මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

    ඔබත්, මමත් අප සියලු දෙනාමත් අද මිනිසුන් ලෙස උපත ලබා ඇත. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම, එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මනසින් මෙනෙහි කර මැන බලා සසඳා දැනගත හැක්කේ ද මිනිසෙකුට ම පමණි. විශ්වයෙහි ජීවත්වන මිනිසුන් ප‍්‍රමාණය මෙන් කෝටි ප‍්‍රකෝටි ගුණයකින් වැඩි අනෙකුත් සත්ත්වයින්, භූතයින්, ප‍්‍රාණීන් දියුණු කර ගත හැකි තත්ත්වයේ මනසක් තම උපතේදී නොලබයි. අද අප දකින, අපට පෙනෙන අනන්ත අප‍්‍රමාණ තිරිසන් සතුන් යැයි අප හඳුන්වන සියලූම සත්ව කොට්ඨාශ වලට ලැබී ඇත්තේ ඉවක් පමණි. එය ඥාණ විශේෂයකි. අපට නොපෙනෙන සියලුම දේව, බ‍්‍රහ්ම, අමනුස්ස කොට්ඨාශ වලටද යම්කිසි ඉවක්, ඥාණ සම්භාරයක් ලැබී තිබුණත් මිනිසාට මෙන් මනසක් ලැබී නැත. මනස යනු සකස් කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි ඥාණ විශේෂයකි. මනුස්ස යනු මන උස්සා ගත හැකි, මනස උසස් බවට පත්කරගත හැකි ශක්තියයි.

    රංකුඹලා, වඩුකුරුල්ලා වැනි ගෙවල් සදාගෙන ජීවත්වන සතුන් පරම්පරා ගණනක් පුරාම තම ගේ සාදාගන්නේ එකම සැලැස්මකට අනුවය. ඒ ඉවෙන් ලැබූ දැනුම අනුවය. නමුත් මිනිසා මනස මෙහෙයවා නිරතුරු තම ගේ සාදාගන්නා සැලැස්ම මනසින් කල්පනා කර වෙනස් කරගනී. ඒ නිසා මනස යනු ඉව හෝ ඥාණය නොවන බව පැහැදිළිය.

    මෙහිදී ඉතාමත් වැදගත් දෙයක් පැහැදිළි කරගත යුතුයි. අපට පෙනෙන නොපෙනෙන සියලූම සත්ත්වයින්, දෙවියන්, අමනුස්සයින් ආදී සියල්ලන්ම අනන්ත අප‍්‍රමාණ පෙර අතීත ආත්මවල මිනිසුන් ලෙස උපත ලබා කල් ගෙවා ඇතත්, තම මනස දියුණු කර නොගැනීමේ ඵල විපාක අද අත්විඳ ගන්නට ලැබී ඇත. මිනිසත් බව කෙළෙසීමේ ඵල විපාක මේ ආකාරය.

    මිනිසෙකු ලෙසින් උපත ලබා බුදු බවට පත් වූ බුදුපියාණන් වහන්සේ තම මනස දියුණු කර ගැනීමෙන්ම බුද්ධිය, ප‍්‍රඥාව උපරිම මට්ටමට දියුණු කරගත් නිසාම, බුද්ධ තත්ත්වයට පත්වූ සේක. සියලූම අරිහතුන් වහන්සේලාද මිනිසුන් ලෙසම ඉපදී මනස දියුණු කරගෙන බුද්ධ තත්ත්වයට පත් වූ සේක. ලොව බිහිවුණු සියලූම ආගම්වල ආගමික නායකයින්ද මිනිසුන් ලෙස උපත ලබා යම් ආකාරයකින් මනස දියුණු කරගත් නිසාම ඔවුහු ආගමික නායකයින් බවට පත් වූහ.

    මිනිසෙකු ලෙස උපත ලබන සෑම කෙනෙකුම ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන සම්පත් ලැබ උපන් නිසා තම මනස දියුණුකර, සකස්කර, පිරිසිදු කර බුද්ධිය වඩා ගැනීමටත්, බුද්ධ තත්ත්වයට පත්වීමටත් අවශ්‍ය උතුම් ශක්තියත්, අවස්ථාවත් උරුමයෙන්ම ලබා ගෙන ඇත. මේ බව තම තමන්ම තමා තුළින්ම අවබෝධ කරගත හොත්, සොයා අසා දැන ගෙන ක‍්‍රියා කළ හොත් පමණක් මේ උතුම් අවස්ථාවෙන් නිසි ඵල නෙළා ගත හැකිය. කාගේවත් වරමකින්, පිහිටකින්, උපකාරයෙන් මෙය ලබාගත නොහැකිය. දෙවියෙකුට, බුදුපියාණන්ට, ආගමික නායකයෙකුට හෝ විශ්වකර්මයෙකුට වගකීම පවරා තමන්ට මින් නිදහස් විය නොහැකිය.
    මිනිසෙකු ලෙස උපත ලැබීම පරම දුර්ලභ අවස්ථාවක් වන අතර මේ ලැබූ උපත නිසාම තවත් පරම දුර්ලභ අවස්ථා හිමිකර ගත හැකි බව බුදුපියාණන් වහන්සේ බුද්ධ දේශණාවෙන් පෙන්වා දුන් සේක. බුද්ධෝත්පාද කාලයක මිනිසකු ලෙස උපත ලැබීම අති දුර්ලභ දෙයකි. පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබීම මිනිසෙකුට ලැබෙන අති දුර්ලභ අවස්ථාවකි. ”ඛණ සම්පත්තිය” ලැබීමට අවස්ථාව හිමිවීම මිනිසෙකුට ලැබෙන දුර්ලභ දෙයකි. කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය සඳහා අවස්ථාව ලැබීම මිනිසෙකු ලබන තවත් දුර්ලභ දෙයකි. බුද්ධ ශ‍්‍රාවකයෙකු (පබ්බජ්ජා) වීමට ලැබීම මිනිසෙකු සංසාර ගමනේදී ලබන උතුම්ම තත්ත්‍වයකි. මනසක් ලැබීම නිසා මේ කරුණු අසා දැන ගන්නටත්, තේරුම් බේරුම් කර ගන්නටත්, මිනිසත් බව උතුම් වන්නේ මන්දැයි අවබෝධ කර ගන්නටත් හැකියාවක් මිනිසාට ලැබී ඇත.

    මිනිස් කයක් (ශරීරයක්) ලබා මිනිසෙකු ලෙස උපතක් ලැබීම එකකි. මිනිසත් බවට පත්වීම තවත් එකකි. මිනිසෙකු ලෙස මිනිස් කයකින් උපත ලැබුයේ පෙර ආත්මයක කළ පිං නිසාමයි. ඒ පිං බලයෙන්මය. මිනිසෙකු බවට පත්වන්නේ, මිනිසත් බව ලබන්නේ, එය ආරක්‍ෂාකර දියුණු කරගන්නේ අද අද කරන, කියන, හිතන යහපත් දේ අනුවමය. මෙය තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු ඉතාමත් වැදගත් සත්‍යයකි.

