මනුස්සකම

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මේක දැන් උන දෙයක් අපේ ගෙදර ලග hardware shop එකක් තියෙනවා...මන් පාරට එද්දී එතන ටිපර් එකක් නවත්තගෙන ඉන්නවා.. බලනකොට axio hybrid එකක් නිකන් පාර මැද්දේ වගේ නවත්තල ගිහින් අනික එක කෙලින්ම අපේ gate එක ඉස්සරහා හදිස්සියකට අපේ වාහනයක් වත් ගන්න බැ.. එතන ඉඩ නැත්තන් කමක් නැ... වාහන 5ක් විතර ගහන්න ඉඩ තියෙනවා මු car එක පාර මැද්දේ ගහල ගිහින් මුව හොයාගන්නත් නැ..

    පස්සේ tipper එකේ driver යි කොල්ලයි මව දැකල ඇහුව අපේ ද කියල.. මන් නැ කිව්වා.. පස්සේ උන් බොන්න වතුරත් ඉල්ලලා බීල කතා කළා..උන් බන් මහියංගනේ ඉදන්ලු ඇවිල්ල ඉන්නේ පැය 10 drive කරලා.. වැලි ටික බාල අපහු යන්නත් ඕනේ.. උන් එතන පය බාගයක් වගේ බලන් ඉදලා.. උ කියනවා අපිට මහත්තය කවදාවත් මේවගේ car එලවන්න හම්බ වෙන්නේ නැලු එත් මෙහෙම නවත්තල යන එක හරි නෑලු.. උ කියනවා මිනිහ බඩගින්නේ හිටියත් වාහනේ කාටවත් කරදරයක් වෙන තැනක නවත්තන්නේ නැලු..හොද තැනක park කරලලු යන්නේ...

    ඔන්න ටික වෙලාවකින් අර මිනිහ එනවා ගැනි එක්ක..මටත් මල පැනල හිටියේ මු නවට්ටල ගිහින් තිබ්බ විදිහට.. අරුන්ට පැය 10 ඇවිල්ල මෙතනත් තව බලන් ඉදල කොහොම කේන්තියක් ඇත්ද. මන් හිතුවේ අරුට අල්ලන් නෙලයි කියල . මන් කිව්වා අන්න එනවා කියල tipper driver කියනවා මෙතන මුකුත් කියල වැඩක් නැලූ කොල්ලට කිව්වා ඒ මහත්තයට කියපන් car එක අයින් කරගන්න කියල අපි ඉස්සරහට යමුලු ..

    පස්සේ අරු ආවම tipper driver කියනවා අරුට "මහත්තය තරහ වෙන්න එපා කිව්වට..අපි විනාඩි 45 විතර බලන් හිටිය එත් අපහු නවත්තද්දී පොඩ්ඩක් අයින් කරලා නවත්තන්නලු.." එකට අරු sorry වත් කිව්වේ නැ මුකුත් නොඋනා වගේ ගියා.. පව් කියල හිතුන මට මුන් ගැන සිරාවටම... කොච්චර හොද මිනිස්සුද..මටත් මල පැනල හිටියේ එත් බන් මුන් කොච්චර ඉවසනවද...

    අපි ගොඩක් මිනිස්සුන්ව group කරනවා bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ කියලා.. එත් මට අද හොදටම තේරුණා ඇත්තටම bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ වෙන්නේ එලවන වාහනෙන් නෙවේ..වාහනේ එලවන මනුස්සයගෙන් කියලා .. :(:(
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    hmm.. Api Car eka drive karanakota kochchara 3weel unta bannath , Accident una welawaka Un witharai ban nawaththal Help ekak wath denna inne.. Car wala yana un Balannewath na nikamatawath...
     
    • Like
    Reactions: DangerMan119

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කාර් සොන්නයට නෙලන්නන තිබ්බේ..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    Pora ge manussa kama nemai bun.

    Porata baya hithenna aethi. Hoda wahanayak tiyanawa. mu kerumek da dan nehe kiyala.

    Dawasak Threewhil porak maruti 1k ta sadde demma. threewheel pora hurala.. pora tawa maruti man gen sallith illanawa.

    maruti ye dial 1a marama ahinsakai. Maruti mans kiwwa pwaradak waradak nehe. porage damage 1a pora hada gannum kiyala. threwheel man game 1a mai.

    maruti man kiwu wa police yamu kiyala.
    threewheel manuth dena gaththa mu wa policiye untath andanna puluwun police yamu kiyala.

    maruti man call 1k gaththa police ya ta.
    amma ta hudu menna police jeeps 3k aenawa pibagena. ae asse police bike 2 i.
    apu gamun jeep wala hitiya loku loku un behela salut kala.

    bali num maruti man hitapu IGP. (polispathi) kenek. api oya issara aewu wa dekala tiyanawa ye.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ මෙන්න මේ වචන ටික තමයි ඇත්ත :yes::yes::yes:

    අපි ගොඩක් මිනිස්සුන්ව group කරනවා bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ කියලා.. එත් මට අද හොදටම තේරුණා ඇත්තටම bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ වෙන්නේ එලවන වාහනෙන් නෙවේ..වාහනේ එලවන මනුස්සයගෙන් කියලා

