මන් දකින හැටි .....

Sep 12, 2011
884
120
0
මේක නවත්තන්න එහෙම එපා හරිය!!! දිගටම කරගෙන යන්න.

බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා. මොකද අපි මන වඩන රූපයක්,
මන වඩන සුවඳක්,මන වඩන ශබ්දයක්, මන වඩන රසයක් එහෙම දැනුනාම අපි ඒවායේම පස්සේ යනවා, ලැබුනේ නැතිකොට දුක වෙනවා. සමහර විට දිවි නසා ගන්න පවා උත්සහා කරනවා. එත් මුන් වහන්සේලා ඔයවගේ දේවල් තඹ සතේකට ගණන ගන්නේ නෑ. මට උන් වහන්සේලා ගැන ඉතා ආඩම්බරයි. හරි ශ්‍රේෂ්ඨ යි.

ඒ ආර්යයන් වහන්සේලාට මේ පංච කාම වස්තු වල සතයක වටිනා කමක් නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ උදාහරණය අති පූජනීය
වහරක අභයරතනාලංකාර හිමිපාණන් ගේ උදාහරණයක්. මමත් එහෙං මෙහෙන් add කළා. නමුත් ප්‍රඥාවෙන් බලන කල මේක මටත් හොඳට වැටහෙනවා.

දැන් අපි හිතමු ඉස්සර ඔයාට රෝද තුනේ බයිසිකලයක්, එහෙමත් නැත්නම් සෙල්ලම් කාර් එකක් නැත්නම් teddy bear කෙනෙක් ගෙනත් දුන්නොත් ඔයා කොච්චර සතුටු වෙනවද? එකේම තමයි ඇලීම, ඒක කැඩුනොත් හරි දුකයි, එකම තමයි ජීවිතය. ඔයා ඒ කාලේ පතන්නේ ඔය ලොකු වුනාම ඒ වගේ ඒවා සීයක් වුනත් ගන්න මානසිකත්වයෙන් තමයි ඉන්නේ.

නමුත් දැන්?? මම ඔයාට කිව්වොත් "ආ!! මේ අර සෙල්ලන් කාර් ඒක නැත්නම් අර රෝද තුනේ බයිසිකල 100 ක් ගන්නවා කිව්වා නේද? ආ දැන් ගන්නකෝ? කියල කිව්වොත් මොකද? ඔයා කියයි "අනේ පිස්සු නැතුව ඉන්න මට ඒවා ඕනනේ නෑ, මට ඒවා දිහා බැලුවම කිසිම ආසාවක් හිතෙන්නේ නෑ" කියලා.

මම කිව්වොත් "එහෙනම් මම මේවා ඔයාට නොමිලේ දෙන්නද" කියලා එතකොට ඔයා කියයි " අනේ මේ මට නොමිලේ වුනත් එපා, ඕව හරයක් නැති දේවල්"

අන්න ඒවගේ තමයි බුදු, පසේ බුදු, අරහත්, අනාගාමී උත්තමයන් වහන්සේලාට ඔය පංච කාම වස්තු. ඔයාට සෙල්ලම් බඩු වලට දැනෙන හැගීම ම තමයි ඒ උත්තමයන් වහන්සේලාටත් දැනෙන්නේ මම හිතන හැටියට. ඕව කිසි හරයක් නැති දේවල් හැටියටයි උන් වහන්සේලා ඒවා ගණන ගන්නේ.
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහ නිළමේ;11251798 said:
මේක නවත්තන්න එහෙම එපා හරිය!!! දිගටම කරගෙන යන්න.

බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා. මොකද අපි මන වඩන රූපයක්,
මන වඩන සුවඳක්,මන වඩන ශබ්දයක්, මන වඩන රසයක් එහෙම දැනුනාම අපි ඒවායේම පස්සේ යනවා, ලැබුනේ නැතිකොට දුක වෙනවා. සමහර විට දිවි නසා ගන්න පවා උත්සහා කරනවා. එත් මුන් වහන්සේලා ඔයවගේ දේවල් තඹ සතේකට ගණන ගන්නේ නෑ. මට උන් වහන්සේලා ගැන ඉතා ආඩම්බරයි. හරි ශ්‍රේෂ්ඨ යි.

ඒ ආර්යයන් වහන්සේලාට මේ පංච කාම වස්තු වල සතයක වටිනා කමක් නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ උදාහරණය අති පූජනීය
වහරක අභයරතනාලංකාර හිමිපාණන් ගේ උදාහරණයක්. මමත් එහෙං මෙහෙන් add කළා. නමුත් ප්‍රඥාවෙන් බලන කල මේක මටත් හොඳට වැටහෙනවා.

දැන් අපි හිතමු ඉස්සර ඔයාට රෝද තුනේ බයිසිකලයක්, එහෙමත් නැත්නම් සෙල්ලම් කාර් එකක් නැත්නම් teddy bear කෙනෙක් ගෙනත් දුන්නොත් ඔයා කොච්චර සතුටු වෙනවද? එකේම තමයි ඇලීම, ඒක කැඩුනොත් හරි දුකයි, එකම තමයි ජීවිතය. ඔයා ඒ කාලේ පතන්නේ ඔය ලොකු වුනාම ඒ වගේ ඒවා සීයක් වුනත් ගන්න මානසිකත්වයෙන් තමයි ඉන්නේ.

නමුත් දැන්?? මම ඔයාට කිව්වොත්
"ආ!! මේ අර සෙල්ලන් කාර් ඒක නැත්නම් අර රෝද තුනේ බයිසිකල 100 ක් ගන්නවා කිව්වා නේද? ආ දැන් ගන්නකෝ? කියල කිව්වොත් මොකද? ඔයා කියයි "අනේ පිස්සු නැතුව ඉන්න මට ඒවා ඕනනේ නෑ, මට ඒවා දිහා බැලුවම කිසිම ආසාවක් හිතෙන්නේ නෑ" කියලා.

මම කිව්වොත්
"එහෙනම් මම මේවා ඔයාට නොමිලේ දෙන්නද" කියලා එතකොට ඔයා කියයි " අනේ මේ මට නොමිලේ වුනත් එපා, ඕව හරයක් නැති දේවල්"

අන්න ඒවගේ තමයි බුදු, පසේ බුදු, අරහත්, අනාගාමී උත්තමයන් වහන්සේලාට ඔය පංච කාම වස්තු. ඔයාට සෙල්ලම් බඩු වලට දැනෙන හැගීම ම තමයි ඒ උත්තමයන් වහන්සේලාටත් දැනෙන්නේ මම හිතන හැටියට. ඕව කිසි හරයක් නැති දේවල් හැටියටයි උන් වහන්සේලා ඒවා ගණන ගන්නේ.


ස්තුතියි යහළුවා දිරිගැන්වීමට. ඔයාගේ කොමන්ට් එක ලස්සනයි. ගන්න දෙයක් තියෙනවා. මෙතනදි පුංචි දෙයක් කියන්න ඕනා. ඔයා කාගෙන් හරි අදහසක් ගත්තානම් ඒ බව සිහිකරන එක හොඳයි, නමුත් ඒ අදහස ඔයාගේ අත්දැකීම්, සිතුවිලි එක්ක මුසු වුනාම ඒක ඔයාගේ. එහෙමවෙද්දි ඒ අදහසේ ගෞරවය ඔයාටමයි. ඒක බුද්ධ කාලේ ඉඳන් පවත්නා ස්වභාවික දෙයක්.

ධර්මය ගැන පුංචි හරි හැඟීමක් තියෙන අයට බුදු, පසේබුදු හා අර්හත් කියන ත්‍රිවිධ පුද්ගලයෝ ගැන ඔයා කියනවා වගේ හැඟීමක් ඇති වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ ඒ අයට ඒ හැඟීම ඉස්සරහට දියුණු කරලා අරන් යනනේ නැති එක. ඒ නිසාවෙන්ම තමයි මේ වගේ පෝස්ට් එකක් පටන් ගන්න හිතුවේ ඒ වගේ අයට උපකාරයක් වෙන්න පුළුවන්ද බලන්න. පුංචියට හරි. මෙතනදි පුංචියට හරි කියලා කිව්වේ මූණ බලන් කථා කරනවා වගේ නැති නිසා.

ඉතින් අදත් අපි හිතාන් ඉන්නේ රාජෝහරණං රාජෝහරණං කියලා සුදු රෙද්දක් අතින් ඇතිල්ලුවාම නිවන් දකින්න පුළුවන් කියලා. ඒ විතරක්ද අපි හිතනවා අපිට නෙළුම් මලක් හොඳින් පිපිලා පරවෙලා යනවා දැක්කම නිවන් දකින්න පුළුවන් කියලා. ඒ වගේ මෝඩ අදහස් තමයි අපි අතරේ තියෙන්නේ. කොහොම වුනත් ඒ ගැන මෙතනදි මන් කථා කරන්නේ නෑ. ඒ ඒ අය නිසි ප්‍රතිඵල ලබාගනී.

බුද්ධ ධර්මය කියන්නේ අකාලික දෙයක්. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ‍ලෝකවිදූ හා විජ්ජාචරණ සම්පන්න උත්තමයා. ඉතින් උන්වහන්සේ කෙනෙක්ගේ උපනිශ්‍රය දැකලා ලබා දෙන උ‍පදේශය හැමෝටම හරියයි කියලා. ඒ උඩ තමයි අපි භාවනා කරන්නේත්. අනේ මන්දා.....මේවා ටිකක් පැටලිලා දැන් තියෙන්නේ.....

අපි බුද්ධ ධර්මය ගැන මහා ලොකුවට ඉගෙන ගන්න යනවා. නිවන් දකින්න ප්‍රෝග්‍රම්, ටයිම් ටේබල් හදනවා. හැබැයි තෙරුවන් සරණ යද්දි කරන්න ඕනා මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඉතින් මේවා ගැන අපි කථා කරන්න ඕනා අඩු තරමේ මේ වගේ තැන් වලදී වත්. ....
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]අපේ කථාව අපි ඉස්සෙල්ලා නතර කලේ නකුල පිතා හා මාතා ගැන කථාවෙන්. ඉතින් එතනින් එහාට අපි දැන් යමු. මෙතනදි මායාව ගැන කථා කරන්න හිතුවා ඒකත් මේ මාතෘකාවටම සම්බන්ධ‍වෙන නිසාවෙන්. [/FONT]

[FONT=&quot]මායා. [/FONT]

[FONT=&quot]සමහර වෙලාවට තණ්හා, ලෝභ මායා කියලාත් හඳුන්වනවා. ඒ නිසාවෙන් මායාවේ ස්වභාවය ටිකක් මෙතනදි කථා කරමු අපි. මායාව හරියට මැජික්කාරයෙක් වගේ. හිතන්නකො මැජික් කාරයෙක් කළුගලක් අරන් ඕඩියන්ස් එකට විශ්වාස කරවනවා ඒක මැණික් ගලක් කියලා. ඒ වගේම තමයි මායාව. කෙනෙක්ගේ දෝෂ හංගනවා. ඉතින් ඒ කියන්නේ මායාවෙන් ඉන්න කෙනා තමුන් ලඟ කොයිතරම් වැරදි තිබුනත් නෑ වගේ ඉන්නවා. [/FONT]

[FONT=&quot]ගැහැණියකගේ මායාව [/FONT]

[FONT=&quot]ඔන්න එක කාලෙක හිටියා හොඳ උගත් මහාචාර්යවරයෙක් හා උන්දැගේ ‍ගෝලයා. දැන් මේ ගෝලයාගේ බිරින්දෑ වෙන මිනිහෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මේ දෙන්නා හොරාට ලව් කරන දවසට අර ගෝලයාට මාර ආදරෙන් තමයි බිරිඳ සලකන්නේ. ඒත් ලව් නැති දවසට අර මනුෂ්‍යයාට ව‍හලෙක්ට වගේ තමයි සලකන්නේ. මේ තත්වය තේරුම් ගන්න බැරි වුන ගෝලයා මහාචාර්යවරයාට මේ තත්වය කිව්වා. ඉතින් මහාචාර්යවරයා මේ ගෝලයාට ගෑණුන්ගේ ස්වභාවය තේරුම් කරලා දුන්නා. (තේරුම් කරපු හැටි ගැන මෙතන ලියන්න බලාපොරොත්තුවක් නෑ) [/FONT]

[FONT=&quot]ඉතින් මේ කථාවේ ගෝලයාගේ බිරිඳගේ හැසිරීම බලන්නකො. අනාචාරයේ යන දවසට සුවච කීකරු බිරිඳක් විදියට ඉන්නවා. අනිත් දවසට වධක භාර්යාවක් වෙනවා. මේ අනාචාරයේ යන දවසට ස්වාමියාට දක්වන ආදරය තමයි මායාව. සමහරවිටදී තණ්ඛාණුප්පති ඥාණ විදිය‍ටත් මේක හඳුන්වනවා. ඒ කියන්නේ ඒ වෙලාවට ක්ෂණිකව ඇතිවෙන ඥාණය. ඒක ඇත්ත නුවණක් නෙමේ. නමුත් නියම නුවණ වැහිලා ගිහිල්ලා. [/FONT]

[FONT=&quot]තවත් බිරිඳක් [/FONT]

[FONT=&quot]ඔන්න තවත් ගෘහණියක් තමුන්ගේ ගෙදර එන්න ගෘහසේවකයාත් එක්ක අනාචාරයේ යෙදෙන්න පුරුදු වෙලා හිඳියා. එක් දවසක් ඇගේ මනුෂ්‍යයා දැක්කා ඇය මේ සේවකයාව ඉඹිනවා. ස්වාමියා තමුන් කරන වැ‍‍ඩේ දැක්ක බව දැනගත්ත ගමන් මේ ගෑණි මොකද කලේ මනුෂ්‍යයා ලඟට ගිහින් කියනවා ස්වාමියාණෙනි, මේ මිනිහා මහා හොරෙක්, ඒකා ඔයාට හදපු කෑම කොටස කාලා. මන් ඒක ඇහුවම නෑ කිව්වා. ඉතින් මන් කට ඉඹලා බැලුවාම ඒ කෑම සුවඳ ආවා. අපි මේකට අපේ ගෙදර ඉන්න දෙන්න හොඳ නෑ කියලා. ඉතින් කාටද කියන්නේ ? ‍

[/FONT] [FONT=&quot]බලන්නකො මේ කථාවේ විදියට සේවකයාව ඉඹින එක බරපතල වරදක්. නමුත් හදිසියේම ආපු නුවණින් කාන්තාව මොකද කරන්නේ ස්වාමි පුරුෂයාව රවට්ටනවා. මේක තමයි මායාව කියන්නේ. හැබැයි පුතෝ ගෑණු විතරක් නෙමේ මිනිස්සුත් මේ වගේ වැඩ කරනවා. [/FONT]

[FONT=&quot]තාපසයාගේ මායාව [/FONT]

[FONT=&quot]එක ගමක ගමේ ගොවියෙක්ව ප්‍රධාන දායකයා කරගෙන හිටපු තාපසයෙක් උන්නා. මෙයාගේ ඕනා එපාකම් සලකලා බැලුවේ මේ ගොවි උපාසකයා. ඒ වගේම තාපසාරාමය හදලා තිබ්බෙත් උන්නැහෙගෙ ඉඩමක. කොහොමහරි මේ ගමටත් හොරුන්ගෙන් කරදර ඇති වුනා. ඉතින් මේ උපාසකයා තමුන්ගේ රන් කහවුණු සියයක් තාපාසාරාමය ලඟ වලක් කපලා වලලලා තාපසයාට කිව්වා ඒවා බලාගන්න කියලා. තාපසයා කියනවා ඒ වගේ දේවල් තාපසයන්ගෙන් අහන එක හොඳ නෑ කියලා. [/FONT]
[FONT=&quot]‍කොහොම වුනත් තාපසයාට මේ විදියෙ හිතුවිල්ලකුත් ඇති වුනා. ඒ කියන්නේ තවුසට හිතුනා මේ කහවුණු ටික මට හොඳ ජීවිතයක් ගත කරන්න ප්‍රමාණවත් කියලා. ඉතින් මොකද කරන්නේ අර උපාසකයා වලලපු රත්තරන් ටික හාරලා තාපසාරාමයට එන පාරේ තැනක වැලලුවා.

ඊළඟ දවසේ උදේ දානෙ එහෙම අරගෙන අර උපාසකයාට තවුසා කියනවා, එක තැනම හිටියා ඇති අනෙක් මිනිස්සුන්ටත් යහපතක් කරන්න මන් යන්න ඕනා. නැත්නම් මන් ඔයාටම ඇලෙනවා කියලා. උපාසකයා තවුසගෙන් නවතින්න කියලා ඉල්ල හිටියාත් තවුසා පිටත් වෙලා යනවා.
[/FONT]

[FONT=&quot]ටික දුරක් ගියාට පස්සේ මේ තාපසයා ආපහු එනවා. ඇවිත් උපාසකයාට කියනවා හිතවත් උපාසකය, ඔබගේ වහලෙ තිබ්බ තණ පතක් මගේ කොණ්ඩෙ පැටලිලා තිබුනා. මන් මේ ආවේ ඒක දීලා යන්න. තමුන්ට නොදීපු දෙයක් අරන් යන එක මන් වගේ තාපසයෙක්ට හොඳ නෑ කියලා. අනේ අර උපාසකයා තාපසයා ගැන පුදුම පැහැදීමක් ඇති වෙන්නේ. [/FONT]

[FONT=&quot]කො‍හොම වුනත් මේ වෙලාවෙදි සිදුවීමට එනවා ප්‍රඥාවත් මිනිසෙක්. මිනිහා අර උපාසකයාගෙන් අහනවා තමුසෙ මොනවා හරි වටිනා දෙයක් තාපසයාට බලාගන්න එහෙම කිව්වද? එහෙනම් ඒක තියෙනවාද කියලා බලනවා කියලා. අනේ අර උපාසකයා දුවලා ගිහින් බලනවා තමුන් වලලපු රන් කහවුණු සියය. එකක්වත් නෑ. පස්සෙ දෙන්න එක්ක දුවලා ගිහිල්ලා තාපසයාව අල්ලගෙන කහවුණු ටික අර ගන්නවා. [/FONT]

[FONT=&quot]ඉතින් බලන්නකො මේ සිදුවීමේ තාපසයා තමුන්ගේ හොරකම වහගන්න අර උපාසකයාව රවටන්න තණ පත ඇවිත් ගෙනත් දෙනවා. මේ වගේ දේවල් තමයි මායාව කියන්නේ. ඉතින් මේ විදියට වංචාව (පරියාය මායා) තාපසයන්ගේ විතරක් නෙමේ හාමුදුරුවො ලඟත් සමහර වෙලාවට දකින්න පුළුවන්. අපි ලඟ හැබැයි ටිකක් වැඩියි. බොහොම ටික දෙනයි අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේ හොඳ මිනිස්සු එක්ක සම්බන්ධ‍ වෙන්න පුළුවන් වෙන්නෙත් පෙර කල පින් ඇත්නම් තමයි, නැත්නම් ඉතින් සොරි තමයි. [/FONT]

[FONT=&quot]ඉතින් තමුන්ගේ වැරදි හන්ගන එක ඇර තවත් මායා වර්ග හුඟක් තියෙනවා. ඒ කියන්නේ දුෂ්ට මිනිස්සු අහිංසක විදියට ඉන්නවා. කසාද බඳිනකම් ආදරෙයි ඉන් පස්සෙ පලිගන්නවා. තමුන්ගේ වැරදි වහගන්න අනිත් මිනිසුන්ට තර්ජනය කරනවා මේ වගේ නොයෙක් දේ තියෙනවා. [/FONT]අපි ටිකෙන් ටික මේවා ගැන කථා කරමුකො.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මායා ගැන කථා කරද්දි සත්‍යෙය ගැනත් කථා කරන්න ඕනා. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕනා. සමහරවිට මන් මේ ලියනවා ඇත්තේ ඔයාලා හොඳට දන්න දේවල් වෙන්න ඇති. අනේ එහෙමනම් ඔයාලගේ කාලය නාස්ති කරාට මට සමාවෙන්න. මන් හුඟක්ම හිතන්නේ මේ දේවල් නොදන්න කෙනෙක් ඉන්නවානම් එයාට පුංචි හරි උදව්වක් වෙන්න. එහෙම නැත්නම් මේවා මා ලඟම තියන් මට ඉන්න පුළුවන්. නමුත් මටම තේරෙනවා අනුන් සමග ධර්මය බෙදා ගත්තම දැනෙන සැනසීම. [/FONT]

[FONT=&quot]ඉතින් අපි සත්‍යෙය පැත්තට හැරෙමු. මෙතනදි අපි කථා කරන්නේ තමුන් ලග නැති ගුණ තියෙනවා කියලා බොරුවට අනිත් අයව රවටන අය ගැන. මේ විදියට තමුන් ලඟ නැති ‍ගුණ පෙන්වන ස්වභාවය තමයි සත්‍යෙය කියන්නේ. මායාව කියන්නේ මීට ටිකක් වෙනස්, එතනදි තමුන්ගේ වැරදි නොපෙනෙන තත්වයට පත් කිරීමයි වෙන්නේ. මේ දෙකම අනවශ්‍ය දේවල් වගේම වංචනිකයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. [/FONT]

[FONT=&quot]භික්ෂුවකගේ සත්‍යෙය.
[/FONT]


[FONT=&quot]සිල්වත් කම් නැතිව සීලවන්තයි කියලා පෙන්වීම, අධිගමයන් නොමැතිව අධිගමයන් ඇති බවට පෙන්වීම වගේ ‍භික්ෂුවක් විදියට තිබිය යුතු ගුණාංග ඇත්ත වශයෙන්ම නැති වුනත් ඒවා තියෙනවා කියලා භික්ෂුවක් විසින් පෙන්වීම තමයි මේ. අද දවසේ මේ වගේ භික්ෂුන් දකින්න නැහැ මන් හිතන්නේ. ඉතින් මේ මවාපෑම් උපාසක උපාසිකාවොන්ට අහු නොවෙනකම් සත්‍යෙය භික්ෂුවට ඒවා කරන් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අහුවුනත් උපාසකයො හිතනවා අනේ අපිට මොකෝ එයාගේ දේවල් එයාට, අපි සලකන්නේ සිවුරට. ඕනා මගුලක් කර ගත්තට අපිට කමක් නෑ කියලා. එතකොට තව දුරටත් අර මෝඩ භික්ෂුව සත්‍යෙය පවත්වන් යනවා, මොකද එයා තවමත් මවාපාන නිසා.
[/FONT]


[FONT=&quot]ගිහියන්ගේ සත්‍යෙය.
[/FONT]

[FONT=&quot]ගිහියොත් ඉන්නවා තමුන්ට සමාධිය නැතිවුනත් ආ මට තියෙනවා සමාධිය, තමුන් මහා ප්‍රාඥයි, හැකියාව නැතත් හැකියාව ඇති බව පෙන්වන, තමුන්ට උගත්කමක් නැතත් උගත්කම ඇති බව පෙන්වන, සල්ලි නැතත් තමුන් මහා සල්ලිකාරයෙක් කියලා අනුන්ට මවා පාන වගේ මවාපෑම් වලින් පෝසත් කට්ටිය. අද දවසෙ මේ වගේ අය නම් ඕනාම ගමක ඉන්නවා පඳුරකට පයින් ගැහුවොත් සියයකට වඩා විසිවෙන්න. අනේ මන්දා. [/FONT]
[FONT=&quot]
සත්‍යෙයේ ඇති භයානකකම.

[/FONT]

[FONT=&quot]සාමාන්‍ය ලෝභ කමට වඩා මේ මායාවයි සත්‍යෙයි භයානකයි. මෙතනදි මේ දේවල් මතතක තියාගන්න ඕනා. දැන් හිතන්න කිසිම සිල්වත් කමක් නැති, ප්‍රඥාවක් නැති, සමාධියක් නැති භික්ෂුවක් ඒ ගුණ තියෙනවා කියලා මවාපෙන්වමින් ඒ විදියට හැසිරෙනවා කියලා. ඕනා තරම් ඒ වගේ අය ඉන්නවා. මේ ප්‍රතිථලයක් විදියට ඒ ඇත්තෝ සංසාරෙ දුක් විඳින තත්වයට පත්වෙනවා. ඊටත් වඩා වෙන දේ තමයි මේ භික්ෂුවගේ ගුණවත්කම දැකලා උපාසකයො ඒ අයගේ පිහිට පතනවා.නමුත් පලක් වෙන්නේ නෑ. තමුන් ලඟ නැති ප්‍රඥාවක් කොහොමද අනිත් කෙනෙක්ට දෙන්නේ? ඒ උපාසකයාත් අනාතයි දැන්. දායකයාට මහත්ඵල ආනිසංශ ලැබෙන්නේ නෑ ඒ වගේ භික්ෂුවකට දන් දුන්‍නා කියලා. ඒ වගේම තමයි අපි අතරෙ ඉන්නවා මහා කපටි මිනිස්සු තමන් අහිංසකයි කියලා, ගුණවන්තයි නැත්නම් උගත් සල්ලිකාර, ප්‍රඥාවන්තයි කියලා පෙන්වන. ඉතින් හුඟක් ගෑණු ළමයි මේවාට රැවටිලා තමුන්ගේ ජීවිත විනාශ කර ගන්නවා. පවුල් නැති වෙනවා. [/FONT]

[FONT=&quot]ඒ වගේම තමයි අපිට ඉන්න නායකයො අතරෙත් මේ වගේ අය ඉන්නවා. ඒ අය හොඳ වැඩ කරනවා කියලා පෙන්වනවා. නමුත් කරන්නේ මහා දුසිරිත්. ඒත් ඒවා යන්නේ යටින්. දුප්පත් මිනිස්සු රැවටෙනවා. සමහරු තමුන්ගෙ නැති පෝසත්කම් පෙන්වලා කෙල්ලන්ව කසාද බැඳ ගන්නවා. අනේ අර ළමයාගේ ජීවිතේම දුකේ. [/FONT]

[FONT=&quot]ඉතින් දෙපාර්ශවය තමුන්ගේ වැරදි මායාවෙන් හංගලා නැති හොඳ සත්‍යෙයෙන් ඇති කරලා පෙන්වලා අන්තිමේදී කසාදෙන් පස්සෙ ඒවා එළි‍වුනාම ඇති වෙන තත්වය ටිකක් හිතන්නකො. ඉතින් මේ අයට තමුන්ට ආදරේ කරන්න පුළුවන්ද? නෑයින්ගෙන් හිටන් පලිගන්නවා නේද ඉන් පස්සේ? අද අපේ සමාජෙ තියෙන පවුල් ප්‍රශ්න වලින් ‍ 90% ක්ම මේ හේතුවෙන් තමයි ඇති වෙන්නේ. දෙපාර්ශවයක් අතරෙ විශ්වාසනීය ආදරයක් නැතිව දෙපාර්ශවයකට සැපවත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ නෑ. අපි මතක තියා‍ගන්න ඕනා රාගය විතරක් තිබ්බට මදි සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න දෙන්නා අතරෙ තියෙන විශ්වාසනීය සත්‍යය ආදරයත් අවශ්‍යයි කියලා. [/FONT]

[FONT=&quot]බෞද්ධයො අතරෙ වෙන විවාහයක් කියන්නෙ වර්තමාන ජීවිතයට විතරක් ඇති කර ගන්න විවාහයක් නෙමේ. විශ්වාසයෙන් එක්ව බැඳිලා එක්ව පන්සල් ගිහින් දානමානයන් එක්ව කරමින් ගුණවන්තව ජීවත්වෙන දෙපලක් සංසාරෙ පුරාම එක්ව ගමන් කරනවා. නමුත් මායාව හා සත්‍යෙය තියෙන විවාහවලදී ජෝඩුව හොඳ වැඩ කරන්නෙ අනිත්කෙනාව රවටන්න. ඒ අයට මේ ආත්මෙ විතරක් නෙමෙයි මීළඟ ආත්මවලදිවත් තමුන්ගේ පවුල් ජීවිතේ සතුට විඳින්න වෙන්නේ නෑ. අපි මේවා හොඳින් මතක තියාගන්න ඕනා. මොකද ධර්මය තියෙන්නේ නිවන් දකින්න විතරක්ම නෙමෙයි, අපේ එදිනෙදා ජීවිතේ සැපවත් කර ගන්නත් එක්කයි. මේ ගැන සලකලා මිනිස්සු මායාවෙන් හා සත්‍යෙයෙන් වෙන් වෙන්න උත්සහකරන්න ඕනා.
[/FONT]

[FONT=&quot]මේ විදියට මායව හා සත්‍යෙය තනිපුද්ගලයෙක්ව වගේම සමූහයක් වුනත් මුලා කරනවා. අවශ්‍යනම් මුළු රටක්ම මුලා කරන්න පුළුවන්. (දැන් අපේ රටේ ඉන්නවානේ බුදුවෙච්ච අය, ඒ ඇති අපිට රැවටෙන්න) ඒ වගේම මුළු ලෝකෙම වුනත් මුලා කරන්න පුළුවන් (එයින් කෙනෙක් මේ අවුරුද්දෙ අපි අතරෙන් වෙන්වුනා) මේ වගේ අයව අපි නරක පුද්ගලයො කියලා වර්ග කරලා අපේ ජීවිත වලින් ඈත් කරන්න ඕනා. කොහොමවුනත් පාරමිතා පුරන ප්‍රඥාවන්තයො තමුන්ගෙ හිතේ මේ වංචාකාරී හා අකුසල තත්වයන් ඇති‍ වීමෙන් වලක්වගන්න උපරිම උත්සහය දරන්න අවශ්‍යයි. මගේ බලාපොරොත්තුවත් ඒකයි.
[/FONT]

[FONT=&quot]ඇත්තටම මේක කියනව ඇත්තන්ගේ විතරක් නෙමෙයි නොකියවන අයගේ හිත්වලත් මායාව ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පාරමිතා පුරන අයගේ ආශ්‍රයෙ ඉන්න අය අතරෙත් ඒවැනි සිතුවිලි ඇති නොවේවා. ඒ සියල්ලෝම පිරිසිදු වෙත්වා. [/FONT]


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

දිට්ඨි

[FONT=&quot]දැන් අපි කථා කරන්න යන්නේ තවත් අකුසල චෛතසිකයක් වන දිට්ඨි ය ගැන. මේ ගැන කථා කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනා. මන් මේ ලියන දේවල් ගැන ඕගොල්ලන්ගේ පැහැදීමක් නැත්නම් අනේ කරුණාකරලා ඒ වග මෙතන ලියලා තියන්න. එතකොට මන් මේක නවත්තලා දාන්නම්. තේරුමක් නෑනේ බොරුවට කාලෙ නාස්ති කරලා. අද කාලේ කොහොමත් මේ වගේ දේවලට සමාජයේ වැඩි කැමැත්තක් නෑ. මොකද මෙතන තියෙන්නේ ෂෝ එක නෙමේනේ. බොහොම හිමින් සැරේ නිවන් දකින්න යන ගමනකදි ඔයා‍ලා අත් අරින්න ඕනා මොනවාද ඇති කරගන්න ඕනා මොනවාද කියන එක ගැන බුද්ධ දේශනාවයි, ලෝකේ එදිනෙදා දකින්න අහන්න ලැබෙන දේවල් එක්කයි එකතුවෙන් කරන කථාවක් මේක. අකමැති අය ඒ ගැන කියන්න. නිකන් බොරුවට කාගෙවත් හිතේ ද්වේෂයක් ඇති කරවන්න මන් කැමති නෑ. [/FONT]

[FONT=&quot]හොඳයි එහෙනම් අපි දිට්ඨි ගැන කථා කරමු. සරලව ගත්තම දිට්ඨි කියන එකෙන් මෙතනදි අදහස් කරන්නේ වැරදි වැටහීම්. ඒ වගේම වැරදි විශ්වාසයන් කියලත් කියන්න පුළුවන්. ඉතින් දිට්ඨියෙන් පුළුවන් නැති දේවල් ඇති විදියට දකින්න, හරි දේ වැරදි විදියට දකින්න වගේම වැරදි දේ හරි විදියට දකින්න, ඒ වගේම තමයි කෙනෙක් ‍ගේ නිවැරදි දැක්ම තව කෙනෙක්ට වැරදි විදියට පෙන්වන්නත් මේ දිට්ඨිය උපකාරී වෙනවා. [/FONT]

[FONT=&quot]මැවුම්කාරක දෙවියන් වහන්සේ ලෝකය සහ සත්වයා මැවූ බව විශ්වාස කිරිම, ආත්මයක් නොතිබෙද්දි ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කිරීම, ‍වගේ වැරදි දැකීම් තමයි නැති දේවල් ඇති විදියට පෙන්වන වැරදි දැකීම් වලට උදාහරණ. ඒ ව‍ගේම තමයි හොඳ හෝ නරක ක්‍රියාවල ප්‍රතිඵලය පසුව ලැබෙන බව විශ්වාස නොකිරීම, සත්වයෝ තමුන්ගේ කර්මයේ ප්‍රතිඵලයන් නොයෙක් ආකාරයෙන් භුක්තිවිඳින බව දැක දැකත් කර්මයේ ඵලයක් නැති බව විශ්වාස කිරීම, සුන්දර නිවන තිබිලත්, නිවන නැති බව විශ්වාස කිරීම, අනන්ත තෙරක් නොපෙනෙන සංසාරයක් තිබිලත් නැවත උපතක් නැති බව විශ්වාස කිරීම වගේ වැරදි වැටහීම් තියෙන දේවල් නැති විදියට දක්වන වැටහීම්. [/FONT]

[FONT=&quot]මේන් මේවත් වැරදි දේවල් ඇත්ත විදියට පෙන්වන දිට්ඨි තමයි හොඳද - [/FONT]

[FONT=&quot]සත්තුන්ව හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා හිතාන බිලිදීම, ඇඟ ගල් වෙන්න සීතල වතුරෙ දෙවියන්ට පූජා පවත්වන්න කියලා නාන එක, හැසිරීම පිරිසිදු කරගන්න කියලා බල්ලො හරක් වගේ තිරිසන්නු හැසිරෙන විදියට හැසිරීම, ඇයි තව කරපු පව් නැති වෙන්න හිතාගෙන ගඟවල්වල බැහැලා නාන එක වගේ දේවල් (මේක නම් ගංගා ගඟ මුල් කරගෙනයි බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ, මන් දන්නෙ නෑ අපේ රටේ මෙහෙම තියෙනවාද කියලා) [/FONT]

[FONT=&quot]දාන, ශිල, භාවනා කෙනෙක්ව නිවනට පමුණුවන බව විශ්වාස නොකිරීමත් ඇත්ත බොරු විදියට දැකීමේ දිට්ඨියක් තමයි.

[/FONT]
[FONT=&quot]ඉතින් මේ විදියට වැරදි දිට්ඨි නොයෙක් ආකාරයට තියෙනවා. දිට්ඨිය සමග මුසු වෙච්ච මනස අපි හඳුන්වන්නේ දිට්ඨිචිත්ත කියලා. ඒ වගේම වැරදි දිට්ඨීන්ට හසුවීම අපි හඳුන්වනවා මිච්ඡා දිට්ඨි කියලා. මේ විදියට අපි දිට්ඨි කියන අකුසල චෛතසික ගැන කථාව අවසන් කරනවා. [/FONT]


dhamma.jpg


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]මාන

[/FONT]
[FONT=&quot]උඩඟුකම නැත්නම් අහංකාරකම තමයි මානය කියලා හඳුන්වන්නේ. මේ මානය තියෙන අය අනිත් අය දිහා බලන්නේ නිතරම තමුන්ට වඩා පහත් විදියට සලකලා. අනිත් මිනිස්සුන්ගේ කුලය, තත්වය, දැනුම, පෝසත්කම් ආදිය ගැන සලකද්දි මේ අය හැම තිස්සෙම තමුන් ඊට වඩා උසස් විදියට සලකලා තමයි කටයුතු කරන්නේ. ඉතින් අනිත් මිනිසුන්ගේ තත්වයන් එක් සමාන නම් මේ අය ඒකට හේතු දක්වන්නේ, මෙයාලා අපිට වඩා වෙනස් නෑනේ, අපිත් ඒ වගේ තමයි අපිටත් ඒවා තියෙනවානේ, කියලා. අනිත් අයට වඩා තත්වයෙන් පහත් වුනාම හේතු දක්වන්නේ, අපිට ඒගොල්ල තරම් උඩ යන්න ඕනා නෑ, අපි කන්නේ අපිට තියෙන දේ. අපි වැඩ කරන තරමට තමයි අපිට ලැබෙන්නේ. මොන එහෙකටද අපි එයාලට නැමෙන්නේ? කියලා. බලන්න පහත තත්වයෙ හිටියත් උඩඟුකම නිසා‍ ඉහලින් ඉන්න යනවා.

[/FONT]
[FONT=&quot]මානයේ පොදු ස්වාභවයන්.

[/FONT]
[FONT=&quot]ජාතිමාන - ජාතිමාන කියන්නේ උපතින් නැත්නම් කුලයේ තියෙන උසස්කම ගැන හිතලා මානය ඇති කර ගැනීම. අද දවස වෙනකොටත් උපතින්ම හොඳ මිනිස්සු අපිට හොයාගන්න පුළුවන්. කොහොමවුනත් කෙනෙක්ගේ උප්පත්තිය කියන්නේ උඩඟුවෙන්න තරම් දෙයක් නෙමෙයි. හිතන්නකො යමෙක් වංශවත් පවුලක ඉපදුනත් සාමාන්‍ය පවුලක ඉපදුනත් ඒ කෙනා කරුණාවන්ත නම්, දුප්පත් අසරණ මිනිස්සුන්ට සලකනවානම් ඒ කෙනාට ඕනා කෙනෙක් ගරු කරනවා. නමුත් අපි දන්නවා එහෙම කෙනෙක්ට වුනත් අපහාස කරන්න සමාජෙ ඕනාතරම් කට්ටිය ඉන්නවා කියලා. ඒක ඉතින් ඒ අයගේ වරදක් මිසක් අපර මනුෂ්‍යයගේ වරදක් නෙමේ. [/FONT]

[FONT=&quot]කොහොමවුනත් කියන්න ඕනා වුනේ තමුන්ගේ උප්පත්තිය ගැන හිතලා උඩඟුකම ඇති කරගන්න එපා කියලා. [/FONT]

[FONT=&quot]ධනමාන - තමුන්ගේ පෝසත්කම නැත්නම් තමුන්ට ඇති වත්කම් ගැන හිතලා ඇති කරගන්න මානය තමයි ධනමාන කියන්නේ. අපි දන්නවා අද කාලේ හුඟක් මිනිස්සුන්ට වස්තුව තිබ්බත් ඒවා දුප්පත් මිනිස්සු එක්ක බෙදා ගන්න තරම් හිතක් පහලවෙන්නේ බොහොම සුළුතරයකට කියලා. බහුතරයක් දෙනා තමුන්ට තියෙන දේ තමුන්ම භුක්ති විඳගන්නවා. නමුත් හිතන්න මේ මිනිස්සු දුප්පතුන්ට අවශ්‍ය වෙලාවට උදව් පදව් කරගෙන ජීවත්වෙනවානම් ඒ දුප්පත් මිනිස්සු ව‍ගේම අනිත් මිනිස්සුත් ඒ කෙනාට සලනවා නේද? අනකුරක වැටුන වෙලාවට අඩු තරමේ අනේ ‍අපොයි කියලා කියනවානේද? හිතන්න පෝසත් කෙනෙක්ගේ මූණෙ දුප්පතෙක් වෙනුවෙන් ඇ‍ඳෙන කාරුණික සිනහ රැල්ලක් කොයි තරම් නම් වටිනවාද කියලා. ඒත් අද අපි දන්නවා කොයිතරම්නම් මිනිස්සු තමුන් ලඟ තියෙන සල්ලිවලින් ඉදිමිලා හිනාවක්වත් නැතිව බුම්මන් ඉන්න ආකාරය. [/FONT]
[FONT=&quot]මතක තියාගන්න ඕනා දේ තමයි මේ ආත්මෙ අපි ධනවත් වෙන්නේ ගිය ආත්මවල අපි කරගත්ත දානමය පින්කම් නිසාවෙන් කියන එකත් ඒක මානය ඇති කරගන්න හේතුවක් කරගන්න අනවශ්‍ය බවත්. මොකද එහෙම වුනත් මීළඟ ආත්මවල ඒ ධනවත්කම් ලැබෙයි කියලා හිතන්න බැරි නිසා. පෝසත් මිනිස්සු නිතරම උත්සහ කරන්න ඕනා අනිත් මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. ඒකට අනිත් අයට උපකාර කිරීම අවශ්‍යයි. සල්ලිකාරයො කියන්නේ කොයිතරම් නම් අනතුරු අතේ තියාගෙන ජීවත් වෙන මිනිස්සුද ? ඒ වගේම තමයි කොයිතරම් මේ ආත්මෙ සල්ලි තිබ්බත් ඒවා මේ ආත්මෙටම විතරයි කියන එකත් අමතක කරන්න හොඳ නෑ. [/FONT]

[FONT=&quot]පැරණි කථාවක් තියෙනවා, රජ්ජුරුවන්ගේ ධනය රන්වන් මාළිගයක ඇමතිවරු, වටකරන් ගෙවන ජීවිතය හරියට මහ මුහුදේ මොහොතකට ඇතිවෙන ජල බුබුලක් ‍වගේ, කියලා. (අනන්තසූරිය) [/FONT]

[FONT=&quot]පඤ්ඥා මාන - මේකෙන් කියන්නේ තමුන්ගේ උගත්කම මානයක් කර ගැනීම ගැන. ප්‍රඥාවන්තකම කියන්නේ ඒ ප්‍රඥාවන්තකම නැති අයට ඒ ගැන උගන්වන්නයි, මොනවද හොඳ නරක කියලා කියලා දෙන්න, කොහොමද ජීවත්වෙන්නෙ කියලා උගන්වන්න වගේම ඉගෙන ගන්න කෙනෙක්ට ලැබෙන සම්පතක්. ඉතින් තමුන්‍ගේ අධ්‍යාපන තත්වය, උගත්කම මාන ඇති කරගන්න හේතුවක් කර ගන්නවානම් ඒක මහා ලැජ්ජාවක්. අධ්‍යාපනය කියන්නේ අපි වෙනත් කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න එක මිසක් අවසානාත්මක දෙයක් නෙමේ. හොඳ ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් මූලික අධ්‍යාපනයක් කැමති‍ කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]මෝඩ මිනිස්සු නැත්නම් අධ්‍යාපනයක් නැති මිනිස්සු ලඟට ආවම අපි අපේ උගත්කම් ගැන හිතලා ඒ අය ඉස්සරහ අනවශ්‍ය අහංකාරකමක් ඇති කරගන්න හොඳ නෑ. ඒ වෙනුවට අපි කරන්න ඕනා කාරුණිකව ඒ අයටත් අපි දන්න දේවලින් ටිකක් හරි කියලා දෙන්න කටයුතු කරන එක. මෙතනදි අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනා මොකද සමහරුන්ට උගන්වන්න අපිට බැරි බව සිහිතියා ගන්න ඕනා. ඒක අපේ අනාගත ජීවිතයන්ට මනා පිටුවහලක් පුහුණුවක් වෙනවා වගේම ප්‍රඥා, ක්ෂාන්ති, දාන පාරමිතා යම් තරමක් දුරට සම්පූර්ණ කරගන්නත් උපකාර වෙනවා. ඒ නිසාවෙන් අපි අපේ අධ්‍යාපනය සංසාරෙන් එතෙර වෙන්න යොදා ගන්නවා මිසක් සංසාරෙට ඇදලා තියෙන මානය ඇති කරගන්න යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]භෞතික ස්වරූපය නිසා‍ ඇති වෙන මානය - කෙනෙක්ගේ රූපය නිසාත් මානය ඇති වෙනවා. පෙර ආත්මවලදී ද්වේෂයෙන් නිදහස් වෙච්ච නිසාවෙන්, මල් පූජා කි‍රීමෙන්, චෛත්‍යය හා පන්සල් පිරිසිදු කිරීමෙන් වගේ පින්කම් කිරීමෙන් වර්තමානයේ ප්‍රසන්න රූපයක් කෙනෙක්ට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඒ රූපය ගැන උඩඟුකම ඇති කරගන්නත් පුළුවන්.

[/FONT]
[FONT=&quot]කොහොමුවුනත් අතීතය දැකලා කොහොමද ද්වේෂය අතහැරීම නිසාවෙන් වගේම අනිත් පින්කම් වල යෙදීම නිසාවෙන් වර්තමානයේ තියෙන රූපය ලැබුනේ කියලා කෙනෙක් හිතලා ඒ ගැන උඩඟුකම ඇති කරගැනීමෙන් වලකින්න පුළුවන්. මේකට ජාතිස්මරණ ඥාණය තියෙන්නම වුවමනා නෑ, ධර්මය ගැන දන්නවානම් ප්‍රමාණවත්. [/FONT]

[FONT=&quot]මතක තියාගන්න - රහතුන් වහන්සේලාට (මේ අය ප්‍රඥාවන්ත‍යො) කොයි තරම් නම් මානයක් ඇති කරගන්න පුළුවන්ද? ඒක අහස උසට නගින්න පුළුවන්. සමහරු වංශවත් පවුල්වලින් ආපු අය, රාජකුමාරවරු පවා උන්නානේ. අපි දන්නවා අදටත් මහෞෂධ කුමාරයා තමුන්ගේ ප්‍රඥාවන්තකම ගැන ප්‍රසිද්ධයි. කාන්තාවෝ අතරින් ප්‍රඥාවෙන් වගේම රූපයෙන් උප්පලවන්නා, ඛේමා, ය‍ශෝධරා ආදින් ප්‍රමුඛයි. මේ අය උසස් කුලවල ඉපදුන හොඳට සල්ලි තිබ්බ අය නො‍වැ. [/FONT]

[FONT=&quot]නමුත් මේ මිනිස්සු තමුන්ගේ වත්කම් ගැන හිතලා අහංකාරකම ඇති කරගත්තේ නෑ. ඛේමා නම් රූපය ගැන උඩඟු වුනත් ඒක නැති කරගත්තා. නමුත් එහෙම නැති මෝඩ මිනිස්සු තමුන්‍ට තියෙන පුංචි දේවල් නිසාවෙන් මහා මානයක් ඇති කරගෙන ඉන්නවා අද. [/FONT][FONT=&quot]උඩඟුකම ඇති මිනිස්සු, ඒ උඩඟුකමින් ජීවත් වෙන මිනිස්සු ලෝකාපවාදයට ලක් වෙනවා වගේම යම් දිනයකදී ඒ උඩඟුකම නිසාවෙන් දුකට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පසු ආත්මවලදී දුගතියෙ උපදිනවා. මේ නිසාවෙන් මේ ගැන සලකලා ඔයාලා ඔයාලා ලඟ කිසියම් ආකාරයේ උඩඟුකමක් ඇත්නම් ඒක නැතිකරගන්න උත්සහ කරන්න. හරියට නයෙක්ගේ හැව අරිනවා වගේ, දොරපාපිස්ස හැම කුණක්ම පිසින්න යොදා ගන්නවා වගේ. ඒ තත්වය මේ භවයෙදි වගේම මතු භවවලදී ඔයාලාට සැප විඳින්න හේතුවක් වෙයි. ඒකයි මගේ ප්‍රාර්ථනාව. [/FONT]

 
Sep 12, 2011
884
120
0
ලස්සන ඇත්තේ කොහෙද? දැන් බලන්න කව්රු හරි ලස්සන කෙල්ලෙක් ගැටිස්සියක් හෝ ළමාතැනී කෙනෙක් දැක්කොත් කෙනෙක්ට එයාට ආස හිතෙනවා, එයාව මගේ කරගන්න ඕනේ. එයාව බඳින්න ඕනේ. එයාට සෙක්ස් කරන්න ඕනේ:shocked::shocked: වගේ හිතෙනවා. එයා පස්සෙමයි යන්නේ, එයා ගැනමයි හිතන්නේ. එත් තව කෙනෙක් ට ඒ ගෑනු දරුවා ලස්සන නොවෙන්න පුළුවන්. ඒ ගෑනු දරුවාව පෙන්නලා මම ඇහුවොත් වෙන කෙනෙක් ගෙන් " ඔයාට ඒ කෙල්ල ලස්සනද කියල, එතකොට එයා කියයි, නෑ මචං මට එයාව ලස්සන නෑ කියල." දැන් ඇත්තටම ලස්සන කියන එක ඒ කෙල්ලගේ ඇඟේ තිබුන එකක්ද? නෑ . ඔය ලස්සන කියන එක තියෙන්නේ අපේ හිතේ විතරයි.


තවත් වතාවක මට වුන දෙයක් තමයි, ඔන්න මම ඉස්සර කාලේ එක ගැටිස්සියකට ආදරය කොලා, මට එයාව දකිනකොට මේ හදවත නලියනවා, පිච්චෙනවා. එයත් එක්ක මට සැමදා ජීවත් වෙන්න ඇත්නම් කියා හිතුනා. උදේ හවස රෑ එයා ගැනමයි හිතේ. වෙන එකක් නෑ. මම එයා හින්ද වින්ද දුක දන්නේ මම විතරයි. ගමනක් යනකොටත් එයා එක්කමයි ගියේ, හැබැයි හිතින් . ඉස්කෝලේ ගොඩාක් කොල්ලෝ කිව්වා "හපෝ මචං එයා කැතයි නේ කියල". එත් පස්සේ පස්සේ එයාට තිබුන කැමැත්ත මට නැතිව ගියා, දැන් මට එයා උන්නත් එකයි මලත් එකයි ගානයි. දැන් ඇත්තටම අර ලස්සන කියන එක ඒ කෙල්ලගේ ඇඟේ තිබුන එකක්ද? නෑ !! ඔය ලස්සන කියන එක තියෙන්නේ අපේ හිතේ විතරයි.


දැන් ආයෙත් කාලෙකට පස්සේ ඒ කෙල්ලව දැක්කම ආයෙත් එයාට ආදරය හිතෙන්න පුළුවන්!! එක තමයි ස්වභාවය, නැතුව ලස්සන කියන එක ඒ කෙල්ලගේ ඇඟේ නෑ , එක තියෙන්නේ අපේ හිතේ විතරයි.

දැන් මගේ පොයින්ට් එක තමයි, ඇයි සමහර අය ඔය කෙල්ලෝ නැතිවුනා කියල නිකන් අප්සට් මුඩ් ගහල ඉන්නේ, ඇයි සියදිවි හානි කොර ගන්නේ. ලස්සන කියන එක ඒ කෙල්ල ළඟ නෑනේ? එක ඔයාගේ හිතේ තියෙන මායාවක් විතරනේ? It's just a feeling in your mind නේ? එක නිසා එළකිරි එකේ කෙල්ලෝ නිසා දුක් වන කොල්ලෝ ඉන්නවනම්, නැතිනම් කොල්ලෝ නිසා දුක්වන කෙල්ලෝ ඉන්නවනම් ඉතින් මේ ටික හිතේ තියාගෙන හොඳ මාර්ගයට පැමිනේනවානම් හොඳයි. මේ ටික කෙල්ලොන්ටත් අදාලයි.


තුනුරුවන්ගේ සරණයි.!!!!!!

සියල්ලෝම නිවනින් සැනසෙත්වා!!!!!!!
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

මහ නිළමේ ලස්සන රිප්ලයි එකක් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඇයි අපි දුක්වෙන්නේ කෙල්ලෙක් නැති වුනා කියලා එහෙමත් නැත්නම් කොල්ලෙක් නැති වුනා කියලා? විශ්වාස කරන්න අද තියෙන දුක් සමස්ථයක් විදියට ගත්තම ලෝක ජනගහනයෙන් බහුතරයක් දෙනා දුක් විඳින්නේ ඔය ප්‍රශ්නෙ නිසා තමයි.

මේ දුකට හේතුව දැනන් හිඳි එකම උත්තමයා තමයි බුදුහාමුදුරුවො. සර්වබලධාරී දෙවියන් වහන්සේවත්, අල්ලාහ්වත්, නාරායනවත්, සායිබාබාවත් මේ දුකට හේතුව දැනන් හිඳියේ නෑ. දැන ගත්තානම් යම් විදියකින් ඒ බුදුහාමුදුරුවො දේශනා කලාට පස්සේ තමයි.

බුදුහාමුදරුවො ධම්ම පදයෙදි දේශනා කරනවා පේමතෝ ජායතී සෝකෝ කියලා. බලන්න මේ අවුරුදු 2500කට කලින් වදාල දේ අදටත් කොයි තරම් ප්‍රායෝගිකද කියලා. ඒ කාලෙත් මෙහෙම තමයි, අදත් මෙහෙමයි, හෙටත් මෙහෙමයි. ඒකෙ වෙනසක් නෑ.

ප්‍රේමය නිසාවෙන් අපි උත්සහ කරනවා වෙන කෙනෙක්ව අපේ කරගන්න. නමුත් එතනදි අපිට අමතකයි අපිට අපිත් නෑ කියලා. ඒ නිසානේ අපි වෙන කෙනෙක්ව අපේ කරගන්න උත්සහ කරන්නේ. ඉතින් අපිට අපි නැති කොට කොහොමද වෙන කෙනෙක් අපේ කරගන්නේ? ඔන්න දුක ඇති වෙන තැන. ඉතින් මොකද මෝඩ ප්‍රේමවන්තයො ප්‍රේමවන්තියො කරගන්නේ ?

බහුතරයක් දෙනා තෝර ගන්නේ රේල්ලුව. තව සමහරු වස බෝතලෙත් තෝර ගන්නවා. ගඟේ පනින අවස්ථාත් නැතුව නෙමේ. ඇයි කඹ, දොර රෙදිත් පාවචිච් කරනවා. මොකටද මේ ? තමුන්ගේ දිවි තොර කරගන්න. හේතුව ? තමුන් ප්‍රේම කරන කෙනා නොලැබීම.....

අනේ ඉතින් අපි කොහෙටද මේ යන්නේ ? සමහරුනම් මේවා සාධාරණය කරනවා සාජහන්ගේ ටජ්මහල ගැන කියලා. තව රෝමියෝ ජුලියට් ගැනත් කියනවා. නමුත් ඒවා එකක්වත් සාධාරණ හේතු නෙමෙයි කියන එක ගොන් මොලවලට නොවැටහෙන එක තමයි අවුල.....



 
Sep 12, 2011
884
120
0

මහ නිළමේ ලස්සන රිප්ලයි එකක් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඇයි අපි දුක්වෙන්නේ කෙල්ලෙක් නැති වුනා කියලා එහෙමත් නැත්නම් කොල්ලෙක් නැති වුනා කියලා? විශ්වාස කරන්න අද තියෙන දුක් සමස්ථයක් විදියට ගත්තම ලෝක ජනගහනයෙන් බහුතරයක් දෙනා දුක් විඳින්නේ ඔය ප්‍රශ්නෙ නිසා තමයි.




බුදුන් වහන්සේ ගේ කාලයේ එක්තරා මාන්නයෙන් ඉදිමුන කාන්තාවක් බුදු රජාණන්වහන්සේ ලඟට ඇවිත්, උන්වහන්සේට ඇය ආදරෙයි බව ප්‍රකාශ කළා,(නොදැනුවත් කමේ මහත) , "එතකොට බුදුරාජන් වහන්සේ පවසා සිටියේ, "ඔය කුණු ශරීරය, අතින් අල්ලන්න තියා පයින් පාගන්න වත් හිතෙන්නේ නෑ" කියලයි. කොහොමද වැඩේ??:lol::lol: අපි රෑ තිස්සේ පාරේ දැක්ක Hot and sexy කෙල්ලෝ ගැන හිත හිතා ඉන්නවා, අනේ අයෙත් එයාව දකින්න ඇත්තනම් කියලා. බලනකොට අපි හැමෝගෙම ශරීර අතින් අල්ලන්න තියා පයින් පාගන්න වත් හිතෙන්නේ නෑ.

ඇත්තටම ඔය ලස්සන කියන එක ශාපෙක්ෂ දෙයක් පමණයි!!!






 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහ නිළමේ;11410492 said:


බුදුන් වහන්සේ ගේ කාලයේ එක්තරා මාන්නයෙන් ඉදිමුන කාන්තාවක් බුදු රජාණන්වහන්සේ ලඟට ඇවිත්, උන්වහන්සේට ඇය ආදරෙයි බව ප්‍රකාශ කළා,(නොදැනුවත් කමේ මහත) , "එතකොට බුදුරාජන් වහන්සේ පවසා සිටියේ, "ඔය කුණු ශරීරය, අතින් අල්ලන්න තියා පයින් පාගන්න වත් හිතෙන්නේ නෑ" කියලයි. කොහොමද වැඩේ??:lol::lol: අපි රෑ තිස්සේ පාරේ දැක්ක Hot and sexy කෙල්ලෝ ගැන හිත හිතා ඉන්නවා, අනේ අයෙත් එයාව දකින්න ඇත්තනම් කියලා. බලනකොට අපි හැමෝගෙම ශරීර අතින් අල්ලන්න තියා පයින් පාගන්න වත් හිතෙන්නේ නෑ.

ඇත්තටම ඔය ලස්සන කියන එක ශාපෙක්ෂ දෙයක් පමණයි!!!




මාගන්ධිය ගැනද මේ කියන්නේ ? ඒ කාලෙදි හිඳපු රූමත්ම කාන්තාවක්ගෙන් කෙනෙක්. අද ඒ වගේ කාන්තාවෝ ඇත්තෙත් නෑ. ඉන්න වහකුණු ටිකට තමයි කෙල හලලා සැනසීම නැති කරගන්නේ.
 
Sep 12, 2011
884
120
0


මාගන්ධිය ගැනද මේ කියන්නේ ? ඒ කාලෙදි හිඳපු රූමත්ම කාන්තාවක්ගෙන් කෙනෙක්. අද ඒ වගේ කාන්තාවෝ ඇත්තෙත් නෑ. ඉන්න වහකුණු ටිකට තමයි කෙල හලලා සැනසීම නැති කරගන්නේ.

එකනේ බං කියන්නේ!!! දැන් කාලේ කෙල්ලෝයි මාගන්ධියයි එකට තිබ්බොත් දැන් ඉන්න කට්ටිය නිකං වහකුනු වගෙයි. ඒ ටිකට තමයි මේ මැරෙන්න හදන්නේ. ඔන්න බලන්න අවිද්යාවක මහත. මේ කියන අපිත් එහෙම තමයි.:dull::dull:

ඇත්තටම මම බුදු රදුන් කෙරෙහි හා අරහත් වහන්සේ ලා කෙරෙහි ගෞරවය ඇති කරගන්නේ මෙන්න මේවගේ දේවල් බලල. ඇයි මෙච්චර දෙවඟනන් වගේ කෙල්ලෝ කෙරෙහි කිසිම ආශාවක් නෑ කියන්නේ ආයේ කොච්චර උත්තමයෙක් වෙන්න ඕනෙද?

අපිට වගේ නම් මාගන්දිය සෙට් වුනොත් කොහොමද?? ආයේ හම යනකං ගහගෙන ගහගෙන යයි. :dull::dull::dull:
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]අපි කථා කරමු පලාස ගැන. [/FONT]

[FONT=&quot]පලාස කියන්නෙත් ද්වේෂයේ එක්තරා පැත්තක්. මේ කියන්නේ තමුන්ට වඩා ඉහල අයත් එක්ක තරඟ කරන්න ගිහින් ඇති කරගන්න තරහ. සාමාන්‍යයෙන් තමුන්ට වඩා රූමත්, පොහොසත්, බුද්ධිමත්, ගුණවත් කෙනෙක් දැක්කම ඒක ඉවසගන්න බැරි මිනිස්සු ඒ අයත් එක්ක තරඟෙට වැටෙනවා එයාගෙයි මගෙයි තියෙන වෙනස මොකක්ද කියලා හිතලා. නමුත් මේක කියන්නේ තමුන්ට වඩා ඒ අනිත් අය උසස් බව දැන දැනම. කොහොම වුනත් මෙතනදි කියන්න දෙයක් තියෙනවා. කෙනෙක් අනිත් කෙනා තමුන්ට වඩා ගුණයෙන් උගත්කමෙන් උසස් කියලා නොදැන ඒ කෙනා එක්ක තරඟ කරනවානම් ඒක පලාස කියලා හඳුන්වන්න බෑ. [/FONT]

[FONT=&quot]සෝක

[/FONT]
[FONT=&quot]සෝක කියන්නේ මොකක්ද කියලා දන්නවානේ. මනුෂ්‍ය ජීවිතයේ සෑහෙන්න අහන්න ලැබෙන වචනෙ. දෝමනස්ස වේදනා ඒ කියන්නේ දුක් විඳීමේ මානසික අංගය. ඉස්සරහට මේ ත්‍රීඩ් එක යද්දි අපි කථා කරන තමුන්ට මුහුණ දෙන්න වෙන සිද්ධීන්ගෙන් එහෙම නැත්නම් හැඟීම් වල අසතුටුදායක පැත්ත තමයි සෝක කියන්නේ. දැන් කෙනෙක් මැරුණම සෝක වෙන්නේ. සෝකය ඇති වෙන ඕනාම වෙලාවක කේන්තියත් ඒ එක්කම ඇති වෙනවා. ඒ නිසාවෙන් අපි තේරුම් ගන්න ඕනා සෝකය කියන්නේ කේන්තියේ නැත්නම් ද්වේෂය උපද්දවන ආකාරයක් කියලා. සල්ලි නැති වුනාම, ආසන්නතමයෙක් මැරුණාම මේ වගේ හැම වෙලාවකම වගේ සෝකය ඇති වෙනවා. [/FONT]

[FONT=&quot]දෝමනස්ස වර්ග - ඔයාලා දන්නවාද එක්තරා මානසික වේදනාවක් නැත්නම් දෝමනස්සයක් තියෙනවා අපි සෝකය කියලා වැරදියට වටහා ගන්න. ඒ කියන්නේ තමුන් කැමති කෙනෙක්ගේ රෝගී තත්වයක් ගැන හිතද්දි ඇති වෙන කාංසාව, එනවා කියපු වෙලාවට හරි නැත්නම් කොහේ හරි ගිහින් වෙලාවට ආවේ නැති වුනාම ඇති වෙන කාංසිය මේවා සෝකය නෙමේ. නමුත් මානසික වේදනාවක් තමයි. මේ කාංසාව ඇති වෙන්නේ මන් මැරුණම මේ අයට ප්‍රශ්න ඇති වේවි වගේ ආකාරයේ සිතුවිලි එක්ක. මේක දෝමනස්ස මිසක් සෝකය නෙ‍මේ.

[/FONT]
[FONT=&quot]කොහොමවුනත් සෝකයෙන් වේවා කාංසාවෙන් වේවා අපිට ප්‍රයෝජනයක් වෙනවාද ? මේ කියන්න යෙදුන සෝකය වගේම කාංසාවත් මනස වෙහෙසට අපහසුතාවයට පත් කරනවා. මේ සිතුවිලි වලින් ඇති කරන්නේ වේදනාව. කිසිම දෙයක් කෙනෙක්ට ලැබෙන්නේ නෑ මේවායින්. මේ නිසා‍ ප්‍රඥාවන්තයෝ මනා සිහියෙන් ඒ අවස්ථාවන්ට ප්‍රතික්‍රියා දක්වමින් ‍සෝකය හෝ කාංසාව අත්හරින්න ඕනා. උදාහරණයක් විදියට තමුන්ගේ ළමුන්ගේ සෞඛ්‍යය ගැන තැවෙන දෙමව්පියො ගැන හිතන්න. ඒ අය ළමයි කන කෑම, යන ගමන්, ඒ ගමන් යන ක්‍රමය වගේ හැම දේකදිම බලාගෙන ඉන්නේ. අපිට හිතන්න බැරි විදියෙ ලෙඩක් ඇති ‍වුනොත් මේ මොනවා කලත් දොස්තරකෙනෙක්ට පෙන්වනවා ඇර වෙන කරන්න දෙයක් නෑනේ. ඒකට දුක් වෙලා ‍වැඩක් නෑ. [/FONT]

[FONT=&quot]ළමයි මුහු‍දේ නාන්න යනවා පන්ති යනවා කියලා. එහෙම ගිහිල්ල මැරිච්ච අවස්ථා නිතරම අහන්න ලැබෙනවා. මේවා අහද්දි දෙමව්පියො තමුන්ගේ ළමයින්ගේ ගමන් ගැන දුක් වෙනවා. එන්න පරක්කු වුනාම කලබල වෙනවා. මේක ඉතින් දුකක්නේ. ළමයි ඒ වගේ තැන්වලට යනවා නම් ඊට කලින් පූර්ව ආරක්ෂණ ක්‍රමයන් ගන්න ඕනා. ඒ අනතුර ගැන ළමයි දැනුවත් කරන්න ඕනා. ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගේ භාරයට ළමයින්ව පත් කරන්න ඕනා දෙමව්පියො. මේ ‍වගේ නොයකුත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්තට පස්සෙත් ළමයි දෙමව්පියො කියන දේ අහන්නේ නැතිව අනතුරට පත් වෙනවානම් මොකටද දෙමව්පියො දුක් වෙන්නේ ? ඒ ළමයිම දුක් වෙන්න ඕනා හේතු අයින් කරනවා නේද ? ඉතින් මේ වගේ වෙලාවකදි දෙමාපියො දුක් වෙනවානම් මන් නම් කියන්නේ ඒ ඉතින් මහ මෝඩ දෙමව්පියො තමයි කියලා. අද කාලෙ වෙද්දි අපි දන්නවානම් කොල්ලො කුරුට්ටො දෙමව්පි‍යො, වැඩිහිටියො, ගුරුවරු කියන දේවල් නාහෙට අහන්නෙ නැති බව. මේ නිසා‍ එවුන් දුකට පත්වෙන බව අපි දන්නවා. ඉතින් නිකන් හිතලා බලන්නකො මේ වගේ අවස්ථාවක දුක්වෙනවා කියන එක සාධාරණද ආ ? මේ ගැන දෙමව්පියො ගුරුවරු ටිකක් හිතන්‍න ඕනා. [/FONT]

[FONT=&quot]පරිදේව[/FONT]

[FONT=&quot]වැලපීමට අපි කියන්නේ පරිදේව කියලා. නමුත් මේ වැලපීමේ මූලයේ තියෙන්නේ ද්වේෂයයි දෝමනස්සයි (චිත්ත වේදනාව) හුඟක් මිනිස්සු තමුන්ගේ තත්වයෙන් පහලට වැටුනාම බලය නැතිවුනාම වගේ වෙලාවට දුක් වෙනවා. ඒ වගේම ඒ අයගේ හිත් අධෛර්යය වෙනවා. මේකත් සෝකයේ එක් ආකාරයක්. ඉතින් මේ අයට තමුන්ගේ අභ්‍යන්තර වේදනාව ඉවසගන්න බැරිව පාලනය නැති වුනාම හඬන්න පටන් ගන්නවා. මේක තමයි පරිදේව කියන්නේ. ඇත්තටම කියනවා නම් පරිදේව කියන්නේ දැඩි ශෝකයට මිසක් අඬන ශබ්දයට නෙමෙයි. [/FONT]

[FONT=&quot]වැලපීමෙන් කාටහරි පලක් තැයෙනවාද ? [/FONT][FONT=&quot]කාංසාව වගේම වැලපීමත් පලක් නැති වැඩක්. තමුන්ගේ ඥාතියෙන් මියගියාම වගේ අවස්ථාවකදි කෙනෙක්ට ඇ‍ඬෙන එක සාමාන්‍යයි. ඒ ගැන කවුරුවත් දොස් කියන්න හොඳ නෑ. හැබැයි අඬන්නේ නෑ කියලත් දොස් කියන්න හොඳ නෑ. අපි දන්නවානේ බුදුහාමුදුරුවොන්ගේ පරිනිබ්බාණය ගැන ඇහුවම ආනන්ද හාමුදුරුවොත් මහ හයියෙන් ඇඬුවා කියලා. නමුත් අද අපි දකිනවා හුඟක් දෙනා එක එක දේවලට ඇලිලා ඒ කියන්නේ ටීවී එකේ යන කථාවක චරිතයක් මැරුණමත් මහ හයියෙන් අඬන තත්වෙට පත්වෙලා. කෙනෙක් අඬනවා ඇහුනම දැක්කම සමහරු අඬනවා. ඒ කෙනාගේ සතුටත් නැති කරගන්නවා. [/FONT]

[FONT=&quot]ඉතින් අනිත් අයගේ දැඩි සෝකයේ සහ මහ හයියෙන් වැලපීමේ තත්වය දැකලා අපි ඒවයින් වලකින්න දැනගන්න ඕනා. අපි බෞද්ධයො. මහ හයියෙන් ඇඬීම පෙන්වන්නේ කෙනෙක්ට තමුන් ගැන තියෙන ස්වයං පාලනය නැති කම නැත්නම් අඩු කම. මේ නිසා අවම වශයෙන් ශෝකය දැනුනත් අපි උත්සහ කරන්න ඕනා මහ හයියෙන් අඬලා ඒක පිටකරන්නේ නැතිව අපිව පාලනය කරගන්න. අඩුම තරමේ කවුරුවත් දකින්න කලින් කඳුළු ටිකවත් පිහිදගන්නවානම්.... අපිට පුළුවන් ආර්යන්ගේ චරිත‍යන් දිහා බලලා ශෝකය දැනුන වෙලාවලදි ඒ අය හැසිරුන හැටි ගැන හිතලා හිත හදාගන්න. [/FONT]

[FONT=&quot]ලස්සන කථාවක් තියෙනවා මේ ගැන. එක් භවයකදී බෝධිසත්‍වයො සහ යශෝධරාව තමුන්ගේ සැප සම්පත් අතහැරලා වනගත වෙලා තපස් ජීවිතය ආරම්භ කලා. මේ තාපසවරිය හරිම ප්‍රසන්නයි, ශෝභවත්. ඇය දකින ඕනාම කෙනෙක් මේ නිසා ඇයට ගරු කරනවා. කාලයක් කැලයේ ගත කරද්දි ඇය දුර්වල වෙලා අසනීප වුනා. මොකද මේ කැලෑ කෑම ඇයට නොගැලපිලා. ඉතින් බෝධිසත්වයො ඇයව නැවතත් නගරයට අරගෙන ආවා. ඇයට පාරක් අයිනෙන් හාන්සි කරවපු බෝධිසත්ව තවුසා නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. තවුසා පිණ්ඩපාතයේ වැඩමකරලා එන්න කලින් තවුසිය කාලක්‍රියා කලා. ඉතින් නගරයේ මිනිස්සු ඔවුන් ඇයගේ ඥාතියො නොවුනත් තවුසියගේ දේහය දැකලා දුක් වුනා. කඳුළු සැළුවා. ඒ විතරක් නෙමේ තවුසියගේ අවසන් කටයුතු කරන්න සූදානම් කලා. [/FONT]

[FONT=&quot]මේ වෙලාවෙදි බෝධිසත්ව තාපසයා පිණ්ඩපාතය අවසන් කරලා එතැනට ආවා. ආවා විතරක් නෙමේ වෙලා තියෙන දේ දැක්කා. ඇඬීම් දෙඩීම් වෙනුවට තවුසා තවුසියගේ දෙන පැත්තකින් වාඩි වෙලා පිණ්ඩපාතෙන් උපයාගත්ත ආහාරය වැළඳුවා. ඒ වැළඳීමෙන් පස්සේ අර අඬපු දොඩපු මිනිස්සුන්ට පරිදේවය ඔවුන්ව පුච්චන ආකාරය ගැන ගැලපෙන දේශනාවක් කලා. [/FONT]

[FONT=&quot]මේ වගේම කථාවක් තමයි අර බන්ධුල මල්ලිකාව දානේ බෙදද්දි තමුන්ගේ ස්වාමියා සහ දරුවො මිය ගියා කියලා දැනගෙනත් ඒ ගැන දුක්නොවී දානෙ බෙදපු අවස්ථාව... ඒක දන්නවා ඇති නේ. [/FONT]

[FONT=&quot]මතක තියා ගන්න. මේ අවස්ථා දෙකේදී තාපසයාගේ කථාවේදී තාපසයා වුන අපේ බෝධිසත්වයෝ පාරමිතා පුරමින් එන ගමනේ එක් අවස්ථාවක් මේ. ඒ නිසාවෙන් සෝකය ඉවසගන්න පුළුවන් තරමේ මානසික තත්වයක් උන්වහන්සේට ඒ වෙලාවෙදි නොතිබුනා කියලා අපිට කියන්න බෑ. බන්ධුල මල්ලිකාව ගත්තම තත්වෙ ටිකක් වෙනස්. ඇය ස්ත්‍රියක්. නමුත් ඇයත් තමුන්‍ව පාලනය කර ගත්තා. අපේ ජීවිතයේදී අපිට අවුරුදු සීයක් ජීවත් වෙන්න බැරි වුනත් දහසක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හැමෝම මේ සෝකය වේදනාව ඉවසගන්න පුරුදු වෙන්න ඕනා. උදාහරණයක් විදියට අපිට පුළුවන් මගේ පාරමිතා කොයි තරම් පිරිලාද ? කියලා මේ අවස්ථාවන්ට මුහුණ දෙන්න. තමුන්ගේ පාරමිතා කොයිතරම් පිරිලාද කියලා මැනගන්න කෙනෙක්ට විඳින්න ලැබෙන සෝකජනක අවස්ථාවන් උපකාර කරගන්න පුළුවන් බව අමතක කරන්න එපා. [/FONT]




 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහ නිළමේ;11414473 said:
එකනේ බං කියන්නේ!!! දැන් කාලේ කෙල්ලෝයි මාගන්ධියයි එකට තිබ්බොත් දැන් ඉන්න කට්ටිය නිකං වහකුනු වගෙයි. ඒ ටිකට තමයි මේ මැරෙන්න හදන්නේ. ඔන්න බලන්න අවිද්යාවක මහත. මේ කියන අපිත් එහෙම තමයි.:dull::dull:

ඇත්තටම මම බුදු රදුන් කෙරෙහි හා අරහත් වහන්සේ ලා කෙරෙහි ගෞරවය ඇති කරගන්නේ මෙන්න මේවගේ දේවල් බලල. ඇයි මෙච්චර දෙවඟනන් වගේ කෙල්ලෝ කෙරෙහි කිසිම ආශාවක් නෑ කියන්නේ ආයේ කොච්චර උත්තමයෙක් වෙන්න ඕනෙද?

අපිට වගේ නම් මාගන්දිය සෙට් වුනොත් කොහොමද?? ආයේ හම යනකං ගහගෙන ගහගෙන යයි. :dull::dull::dull:


සංසාරේ හැටි ඔහොම තමයි යාළුවා. අපිට බුදුහාමුදුරුවන්ගෙන් වගේම රහතුන් වහන්සේලාගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. නරකද ඔයා ඒ වගේ දේ ගැන ත්‍රීඩ් එකක් පටන් ගන්නවානම්? මටත් පුළුවන් උදව් කරන්න.....
 
Sep 12, 2011
884
120
0
මිනිසාගේ භයානකම හතුරා කව්ද? නයි පොලොන්ගු ද? වල් අලිද? සොරුන්ද? සතුරෝද?

නෑ !!!

මිනිසා ගේ භයානකම සතුරා වන්නේ රාග , ද්වේශ සහ මොහ යි . මේ තුන තමයි කරන තාක් අවැඩ මිනිසාට කරන්නේ.
 
Sep 12, 2011
884
120
0


සංසාරේ හැටි ඔහොම තමයි යාළුවා. අපිට බුදුහාමුදුරුවන්ගෙන් වගේම රහතුන් වහන්සේලාගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. නරකද ඔයා ඒ වගේ දේ ගැන ත්‍රීඩ් එකක් පටන් ගන්නවානම්? මටත් පුළුවන් උදව් කරන්න.....

මට බුදු දහම ගැන එච්චරම දැනුමක් නම් නෑ. මම මේ මට දැනෙන දේ විතරයි කියන්නේ. මම දන්නා එකම දේ තමයි.රහතන් වහන්සේලා සහ බුදුන් වහන්සේලා ළඟ තුන දොස් නෑ කියන්න දන්නවා. මම උන් වහන්සේලාට ගරු කරන්න එක හේතුවක් ඒක.
:cool::cool::cool:

රාග, ද්වේශ, මෝහ යන තුන තරම් මිනිසාට අවැඩ කරන තවත් ඒවා මේ ලෝකේ නෑ කියන එකත් දන්නවා.:growl::growl:

තව නම් අපේ ඇගේ තුවාලයක් වුනොත් නම් ඉවසගෙන ඉන්න හරි පුළුවන්, එත් හිතේ ඇතිවෙන රාග, ද්වේශ සහ මෝහ නිසා ඇතිවෙන තුවාල හරි අමාරුයි ඉවසගෙන ඉන්න, බවත් දන්නවා. :shocked::shocked::shocked:

ඒ වුනත් ඔයා වගේ අභිධර්මය නම් කියවලා නෑ පොඩ්ඩක් වත්.
හරි නම් ඔයයි ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.
:angry::angry:
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]අපි කථා කලානේ දෝමනස්ස ගැන. තව ටිකක් ඉතුරුයි ඒකෙ. ඒ ටිකත් ලියලම නැවැත්තුවානම් හොඳයි කියලා හිතුනා. [/FONT]

[FONT=&quot]දුක හා දෝමනස්ස

[/FONT]
[FONT=&quot]කායික වේදනාවන් දුක්ඛ කියලා හඳුන්වද්දී මානසික වේදනාවන් හඳුන්වන්නේ දෝමනස්ස කියලා. ජීවත්වීමේ දුක හැමෝටම දැනෙනවා. අදනම් ඒක උපරිමයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ජීවත් වෙන්න කරන්න වෙන දේවලුත් අපි දන්නවානේ. මේ මහන්සිය අපිට කායික වේදනා ඇති කරනවා. මිනිස්සු කායික වේදනාවෙන් පෙලෙද්දි කියනවා අනේ දුකයි කියලා. නමුත් මතක තියා ගන්න කායික වේදනා විඳිමින් මානසික වේදනාව නැති කරගන්න පුළුවන් බව. උදාහරණයක් විදියට බලන්න බෝධිසත්‍වයො කොයි තරම් නම් කායික වේදනා වින්දද කියලා... ක්ෂාන්තිවාදී ජාත‍කයේදී අත්පය කපලා දානවා කලාබු රජ්ජුරුවො. මහාසිව ජාත‍කයේදී මතකද දන්නේ නෑ ඇස් ගලවලා දන් දෙනවා. අපිට හිතන්නවත් පුළුවන්ද මේ වගේ වේදනාවක් කො‍හොම ඉවසගන්නද කියලා. නමුත් පාරමිතා සම්පූර්ණ කරන්න බෝධිසත්‍වයො ඉතාමත් සතුටින් ඒ වේදනාවන් ඉවසගත්තා. කොයිතරම් දුක් වින්දත් ඒ හැම දුකක්ම උන්වහන්සේ ඉවසගත්තේ සියළු සත්වයන්වම සංසාරයෙන් එතෙර කරවන්න මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව. මේ නිසා‍ සියළු සත්වයන් කෙරේ තිබූ කරුණාව මානසික වේදනාවෙන් නිදහස් වෙන්න උන්වහන්සේට හේතුවක් වුනා. [/FONT]

[FONT=&quot]මානසික වේදනා නොයෙක් ආකාරයයි. පසුතැවිල්ල, සාංකාව, පසුබැසීම, පීඩනය මේ වගේ නොයෙක් නම් වලින් හැඳින්වුවත් මේ සියල්ලම පොදුවේ ගත්තම දෝමනස්ස කියලා හඳුන්වනවා. මනස ලෙඩ කරන එක රෝගකාරකයක් තමයි මේ. ඇහිලා නැද්ද සමහරු කියනවා අපෝ ඌ ගැනනම් මාත් එක්ක කථා කරන්න එපා. කථාකරන කොටත් ‍මගේ හිත රිදෙනවා කියලා. මේ වගේ මානසික වේදනාවන් ශාරීරික වේදනාවන් එක්ක බැඳිලා තිබුනත් නැතත් දෝමනස්ස විදියට හඳුන්වනවා. දන්නවාද මේ ලෝකෙ මහා ධනවත්තු ජීවත්වෙනවා සෑහෙන මානසික වේදනාවන් විඳ විඳ. අනික් අතට වස්තු සම්පත් නැතිව මිනිස්සු මානසික වේදනා විඳින හැටි. ඉතින් පේනවානේද ධම්මචක්කෙදි බුදුහාමුදුරුවො දේශනා කරන යම් පිච්චං නලබති කියන කථන්දරේ අර්ථය ? කෙනෙක්ට ඕනා දෙයක් නොලැබීම දුකක් වගේම කෙනෙක්ට අනවශ්‍ය දෙයක් ලැබීමත් දුකක්. ඇත්තටම බැලුවොත් මේ මානසික වේදනාව ශාරීරික වේදනාවට වඩා බලවත්. කොයිතරම් සැපපහසුකම් ඇති ව ජීවත් වුනත් ඒ කෙනාගේ හිතේ සැනසීමක් නැත්නම් හිතෙන් දුක් විඳිනවානම් මොකක්ද අර සැපෙන් ඇති වැඩේ. ‍තමුන් කැමති තමුන්ට අත්‍යවශ්‍ය දේවල් එක්ක කෙනෙක්ට පුංචි පැලක ජීවත් වෙන්න පුළුවන් කිසිම අවුලක් නැතිව හුඟක් සතුටින් මානසික සැපය තියෙනවා නනම්. මේ ගැන කියවෙන සින්දු ඕනා තරම් තියෙනවා අහලා ඇතිනේ. අර සෝමතිලක ජයමහගේ සින්දුවක් තියෙන්නේ පොඩි දුවගේ සිනා වැලයි කියලා... නමුත් මේවා නැති වුනාම කොහොමද ඉවසන්නේ ? [/FONT]

[FONT=&quot]කෙනෙක්ට ඇති මානසික වේදනාවන් නැති කරගෙන සතුටින් ජීවත් වෙන්න් පුළුවන් ක්‍රම ‍අපි අතරෙ ඕනා තරම් තියෙනවා. නමුත් මේ ක්‍රම යොදාගෙන ජීවත්වෙන්න සාමාන්‍ය කෙනෙක්ට ලේසියෙන් බෑ. හොඳ ප්‍රඥාවක් ඕනා ඒකට. කෙටියෙන් ගත්තම මිනිස්සු අනාගතය ගැන සැලසුම් හදන්න ඕනා බය නැතුව ජීවත් වෙන්න. ඒ වගේම ඒ හදන සැලසුම් ක්‍රියාත්මක කරන්න ක්‍රියාශීලීව උනන්දුවෙන් කටයුතු කරන්නත් අපිට පුළුවන් වෙන්න ඕනා. එහෙම වෙද්දිත් පසුබැසීම් පරාජයන් ඔබට ලැබෙයි. නමුත් ඒවායින් හිත දුර්වල කරගන්න එපා. ඒවා පූර්ව කර්මයන්ට අනුව සිදු වෙන්නේ. අපි නොනැවතී මනා වීර්යයෙන් කටයුතු කරනවා නම් බුදු වෙන්න උනත් පුළුවන් බව අමතක කරන්න එපා. [/FONT]

[FONT=&quot]අනෙත් වැදගත් දෙයක් තමයි ලෝක ධර්ම අටේදී කම්පා නොවී ඉන්න එක. [/FONT]

[FONT=&quot]ලාභ-අලාභ, යස-අයස, නින්දා- ප්‍රශංසා. සුඛ-දුඛ තමයි මේ අට. මෙතන ජීවිතයකදී ලැබෙන්න පුළුවන් හොඳ සහ නරක අවස්ථා හතරගානේ තියෙනවා. වැදගත්ම දේ තමයි බුද්ධ කාලෙට පෙර ඉඳලත් බුද්ධ කාලේ ඉඳලත් අද වෙනකනුත් මේ අට මේ විදියටම තියෙන එක. හොඳ හතරෙදි අපි පිම්බෙන්න නරකයි. ඒ වගේම නරක හතරෙදි බිමවැටෙන්න නරකයි. මේ දෙකෙන් කොයි පැත්තට ගියත් වෙන්නේ සංසාරේ දුක් විඳින්න තමයි. දන්නවානේ ඉක්මනටම මානසික තත්වය වෙනස් වෙන මිනිස්සු යන්නේ දෝමනස්සයන් පැත්තට බව. ඒ නිසා ජීවිතයේ සතුට විඳගෙන ජීවත් වෙන්න අවශ්‍ය හා කැමති මිනිස්සුන්ට තියෙන්‍න ඕනා වෙනස් නොවෙන හිතක්. [/FONT]
[FONT=&quot]ලාභ-අලාභ

[/FONT]
[FONT=&quot]ලෞකික ජීවිතය පවත්වාගෙන යන්න ගිහි අපිට සිද්ධ වෙනවා උපයන්න. ඒක නිවැරදි ක්‍රමයෙන් කිරීමයි බෞද්ධ අ‍පේ කාර්යය.ඉතින් මේ කාර්යයේදී කෙනෙක් ධනවත් වෙන්න පුළුවන් අනිත් අයට වඩා. ඒක පිම්බෙන්න දෙයක්‍ නොවේ. අනිත් අතට සමහර මිනිස්සු ජීවිකාව කරද්දි නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීලා දුප්පත් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ කෙනා ඒකට අඬන එක නෙමෙයි කරන්න ඕනා. එයා ඉවසිලිමත් වෙන්නයි අවශ්‍ය. දන්නවානේ රජෙකුට වුනත් සමහර වෙලාවට තමුන්ගේ ඔටුන්න අත අරින්න වෙනවා. රට වෙනත් රටවලට යටත් වෙනවා. ඒ නිසා මිනිස්සු අවාසනාවන්ත තත්වයකදී වුනත් සැලෙන්නේ නැතිව ජීවත් වෙන්න මනස හදා ගන්න ඕනා. [/FONT]

[FONT=&quot]යස-අයස

[/FONT]
[FONT=&quot]ගුරුවරුන්ට, දේශපාලකයින්ට, ආගමික නායකයන්ට තමුන්ගේ පස්සෙන් එන පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් වැටක් බැඳගත්තම ආරක්ෂාව තියෙනවා වගේ මේ පිරිස ඉන්දැද්දි මිනිස්සුන්ට සැපක් ‍දැනෙනවා. ඒ වගේ වටේ ඉන්න පිරිස අර නායකයන්ට සේවය කරනවා. ඊට ප්‍රතිකාර වශයෙන් නා‍යකයෝ සෙනගට ප්‍රතිඋපකාර කරනවා. ත්‍යාගය කියන්නේ පිරිස ඇති වෙන්න හේතුවක්. එහෙම ඇති වෙන පිරිසට අපි ගරු විදියට සලකන්න ඕනා. නායකයන් නිතරම තමුන්ගේ පිරිසගේ යහපත බලන්න ඕනා. තමුන්ගේ වැඩකාර‍යන්ට වුනත් හොඳින් සලකන්න ඕනා. මේ විදියට සලකද්දි ඒ අය හොඳ ආරක්ෂාවක් වගේම සේවයකුත් ඔබට ලබාදෙනවා. නමුත් කෙනෙක්ට පිරිවර නැති වෙන්න පුළුවන්. ඒ වුනා කියලා එය දුක්වෙන්න ඕනා නෑ. ඒ වගේම කෙනෙක්ට පිරිවර බහුල වෙන්න පුළුවන්. එහෙම වුනා කියලා එයා පිම්බෙන්න ඕනත් නෑ. [/FONT]

[FONT=&quot]යසස කියන්නේ මේ ආත්මෙට විතරක් නෙමෙයි ලබන ආත්මෙටත් අරන් යන්න පුළුවන් දෙයක්. හොඳ දේවල් කරන්න පුළුවන් වෙන්නේ හොඳ කීර්තියක් තියෙන කෙනෙක්ට තමයි. අපි කියන්නේ හොඳ නමක් කියලා. ගුණ වන්තේ පස්සන්ති ජනා - හැමෝම යසස ඇති කරගන්න ප්‍රඥාවන්තව හා බුද්ධිමත්ව උත්සහ කල යුතුයි. එසේම කෙනෙක්ගේ කීර්තිය නිසා අහංකාර නොවිය යුතුසේම අයස නිසා පීඩාවට ද පත් නොවිය යුතුය. [/FONT]

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]නින්දා ප්‍රශංසා ගැන කථා කරන්න බැරි වුනානේ. [/FONT]

[FONT=&quot]මේ ලෝකෙ ඊර්ෂ්‍යාවන්ත‍යින්ගෙන් වගේම වෛරී මිනිස්සුන්ගෙන් පිරිලා. ඒ නිසා මේ ජීවිතයේදී ප්‍රශංසා ලබනවාට වඩා ලේසි නින්දාවට පත්වෙන්නයි. ඒක ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඒ මොනවා වුනත් අපි දැනගන්න පුළුවන් තරම් හොඳින් කාටවත් වරදක් නැතිව සිහියෙන් යුතුව ජීවත් වෙන්න. කිසිම කෙනක් නින්දාවෙන් නිදහස් නෑ. අහලා ඇති නේ ශක්‍රයා මවපු හරකාත් උගේ ‍බෙට්ට සිනිදුයි කියලා නින්දාවට පත් වුනානේ. කථාවක් තියෙනවා කේන්තියෙන් දකින්නේ වැරදි විතරයි, ආදරයෙන් දකින්නේ ප්‍රශංසාවයි, සෙනෙහස විශ්වාසයට මග පෙන්වයි කියලා. මේ ජීවිතයේදී ව්‍යාපාදය සාමාන්‍යයි වගේම වැරදි හොයන මිනිස්සුත් සාමාන්‍යයි. [/FONT]

[FONT=&quot]ඒත් අනුන්ට දොස් කියන මිනිස්සු තමුන්ගෙන් අහනවානම් අපි හරදි? අපේ කිසිම වැරද්දක් නැද්ද? කියලා.. කිසිම කෙනෙක් මහෞෂධ පණ්ඩිතයො, වෙස්සන්තර රජ්ජුරුවො, කාශ්‍යප මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ නැත්නම් උතුම් ආනන්ද හාමුදුරුවො වගේ වැරදි නැති අය නෙමේ. ඒ ව‍‍ගේම කාන්තාවන් ගත්තම අමරා, චන්ද කින්නරී, මන්ද්‍රීදේවී, සම්බූලා අපිට මුණ ගැහෙන හුඟක් නිවැරදි ඇත්තො. [/FONT]

[FONT=&quot]සමහර වැරදි හොයන මිනිස්සු තමුන්ගේ වැරදි වහගන්නයි අනුන්ගේ වැරදි හොයන්නේ. උදාහරණයක් විදියට අපේ දේශපාලකයො ගැන හිතලා බලන්නකො. මේ මිනිස්සු අහිංසක වගේ පෙන්නන් හිටියට අර උපාසක බළල්ලු තමයි. [/FONT]

[FONT=&quot]සමහරවෙලාවට කේන්තිය හා ඊර්ෂ්‍යාව නිසාවෙන් මිනිස්සුන්ට දොස් කියනවා. දොස් කියනවා වගේම වෙනත් ක්‍රමත් පාවිච්චි කරනවා. දැන් ගෑණූ ළමයෙක්ව බලන්න කොල්ලෙක් එනවයි කියලා ඕපාදූප පතුරවනවා. අපෝ අර ගෑණිගෙ හැටි පත්තිනි අම්මා වගේ කියලා නොයෙක් ආකාරයෙන් සංගම්වලදී කථා වෙනවා. මේ තමයි ලෝකෙ හැටි. [/FONT]

[FONT=&quot]මේ නිසා අපි මතක තියාගන්න ඕනා අෂ්ටලෝක ධර්ම මැද්දට අපිට ‍දවසක එන්න වෙන බව. මේවාට මුහුණ දෙන්න වෙන බව. අපිට ඒවයින් පැනලා යන්න බෑ. අපි අටලෝ දහමෙදි නොසැලී ඉන්න ඉගෙන ගන්නයි අවශ්‍ය. හොඳ යහළුවො, කල්‍යාණ මිත්‍රයො අපිට ඒ අවස්ථා වලදී උදව් කරනවා. [/FONT]
[FONT=&quot]දෝෂයට ලක් වුන කෙනෙක්ගේ දේෂය කියන තරම් බරපතල නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට පුංචි දෙයක් මහා ලොකුවට දක්වන්නත් පුළුවන්. ඒ නිසා දොස් ගැන කථා කරද්දි හිරි, ඔතප් ගැන හිතලා කටයුතු කරනවානම් අවුලක් වෙන්නේ නෑ. [/FONT]

[FONT=&quot]හොල්මන්වලට බය මිනිස්සු අන්ධකාරෙට යන්න බයයි. වැරදිලාවත් ගියයි හිතමු. ගහක අත්තක් හෙලවුනත් ඒ අය‍ හොල්මනක් කියලා බය වෙනවා. හිතේ හොල්මන්වලට තියෙන බය තියෙන තාක් කල් හිතන්නෙ හොල්මන් තමුන්ගේ පස්සෙන් පන්නනවා කියලා. [/FONT]

[FONT=&quot]බය ඇතිව ජීවත් වෙන මිනිස්සු, ඒ කියන්නේ මෙතනදි පවට තියෙන බය නෙමෙයි කියන්නේ ජීවිතේට තියෙන බය, සෑහෙන්න දෝෂයට ලක් වෙනවා. නින්දාවට පත් වෙනවා. හරියට මුවෙක් පුංචි ශබ්දෙකටත් බය වෙනවා වගේ. බය ඇති මිනිස්සුන්ට ලබා ගන්න දෙයක් නෑ. ඔවුන්ට පුළුවන් වෙන්නේ තව තවත් දොස් අහන්නයි, දොස් කියන මිනිස්සුන්ව ධෛර්යමත් කරන්නයි තමයි. නිහඬ බවත් වැරදි හොයන්නො ඇති කරන්න එක හේතුවක් බව අමතක කරන්න එපා දරුවනේ. [/FONT]

[FONT=&quot]අනෙක් දේ තමයි පල ඇති රුක‍ටලුනේ ගල් ගහන්නේ. මිනිස්සු දොස් කියන්නේ, නින්දා කරන්නේ පොඩි මිනිස්සුන්ට නෙමෙයි යමක් තියෙන නමක් තියෙන මිනිස්සුන්ට. ලොකුම ගහට තමයි වැඩි පුරම හුළඟට මුහුණ දෙන්න වෙන්නේ. ඔයාලා සමාජයේ ඉහලට යන්න යන්න අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ දෙන්න වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒ වෙලාවට හොඳ සිහියෙන් නොසැලී ඉන්න. මතක තියා ගන්න නින්දා වැඩියි කියන්නේ ඔයාගේ සාර්ථකත්වය කියලා. [/FONT]

[FONT=&quot]හැකි හැම විටම නිවැරදිව ජීවත් වෙන්න උත්සහ කරන්න. ඒ වගේම මෝඩ මිනිස්සුන්ගේ අපවාද උපේක්ෂාවෙන් අර ගන්න. ඒවා අපිට නවත්වන්න බෑනේ. [/FONT]

[FONT=&quot]ඉතින් නින්දාවෙන් ‍බේරිලා ජීවත් වෙන්න නම් කරන්න ඕනා තව දෙයක් තියෙනවා. නින්දාවෙන් බේරෙන්න අවශ්‍යකෙනා ප්‍රශංසාවේදි සතුටු වෙන්න නරකයි. අපි දැනගන්න ඕනා ‍දේ තමයි හොඳ වැඩවල ප්‍රතිඵලය හොඳයි කියන එක. මේ අවස්ථාවෙදි මෛත්‍රිය වර්ධනය කරන්න. තමුන්ට ප්‍රශංසා කරන්නන්ට මෙත් වඩන්න එයාලටත් ප්‍රශංසාව ලැබෙන්න කියලා. එයාලට විතරක්‍ නෙමේ සියල්ලන්ටම ප්‍රශංසාව ලැබෙන්න කියලා. [/FONT]

[FONT=&quot]ඉතින් ආපහු හැරිලා බලනවානම් අට‍ලෝ දහමින් හතරක් හොඳ පැත්තට. අනිත් හතර නරක පැත්තට. පෙර ආත්ම වලදී කල හොඳ නරක අනුව මේ ආත්මෙ සැප දුක සකස් වෙනවා. ජීවිතේ අපි කැමති දේ වගේම අකමැති දේ තියෙනවා. ඒ තමයි අපි ගෙවන සංසාරෙ හැටි. අපි උත්සහ කරන්න ඕන පල්ලමේදී වගේම කන්දෙදිත් හෙළවෙන්නේ නැතිව ජීවත් වෙන්න. වැනෙන්නෙ නැතිව ජීවත් වෙන්න. ඒ විතරක් නෙමෙයි සංසාර සාගරෙදී අපි පුංචි ඔරුවක් වගේ කියලා හිතන්නකො. නිවන කියන ගමනාන්තයට යද්දි අපිට නොයෙක් ආකාරයේ කුණාටුවලට, සැඩ පහරවලට මුහුණ දෙන්න වෙනවා. අපි ඒ අවස්ථා වලදී වීර්යයෙන් අපේ ඔරුව නිවන කියන වෙරලට පදවන්න ඕනා කියලා මතක තියා ගන්නකො. එතනට ගියාම සියළුම දුක් අවසානයි. [/FONT]

[FONT=&quot]කතත්ථ නානකම්මානම් ඉත්තනිත්ථෙපි ආගතෙ[/FONT]
[FONT=&quot]යොනිසො තිත්ථම් සන්ධාය තරෙයිය නාවිකො යථා [/FONT]


[FONT=&quot]පෙර භවයෙදි අපි රැස් කල ගත් කර්මයන් අනුව මේ භවයෙදි අපේ සැප දුක සකස් වෙලා. මේ භවයෙදි අපි රැස් කරන කර්මයන් අනුව ඉදිරි භවයෙදි සැප දුක සකස් වේවි. අපිට මුහුණ දෙන්න වෙන්නේ මොන අවස්ථාවකටද, අපි කුණාටු වලින් පිරුණ සාගරේ ප්‍රවේශමෙන් හා විශ්වා‍සයෙන් නැව පදවන කප්පිත්තා ‍වගේ ඒ හැම අවස්ථාවකටම මුහුණ දෙන්න ඕනා. අපි යන්නේ නිවන් දකින්න. ඉතින් එතනට යන ගමන අටලෝ දහම නිසා අතහැර ගන්න නම් එපා. [/FONT]

[FONT=&quot]උපායාස [/FONT]

[FONT=&quot]කෙනෙක් භෞතික ‍පාඩුවකට ආවාම, නැත්නම් ආදරය කල කෙනෙක් නැති වුනාම උපායාස නැත්නම් දැඩි, බරපතල කේන්තිය ඇති වෙනවා. සාමාන්‍ය කේන්තිය ප්‍රකෝපකාරී කරනවනවා. සමහර විට තව කෙනෙක්ව මරන්න වුනත්. උපායාස අපිට සාංකාව හා පීඩනයට මග පෙන්වනවා. මෙහෙම වුනාම අපේ ඇ‍ඟේ ලේ රත් වෙනවා. මේ නිසා උපායාස ඇති කෙනෙක්ට පිට් එක හැදෙන්න නැත්නම් සිහිය නැති වෙන්නත් පුළුවන්. [/FONT]

[FONT=&quot]දැකලා ඇති ‍නේ ආදරය කල කෙනෙක් මැරුණම ඒ කෙනාගේ මළමිණිට බදා ගෙන සමහරු අඬන හැටි. මේක ඇවිල්ලා පරිදේව. පරිදේවයෙත් ඉහලම ගියාම ඒ කෙනාට ඉන්න බෑ සිහිය නැති වෙනවා. දැකලා ඇති නේ. නමුත් උපායාස පරිදේවටත් වඩා එහාට ගිය තත්වයක්. සාංකාව/සෝකය කියන්නේ රත් වුන තාච්චියක ඇති නටන තෙල් වගේ. ඒ රත් වුන තෙල් වල ඇති වෙන බිබුළු පරිදේව. අනිත් හැමදේම උපායාස. [/FONT]

[FONT=&quot]දුර්වල මනසක් ඇත්තවුන්ට වගේම අනිත් මිනිස්සු මත යැපෙන අයට උපායාස ලේසියෙන් ඇති වෙනවා. හුඟක් වෙලාවට කාන්තාවො අනිත් අය මත යැපෙනවා. ඒ කියන්නේ සමාජය ගමන් කරන විදියට එහෙම යැපෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අයගේ හි‍තේ පරිදේව හටගන්න ලේසි වගේම ඒ පරිදේව උපායාස තත්වයට වැ‍ඩෙන්නත් අමාරුවක් නෑ. ඒ නිසා සිහිය නැති වෙන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]පිරිමි ගත්තත් භෞතිකව දුර්වල අය ඉක්මනට සාංකාව වැඩි වුනාම අල්ලන් ඉන්න බෑ. භෞතිකව හොඳ පෞරෂයක් තියෙන අය වුනත් සමහර අවස්ථා ‍වලදී වැටෙනවා. කෙනෙක් උපායාසයෙන් ඇති වෙන වේදනාවන්ගෙන් බේරෙන්න හොඳ චිත්ත ශක්තියක් වගේම ශාරීරික ශක්තියකුත් අවශ්‍යයි. හැකි ඉක්මණින් සෝකය හා පරිදේව අපි නැති කරගන්න ඕනා. එතකොට තමයි උපායාස නැති කරගන්න පුළුවන් වෙන්නේ. මන් හිතන්නෙ මේකෙ මුල හරියෙදි සෝක හා පරිදේව ඉවත් කරගන්න හැටි ගැන ටිකක් කියලා ඇති. [/FONT]

[FONT=&quot]ඉතින් එහෙනම් ද්වේෂය ගැන මේ ඇති. අදට මෙතනින් නවතිමු. ඔයාලත් මේ ගැන පර්යේෂණ කරන්න. ඒක ආර්ය පර්යේෂණයක් වෙන එක ගැන මට සහතිකයි යාළුවනේ. [/FONT]