    මිනිස් කයක් ලැබූ බොහෝ දෙනෙක් මිනිසත් බවට නොගැළපෙන, මිනිසත් බව කෙළෙසන පහත්, කිළිටි වැඩ කරති. එවැනි මිනිස්සු මිනිස් කයෙන්ම ජිවත්වෙමින්තිරිසන් බවට, පේ‍්‍රත බවට, යක්‍ෂ බවට, අමනුෂ්‍ය බවට පත්ව සිටිති. කලාතුරකින් කෙනෙකු මිනිස් කයෙන්ම දෙව් බවටද පත්ව ඇත. මිනිසෙකු ලෙස ඉපිද, මිනිසත් බවට පත්වී, මිනිසත් බව ආරක්‍ෂා කර ගැනීම මේ සියල්ලටම වඩා උතුම්ය. ශ්‍රේෂ්ඨය.

    මිනිසත් බවට පත්වීම යනු තම ගතිගුණ, ගතිහඬ, ගතිරුව, ගති බල, ගතිබව මිනිසත් බවට සුදුසු ලෙස, ගැළපෙන ලෙස පවත්වාගෙන යාමයි. සිතින්, වචනයෙන්, ක‍්‍රියාවෙන් කරන සියලූ ක‍්‍රියාවන් ගතිගුණ, ගතිහඬ, ගතිරුව අනුවම සකස් කරගත් ඒවාය. කිළිටි, පහත් තත්ත්‍වයේ ගතිගුණ පැවැත්වීමෙන් මිනිස් බව කෙළෙසෙයි. මිනිස් කයකින් පෙනී සිටියත් තිරිසනකු, පේ‍්‍රතයෙකු, යක්ෂයෙකු, අමනුස්සයෙකුගේ ගතිගුණ, ගතිහඬ, ගතිරුව විදහාපායි. මිනිස් ආත්මයක උපත ලබා මිනිස් බවට නොගැළපෙන ගතිගුණ පුරුදු කිරීම, පුහුණු කිරීම මිනිසත් බව කෙළෙසීමක් වන අතර පුරුදු කළ, පුහුණු කළ ගතිගුණ අනුව සංඛාර අනුව මේ ආත්මයෙහිම මිනිසත් බවෙන් තුරන් වන අතර මතු කල්ප කාලාන්තරයකට මිනිසෙකු ලෙසින් නැවත උපත ලැබීමේ අවස්ථාව ද තමන්ම අහිමි කරගනී.

    අනෙකුත් සත්ත්‍වයින් මෙන් නොව මිනිසා තමන් හිතන, කරන, කියන බොහෝ දේ කරන්නේ තම කැමැත්තෙන්මය. යම් සුවයක්, ප‍්‍රිය මධුර බවක් ආස්වාදයක් ලැබීමට ඉන්‍ද්‍රියයන් පිනවීමේ බලාපොරොත්තුවක් ඇතිවමය. මේ කරන, කියන, හිතන දේ කරන්නේ, කියන්නේ, හිතන්නේ රාගයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිසාම බව මනසින් දැක ගැනීමට, කල්පනාකර බැලීමට හැකියාවක්, ශක්තියක් මිනිසාට උරුමයෙන්ම ලැබී තිබේ. එයින් ප‍්‍රයෝජන නොගත්තේ නම් කරුමය උරුමවීම ද කාටවත් වැළැක්විය නොහැකිමය.

    පිං පව් වලට වඩා හේතුඵල දහම මතු ජාතිය සකස්කර ගැනීමට උපකාර වන බව බුද්ධ දේශණාවයි. හේතු ඵල ධර්මතාවය පිළිබඳව අසා දැන යම් අවබෝධයක් ලබා මිනිස් කමට ගැළපෙන, මිනිස් බව රැකෙන ගති ලක්ෂණ පුරුදු කිරීම, පුහුණු කිරීම, පවත්වාගෙන යාම මතු සුගතියක උපත ලැබීමටත්, නිවන් දැක දුකින් මිදීමටත් හේතුවේ. මනසින් මැන සිතා බලා නිගමනය කිරීමත්, කල්පනා කර තීරණයක් ගැනීමත්, මිනිසාට උරුම වූ ගති ලක්‍ෂණයකි. ශක්තියකි. තමන්වම හෝ වෙනත් සත්ත්‍වයෙකු හෝ වැනසීමට, පීඩාවට පත්කිරීමට, පහත් කොට සැළකීමට, අවමානයට පත් කිරීමට, වෛර කිරීමට හේතුවන කිසිම සිතුවිල්ලක්, කථාවක්, ක‍්‍රියාවක් මිනිස් බවට නොගැළපෙයි. පෙර කළ පිං බලයෙන් අද මිනිස් කයක් දැරුවත්, බල්ලෙකුගේ ගතිගුණ ප‍්‍රදර්ශනය කළොත්, පුරුදු පුහුණු කළොත් ඔහු මිනිස් කයෙන්ම සිට බලූ බවට පත් වූවෙකි. එනිසාම සමහර විට ”බල්ලෙක් වාගේ වැඩ කරන්නට එපා” යනුවෙන් මිනිසුන් මිනිසුන්ටම කථා කරනු ඔබ අසන්නට ඇත. එවැනි පහත් ගතිගුණ පුරුදු කිරීමේ, ප‍්‍රදර්ශනය කිරීමේ ප‍්‍රතිඵලය මේ ආත්මයේදීම ලැබෙන බවට එය හොඳම උදාහරණයකි. ඒ ගතියට ගැළපෙන ගතිහඬ ලැබීමයි. බල්ලන්, හරකුන්, කුරුල්ලන්, කොටි වැනි ලොකු සතුන්ද, කුහුඹියන්, වේයන්, ශුද්‍ර ජීවින් වැනි කුඩා සතුන් ද ලෙස උපත ලබන්නේ තම තමන් සංසාරයේ පුරුදු පුහුණු කළ ගතිගුණ, ඵල විපාක ලෙස තමන්ටම උරුම වීමෙනි. මෙය හේතුඵල දහමයි. හේතුඵල දහම ලොව පැවැත්මට, විපරිණාමයට, වෙනස් වීමට, බිහිකිරීමට මෙන්ම විනාශයටද බලපාන එකම ශක්තියයි යන්න කවදාවත් කාටවත් වෙනස්කළ නොහැකි සිද්ධාන්තයකි. මේ ධම්ම නියාමයයි. මේ බව තේරුම් ගෙන මිනිසෙකුව උපත ලත් මේ ආත්මයේදී හැම කෙනෙකුම කල්පනා කළ යුත්තේ, මනස මෙහෙයවා නිගමනය කළ යුත්තේ, ලැබූ මිනිසත් බවට ගැළපෙන ගුණධම_, ගති ලක්ෂණ, සුචරිතය, සංවරත්වය පුරුදු පුහුණු කර, මතු මතුත් මෙවන් උතුම් මිනිසත් බවක් හෝ ලැබීමට සුදුසු සිතුවිලි, ක‍්‍රියා, වදන් ප‍්‍රගුණ කළ යුතු බවයි. මිනිසත් බව කෙළෙසන, මිනිසත් බවට නොගැළපෙන පහත් සංඛාර (ක‍්‍රියා, වදන්, සිතුවිලි* පුරුදු පුහුණු කිරීමේ ඵල විපාකය, ඒ පුරුදු පුහුණු කළ දෙයට උරුම වූ පහත්තත්ත්වයට තමන්ම වැටීමයි. නැවත සුගතියක ඉපැදීම කල්ප කාලාන්තරයකට වැසීයන්නේ, හේතුඵල දහමම ක‍්‍රියාත්මක වීම නිසාය. සුචරිතයෙහි යෙදී පිං කළ හොත් දෙව් බවට පත්වී සැප විඳිය හැකිය. දුෂ්චරිතයෙහි යෙදී පිං කළ හොත් බලූ බවට පත්වී සැප විඳිය හැකිය. නගරයේ ලොකු ගෙවල් වල බල්ලන් සැප විඳින්නේ ඒ නිසාමය.

    මිනිසෙකුව උපන් හැම කෙනෙකුටම යම් පමණකට ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන සම්පත් ලැබී ඇත. මිනිසුන් දෙදෙනෙකුට පවා මේ සම්පත් එකම තත්ත්වයෙන් නොලැබෙයි. ඒ නිසාම මිනිසුන් දෙදෙනෙකු එක හා සමාන නොවේ. වෙන කිසිම සත්ත්‍වයෙකු, දෙවියෙකු මේ සියලූ සම්පත් ලබා උපත නොලබයි. ඒ සියලූ සම්පත් ලැබුණේ ධර්මතාවයෙනි. මේවා කවුරුත් දුන් දෙයක් හෝ කාගෙන්වත් ඉල්ලා ප‍්‍රාර්ථනා කර ලබාගත හැකි දෙයක්ද නොවේ.

    ධර්මතාවයෙන් ලැබූ සම්පත් ධර්මයෙහි හැසිරීමෙන් ම මනසින් කල්පනා කර, යථාවබෝධයෙන්ම දියුණු කර පවත්වාගත යුතුය. අධර්මයෙහි හැසිරීම නිසා ඊට උරුම ධර්මතාවයෙන්ම මේ සියලූ සම්පත් තම තමන්ම අහිමි කර ගනියි. මෙය හේතු ඵල දහමයි.
    බුද්ධ ධර්මය යනු භව උදුරා දමන්නට උපකාරක වන දහමයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීම නිවනයි. පිං පව් නිසාම සියල්ල සිදුවේ, කර්මය නිසාම සියල්ල සිදුවේ යන මතවාද වලින් බැහැරව, හේතු ඵල දහම අනුව සියල්ල තීරණය වේ යන දර්ශනයෙහි පිහිටා කටයුතු කළහොත් ඔහු බෞද්ධයෙකි. උපතින් පරම්පරාවෙන් ලැබූ බෞද්ධකම, බුද්ධියෙන් අවබෝධ කරගත් බෞද්ධකම නොවේ. පිං පව් දෙකම නිවනට බාධාවෝය. බුද්ධියෙන්, මනසින් කල්පනා කර බැලූවොත් මේ කොතරම් දුරට සත්‍යයක්දැයි තේරුම් ගත හැකිය.

    හේතුවක් නැති තැනක ඵලයක් තිබිය නොහැකිය. හේතුවක් ඇති තැනක ඊට උරුම ඵලයක්ද ලැබීම කාට හෝ නැතිකළ නොහැක. ඒ නිසා ඵල ලැබීමට හෝ ඵල වෙනස් කිරීමට හෝ ඵල නොලැබීමට හෝ කළ යුතු එකම දේ හේතු බිහි නොකිරීම හෝ හේතු වෙනස් කිරීමය. උතුම් වූ මිනිස් බවට පත්ව, උතුම් මිනිස් ගති ලක්ෂණ පුරුදු පුහුණු කරන, පවත්වන උත්තමයා සියලූ දෙවියන්ට, බ‍්‍රහ්මයින්ට, අමනුස්සයින්ට වඩා උසස්ය. ශ්‍රේෂ්ඨය. මේ උතුම් බව, ශ්‍රේෂ්ඨ බව විදහා දක්වන හොඳම උදාහරණය, එවැනි උත්තමයෙකු තමන් මෙන්ම සකල ලෝකවාසී සියලූ සත්ත්‍වයින්ගේද යහපත පතාම, ඔවුන්වද දුකින් මිදවීමේ පරම අභිලාෂයෙන්ම අවංක පරාර්ථකාමී අදහසින්ම තම සිතුවිලි, ක‍්‍රියා, වදන්, පවත්වන උතුම් ගතියයි. එසේ කරන්නේ යම් ලාභයක්, කීර්තියක්, ප‍්‍රශංසාවක් හෝ වෙනයම් ප‍්‍රතිලාභයක් හෝ බලාපොරොත්තුවෙන් නොවේ. හුදෙක් කරුණා, මෛත‍්‍රී සහගත සිතින්මය. අනෙකාවද දුකින් මිදවීමේ එකම අභිලාෂයෙනි.

    පිං පව්, කුසල් අකුසල් වෙන් කොට දැන හඳුනාගත හැක්කේ, අසා දැන අවබෝධ කරගත හැක්කේ මිනිසෙකුට පමණි. ලෞකික, ලෝකෝත්තර දෙකෙහි වෙනස අවබෝධ කරගත හැක්කේද මිනිසෙකුටමය. එමෙන්ම සම්මතය හා පරමාර්ථ ධර්ම අතර වෙනස, භක්තිය හා ශ‍්‍රද්ධාව අතර ඇති වෙනස්කම්ද දැන හඳුනාගත හැකි වන්නේ මිනිසෙකුටමය. පෘථග්ජන පුද්ගලයා සහ ආර්ය උත්තමයා, ආර්ය- අනාර්ය වෙනස්කම් මෙන්ම ධ්‍යාන හා මාර්ග ඵල ආදී උසස් උතුම් කරුණු අවබෝධ කොට දැකගත හැක්කේ මිනිසෙකුටමය. මේවා පිළිබඳව වෙනස්කම් දැන ගැනීම, අසා හෝ කියවා අවබෝධ කර ගැනීම ධර්මවබෝධය ලැබීමයි. දහම් රසය විඳීමට හැකිවන්නේ මේවා මෙනෙහි කිරීමෙන්ම වෙනස පැහැදිළි කර ගැනීමෙන්ය.

    උත්තමයෙකු දේශණා කරන ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් හෝ පොත පතක ලියැවී ඇති ධර්මය තෝරා බේරාගෙන සත්‍යය අවබෝධ කරගැනීමට හෝ හැකි වන්නේ, විපස්සනා අනුපස්සනා කර ප‍්‍රඥාව වඩාගත හැකි වන්නේ, ඇසූ ධර්මය ධාරණය කර සත්‍යය සමඟ සම්බන්ධ විය හැකි වන්නේ, චිත්ත පාරිශුද්ධිය ලබා ධ්‍යාන උපදවා ගත හැකි වන්නේ යථාවබෝධයෙන් මඟඵල ලබාගත හැකි වන්නේ මිනිසෙකුටම පමණි.

    බුදුබව ප‍්‍රාර්ථනා කිරීම, බුද්ධත්වයට පත්වීම, පසේ බුදු බවට පත්වීම, මහ අරහතුන් වහන්සේලා වීම මෙන්ම අරිය තත්ත්‍වයට පත්වීම මිනිසෙකුට පමණක් කළ හැකි දේවල්ය. එවැනි උතුම් තත්ත්‍වයට පත්වූ මිනිසුන් ආදියෙහි විසූ බවත්, මතුවටත් මිනිසුන් අතරින්ම බිහිවන බවටත් කාට හෝ තර්කයකින්, විද්‍යාවකින් බොරුකළ හැකි නොවේ. සම්මතය අතින් බැලූවත් අහසින් යාමට, මහ සයුර තරණය කිරීමට, ගුවන් යානා නැව් සැදුවේ මිනිසා මනස මෙහෙයවා කටයුතු කිරීමෙනි. මිනිසුන් විනාශ කිරීමට යුද්ධායුධ, බෝම්බ තැනුයේත් මනස මෙහෙයවීමෙන්ය. තමන්ට හෝ වෙනත් සත්ත්‍වයෙකුට හෝ යහපත මෙන්ම අයහපත දෙකටම කටයුතු කළ හැකි එකම සත්ත්‍වයා මිනිසාය. බඩගින්න, නින්ද, මෛථුනය, භය අනිත් සියලූ සත්ත්‍වයින්ට පොදු අවශ්‍යතාවයෝය. මේ කාරණා සතර සඳහාම සියලූ සත්ත්‍වයෝ සියලූ සංඛාර පවත්වති. මිනිසා පමණක් මේවාට වෙනස්ව කටයුතු කළ හැකි ශක්තියක් ලබා ඉපැදී ඇත. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ‍්‍රහ්ම විහරණයන් පැවැත්විය හැකි මිනිසෙකුටම පමණි.

    අප උපත ලැබූ මේ වාසනාවන්ත කාලය බුද්ධෝත්පාද කාලයකි. බුදුපියාණන් වහන්සේ කෙනෙකු පහළ වී අනන්ත අප‍්‍රමාණ මහඅරහතුන් වහන්සේලා පහළ වී යහපත් චිත්ත කිරණ ශක්තීන් ලොවට පතුරුවා විශ්වය බලගැන්වූ ශක්තියක් පවතින කාලයකි. මිනිසෙකු ලෙස උපත ලබා, පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයද ශ‍්‍රවණය කරන්නට ලැබී, මනස මෙහෙයවා, එය අවබෝධ කර, ප‍්‍රඥාව, සත්‍යාවබෝධය ලැබීමෙන් බුද්ධත්වයට පත්විය හැකි කාලයකි මේ. එය ”ඛණ සම්පත්තිය” ලැබීමයි. විමුක්තිය ලැබීමයි. නිවන් දැකීමයි. දුකින් මිදීමයි. මේ සියල්ල තම තමන් තම මනසින්ම දැන, දැක ලබාගත යුතු තත්ත්‍වයන්ය. අම්මා, තාත්තා හෝ දෙවියන් බ‍්‍රහ්මයින් හෝ බුදුපියාණන්, මහා සංඝරත්නය හෝ වෙනත් විශ්වකර්මයෙකු හෝ ඔබ වෙනුවෙන් මේ කිසිවක් කරදීමට සමත් නොවෙති.

    මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ‍්‍රහ්ම විහරණයෙහි යෙදෙමින් අප‍්‍රමාණ වූ ලෝක සත්ත්‍වයා වෙත අප‍්‍රමාණ ලෙසින් සම මෙත පැතිරවිය හැකි වන්නේ මිනිසෙකුට පමණි. අනන්ත දුක් විඳින ලෝක සත්ත්‍වයා වෙත මනුස්ස, අමනුස්ස, දේව, බ‍්‍රහ්ම යන සතර කොට්ඨාශයටම අයත් සත්ත්‍වයා වෙත ”සරණ” විය හැක්කේ මිනිසෙකුට පමණි.
    ”සරණ” වීම යනු තේරුම් කරගත යුතු වචනයකි. ”බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සඟුන් සරණ යමි” යැයි උදේ හවස කීවත් මෙහි තේරුම බොහෝ අය අවබෝධ කරගෙන නැත.

    සරණ යනු පද දෙකකි. සර, චර ගමන් කරන, පැවැත්ම යන තේරුමයි. ”ණ” යනු නතර කිරීම, නැවැත්ම, අවසන් කිරීම යන තේරුමයි. මේ අනුව සරණ යනු අප කවුරුත් නොනවත්වාම කරන මේ සංසාර ගමන නැවැත්වීමට, එය නවත්වා, විඳින දුක් කන්දරාවෙන් මුදවා ගැනීමට උපකාර වීමයි. උපනිශ‍්‍රය වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ සරණ යෑම යනු මේ උපනිශ‍්‍රය ලබා ගැනීමයි. සත්‍යය අවබෝධ කරගත් සියලූම උත්තමයින් දුක් විඳින අනන්ත අප‍්‍රමාණ සත්ත්‍වයින්ගේ අනාථ බව දැක, ඒ දුකින් ඒ සත්ත්‍වයා මුදවා ගැනීමේ පරම ආධ්‍යාසයෙන්ම මෙසේ ”සරණ” වූ සේක. ඒ සරණ ලබාදීමට ධර්මය දේශණා කළ සේක.

    මිනිසෙකුට මිස වෙනත් කිසිඳු සත්ත්‍වයෙකුට, දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට, අමනුස්සයෙකුට හෝ විශ්වකර්මයෙකුට ”සරණ” ලබා දිය නොහැකිය. පිහිටක්, උපකාරයක් නම් ලබා දිය හැකිය. පිහිට හෝ උපකාරය යනු ”සරණ” වීම නොවේ. පිහිට වීම, උපකාර කිරීම ඉතාම තාවකාලික ලෞකික දෙයකි. සාගින්නේ සිටින කෙනෙකුට බත් මුලක් ලබාදීම මගින් බඩගින්නෙන් මිදවීම උපකාරයකි. පිහිටකි. තව පැය හතරකින් පහකින් ඔහුට ඒ බඩගින්නම නැවත මතුවෙයි.
    ”සරණ” වීම මෙයට වඩා අති උතුම් ශ්‍රේෂ්ඨ දෙයකි. සංසාර සාගරයේ අනාථ වී සදහටම දුක් විඳින සත්ත්‍වයා ඒ දුකින් මිදවීමට උපනිශ‍්‍රය ලබා දීමකි. මඟ පෙන්වීමකි. ඒ නිසාම බුදුපියාණන්වහන්සේට ”අනාථ-නාථ” යැයි නමක්ද ලැබුණි. අනාථ ලෝක සත්ත්වයා නාථ තත්ත්‍වයට පත්කරවීමට මඟ පෙන්වා, ”සරණ” විය යන තේරුමෙනි.

    අවංකව, පිරිසිදුව, පහන් සිතින්ම සම මෙත පතුරා මා මෙන්ම, සියලූ ලෝක , සියලූ සත්ත්‍වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා යැයි කරන පැතුම සියලූ සත්ත්‍වයාට සරණ වීමකි.

    චිත්ත ශක්තිය ලොව පවතින එකම ශක්ති ප‍්‍රභවයයි. බලවත්ම ශක්තියයි. පිරිසිදු චිත්ත ශක්තියෙහි අනන්ත, අප‍්‍රමාණ අසීමිත බලයක් ගැබ්ව ඇත. එවැනි උත්තමයෙකු කරන මෙවැනි මෙත්තා සහගත, කරුණා සහගත, මෘදු ගුණයෙන් යුතු, උපේක්‍ඛා සහගත පැතුමෙන් විශ්වයට නිකුත් කරන චිත්ත ශක්තීන්, චිත්ත කිරණ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයින් ලක්‍ෂයක් කෝටියක් නිකුත් කරන පැතුමකට වඩා ශක්තිමත්ය. බලවත්ය. ඒ යථාවබෝධයෙන්ම, අවංකවම, පිරිසිදු සිතින්ම කරන පැතුමක් නිසාය. මෙලෙස බුදුපියාණන්වහන්සේලා, මහඅරහතුන් වහන්සේලා, ආර්ය උත්තමයින් වහන්සේලා ලෝකයාට විශ්වයට නිකුත් කරන ලද අප‍්‍රමාණ චිත්ත කිරණ නිසා බිහිවූ බලවත් ශක්තියක් ලොව පවතින්නේය. ඒ චිත්ත කිරණ ශක්තින් නිසාම ඒවායේ බලය, ශක්තිය, ශාන්තිය නිසාම මේ ලෝකය, විශ්වය, සමස්ත සත්ත්‍ව වග_යාටම වාසය කිරීමට, ජීවත්වීමට සුදුසු සෞම්‍ය පරිසරයක් සහිත ස්ථානයක් බවට පත්වී ඇත.

    මෙත් වැඞීමෙන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය පහව යයි. කළ වරදට අනෙකාට නිතරම සමාව දෙයි. අනෙකෙකු වරදක් කළත් ඒ පෘථග්ජන පුද්ගලයෙකුගේ නොදැනුවත්කම නිසාම සිදුකළ දෙයක් බව අවබෝධ කරගෙන, ”කවදා හෝ ඔහුටත් මෙය වරදක් බව අවබෝධ වේවා, ඒ වරදින් කවදා හෝ ඔහුටද මිදීමට හැකිවේවා” යන සිතුවිල්ල ඇති වෙයි. එයින් පිරිසිදු වන්නේ තමාගේම සිතයි. නිවනට උපකාරක ලෝකෝත්තර කුසලය එයින් වැඩෙයි.

    මේ ආත්මයේ අපි අද විඳින සැප දුක් සියල්ල පෙර කළ පිං පව්, කුසල් අකුසල් වල ඵල විපාකයෝය. ඒවා දැන් අපට සහමුළින්ම වෙනස් කළ නොහැකිය. ඒවායින් සිත කම්පා කරගෙන සිතින් දුක් විඳීම නොකළ යුතුය. ඒවා සිතින් අමතක කර දමා, ලද දෙයින් සතුටු වී, මතු මතුත් දුකින් මිදීමට උපකාර වන කුසල් පිරීම කළ යුතුය.

    මිනිස් ජීවිතය ඉතා කෙටි ආයුෂයක් ඇති වර්ෂ ගණනකට සිමා වූවකි. මේ කෙටි ආයු කාලයෙන් ද ළදරු කාලය, ළමා කාළය මෙන්ම අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකි මහලූ කාලය ද අත්හැර දැමූ විට ඉතිරි වන්නේ වසර කිහිපයක් පමණි. මේ සීමිත ජීව කාලය රටක් හැදීමට, සමාජයක් හැදීමට, අනුන් හැදීමට තම වටිනා කාලය අපතේ යැවීම තමා තමාටම කර ගන්නා මහා අපරාධයකි. ලෝකය හැදීම කවම කවදාවත් කිසිම කෙනෙකුට කළ නොහැකි දෙයකි. කළ හැකි එකම දේ තමා තමාම හැදීම පමණි. තමන් හොඳ වුවොත්, තමන් හැදුනොත්, ලෝකය හදන්නට අවශ්‍ය නොවේ. ඒ ආදර්ශයට ගෙන ඒ මඟ ගොස් හැදෙන අයට හැදෙන්නට ආදර්ශවත් වීම, කළ හැකි හොඳම ක‍්‍රියාවයි. හැදෙන කෙනෙකුට මඟ පෙන්වීම, ධර්මනුකූලව උපදෙස් දීම, ධම_ය සොයන කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිළි කර පෙන්වාදීම කළ හැකි එකම සත් ක‍්‍රියාවයි.

    කෙනෙකුගේ වරදක්, දෝෂයක් දැක ද්වේෂයෙන් කතා කිරීම වැරදිය. ඒ නිසාම බුදු පියාණන් කිසි විටකත් තර්ක විතර්ක කිරීම අනුදැන වදාළේ නැත. කරුණු පැහැදිළි කර නොමඟ යන්නාට නිසි මඟ පෙන්වීම පමණක් අනුමත කළ සේක.

    බුදුපියාණන් වැඩිම කාලයක් වැඩ සිටි ජේතවනාරාමය නම් ස්ථානයේ අල්ලපු වැටේ චුන්ද සූකර නම් ඌරු කොටුවක් පවත්වා ගෙන ගිය කෙනෙකු වාසය කළ බව සඳහන් වේ. චුන්ද සූකර හදන්නට හෝ ඌරන් මැරීම වළක්වන්නට හෝ බුදුපියාණන් කිසි විටකත් උනන්දු වී නැත. උත්සාහ ගත්තේ ද නැත. නමුත් බුදුපියාණන් සමඟ වාදයට ආ සච්චක බමුණාට කරුණු පැහැදිළි කර නිවන් මඟට යොමු කළහ.

    උපකාර කිරීම, උදව් කිරීම, කෙනෙකුට පිහිටවීම මිනිස් ගුණ ධර්මයෝය. තමන්ට පිහිට වූ මඟ පෙන්වූ මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, අඹුදරුවන්ට ප‍්‍රතිඋපකාර කළ යුතුමය. නමුත් මේ සංසාර සම්බන්ධය ගැන මිනිසෙකුව උපන් හැම කෙනෙකුම මීට වඩා ගැඹුරින් කල්පනා කළ හැකි විය යුතුය. මේ සංසාර ගමන තනිව යන ගමනක් හෝ
    තනිව ආ ගමනක් හෝ නොවේ. තමන් ළඟ ඉපදුණු, ජීවත්වෙන, ආශ‍්‍රය කිරීමට ලැබෙන මිනිසුන්, තිරිසන් සතුන්, නොපෙනෙන අමනුෂ්‍යයින් සියලූම දෙනා තමන් ළඟම ඉපදී සිටින්නේ ඇයි? අපි ඒ සියලූ දෙනා ළඟ ඉපදුනේ ඇයි?

    තමන්ගේ ගෙදර කුහුඹියන් බෝවුනේ ඇයි? මේ සියල්ල හේතුවක් ඇතිවම සංසාර සම්බන්ධයක් නිසාම සිදුවන දේවල්ය. කුහුඹුවන් අප ගෙනා කෑම කෑවේ ඇයි? මේ සංසාර සම්බන්ධය ගණුදෙනුව නිසාම සිදුවන්නකි. අද අප කරන, කියන, හිතන බොහෝ දේවල් අපට ලැබුණු සියලූ නෑදෑයින්, අඹුදරුවන්, මිත‍්‍රයින්, තිරිසන් සතුන් පවා පෙර ජාතිවල අප සමඟ තිබූ සම්බන්ධය නිසාම අදත් අප ළඟම සිටී. ඒ කිසිකෙනෙකුගේ වරදක් දැකිය යුතු නොවේ. ඒ සියල්ල ඉවසා වරදින් පාපයෙන් මමම මිදෙමියි සිතා, මෙත්තා, කරුණා පෙරදැරිව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සම්බන්ධයෙන් මිදිය හැකිය. ඔවුන්ට වෛර කිරීමෙන් කිසිදාක සම්බන්ධයෙන් මිදිය නොහැකිය.

    පිං ලබා දීමෙන්, පිං පැමිණවීමෙන්, ප‍්‍රතිඋපකාර කිරීමෙන්, මෙත් වැඞීමෙන්, වන්දි ගෙවීමෙන් හා සමාව ගැනීමෙන් ඒ සියලූ ආකාර වූ සත්ත්‍වයින් සමඟ පවතින සංසාර සම්බන්ධතා වලින් මිදී නිදහස් වෙනතුරා නිවන් දැකිය නොහැකිය. නිදහස් විය යුත්තේ මෙවැනි සංසාර සම්බන්ධතා වලිනුත්, සියලූ ආකාරයේ බලාපොරොත්තු වලිනුත් බව සියලූ දෙනා අවබෝධ කර ගත යුතුය.

    මේ සියලූ කරුණු ගෙනහැර දැක්වූයේ මිනිසකු ලෙස ඔබ ලැබූ මේ ආත්මභව ඉතාම දුර්ලභ, ඉතාම උතුම් අවස්ථාවක් බව පෙන්වා දීමටයි. නැවත මිනිසෙකු ලෙස කවදා උපත ලබාවි දැයි කිසි කෙනෙකුට කිසි ලෙසකින් සහතික විය නොහැකියි. මේ ලැබූ ආයුෂ ඉතා කෙටිය. ලැබූ අවස්ථාවෙන් අද අදම උපරිම ඵල ලැබීමට කටයුතු කිරීමෙන්ම විමුක්තිය අත්කර ගත යුතුය.
    ”සියල්ලන්ම යථාවබෝධයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙත්වා.”

    http://siridesuma.blogspot.com/
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එල. දිගටම thred දාන්න.
    එවගෙම තමයි. පෙර භවය කියන ලමයි. එක ලග මිනිස් ආත්ම 2ක් ලබල තියනව නෙද??
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹේ පෝස්ට් හොදයි. නමුත් දිගින් වැඩි බං. කමෙන්ට් අඩු වෙන්නේ ඒ නිසයි. වැදගත්ම කරැණු වෙනම කෙටියෙන් කියලා, වැඩි දුර විස්තර අවශ්‍ය යට බලන්න වෙනම දාපන්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට දැනගන්න ඹනී මර්ගඵල ලාබී දෙවිවරු ඉන්නවනේද? දෙවිවරුන්ට මනස දියුණු කීරීම මගින් මාර්ගඵලවලට පැමිනිය හැකී කියලා මම අහල තියනවා අනික බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට අභිධර්මය දේශනාකලේ ඹවුනට සිත දියුණු කිරීමට පුලුවන් නිසා යැයි මගේ නන් මතය. වැරදිනන් කියන්න
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    බුදුන්ගෙන් බණ අහල මිනිසුන්ට වැඩිය මාර්ගඵල ලැබුවේ දෙවිවරු.
    දැන් ඉන්න සක්‍රයත් බුදුන්ගෙන් බණ අහල තමයි සෝවාන් උනේ.
    සෝවාන් උන මිනිස්සුත් දිව්‍යලොකයකදී අරහත් වෙලා පිරිවන් පාන්න තියන සම්භාවිතාව වැඩියි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මට දැනගන්න ඹනී මර්ගඵල ලාබී දෙවිවරු ඉන්නවනේද? දෙවිවරුන්ට මනස දියුණු කීරීම මගින් මාර්ගඵලවලට පැමිනිය හැකී කියලා මම අහල තියනවා අනික බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට අභිධර්මය දේශනාකලේ ඹවුනට සිත දියුණු කිරීමට පුලුවන් නිසා යැයි මගේ නන් මතය. වැරදිනන් කියන්න

    මාර්ගඵල ලබපු දෙවිවරු දිව්‍යලෝක වල ඕනතරම් ඉන්නව.නමුත් බුදුහාමුදුරුවො ධර්ම දේශනා කරන්න දිව්‍ය ලෝක වලට වැඩල නෑ.

    බුදුහාමුදුරුවො අභිධර්මය දේශනා කලෙත් දිව්‍ය ලෝක වල හිටපු දෙවියන්ට නොවෙයි.මනුශ්‍යයින්ට.

    සක්‍රය කියන්නෙත් දේව ගෝත්‍රික රජ කෙනෙක් මිසක් දෙවි කෙනෙක් නෙවෙයි.පසු කාලීන සාහිත්‍ය විසින් දේව ගෝත්‍රිකයින් දෙවියන් කලා.නාග ගෝත්‍රිකයින් නයින් කලා ( උදා- මුචලින්ද නාග ගෝත්‍රික රජ ).යක්ක ගෝත්‍රිකයින් යකුන් කලා.( උදා- ආටානාටිය සූත්‍රය ).

    සක්‍ර රජුට සක්කපඥ්ඥ සූත්‍රය දේශනා කල ඉන්දසාල ගුහාව අදටත් නුවර බඹරගල රජමහා විහාරයෙ තියෙනව.එතන සෙල් ලිපියෙ සියලු විස්තර තියෙනව.සෙනරත් පරනවිතාන මහත්මය පවා මේ කරුණු සනාත කරලයි තියෙන්නෙ.මේ කියන ඒව බොරුයි කියල හිතනවනම් බඹරගල රජ මහා විහාරෙ හාමුදුරුවො හමුවෙලා කතාකරල විස්තර දැනගන්න පුලුවන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බුදුන්ගෙන් බණ අහල මිනිසුන්ට වැඩිය මාර්ගඵල ලැබුවේ දෙවිවරු.
    දැන් ඉන්න සක්‍රයත් බුදුන්ගෙන් බණ අහල තමයි සෝවාන් උනේ.
    සෝවාන් උන මිනිස්සුත් දිව්‍යලොකයකදී අරහත් වෙලා පිරිවන් පාන්න තියන සම්භාවිතාව වැඩියි.

    ගොඩක් වැදගත්.. මම ඒක ඇහුවේ මේ ත්රෙඩ් එකේ දාලා තියෙන දේ නිසා
    http://www.elakiri.com/forum/showthread.php?t=1748470
    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

    ඔබත්, මමත් අප සියලු දෙනාමත් අද මිනිසුන් ලෙස උපත ලබා ඇත. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම, එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මනසින් මෙනෙහි කර මැන බලා සසඳා දැනගත හැක්කේ ද මිනිසෙකුට ම පමණි. විශ්වයෙහි ජීවත්වන මිනිසුන් ප‍්‍රමාණය මෙන් කෝටි ප‍්‍රකෝටි ගුණයකින් වැඩි අනෙකුත් සත්ත්වයින්, භූතයින්, ප‍්‍රාණීන් දියුණු කර ගත හැකි තත්ත්වයේ මනසක් තම උපතේදී නොලබයි. අද අප දකින, අපට පෙනෙන අනන්ත අප‍්‍රමාණ තිරිසන් සතුන් යැයි අප හඳුන්වන සියලූම සත්ව කොට්ඨාශ වලට ලැබී ඇත්තේ ඉවක් පමණි. එය ඥාණ විශේෂයකි. අපට නොපෙනෙන සියලුම දේව, බ‍්‍රහ්ම, අමනුස්ස කොට්ඨාශ වලටද යම්කිසි ඉවක්, ඥාණ සම්භාරයක් ලැබී තිබුණත් මිනිසාට මෙන් මනසක් ලැබී නැත. මනස යනු සකස් කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි ඥාණ විශේෂයකි. මනුස්ස යනු මන උස්සා ගත හැකි, මනස උසස් බවට පත්කරගත හැකි ශක්තියයි.

