මනාලයා_අත_හරී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගණිතය බැරි නිසා මනාලයා අත හරී



150313103403_generic_marriage_india_ap_624x351_ap.jpg


මංගල දිනයේදී මනාලිය විසින් මනාලයාට ඉදිරිපත් කරන ලද සරල ගණිත ගැටළුවකට නිවැරදි පිළිතුර ලබා දීමට මනාලයා අපොහොසත් වීම නිසා විවාහ වීම ප්‍රතික්ෂේප කර මංගල උත්සවයෙන් පිටව ගිය මනාලියක පිළිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
පහළොවයි හයයි එකතු කළ විට මුළු එකතුව කීයදැයි මනාලිය මනාලයාගෙන් අසා තිබේ. මනාලයාගේ පිළිතුර වූයේ ‘දා හතක්’ යන්නයි.
ඒ මොහොතේදී ම විවාහ වීම ප්‍රතික්‍ෂේප කළ මනාලිය එතැනින් පිටව ගොස් ඇති අතර ඇය නැවත ගෙන්වා ගැනීමට මනාලයාගේ ඥාතීන් උත්සාහ කරද්දී මනාලිය පවසා ඇත්තේ මනාලයාගේ අධ්‍යාපන මට්ටම පහත් බවයි.


ඉන් අනතුරුව පොලිසියේ මැදිහත් වීම මත, විවාහයට පෙර පවුල් දෙක අතර හුවමාරු වූ තෑගි භෝග සහ ස්වර්‍ණාභරණ ආපසු එකිනෙකාට භාර දුන් බවයි ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් පැවසුවේ.
ඉන්දියාවේ බොහෝ විවාහයන් වැඩිහිටි කැමැත්තට අනුව තීරණය වන හෙයින් ඇතැම් විට විවාහයට පෙර, විවාහ වන දෙදෙනාට එකිනෙකා පිළිබඳව මනා අවබෝධයක් නොමැත.
පසුගිය මාසයේදී ද ඉන්දියාවේ මෙවැනි විවාහයක් අතරතුර සිදු වූ අපූරු සිද්ධියක් මාධ්‍යයට වාර්තා විය.
විවාහ උත්සවය අතරතුර මනාලයා සිහි සුන් වීම නිසා ඔහු මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව දැන ගත් මනාලිය එම මනාලයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එතැන සිටි ඇයගේ මස්සිනාව විවාහ කර ගෙන තිබේ.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නොදකින් මොට්ටය..
ඌ දන්නේ නැද්ද 15යි 6යි 19යි කියල....:angry::angry:


එතන උඹ හිටියා නං මනමාලි උඹව එලවන්න කලින් ලඩ්ඩුවක් අරන් ගහනවා උඹේ @#! :dull:
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
නොදකින් මොට්ටය..
ඌ දන්නේ නැද්ද 15යි 6යි 19යි කියල....:angry::angry:
හැම තිස්සෙම 19 වෙන්නේ නෑ බන්. :oo:
ඕක සමහර වෙලාවට එකතු කරද්දි වෙනස් වෙනවා. ඕකට හරියටම උත්තරේ කියන්න අමාරුයි.
:dull:
පව් මනමාලයා.. :(
 
Last edited:

thanujaka

Well-known member
  • හැම තිස්සෙම 19 වෙන්නේ නෑ බන්. :oo:
    ඕක සමහර වෙලාවට එකතු කරද්දි වෙනස් වෙනවා. ඕකට හරියටම උත්තරේ කියන්න අමාරුයි.
    :dull:
    පව් මනමාලයා.. :(

    ඔව් බං සමහර වෙලාවට එකතුව 18920ක් වෙනවා...:(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    නොදකින් මොට්ටය..
    ඌ දන්නේ නැද්ද 15යි 6යි 19යි කියල....:angry::angry:

    අනේ බන් නිකන් මෝඩයෙක් වෙන්න හදන්න එපා. උන්ගේ අද්‍යාපන මට්ටමට බලු කතා කියන්න එපා. අපි කවුරුත් දන්නවනේ 15යි 6 එකතු කලාම 230යි කියල :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පව් වැඩේ, ඒක ගෑණිගේ වරදක්, ඕවා කතාකරගන්න තිබුනේ බදින්න ඔන්න මෙන්න තියාගෙන නෙවෙයි ඊට ටික දවසකට කලින්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ෂුවර් මුට වෙලා...:rofl::rofl::rofl:

    ඔව් බං කෙල්ලෙක් දවසක් ඇහුව 2 බෙදීම 2 කීයද කියල
    මම පැනපු ගමන් කිව්වා බින්දුවයි කියල
    බායි කියල ගියා ඒකි
    ඉන්දියන් නෙමේ. සිංහල