    රේප් +10
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    අපි කොච්චර බැන්නත් බං, accident එකක් උනාම මිනිහෙක්ව ඉස්පිරිතාලෙට ගෙනියන්න හරි ඉදිරිපත් වෙන්නේ ත්‍රී විල් කාරයෙක් තමයි..
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අපි ගොඩක් මිනිස්සුන්ව group කරනවා bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ කියලා.. එත් මට අද හොදටම තේරුණා ඇත්තටම bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ වෙන්නේ එලවන වාහනෙන් නෙවේ..වාහනේ එලවන මනුස්සයගෙන් කියලා ..
    අනිවාර්යෙන්ම,මනුස්සයෝ වර්ග කරන්නේ ජාති,කුල,මල වලින් නෙවෙයි.හොද හිතක් පපුවක් තියන මනුස්සකම අදුරන මිනිසුන්ගෙන් (​
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි මචන්, කෙනෙක් ටිපර් එකක් එලවන පලියටම නරක මනුස්සයෙක් කියල හංවඩු ගහන්න බෑ. ඒ වගේම තමයි කෙනෙක් kaar එකක් එලවන පලියට මහත්තයෙක් වෙන්නත් නෑ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටිපර් ඩ්‍රයිවර් ඇත්තටම හොඳ රියදුරු මහත්තයෙක්..:yes: ඒත් බොහොම කලාතුරකින් තමයි ඔහොම අය හම්බ වෙන්නේ.. ගොඩක් අය එහෙම නැති නිසයි හොඳ ඩ්‍රයිවර්ලට පවා එක හැන්දෙන් බෙදන්නේ..:dull:

    එක සැරයක් අනුරාධපුර - කොළඹ සී.ටී.බී. බස් එකක් ඩි.එස් ගුණසේකර බස් එකක් එක්ක එක දිගටම රේස් එකට ආවා.. ඒ වෙලාවට ඉතින් බහින්න ඉන්න මිනිස්සුන්ට වෙන දේවල් ගැන ආයේ කියන්න ඕනෙ නෑනේ..

    ගොඩක් පිරිමි අයව බස් එකෙන් බැස්සුවෙ යන ගමන්ම වගේ.. ඔය අතරේ කඩවත බහින අයට ඉස්සරහට එන්න කියල කොන්දොස්තර කෑ ගැහැව්වා හෝල්ට් දෙක තුනකට මෙහා ඉඳලම.. කඩවතින් බහින්න හිටියේ කිහිලි කරුවක් තියාගෙන බස් එකේ ටිකක් මැදට වෙන්න වම් පැත්තෙ අයිනේ සීට් එකක ඉඳගෙන හිටිය ආබාධිත මනුස්සයෙක්.. :( මමත් කල්පනා කර කර හිටියේ මේ මනුස්සයට බැනල තල්ලු කරලවත් යයිද දන්නේ නෑ කියලා පිටිපස්සෙන් ආව ප්‍රයිවට් බස් එකත් එක්ක රේස් ආව වේගෙ හැටියට..:no: බස් එක රේස් එකට යන නිසා ඒ මනුස්සයා අමාරුවෙන් නැගිටින්න හැදුවා..

    එතකොටම කොන්දොස්තර කිව්වා "ඔහොම ඉන්න නැගිටින්න එපා" කියලා.. ඩ්‍රයිවර්ටත් කොන්දොස්තර මොනවද කිව්ව ලඟට ගිහින්.:rolleyes:

    අර මනුස්සයා ආයෙ අමාරුවෙන් නැගිටින්න හැදුව කඩවතට ලං වෙලත් බස් එක පිඹගෙන යන නිසා.. කොන්දොස්තර ආයි සැරයක් කිව්වා "ඔහොම ඉන්න.. නැවැත්තුවාම ඉස්සරහට එන්න" කියලා.. බස් එක කඩවත නැවැත්තුවේ පාරෙන් අයිනටම කරලා.. අර මනුස්සයා බස් එකේ මැද ඉඳල අමාරුවෙන් එද්දි ඩ්‍රයිවරුත් පිටිපස්ස හැරිලා කිව්වා "හිමින් එන්න කමක් නෑ" කියලා..:yes:

    රුපියලට දෙකට ගහ මරා ගන්න දගලන මිනිස්සු අතරේ අර බස් සේවකයෝ දෙන්නගෙම ලඟ මනුස්සකම පිරිල තිබුණා.. අර මනුස්සයත් බොහොම අහිංසක විදිහට ඩ්‍රයිවරුයි කොන්දොස්තර දිහායි බලලයි බස් එකෙන් බැස්සේ.. බස් එක අයින් කරලම නැවැත්තුව නිසා ප්‍රයිවට් බස් එකේ උනුත් අමුතු විදිහට බල බල සී.ටී.බී එකට ඉස්සර කරන් ගියා..

    වරකාපොළ ඉඳල රේස් ඇවිත් කඩවතදි තමයි අර බස් එකට ඉස්සර වෙන්න ලැබුණේ.. මනුස්සකම ඉස්සරහ රේස් එක අමතක කරන බස් ඩ්‍රයිවර්ල ඇත්තෙම නැති තරම්..:yes:
     
    • Like
    Reactions: DangerMan119

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ටිපර් ඩ්‍රයිවර් ඇත්තටම හොඳ රියදුරු මහත්තයෙක්..:yes: ඒත් බොහොම කලාතුරකින් තමයි ඔහොම අය හම්බ වෙන්නේ.. ගොඩක් අය එහෙම නැති නිසයි හොඳ ඩ්‍රයිවර්ලට පවා එක හැන්දෙන් බෙදන්නේ..:dull:

    එක සැරයක් අනුරාධපුර - කොළඹ සී.ටී.බී. බස් එකක් ඩි.එස් ගුණසේකර බස් එකක් එක්ක එක දිගටම රේස් එකට ආවා.. ඒ වෙලාවට ඉතින් බහින්න ඉන්න මිනිස්සුන්ට වෙන දේවල් ගැන ආයේ කියන්න ඕනෙ නෑනේ..


    :love::love::love::love: