[FONT=&quot]දන්නවානේ අපේ මනුෂ්‍ය ජීවිතය හරිම අධ්‍යාත්මික ගුණයන්ගෙන් පිරුණ එකක්. අපි අතරෙ තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතා, සමාධිය, සිහිය තියෙන්නෙ. අපි මෙලොවට බිහිවෙන්නෙම අවශ්‍ය කරන බීජ අපි ලඟ තියගෙනමයි. (මෙහෙම කිව්වම සමහරු මේක කුණුහරුපයක් විදියටත් ගන්න බලයි) අපිට අවශ්‍ය වෙන්නේ ඒ බීජ වර්ධනය කර ගන්නයි. මනුෂ්‍ය ජීවිතය හරිම පුදුමයි. අපි එක පැත්තකින් ඉන්ද්‍රියන්ගෙන් සතුට හොයද්දි අනෙක් පැත්තෙන් අපිට ඒ කිසිම දෙයක් ඕනෙ නෑ. ඒවා කරදර විදියට දකිනවා. අපිට ඕනා හැම දේම අත් හරින්න. [/FONT]

[FONT=&quot]-[/FONT][FONT=&quot] ශිෂ්‍යයා සූදානම් වූ විටදී ගුරුවරයා පෙනී සිටී -

[/FONT]
[FONT=&quot]මන් ආසම කියමනක් තමයි මේ. මේක ඇත්ත කථන්දරයක් මගේ ජීවිතේ එක්ක ගනිද්දි. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]අළුත් ආරම්භයක්. දැන් දැන් භාවනා කරන්න යොමු වෙන්නෙ තරුණ පිරිස. නමුත් දැනටත් ඉන්න බහුතරය අවුරුදු 30 න් එහා පැත්තෙ ඉන්න අය. මේ අය වගේම අළුතින් භාවනාවට යොමු වෙන අය වුනත් එතැනට එන්නෙ කරන්න තියෙන නොයෙක් දේවල් කරලා. ඒවා කොයි තරම් නම් සම්පූර්ණ වුනාද නැද්ද කියලා ඒ අය දන්නවා.අපිම දන්නවා අපි ළඟ අපිව ඇත්තටම සතුටට සැනසීමට පත් කරන්න පුළුවන් කිසිම දෙයක් නැති බව. ඒ නිසා අපි හැම තිස්සෙම වගේ අපිව සතුටට පත් කරන්න ‍පුළුවන් දෙයක් හොයනවා. ඉතින් අපි ඇත්තටම ලබා ගන්න සූදානම් නම් අවශ්‍ය දේ තියෙයි. ඉතින් ඔයා අහන්න ඔයාගෙන්ම ලබා ගන්න ඇත්තටම ලැහැස්තිද ? කියලා.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]භාවනා කරන්න කලින් අපිට මනස සූදානම් කරගන්න අවශ්‍ය වෙන මූලික අවස්ථා කීපයක් තියෙනවා. එදිනෙදා ජීවිතයේදී අපි නොයෙක් දේවල් වලින් අපහසුතාවයට පත් වෙනවා. මනස භාවනාවට සුදුසු තත්වයට පත් කරගන්න අපි කරන්න ඕනා එක දෙයක් තමයි මරණය ගැන හිතන එක. ජීවිතය කියන්නේ හුඟක් දිග දෙයක් නෙමෙයි. බො‍හොම ඉක්මනට අපිට මැරෙන්න වෙනවා. අද වෙද්දී අපේ ජීවිතය පවතින තැන ගැන හිතුවම අපි මරණයට කොයි තරම් ලඟින්ද ඉන්නේ කියලා හිතන්න පුළුවන්. ඉතින් අපිට මරණය ගැන දැකීමක් තියෙනවානම් හිතන්න පුළුවන් අපි මොනවද ජීවිතේදී කරලා තියෙන්නෙ කියලා. ඇත්තටම අපිව සතුටට පත් කරන්න පුළුවන් මොනවද අපිට හම්බ වෙන්නේ? මන් දන්නේ නෑ. ඔයාලා හිතලා බලන්න. මමත් අසනීප වෙලා තියෙනවා. හැබැයි තාම මරණාසන්න වෙච්ච අවස්ථා නම් නෑ. නමුත් අසනීප වෙච්ච බොහොම අවස්ථා වලදී මන් හිතනවා මගේ ලඟ මාව සතුටට පත් කරන්න පුළුවන් මොනවාද තියෙන්නේ කියලා. ඇත්තටම ඒ වෙලාවට මගේ සතුට ඇති කරන්න උදව් වෙන්නේ මන් පුරුදු කරලා තියෙන භාවනාව. මන් කරපු හැම දේටම වඩා මගේ සතුට වෙනුවෙන් මට වටින්නේ මන් පුරුදු කරපු භාවනාවයි. එතනට යොමු වෙද්දි අපේ වට පිටාවෙ තියෙන හැමදේම වගේම ඇ‍ඟේ පතේ තියෙන අමාරු නැතිවෙලා යනවා දැනෙන්නෙවත් නෑ. ඒක ඔයාලටත් එහෙම වෙන්නැති කියලා මන් හිතනවා. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අපේ මනස භාවනාවට පුරුදු කරන්නේ ජීවිතයේ තියෙන කෙටි බව ගැන හිතන එකත් වැදගත්. අපි කොයි තරම් කල ජීවත් වුනත් ප්‍රශ්නයක් නෑ. හිතන්න අපි අවුරුදු 100ක් ජීවත් වුනා කියලා. අපේ වැඩ ඉවර කරගන්න අවුරුදු 100 අපිට මදි. කාලය ගෙවෙන්නේ අසුරු සැනින්. ඒ නිසා කාලය ගැන බො‍හොම වැදගත් විදියට හිතන්න. අපිට නාස්ති කරන්න කාලයක් නෑ. කාලය වටිනවා. කාලය තමයි ජීවිතය. අපි කාගෙන් හිර ඇහුවොත් ඔයාට හුඟ කාලයක් ජීවත් වෙන්න ඕනාද කියලා උත්තරය වෙන්නේ අනිවාර්යෙන්ම, මට හුඟක් කලා ජීවත් වෙන්න ඕනා කියන එකයි. හොඳයි මේ විදියට දිග ජීවිතයක් ගෙවන්න හම්බ වෙනවානම් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? හුඟ දෙනෙක්ට පැහැදිලි උත්තරයක් නෑ. අපි ඇත්තට දන්නේ නෑ අපිට දිග ජීවිතයක් හම්බ වුනොත් අපි මොනවද කරන්නේ කියලා. අපිට අවශ්‍ය ජීවත් වෙන්න විතරයි. පේනවනේ අපි කොයි තරම් නම් ජීවිතයට ඇලිලා ඉන්නවාද කියලා. ඒත් දන්නේ නෑ කො‍හොමද ජීවිතෙන් වැඩ ගන්නේ කියලා. අපි සතියෙන් ජීවත් වෙනවා නම් හා අපේ කාලය ප්‍රයෝජනවත් විදියට යොදා ගන්නවා නම් ඔන්න අපිට පුළුවන් යමක් අත් කරගන්න. උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙක්ට අවුරුදු පහක් ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් අපිට අවුරුද්දකින් කරන්න පුළුවන් නම්. අපිට පුළුවන් අවුරුදු 5කට එක අවුරුද්දක් සමාන කරන්න. ඉතින් අපි අවුරුදු 60ක් 70 ක් ජීවත් වෙනවා කියන්නේ අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වුනා වගේ තමයි. ඇත්තටම අපි අසිහියෙන් ඉන්න නිසා අපේ කාලයෙන් වැඩි හරියක් නාස්ති වෙනවා. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ජීවිතේ කෙටියි හා කාලය වටිනවා කියලා අපි තේරුම් ගත්තම, ධර්මය ගැන යම් දැනුමක් වර්ධනය කරගන්න සමර්ත වුනාම ඒක තවත් වටිනවා. මිල කරන්න බෑ. කිසිම දෙයක් පස්සට දාන්න එපා, අදම කරන්න. ඇයි? අපි දන්නේ නෑ අපි හෙට ජීවත් වෙයිද කියලා. අද, දැන් කරන්න අවශ්‍ය දේ කරන්න. සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න. නියම භාවනානුයෝගියා වෙන වෙලාවක් ගැන හිතන්නේ නෑ. භාවනා කරන්න හිතෙන්නෙ මොන වෙලාවෙද, තමන් කරන්නෙ මොනවාද, ඉන්නෙ කොහෙද එයා‍ට වැඩක් වෙන්නේ නෑ. හිතෙන වෙලාවට භාවනා කරනවා. ඒකයි භාවනා කරන්න භාවනානුයෝගියාට තියෙන වෙලාව, තැන, අවස්ථාව. [/FONT]

 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔව් භාවනාවට දැන් ගොඩක් බටහිර ජාතිකයොනුත් යොමු වෙලා ඉන්නවා. ඔබේ ලිපියට පිං.

    මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්්‍ය රජා ද අල්විස් විසින් මෙහෙයවන Stress Management සහ භාවනා වැඩසටහන් සෑම මසකම දෙවන සහ තෙවන ඉරිදා දෙහිවල තරැණ බෙෘද්ධ ම්‍ධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    මෙම වැඩසටහන දැනට අවුරැදු 10 ක පමණ සිට මොරටුව විශ්වවිද්‍යාලය තුලද මහචාර්යවරයා විසින් මෙහෙයවනු ලබන අතර විභාග සදහා පෙනී සිටින සහ අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට ‍ගොඩක් හොදයි.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    [FONT=&quot]බුදුහාමුදුරුවන්ගේ ගුණස්කන්ධය ගැන අපි මෙනෙහි කරන්න ඕනා. බුදුහාමුදුරුවො ගැන ඉගෙන ගන්න ගන්න උන්වහන්සේගේ ප්‍රඥාව, ස්වභාවය ගැන ඉගෙන ගන්න පුළුවන්. අපි බුදුහාමුදුරුවන්ගේ ගුණ ගැන හිතද්දි මනස ඒ ගැන මෙනෙහි කරනවා. ඒ තුලින් අපි ප්‍රභාස්වර වෙනවා. උදාහරණයක් විදියට අපි අසතුටුදායක දෙයක් ගැන හිතද්දි ඒ බව පිටට පේනවා වගේ. අරමුණක සතුට හෝ අසතුට රැ‍ඳෙන්නේ අපි ඒ අරමුණ අල්ල ගන්න විදියට. අපි ඒ අරමුණ දිහා බලන විදියට. අපි කැමති කවුරුහරි ගැන හිතද්දි අපිට ඒ කෙනා ගැන ආදරයක්, මිත්‍රත්වයක් ඇති වෙනවා. මේ විදියටම අපි බුදුහාමුදුරුවො ගැනත්, උන්වහන්සේගේ ප්‍රඥාව ගැනත්, උන්වහන්සේගේ පිරිසිදුකම ගැනත් හිතද්දි අපේ මනසට මොකද වෙන්නේ? අර සමාන ස්වභාවයක්ම ඇති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවො ගැන හුඟක් දැන ගැනීම ඉතාම වැදගත්. අපි බුදුහාමුදුරුවන්ගේ ගුණයන් දැන ගන්න ගන්න, ඒවාට කැමති වෙන්න වෙන්න ඒ ගුණාංග අපි තුල ඇති කරගන්න යොමුවෙන්නේ අපිටත් නොදැනීම. ඒ තුලින් අපිටත් මෙහෙයවීමක් ලැබෙනවා නිදහස් වෙන්න, ප්‍රඥාවත් වෙන්න. සමහරවිට අපිට බුදුවෙන්න බැරි වෙන්න බැරි වෙයි. නමුත් යම්තාක් දුරකට ඒ ගුණයන් අපි තුලත් වර්ධනය කර ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි අපිත් පූර්ණ අවබෝධයට පත් වුනාම අපිත් එක්තරා ආකාරයකට, බුදු වෙනවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]- අපි ගුරුවරයා ලෙසින් බුදුහාමුදුරුවන්ව තො‍්රා ගත්තම, උන්වහන්සේගේ පිරිසිදුකම, ප්‍රඥාව හා නිදහස අපිට මග පෙන්වනවා, "කොහෙද මන් යන්නේ ? මොකක්ද මගේ අරමුණ ?"කියන දේ ගැන. - [/FONT]

     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    මාව අවුරුදු ගානක් බලාගත්ත මගේ ආතා දැනට දවස් 7 කට කලින් මිය පර‍ලොව ගියා. ඉතින් මිනිස්සු නොයෙක් ආකාරයට ආතාගේ නැවත උප්පත්තිය ගැන කථා කරනවා මට ඇහුනා. හුඟක් අය කියපු දෙයක් තමයි ආතා දවස් 7 ක් වෙනකම් පින් ගන්න අන්තරාභවයක ඉන්නවා කියන එක. මට හිතාගන්න බෑ ඇයි තවමත් හිතාගන්න බැරි ඇයි මේ මිනිස්සු පිරිසිසු බුද්ධ ධර්මය දකින්නේ නැත්තේ කියලා. මන් උත්සහ කලා ඒ අයට වටහා දෙන්න බුදු හාමුදුරුවන්ගේ බුද්ධ ධර්මය තුලදී අන්තරාබවයක් කියලා දෙයක් වත් ඒ අර්ථයෙන් ගන්න ගන්ධබ්බ අවධියක් කියලා දෙයක් වත් නෑ කියන්න. ඒත් ඒක කරන්න පුළුවන් වුනේ නෑ. මොකද කියනවානම් මේ අන්තරාභවය කියන එක දැන් අපිට බොක්කටම වැදිලා හරියට සීවලී හාමුදුරුවො වගේ.

    සත්වයා උපදින ආකාරය ගැන බුදුහාමුදුරුවො දේශනා කල දේවල් දැන් පිලි‍නොගන්න තත්වයට ඇවිල්ලා. තමන්ගේ මතය මිනිස්සු මනෝකාය එක්ක සම්බන්ධ කරලා බුදුදහමෙ නොමැති දෙයක් තියෙනවා කියලා පෙන්වන්න යොදා ගන්න හදනවා. මේක කොයිතරම් හොඳද කියන්න නම් මන් දන්නේ නෑ. නමුත් මට දැනෙන එක දෙයක් තියෙනවා, ඒ තමයි එන්න එන්න අපේ අය මිථ්‍යා දෘෂ්ටියට බොහොම වේගෙන් ගමන් කරනවා කියන එක.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මාව අවුරුදු ගානක් බලාගත්ත මගේ ආතා දැනට දවස් 7 කට කලින් මිය පර‍ලොව ගියා. ඉතින් මිනිස්සු නොයෙක් ආකාරයට ආතාගේ නැවත උප්පත්තිය ගැන කථා කරනවා මට ඇහුනා. හුඟක් අය කියපු දෙයක් තමයි ආතා දවස් 7 ක් වෙනකම් පින් ගන්න අන්තරාභවයක ඉන්නවා කියන එක. මට හිතාගන්න බෑ ඇයි තවමත් හිතාගන්න බැරි ඇයි මේ මිනිස්සු පිරිසිසු බුද්ධ ධර්මය දකින්නේ නැත්තේ කියලා. මන් උත්සහ කලා ඒ අයට වටහා දෙන්න බුදු හාමුදුරුවන්ගේ බුද්ධ ධර්මය තුලදී අන්තරාබවයක් කියලා දෙයක් වත් ඒ අර්ථයෙන් ගන්න ගන්ධබ්බ අවධියක් කියලා දෙයක් වත් නෑ කියන්න. ඒත් ඒක කරන්න පුළුවන් වුනේ නෑ. මොකද කියනවානම් මේ අන්තරාභවය කියන එක දැන් අපිට බොක්කටම වැදිලා හරියට සීවලී හාමුදුරුවො වගේ.

    සත්වයා උපදින ආකාරය ගැන බුදුහාමුදුරුවො දේශනා කල දේවල් දැන් පිලි‍නොගන්න තත්වයට ඇවිල්ලා. තමන්ගේ මතය මිනිස්සු මනෝකාය එක්ක සම්බන්ධ කරලා බුදුදහමෙ නොමැති දෙයක් තියෙනවා කියලා පෙන්වන්න යොදා ගන්න හදනවා. මේක කොයිතරම් හොඳද කියන්න නම් මන් දන්නේ නෑ. නමුත් මට දැනෙන එක දෙයක් තියෙනවා, ඒ තමයි එන්න එන්න අපේ අය මිථ්‍යා දෘෂ්ටියට බොහොම වේගෙන් ගමන් කරනවා කියන එක.

    ඕක ඔහොම තමයි මචං අද ‍අපේ මිනිස්සු හරියටම බුදු දහම කියන්නේ මොකක්ද කියලා තේරැම් අරන් නෑ. තව හොදම උදාහරණයක් තමයි කුල ප්‍රශ්නය. හතර පෝයටම සිල් ගන්න පන්සල් යන උපාසක අම්මලා තමන්ගේ දරැවාව කසාද බදින්න හොයන්නේ කොහෙවත් නැති කුලයක්. ඒත් ඔවුන්ට ඒ වෙලාවට හිතට එන්නේ නෑ මිනිසා බමුණෙක් හෝ වසලයෙක් ‍වන්නේ ක්‍රියාවෙන් බව බුදු හාමුදුරැවෝ කියලා තියෙන බව
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    සහතික ඇත්ත මචං. අපේ එක නෑයෙක් කසාද බැන්දෙ අඩු කුලේ කියලා සැලකෙන කෙනෙක්ව. ඒ කාලේ මට මතකයි ඒ දෙන්නා කසාද බැඳලා ගෙදර ආවම එයාගේ තාත්තා ඒ අයව පිලිගත්තෙවත් නෑ. දැන‍ට අවුරුදු 7 කට 8 කට කලින්. කොහොමින් කොහොම හරි දැන් ඒ අඩු කුලේ බෑණා තරම් කෙනෙක් තවත් නෑ. මොකද කියනවානම් මිනිහා හොඳට කථා බහ කරලා ඕනා එපා කම් සලකලා බලලා උනන්දුවෙන් වැඩ කරන නිසා. මන් කියන ‍මේ ගෙදර හැමදාම හවසට බුදුන් වැඳලා තුන් සූත්‍රය කියන අඩු තරමේ ගෙදර බිත්තරයක් වත් තම්බන්නේ නැති ගෙයක්. හරක් මස් ගේන්නේ නෑ. කාලා එන්නෙත් නෑ. පිළිවෙත් රකිනවා. නමුත් කුල ප්‍රශ්නෙදි වැඩ කලේ ඒ විදියට. මේ ගැන තව ටිකක් මන් කියන්නම්කො.


    මේ ගෙදර ප්‍රධානියා දැනට ඉහළම කුලේ කියලා සම්මත කුලේ කෙනෙක්. අපේ ගමේ ප්‍රභූවරයෙක් විදියට තමයි අදටත් පිළිගන්නේ. ඕනාම කෙනෙක් කථා කරන්නේ රාළහාමි කියලා. දැන් සාමවිනිසුරු පදවියකුත් තියෙනවා. ඒ උන්නැහෙගෙ බිරින්දෑත් ගමේ පිළිගත් කෙනෙක්. එයා කලින් මිඩිවයිෆ් කෙනෙක්. ඒ නිසා අපේ ගමේ ඉන්න හුඟක් අය ඉපදෙද්දි උදව් කරලා තියෙන්නේ එයා. මේ දෙන්නට ලමයි 8 ක් ඉන්නවා. මේ 8 ට අමතරව තව ළමයි 2 න්නෙක්ව හදා වඩා ගත්තා. ඒ අයත් මේ දෙන්නගේම ළමයි වගේ තමයි ගමේ අය සලකන්නේ. ඒත් මේ ජෝඩුව එහෙම සැලකන්නේ නෑ.

    මේ රාළහාමිට තව සහෝදරයො 3ක් වගේම සහෝදරියක් උන්නා. මේ අය තමන්ගේ කුලේ ගැන සෑහෙන්න පැහැදිලා තමයි උන්නේ. අදටත් එහෙමයි. මට මතකයි මාව උකුලේ තියන් මට කියනවා ඉස්සර අඩු කුලේ කෙනෙක් ඇවිත් වත්තෙ ‍වැටිලා තියෙන කොස් ඇට ටිකක් අහුලා ගත්තොත් ඒවා ආයිත් එයාලා ගන්නේ නෑ ඒ අඩු කුලේ කෙනාටම දෙනවා කියලා. තව සැරයක් කුල ප්‍රශ්නෙකට ගමේ ඉන්න අඩු කුලේ කියන මිනිස්සු ටිකක් එක්ක රණ්ඩු වෙලා වෙඩි තියාගෙන කෙනෙක් මැරිලා පොලිසි ගිහින් උසාවි ගිහින් ඉවර වුන සිද්ධියකුත් තිබ්බා. මේ විදියට තමයි කුලේ රැක්කෙ මේ අය.

    ඔහොම කාලෙ ගතවෙද්දි මේ ජෝඩුවගේ ළමයිත් සමාජෙ වැදගත් කියලා පිලිගන්න තත්වයට ආවා. ඒත් එක පුතෙක් නම් අන්තිම කැත විදියට තමයි හැදුනෙ. කසිප්පු බිබී, කුණුහරුප කිය කියා තමන්ගේ බිරින්දෑට පහර දිදී තමයි අදටත් ඉන්නේ. (හැබැයි දැන් ටිකක් හොඳයි මොකද මිනිහගේ වයිෆ්ට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා) මේ මිනිහාත් තාත්තා වගේම සෑහෙන්න කුලේ ආරක්ෂා කරනවා.

    බුද්ධ දේශනාව කියන්නෙ බොරුවක් නෙමෙයි. මූලික ඉගැන්වීමක් තමයි කර්මය සහ කර්ම ඵලය. වෙනත් විදියකින් කියනවානම් හේතු ඵල ධර්මය. මේ පවුලට වුන සිදුවීමෙන් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා. ඒ කොහොමද කියලා දැන් ඔයාලා බලයි නේද ?


    ඔව් ඒක උනේ මෙහෙමයි. මේ අයගේ එක පුතෙක් හිටියා අනිත් ලමයිට වඩා ටිකක් කැපිලා පේන. මිනිහා ගමේ වුනත් ඉන්න පිරිමින්ට වඩා අදටත් කැපිලා පේනවා. හොඳ පෞරෂයක් තියෙනවා. මෙයාලට ඕනා වුනා කුලේට ගැලපෙන හොඳ දෑවැද්දක් එක්ක ලස්සන ලේලි පොඩ්ඩක් මේ පුතා ට බන්දවලා දෙන්න. මිනිහාත් හෙව්වෙ කොන්ඩෙ දණහිස්සට දිග සුදු පංච කල්‍යාණයෙන් සම්පූර්ණ කෙල්ලක්ව. නමුත් කර්මය ඵල දුන්න හැටි. මිනිහා දෙමව්පියන්ටත් විරුද්ධ වෙලා අන්තිමට ඒ කියන එක කල්‍යාණයක්වත් නැති අඩු කුලේ කියලා පිලිගන්න කෙනෙක්ව තමයි කසාද බැන්දෙ. ඒ අම්මයි තාත්තයි සෑහෙන්න ඒ නිසා දුක් වුනා. කොයි තරම් නම් දුකක්ද කියනවා නම් අදටත් ඒ ලේලිව හරි එයාගේ පවුලේ අයව හරි වැඩිය පිළිගන්නෙ නෑ.

    ඒ වගේම තමයි දෙමව්පියන්ට දුන්න දුකේ ප්‍රතිඵලයක් විදියට වගේ පේන්න මේ ජෝඩුවට ළමයි ඇත්තෙත් නෑ. දැන් දරුවෙක් අරන් හදා ගන්නවා. නමුත් ළමයි උපදින්නේ නෑ. වෛද්‍ය පරීක්ෂණ කලාම කියනවාලු දෙන්නටම ළමයි හදන්න බැරි ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ළමයි නෑ. ඔන්න තත්වය.

    දැන් මේ පුතාට අමතරව මේ කියන රාළහාමිගේ තව දුවෙක් හොඳට ඉගෙන ගෙන අද වෙද්දි සමාජයේ ඉහලයි කියලා පිළිගන්න හොඳ වෘත්තියක යෙදෙනවා. (ගණිකා වෘත්තිය නෙමෙයි හොඳද) මෙයා වෙනුවෙන් මේ ‍රාළහාමියි එයාගේ බිරින්දෑයි සෑහෙන්න වියදම් කලා. අනිකුත් දරුවන්ට කරන්න වෙන සැලකිලි මග හැරුනා මේ නිසා.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඉතින් මේ දුවටත් මේ දෙන්න දෙමහල්ලො හොඳ බෑනෙක් හෙව්වා. තමන්ගේ කුලේට ගැලපෙන. කීප දෙනෙක්ම ගෙදරට ආවා මේ දුවව බලන්නත්. ඒ අතරෙ දොස්තරවරු, නීතීඥයො, ගුරුවරු වගේ අයත් හිටියා. හොඳ සල්ලිකාරයො හිටියා. නමුත් මේ දුව ඒ කාටවත් කැමති වුනේ නෑ. අන්තිමට දුව මොකද කලේ අඩු කුලේ කියලා පිළිගන්න කෙනෙක්ව කසාද බැන්ද. මිනිහාට අර ලොකු රස්සා මොනවත් නෑ. මන් අර මේ පෝස්ට් එක පටන් ගනිද්දි කියපු කෙනා තමයි මේ. මේ නිසාත් රාළහාමියි එයාගේ බිරිඳයි හුඟක් දුක් වුනා. මන් හිතුවෙ රාළහාමි මේ දුකට මැරෙයි කියලා. නමුත් එහෙම නම් වුනේ නෑ.

    ඉතින් බලන්න කර්මයේ හැටි. මේ කියපු දුවටත් ළමයි නෑ. ඒ නිසා ඒ ජෝඩුන අර අම්මයි තාත්තයි වගේම දුක් වෙනවා. නොයෙකුත් දේවල් කරනවා ළමයෙක් හැදෙයි කියලා ඒත් පලක් නෑත කිව්වට විශ්වාස කරන්න නළ දරු උපතක් වත් මේ අයට හරි යන්නේ නෑ. ඒ තරම්ම කමන්ගේ දෙමව්පියන්ගේ හිත රිදවපු පව මෙයා‍ලට බලපාලා.

    මේ විස්තර මන් මේ තරම් දන්නෙ කොහොමද කියලා ඔයාලා බලයි. මේ රාළහාමිගේ වැඩිමල් දුවගේ පුතා තමයි මම. මෙයා ‍මගේ සීයා. එයාගේ වයිෆ් මගේ ආච්චි. මන් ඒ ගෙදර අවුරුදු 7ක් හැදුනා. අර කියපු දෙන්නා මගේ පුංචම්මයි මාමායි වෙන්නේ. ඉතින් මන් මේ විස්තර හොඳට දන්නවා. මේ සිදුවීම් වලින් තමයි වඩ වඩාත් බුදු දහම ඉගෙන ගන්න ඒ අනුව හැසිරෙන්න මන් හුරු වුනේ. ඒ නිසා අද මන් හුඟක් සැප විඳිනවා. ආයිත් බොරු කියන්නේ මොකටද මේ ලෝකෙ වඩාත්ම සතුටින් ඉන්න අයගෙන් ඉස්සරහෙන්ම ඉන්න කෙනෙක් මම.

    අපි හුඟක් වෙලාවට බුද්ධ ධර්මයෙ තියෙන කර්ම ඵලය වගේ දේවල් පිළිගන්නෙ බොහොම සුළුවෙන්. කසිප්පු විකුණන කෙනා හොඳින් ඉන්නවා, දුප්පතා දුක් විඳිනවා වගේ දේවල් දැකලා තමයි මේ මතය ඇති කරන් ඉන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි හිතන් ඉන්නේ දිව්‍ය ලෝකෙ අපාය තියෙන්නේ අපි අතරෙ මේ ලෝකෙමයි කියලා. ‍දැන් දැන් පරලොව අපි විශ්වාස කරන්නේ නෑ. දිව්‍ය ලෝකෙ විශ්වාස කරන්නේ නෑ. මම කියන කෙනා හුඟක් ඉස්සරහෙන් පිළිගන්නේ. අපේ ඇත්තන්ට අනුව දැන් උගන්වන්නේ බුදුදහම කියන්නේ දුක මුල් වෙච්චි ධර්මයක් කියලා. ඒ විතරයැ බුදුහාමුදුරුවො මහ දුෂ්ට මිනිහෙක්නේ. අච්චර ලස්සන යශෝධරාව දාලා අභිනිෂ්ක්‍රමණය කරානේ. කොයිතරම් වැරදිද ඒක. ඔන්න ඕවා තමයි අද අපි පිළිගන්නේ. දන්නවානේ බාර් එකට ලයිසන් දෙන්න ගිහින් බස්නාහිර පළාතේ දහම් පාසල් වහලා දැම්ම. එකෙක් ඒ ගැන බැලුවෙ නෑ. බැලුවේ අර බාර් එකට ලයිසන් එක දෙන්නේ කොහොම කියන එකයි. ලංකාවට මස් ගේන්නේ පිට රටින්. බිත්තර පිට රටින් ගේන්නේ. ඇයි ඒ ලංකාවේ කුකුල්ලු හදනවා මදිලු මිනිස්සුන්ට කන්න තරමට. බිත්තර මදිලු ඉල්ලුමට සපයන්න. මේ ටිකක් විතරයි. මේ තමයි ධර්ම ද්වීපයේ වැඩ කිඩ.

    ඉතින් කොහොමද අපි ධර්මයෙන් ඉස්සරහට යනනේ. මිනිස්සු එන්න එන්න මෝඩ වෙනවා. පිරිමි ටික පන්සලකට යන්නේ නෑ. බිබී ඉන්නවා. සිගරට් අරක්කු ගාන වැඩි වෙද්දි මතට තිත තියද්දි ආණ්ඩුවෙන් ආණුඩවට වැඩිම ආදායම ගේන්නෙත් අරක්කුයි සිගරට් වලිනුයි. පවුල් විනාශ වෙනවා. රටේ ලොකු ලොක්කන්ගේ ලමයි සල්ලි වියදම් කරලා මත් වෙලා ගල්කිස්සෙ හෙළුවෙන් නටද්දි ඒවාට කිසිම දෙයක් කරගන්න අපිට බෑ. අඩු තරමේ කොල්ලුපිටියෙ සල්ලි ගෙවලා බුදු වෙන්න තිබ්බ අවස්ථාව නැති කරන්න සාමාන්‍ය මිනිස්සුන්ටම කටයුතු කරන්න වුනා. මේ තමයි ධර්ම ද්වීපයෙ වැඩ

     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    මේ සිදුවීම් වලින් තමයි වඩ වඩාත් බුදු දහම ඉගෙන ගන්න ඒ අනුව හැසිරෙන්න මන් හුරු වුනේ. ඒ නිසා අද මන් හුඟක් සැප විඳිනවා. ආයිත් බොරු කියන්නේ මොකටද මේ ලෝකෙ වඩාත්ම සතුටින් ඉන්න අයගෙන් ඉස්සරහෙන්ම ඉන්න කෙනෙක් මම.

    යාලුවා...මෙතන අදහස් කලේ ලෞකික සහ ලෝකෝත්තර සැප කියන දෙකමද? ටිකක් පැහැදිලි කළොත් හොඳයි අනික් අයටත් දැන ගන්න..
    මොනවද අනුගමනය කරපු ක්‍රියා මාර්ග.. භාවනාවද? මොකක්ද භාවනා ක්‍රමය?
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    යාලුවා...මෙතන අදහස් කලේ ලෞකික සහ ලෝකෝත්තර සැප කියන දෙකමද? ටිකක් පැහැදිලි කළොත් හොඳයි අනික් අයටත් දැන ගන්න..
    මොනවද අනුගමනය කරපු ක්‍රියා මාර්ග.. භාවනාවද? මොකක්ද භාවනා ක්‍රමය?


    මුලින්ම දෙවන ප්‍රශ්නයට උත්තර දෙන්නම්කො. අනුගමනය කරන සහ අනුගමනය කල ක්‍රියා මාර්ගය හඳුන්වන්නේ හිත හැදීම කියලා. කොයි විදියෙන් කිව්වත් භාවනාව තමයි ඒ. මගේ ගුරුවරුන්ට පින් සිදු වෙන්න මට මන් දැක්ක, අත් වින්ද දේවල් වලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වුනා. දන්නවානේ ලා ඕත්සු කියලා තියෙනවා සැතැප්ම 1000ක ගමන පටන් ගන්නේ අපි තියන එක, පළමු පියවරෙන් කියලා. ඉතින් මන් ගමන පටන් ගත්තා. ඒ ගමන පටන් ගත්තේ අගක් මුලක් නැති ගමනක් අවසානය කරන්න අරමුණු කරගෙන. ගමන පටන් ගත්තත් හරි මට අවශ්‍ය කරන ගුරුවරු මන් වෙනුවෙන් පෙල ගැහිලා ඉඳියා පාර පෙන්වන්න. තව යන්න තියෙන දුර බොහොමයි. නමුත් දැන් අරමුණ පැහැදිලියි. ගමනාන්තය පේනවා. ඉතින් සතුට සැප නොදැනෙයිද ?

    මේ ප්‍රශ්නයේ දෙවන කොටසට උත්තරය තමයි බ්‍රහ්ම විහාර වැඩීම කියන එක. මෛත්‍රී භාවනාව තමයි කෙනෙක්ට සතුටින් නිවන් දකින්න මාර්ගය පෙන්වන්නේ. මීට අමතරව ආරක්ෂක භාවනාවන්ගේ යෙදෙන අනිකුත් භාවනා 03ත් මට හුඟක් ප්‍රයෝජනවත්. ඒවා දන්නවා ඇති නේ. මෛත්‍රියම තමයි මන් විපස්සනාවට හරවගන්නෙත්. ඇත්තම කියන්නම්. හිත නිවෙන්න මේ තරම් සරල නමුත් ගැඹුරු වෙනත් භාවනා ක්‍රමයක් තියෙනවාද කියලා කියන්න මන් දන්නේ නෑ. බ්‍රහ්ම විහාර ධර්ම ඇත්තටම ප්‍රයෝජනවත් නිවන් දකින්න අරමුණු කරන කෙනෙක්ට.


    දැන් පළවන ප්‍රශ්නයට උත්තර දෙන්නම්කො. ඒකට උත්තරය ප්‍රශ්නෙකින්ම දුන්නොත් හොඳයි කියලා මන් හිතනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, මේක කවුරු හරි බලනවානම් එයාට ප්‍රයෝජනයක් වෙන නිසා. මොකද කියනවානම් අපි දෙන්න මෙතනදි කථා කරන්නේ ධර්මය. සම්ප්‍රප්ඵලාප නෙවෙයි. ඉතින් ධර්මය සොයා යන්නන්ට ඒක හොඳ උපකාරයක් වේවි. ඒ වගේම අපි දෙන්නටත් අපි දෙන්නගේ ගමන අවසන් කරන්න හිත හදාගන්න ප්‍රයෝජනවත් වේවි.

    යාළුවා මගේ ප්‍රශ්නෙ මේකයි. ඔයා අහලා තියෙන්නේ මන් කථා කරන්නේ ලෞකික හා ලෝකෝත්තර සැපද කියලා නේ. හොඳයි මට කියන්න සැප කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා. ඔයා තමන්ට හරි වෙනත් කාටහරි හෝ සැපවත් වේවා, නැත්නම් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරද්දි අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න. නිදුක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරද්දි අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න. අන්න එතනදි ඔයාට මන් අදහස් කරන සැප මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි ඔයා මන් අහපු ප්‍රශ්නෙට විස්තර කරලා දෙන උත්තරය මේ පෝස්ට් එක කවුරුහරි වැරදිලා හරි කියවනවානම් (සාමාන්‍යයෙන් මන් දාන පෝස්ට් වැඩිය කාගෙවත් අවදානයට පත් වෙන්නේ නෑ. මන් හිතන්නේ ඒවා කියවන අයට ඒ තරම් ප්‍රයෝජනවත් නැතුව ඇති) එයාටත් ඒ සැප විඳින්න ප්‍රයෝජනවත් වේවි. ඒ සේරටමත් වඩා ඔයාට සැප විඳින්නත් ප්‍රයෝජනවත් වේවි.
     
    • Like
    Reactions: බින්දු

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පැහැදිලි කිරීමට බොහොම පින්...භාවනාව හැර බෝධි පාක්ෂික ධර්ම වැඩෙන්න,නිවනට ලං වෙන්න වෙන ක්‍රමයක් නෑනෙ...
    හ්ම්ම්,, නිදුක් වෙත්වා, සැපවත් වෙත්වා කියද්දි අදහස් කරන්නේ මෙලොව කිසිදු දුකකින් තොරව ජීවිතය සැපවත් වේවා කියන එක නේද? සාමාන්‍යයෙන් කියන්නෙ එහෙමනෙ.
    ලෝකෝත්තර සැප කිව්වේ මග පල නිවන් සම්පත්...
    යාලුවා,,, මගේ භාවනා ක්‍රමය චන්දවිමල හාමුදුරුවන්ගේ පොතේ එන සතර සතිපට්ඨානය,,මට හොඳටම තේරුනෙත් ඒක..පොත කියවපු මුල් දවසෙම මට ඒක හොඳට අල්ලලා ගියා...කොයි පාරෙන් ආවත් ගමන අවසන් වන්නේ එකම තැනකින්නෙ. :D
     
    • Like
    Reactions: බින්දු

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    පැහැදිලි කිරීමට බොහොම පින්...භාවනාව හැර බෝධි පාක්ෂික ධර්ම වැඩෙන්න,නිවනට ලං වෙන්න වෙන ක්‍රමයක් නෑනෙ...
    හ්ම්ම්,, නිදුක් වෙත්වා, සැපවත් වෙත්වා කියද්දි අදහස් කරන්නේ මෙලොව කිසිදු දුකකින් තොරව ජීවිතය සැපවත් වේවා කියන එක නේද? සාමාන්‍යයෙන් කියන්නෙ එහෙමනෙ.
    ලෝකෝත්තර සැප කිව්වේ මග පල නිවන් සම්පත්...
    යාලුවා,,, මගේ භාවනා ක්‍රමය චන්දවිමල හාමුදුරුවන්ගේ පොතේ එන සතර සතිපට්ඨානය,,මට හොඳටම තේරුනෙත් ඒක..පොත කියවපු මුල් දවසෙම මට ඒක හොඳට අල්ලලා ගියා...කොයි පාරෙන් ආවත් ගමන අවසන් වන්නේ එකම තැනකින්නෙ. :D

    පැහැදිලිවම. මටත් මුලින්ම මග පෙන්නුවේ ඒ පොත තමයි. ඊටත් වඩා බෞද්ධයාගේ අත් පොත පොත. කොහොම වුනත් මමත් ඒ ක්‍රමයම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඊට වඩා චුට්ටක් විතර එහාට ගිහිල්ලා. ඔයාට මතකද දන්නේ නෑ එක වෙලාවකදී මට මතක විදියට සතිපට්ඨාන විවේචනය කියන පොතේදිද කොහෙද නැත්නම් ඔයා කියන පොතේදිමද කොහොද හාමුදුරුවො කියනවා හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ට ලංකාවේ මිනිස්සු කියපු කථා. මොකද සයාඩෝගෙන් කවුරු ඇහුවත් කියන්නේ මෛත්‍රී භාවනාවක් නම් විශේෂයෙන් කරන්නේ නෑ කියලා නිසා මිනිස්සු කියන්න ගත්ත එයා කොහොමද සතිපට්ඨානය උගන්වන්නේ කියලා. අපිට තේරෙන තරම තමයි. නමුත් වර්තමාන ලෝකෙදි සයාඩෝට තරම් මෛත්‍රී භාවනාව ගැන දැනුමක් තියෙන කෙනෙක් ම‍ට තවමත් මුණ ගැහිලා නෑ.

    නිදුක් වෙත්වා සැපවත් වෙත්වා කියද්දි ඔයිට‍ වඩා හුඟක් එහාට ගිය දේවල් අදහස් වෙනවා යාළුවා. ඒ වගේ දේවල් දැන ගන්න උත්සහ කරන්න. ඒ වෙන දෙයක් නිසා නිවෙයි, අපිට නිවන් දකින්න, නිදුක් වෙන්න, සැපවත් වෙන්න නැත්නම් සුවපත් වෙන්න. පුංචි වතුර බිංදු එකතුවෙලා ලොකු ගංගාවල් හැදෙනවා ‍වගේ පොඩි පොඩි දහම් කරුණු එකතුවෙලා ධර්ම බහුශ්‍රැතභාවය ඇති වෙනවා. කැමතිනම් දිගටම එක් වෙලා ඉන්න අපි ධර්මය ගැන කථා කරමු.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    හුඟක් වෙලාවට අපි බුදුන් වඳිද්දි අපි බුද්ධ සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වට අපි ඒ එකකවත් තේරුම දන්නේ නෑ. අපේ තාත්තලාට එයාලගේ දෙමව්පියො කියනවා ඇහුනා අපිට අපේ දෙමව්පියො කියනවා ඇහුනා. ඉතින් අපිත් කියනවා. ඒක තමයි අපේ බුදුන් වැඳීම. මහලොකුවට කිව්වට තැන් තැන්වලදී තිසරණේ පිහිටපු කෙනා බෞද්ධයා ය කියලා, කී දෙනෙක් නම් තිසරණයේ පිහිටලා ඉන්නවාද? ඒ ගැන අපි හිතන්න ඕනා. අපි බණ පොලකට ගියත් කරන්නේ මේකමනේ. හාමුදුරුවො අපිට කියනවා හා එහෙනම් හැමෝම නමස්කාරය කියන්න කියලා. ඉන් පස්සෙ තාලෙට හාමුදුරුවො කිව්වට පස්සෙ අපි තුන් සරණ සජ්ජායනා කරනවා. සමහරු අත් දෙක නලලෙ තියන් කියද්දි සමහරු අත් දෙක පපුව ඉස්සරහින් නැත්නම් මූණ ලඟ තියාගෙන සජ්ජායනා කරනවා. කොහොමහරි අන්තිමේදී මූලා‍සනේ හාමුදුරුවො කියපු දේ කියනවා.

    සමහර වෙලාවට මන් දැකලා තියෙනවා, හාමුදුරුවො කියන තාලෙටම තුන් සරණ සජ්ජායනා කරන බෞද්ධ පින්වත්තු. ඒ විදියටම කියා ගත්තෙ නැත්නම් ඒක පිහිටන්නේ නෑ නොවැ. තව සමහරු කණට ඇහෙන්නෙවත් නැති විදියට තමයි සජ්ජායනා කරන්නේ. ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනා. මොකද අපි කුණුහරුප කියනවා නෙමෙයි. අපේ සැනසුම සොයා ගන්න මුල් පියවර තැබීමයි කරන්නේ.


    මේ විදියට අපි කොහොමද නිවන් දකින්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. නියස බෞද්ධයෙක්නම් එයා බුදු සරණ පිළිපදිද්දි ඒ කියන්නේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍යයි. උදාහරණයක් විදියට බුද්ධං සරණං ගච්ඡාමි කියද්දි තමන් සරණ යන්නේ කාවද කියලා දැන ගන්න ඕනා. ඒ වෙන දෙයකට නෙමෙයි. තමනුත් ඒ වගේ වෙන්න අවශ්‍ය නිසා. ඉතින් ඒකට අපි කරන්න ඕනා අපි සරණ යන බුද්ධ කියන්නේ කව්ද කියලා දැන ගන්න. ඒ තැනැත්තා කොයි වගේද කියලා දැනගන්න ඕනා. ඉන් පස්සෙ අපිත් එ තැනැත්තා වගේ වෙන්න ඕනා. අපිට බුදුහාමුදුරුවො වගේම වෙන්න බැරි වුනත් එක සැරේටම (නමුත් ඕනාම කෙනෙක්ට අවශ්‍ය කරන අවශ්‍යතා සම්පූර්ණ කරනවා නම් බුදු වෙන්න පුළුවන්) අඩු තරමෙ උන්‍වහන්සේ වින්ද නිවන් සැප විඳින්න පුළුවන්. නිවන තුන්තරා බෝධියෙන්ම ලබන්න පුළුවන්නේ. බුදුහාමුදුරුවො තමන් කොයි ව‍ගේද කියලා සාමාන්‍ය මිනිස්සුන්ගේ මනසට ගෝචර වෙන විදියට අංගුත්තර නිකායේ තික නිපාතයේදි දේශනා කරලා තියෙනවානේ තමුන් අරහං, සම්මා සම්බුද්ධ ආදී විදියට. මේවා අපි මතක තියාන අරුත් නිවැරදිව දැනගෙන අපේ ජීවිතයට ඇතුල් කරගන්න ඕනා. ඉතින් අපි බුදු සරණ යද්දි මේ ගුණ දැනගෙන තියෙන්න ඕනා. (අඩුම තරමේ එකක් වත්... එකක්වත් නොදන්න එක්කෙනෙක්ට වඩා එක ගුණයක් හරි දන්න කෙනා වටිනවා. එයාට වඩා ගුණ දෙකක් දන්න කෙනා වටිනවා. මේ විදියට චක්‍රය ඉස්සරහට යනවා ගුණ නමයට එනකම්ම)

    ධම්මං සරණං යද්දිත් සංඝං සරණං යද්දිත් මෙහෙමම තමයි. නමුත් ටිකක් බලන්න මෙහෙම වෙනවාද කියලා? ඕක තමයි අපේ සිංහල බෞද්ධයාට තියෙන ප්‍රශ්නෙ. පුංචි වුනත් තමන්ගේ නිවන් දැකීමේ පළමු පියවර තියා ගන්න හරිම අමාරුයි. ඒ වුනා‍ට සතිපට්ඨානෙ පුරුදු කරලා සතියෙන් සෝවාන් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. කෙනෙක්ට නිවන් දකින්න අවශ්‍ය නම් එයා පළමුවෙන්ම කරන්න ඕනා නිවැරදිව තිසරණේ පිහිටන එක. අතීතයේ ඒ වගේ අය ඕනා තරම් උන්නා. ඒ නිසාවෙන්ම රහතුන්ගෙන් අඩුවක් ලංකාවෙ තිබුනේ නෑ. නමුත් දැන් එහෙම නෑ. ඒ වගේම රහතුන් ගැන කථාවකුත් නෑ. අපේ බෞද්ධ ජීවිතේ පළමු පාඩම නිවැරදිව තෙරුවන් සරණ යෑමයි. (සුනාථ, ධාරෙත, චරාත) එතනින්ම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න අපිට පුළුවන් වෙන්නේ. සතිපට්ඨානය ඒකායන මාර්ගය වුනාට ඒකත් ආර්යෂ්ටාංගික මාර්ගයෙ කොටසක් විතරයි. ඒ හැමදේම රැ‍ඳෙන්නේ අපි සරණ යන තිසරණය මතයි. ඒ නිසා නිවැරදිව තිසරණේ පිහිටවීම තමයි කලින් කිව්ව වගේ බෞද්ධයෙකු වීමේ වගේම නිවන් ලබා ගැනීමේ මාර්ගයේ පළමු පියවර.

    සැතැප්ම දහසක ගමනේ ආරම්භය. මේ ආරම්භය ගන්න කෙනාට ගමන් අවසන් කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ කෙනාට විතරයි පුළුවන් වෙන්නෙත් පටන් අරන් තියෙන ගමන අවසන් කරන්න. එතනින්ම පේනවා අපේ පළමු පාඩම කොයි තරම්නම් වැදගත් ද කියලා.. ඒ නිසාවෙන් තමන්ගේ අනාගතේ ගැන හිතලා,


    පළමු පාඩම ඉගෙන ගන්න උත්සහ කරන්න.......​
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ‍බෞද්ධ අපේ ජීවිත හරිම ලස්සනයි. එතනින් කියන්නේ නෑ අනිත් ආගම් අදහන අයගේ ජීවිත පලේ ‍පල් කියලා. ආගමානුකූලව ජීවත් වෙන හැමෝගෙම ජීවිත හරිම ලස්සනයි. ඉතින් මෙතනදි ඒ ලස්සන ජීවිතයේ යෙදෙන අවස්ථාවන් ගැන තමයි අපි කථා කරන්නේ. ඒවා මන් දකින හැටියට ලියන එකයි මන් කරන්නේ. එතන වැරදි තියෙනවානම් ඒවා නිවැරදි කරලා ඔයාලගේ දැකීමත් ලියන්න පුළුවන්. ඉතින් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියන වචන අපිට නිතරම ඇහෙන නිසා ඒ ගැන ටිකක් කථා කරන්න මන් හිතුවා.

    හුඟක් වෙලාවට අපේ හාමුදුරුවන් වගේම දෙමව්පියොත් වැඩිහිටියොත් අපිට ආශීර්වාද කරන්නේ නිතරම සුවපත් වේවා නිදුක් වෙත්වා කියලා. ඒ වගේම තමයි අපි මෛත්‍රී භාවනාව කරද්දි බොහොමයක් වෙලාවට පාවිච්චි කරන වාක්‍ය කණ්ඩය වන්නෙත් සුවපත් වේවා නිදුක් වේවා කියන එක. ඉතින් අපි ටිකක් බලමු මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා.


    මුලින්ම අපි සුවපත් වේවා කියන්නෙ ‍මොකක්ද කියලා ටිකක් බලමු.


    කොහොමද කෙනෙක් සුවපත් වෙන්නේ ? සරලවම ගත්තම අපි මරණය නතර නොකරන තාක් කල් අපිට සුවපත් වෙන්න බෑ. ඇයි ඒ ? මැරෙන්න මැරෙන්න අපි නැවත නැවතත් මේ සංසාරේ ඉපදෙනවා. අපේ පටන් ගැන්ම කොතනද කියන්න අපි දන්නේ නෑ වගේම අපේ අවසානය කොතනද කියන්නත් අපි දන්නේ නෑ. උදාහරණයක් විදියට බුදුහාමුදුරුවෝ ‍වරක කියනවා සංයුක්ත නිකායේදී තමන් දැන් තෙරක් නොපෙනෙන සසර ගමන නතර කලා නැවත ඉපදීමක් නෑ දුකකුත් නෑ, උඹලත් නතර කරපල්ලා කියලා. මේ හා සමානවම පරිනිර්වාන සූත්‍ර‍යේදීත් අපිට උපදෙස් දෙනවා තමන්ටම ද්වීපයක් වෙන්න කියලා. ඉපදෙන කෙනා අනිවාර්යෙන්ම ජරාවට යනවා. ලෙඩ දුක් වලට පත් වෙනවා. කැමති අයගෙන් වෙන් වෙන්න වෙලා දුකට පත් වෙනවා. අකමැති අය එක්ක එකතු වෙලා දුකට පත් වෙනවා. තණ්හාව නිසා දුකට පත් වෙනවා. ලස්සන නිසා දුකට පත් වෙනවා. කැත නිසා දුකට පත් වෙනවා. කොටින්ම කියනවා නම් ලෝකෙ අපිට දකින්න, විඳින්න තියෙන හැම දෙයක් නිසාම දුකට පත්වෙනවා. ඇත්තටම ගත්තම සුවයක් සැපයක් කියලා දෙයක් නෑ නිවන ඇර. ඉතින් ‍සුවපත් වේවා කියද්දි මේ දේවල් ඒ තුල ඇතුලත් වෙනවා. නමුත් මන් දන්නේ නෑ අද වෙද්දි අපි සුවපත් වේවා කියද්දි ඒ ගැන හිතනවාද කියලා.


    සුවපත් වේවා කියද්දී චතුරාර්ය සත්‍යයාවබෝධය ඇතුලත් වෙනවා. මොකද ඒ තමයි සුවපත් වීමේ මාර්ගය. ඒ නැතුව සුවපත් වීමක් නෑ. මරණය නතර කිරීමක් නෑ. අපි හොඳින්ම දන්නවා මෙලොව පවත්නා හැම දේම අනිත්‍ය්‍යි කියලා. බුදුහාමුදුරුවො පවා මරණයට පත් වුනා. උන්වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය, වේළුවනාරාමය ආදී නොයෙක් විහාර වල අද තියෙන්නේ නටබුන් විතරයි. අනිකුත් රහතන් වහ‍න්සේලාත් එහෙමමයි. අපේ දෙමව්පියො, දූ දරුවො, ඥාතීන් මේ හැමෝම හැම දෙයක්ම අපිට නැතිවෙනවා. ඇත්තටම කියද්දි අපිට අපිවත් නැති වෙනවා. ඉතින් අපි මේ හැම දේකින්ම වෙන් වෙනවා දවසක. එහෙම වෙද්දි සුවයක් සැපතක් තියෙන්න විදියක් නෑ ප්‍රායෝගිකව බලද්දි. නමුත් නිවන් දැක්ක කෙනාගේ තත්වය වෙනස්. ඒ කෙනා බො‍හොම සරලව හැම දේකින්ම ඈත් වෙන්නේ. එයාට දෙයක් නැති වුනා කියලා දුකක් නෑ. අඩු තරමේ තමන්ට තමන් නැති වුනා කියලාවත් වෙනසක් නෑ. ඒ නිසයි නිවන් දුටු කෙනා සුවපත් වෙන්නේ.


    හිතන්න අපි කාටහරි සුවපත් වේවා කියද්දි මේ බව දැනගෙනද සුවපත් වේවා කියන්නේ කියලා. අනේ එහෙමනම් ඒ කෙනා හුඟක් බුද්ධිමත්. ඒ වගේම එයා කරන ආශිර්වාදය ඇත්තටම ඵලවත් ආශිර්වාදයක්. ඇයි එහෙම වෙන්නේ? ඒ කෙනා සුවපත් වූ කෙනෙක් නිසාවෙන්. එහෙම නොහිතා යමෙක් තව කෙනෙක්ට සුවපත් වේවා කියනවා නම් ආයිත් සැරයක් හිතන්න අවශ්‍යයි.

    සුවපත් වූ කෙනා තමයි නිදුක් වෙන්නේ. මොකද එයාට කිසිම දුකක් නැති නිසාවෙන්.

    මේ තමයි සරලවම ගත්තම සුවපත් වේවා නිදුක් වේවා කියන වචන කණ්ඩවල තියෙන සරල අදහස. මේවා තව දුරට විස්තර කරන්න පුළුවන්. ඒත් මේ පෝස්ට් බලන බුද්ධිමත් අයට ඒ තරම් දුර ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න අවශ්‍ය නෑ. ඔයාලා බුද්ධිමත් දෙයක් දැක්කම තේරුම් ගන්න තරමට.....


     
    Sep 12, 2011
    884
    120
    0
    මේ ලෝකේ මයිත්‍රී භාවනා දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි , සසර ගමනට හේතු වෙනවා. අනිත් එක ලොකොත්තරයි, නිවනට හේතුවෙනවා.

    ලෝකෝත්තර එක මේකයි,

    මම සෝවාන් වී අපා දුකින් නිදුක් වෙම්වා
    මම සක්රුධාගාමි වී කාම රාග සහ ව්‍යාපාද තුනී වී නිරෝගී වෙම්වා
    මම අනාගාමි වී කාම රාග සහ ව්‍යාපාද නිරෝධ වී සුවපත් වෙම්වා
    මම අරහත් වී පංච උපාදානස්ඛන්ධ දුකෙන් මිදී නිවන් ලබත්වා


    මේක තමයි වැඩිය යුත්තේ
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මහ නිළමේ;11045971 said:
    මේ ලෝකේ මයිත්‍රී භාවනා දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි , සසර ගමනට හේතු වෙනවා. අනිත් එක ලොකොත්තරයි, නිවනට හේතුවෙනවා.

    ලෝකෝත්තර එක මේකයි,

    මම සෝවාන් වී අපා දුකින් නිදුක් වෙම්වා
    මම සක්රුධාගාමි වී කාම රාග සහ ව්‍යාපාද තුනී වී නිරෝගී වෙම්වා
    මම අනාගාමි වී කාම රාග සහ ව්‍යාපාද නිරෝධ වී සුවපත් වෙම්වා
    මම අරහත් වී පංච උපාදානස්ඛන්ධ දුකෙන් මිදී නිවන් ලබත්වා


    මේක තමයි වැඩිය යුත්තේ

    යාළුවා ඔයා කියලා තියෙන දේ හරි. අපි වඩන්න ඕනා ලෝකෝත්තර මෛත්‍රී භාවනාව තමයි වැඩි පුරම.