    ඒ කියන්නේ දෙවිකෙනෙකුට බුදුවෙන්න බෑ ඒ වුනත් රහත්වෙන්න පුලුවන්, මිනිසෙකුට විතරයි බුද්ධත්වයට පත්වෙන්න පුලුවන්, මේක ස්වභාවධර්මයේ නිතියක්. අභිධර්මයේ මේගැන මොනවහරි තියනවද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මාර්ගඵල ලබපු දෙවිවරු දිව්‍යලෝක වල ඕනතරම් ඉන්නව.නමුත් බුදුහාමුදුරුවො ධර්ම දේශනා කරන්න දිව්‍ය ලෝක වලට වැඩල නෑ.

    බුදුහාමුදුරුවො අභිධර්මය දේශනා කලෙත් දිව්‍ය ලෝක වල හිටපු දෙවියන්ට නොවෙයි.මනුශ්‍යයින්ට.

    සක්‍රය කියන්නෙත් දේව ගෝත්‍රික රජ කෙනෙක් මිසක් දෙවි කෙනෙක් නෙවෙයි.පසු කාලීන සාහිත්‍ය විසින් දේව ගෝත්‍රිකයින් දෙවියන් කලා.නාග ගෝත්‍රිකයින් නයින් කලා ( උදා- මුචලින්ද නාග ගෝත්‍රික රජ ).යක්ක ගෝත්‍රිකයින් යකුන් කලා.( උදා- ආටානාටිය සූත්‍රය ).

    සක්‍ර රජුට සක්කපඥ්ඥ සූත්‍රය දේශනා කල ඉන්දසාල ගුහාව අදටත් නුවර බඹරගල රජමහා විහාරයෙ තියෙනව.එතන සෙල් ලිපියෙ සියලු විස්තර තියෙනව.සෙනරත් පරනවිතාන මහත්මය පවා මේ කරුණු සනාත කරලයි තියෙන්නෙ.මේ කියන ඒව බොරුයි කියල හිතනවනම් බඹරගල රජ මහා විහාරෙ හාමුදුරුවො හමුවෙලා කතාකරල විස්තර දැනගන්න පුලුවන්.

    උඹ මගේ ඹලුව අවුල්කරණවා සහොදරයා... මේක වෙන්න බැරි දෙයක්...
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උඹේ පෝස්ට් හොදයි. නමුත් දිගින් වැඩි බං. කමෙන්ට් අඩු වෙන්නේ ඒ නිසයි. වැදගත්ම කරැණු වෙනම කෙටියෙන් කියලා, වැඩි දුර විස්තර අවශ්‍ය යට බලන්න වෙනම දාපන්
    mta kiyawanna kamli kamat comment balanna awe bn monada tiyenne kiyala
    sirawatm dig wadi
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඹ මගේ ඹලුව අවුල්කරණවා සහොදරයා... මේක වෙන්න බැරි දෙයක්...

    බුදුහාමුදුරුවො කාලාමා සූත්‍රය දේශනා කලේ කාලාමා වරුන්ට කියලනෙ අද කවුරුත් දන්නෙ.නමුත් කාලාමා සූත්‍රයෙ පැහැදිලිව තියෙනව ඒ සූත්‍රය දේශනා කලේ කේසපුත්ත කියන බමුණු ගමේ බමුණන්ට කියල.කාලාමා යන වචනය අර්තකතනය කරගන්න නොදත් පසුකාලීන පරිවර්තකයින් විසින් කාලාමාවරු ලෙස මිනිසුන් කණ්ඩායමකට එය ආදේශ කලා.එතැන් පටන් කාලාමා යනු මිනිසුන් කොටසක් වුනා.කාලාමා ( කාලා+මා ) යනු කෙලෙස් වලින් මිදී නිදහස් වීම යන අර්තයයි.කාලෝ, කලු, කාලි යනු කෙලෙස් යන්නයි.මා යනු මිදීමයි.කලණ මිතුරා යනු කලු නැසීමට හෙවත් කෙලෙස් වලින් මිදීමට උපකාර වන මිත්‍රයා යන්නයි.

    සිදුහත් කුමාරය ගිහිගෙයින් නික්මුන ආකාරය ගැන ඇහුවොත් ඕනෙ කෙනෙක් කියන්නෙ රාත්‍රියේ කිසිවෙකුට නොදන්වා චන්න ඇමතිත් එක්ක අසු පිට නැග නේරන්ජනා ගඟටත් උඩින් පැනල ගිහිල්ල මහා බ්‍රහ්මයා දුන්න අටපිරිකරකුත් ඇඳගෙන පැවිදි උනා කියලනෙ.නමුත් දෙමාපියන් හඬා වැලපෙද්දි මාලිගාවෙදිම හිස් රැවුලු බා කසාවත් හැඳ ගිගිගෙයින් නික්මුනා කියන එක අරිය පරියේශන සූත්‍රයෙ පැහැදිලිව තියෙනව.අද ඒක දන්නෙ කීයෙන් කීදෙනාද ? දිව්‍යාවදානය කියන සංස්කෘත පොතේ තියෙන දේ තමයි අද ලමයින්ටත් උගන්වන්නෙ.

    ඔය නෙලුම් මල් උඩ ඇවිදපු කතා, තණ්හා රතී රඟා ඇවිල්ල නටපු කතා, මුචලින්ද නයාගෙ කතාව, වගේ අත්භූත විකාර දේවල් අනන්ත අප්‍රමාන විදියට පසුකාලීන සාහිත්‍යයත් එක්ක එකතුවෙලා තියෙනව.මේව ඔලුවට දාගෙන ඒ අනුව කල්පනා කරන්න ගියොත් නම් කවදාවත්ම ඇත්ත හොයාගන්න ලැබෙන්නෙ නෑ.පොඩි කාලෙ ඉඳල ඔලුවට දාල තියෙන මේ කුණු ගොඩවල්ටික ඔලුවෙන් අයින් කරල ඔලුව සුද්ද කරගත්තදාට මේ කියන්නෙ මොනවද කියල තේරෙන්න පටන් ගනියි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ගොඩක් වැදගත්.. මම ඒක ඇහුවේ මේ ත්රෙඩ් එකේ දාලා තියෙන දේ නිසා
    http://www.elakiri.com/forum/showthread.php?t=1748470

    ඒ කියන්නේ දෙවිකෙනෙකුට බුදුවෙන්න බෑ ඒ වුනත් රහත්වෙන්න පුලුවන්, මිනිසෙකුට විතරයි බුද්ධත්වයට පත්වෙන්න පුලුවන්, මේක ස්වභාවධර්මයේ නිතියක්. අභිධර්මයේ මේගැන මොනවහරි තියනවද?

    pm එකක් දැම්ම එකට thank you මචන්. නැත්නම් මට වැඩිය මේක බැලෙන්නේ නෑ.:)

    අභිධර්මයේ පරමාර්ථ ධර්ම(ඇත්තටම තියන දේවල්) 82ක් තියනව. චිත්ත, එහෙම නැත්නම් වික්ඤාන කියන්නෙ ඒ පරමාර්ථ ධර්ම වලින් එකක්. ඒක බෙදලවත්, වර්ග කරලවත් නෑ බුදුහාමුදුරුවො. මේ මුළු විශ්වයේ ඉන්න සියලුම සතුන්ට තියෙන්නෙ එකම වර්ගයේ විඤ්ඤාණයක්. නිර සතෙක්ට තියෙන්නෙත්, බල්ලෙක්ට තියෙන්නෙත්, මනුස්සයෝ වෙන ඔබ, මට තියෙන්නෙත්, දෙවියෙක්ට තියෙන්නෙත්, බ්‍රහ්මයෙක්ට තියෙන්නෙත්, බුදුන්ට තියෙන්නෙත් ඔය එකම වර්ගයේ වික්ඤාණයක්. එහෙම නැතුව එක්කෙනෙක්ගේ වික්ඤානයට මනසක් තියනව, තව කෙනෙක්ට එහෙම කෑලි නෑ කියල වික්ඤාණය බෙදන්න බෑ, වර්ග කරන්න බෑ.

    එතකොට හිතෙනවනෙ කොහොමද සත්වයින් එකිනෙකාට වෙනස් වෙන්නේ කියල?

    භවාංගය

    අපේ විඤ්ඤානය අරමුණු නොගන්න වෙලාවෙ(Dormant state එකේදි) පවතින්නෙ වික්ඤානයේ මූලික ස්වභාවයේ. මේකට තමයි භවාංගය, එහෙමත් නැතිනම් භවාංග සිත කියලත් කියන්නෙ. මේ භවාංගයට තමයි අරමුණු අරගෙන විඤ්ඤානය සිත් ඇති කරන්නෙ.

    මේ භවාංගය බොහොම පැහැදිලිනම්, ඔපවත්නම්, ඒකට ගන්න අරමුණත් බොහොම පැහැදිලි, නිවැරදි එකක් වෙනව.

    භවාංගයේ පැහැදිලි බව තීරණය කරන්නේ සත්වයෙක්ගෙ ප්‍රතිසන්ධියේදී කර්මය විසින්. ඒ ප්‍රතිසන්ධියේදී ඇතිවන භවාංගයේ ස්වභාවය ඒ භවයේ අවසානය වෙනකන් වෙනස් වෙන්නේ නෑ. සත්වයෙක්ට කර්මයෙන් පැහැදිලි භවාංගයක් ඇති කරනවානම්, ඒ සත්වයා උපත ලබන්නෙ මනුෂ්‍ය, දිව්‍ය ගෝ බඹ ලෝක වල.

    තිරිසනුන්ගේ භවාංගය මිනිසුන්ට වැඩිය පැහැදිලි බවෙන් අඩු නිසා තමයි උන්ගෙ සිත් වලට අරමුණ පැහැදිලිව ගන්න බැරි. උන්ගෙ භවාංග නිකන් යන්තම් ඔප වැටුණු කළු ගලක මතුපිටක් වගේ. ඒකෙන් බැලුවම ඇහැ මොන හැඩේද, කට මොන හැඩේද කියල පේනවා මිසක්, makeup එකක් දාගන්න තරම් සියුම්ව පේන්නෙ නෑ,. ඒක නිසා තමයි, පන දෙන්න වගේ හිටියත්, තරහ ගියාම බල්ල හපන්නේ. ජිවිත කාලයම මිනිස්සු කතා කරන දිහා කට ඇරගෙන බලාගෙන හිටියත් ඌට කතා කරන්න ඉගෙනගන්න බැරි.

    නිර සතුන්ගෙ භවාංග නිකන් යන්තම් ඔප වැටුන ලෑල්ලක මතුපිට වගේ. හෙවනැල්ලක් පෙනුනත්, කට කොහෙද, නහය කොගේද කියලවත් හොයන්න බෑ.

    මිනිසුන්ගේ භවාංග වානේ තහඩු පතුපිටක් වගේ. දෙවියන්ගේ භවාංග ඇලුමිනියම් තහඩු මතුපිටක් වගේ, භ්‍රමයින්ගේ භවාංග රිදී තහඩු මතුපිටක් වගේ.

    මේ නිසා තමයි සමාන්‍ය මිනිසුන්ට සියුම් ශරීර ඇති දෙවියන් නොපෙනෙන්නේ, දෙවියන්ට අති සියුම් ශරීර ඇති බ්‍රහ්මයින් නොපෙනෙන්නේ. උඩට යන්න යන්න, භවාංගයේ පැහැදිලි බව වැඩි වෙන නිසා, එයට ගන්න පුළුවන් අරමුණේ සියුම් බව වැඩි වෙනව.

    ප්‍රඥාව

    ප්‍රඥාව කියන දේ ගන්න පුළුවන් උදාහරණයක් විදිහට භවාංගයේ ඔපය විදිහට. මනුෂ්‍යයින්ගේ ඉඳල උඩට සත්වයාට හැකියාව තියනව ප්‍රඥාවෙන් තමන්ට ප්‍රතිසන්ධියේදී ලැබුණු භවාංගය ඔප දමන්න. මනුෂ්‍යය්ක්නම්, අර වානේ තහඩුවෙන් තමන්ගෙ චායාව දිහා බලල, ඇද තැන් හඳුනාගෙන, ඇද හරමින්, තහඩුව ඔප දැමීම. මේ ඔප දැමීම හරියට කලොත්, අර හරියට ඔප නොදැමුණු රිදී තහඩුවෙන් පේනවට වඩා හොඳට පේන්න වානේ තහඩුව ඔප දමන්න පුළුවන්. හැබැයි අර තහඩුවේ පලුදු ගොඩක් තියනවනම්, හරියට ඇද අරින්න අවශ්‍ය තරම් චායාවක් ඒ තහඩුවෙන් ගන්න බෑ. මේ නිසා තමයි සමහර අය කොච්චර බුදුන්ගෙන් බණ ඇහුවත්, සෝවාන් වෙන්න බැරි උනේ.

    බුදුන්ගේ භවාංගය

    100% ක් පලුදු, අඩු පාඩු නැති තහඩුවක් මෙන් භවාංගයක් කර්මයෙන් ජනිත කරන්නේ බුදුවීමට අවශ්‍ය තරම් කර්මයක් රැස් කරගත් සත්වයෙක්ට පමණයි. මේ 100%ක් පිරිසිදු තහඩුව 100%ක් ඔප දැමීම තමයි බුදුවීම කියන්නෙ. මේ දෙකම 100%ක් පිරෙන්නේ බුදුරජාණන්වහන්සේ කෙනෙකුට පමණයි. ඒ නිසා තමයි, අති සියුම් වූ මේ සංසාරේ සත්‍යය නිවැරදිව දැකල නිවන් මග සොයාගැනීම බුදුන්ට පමණක් කල හැකි වෙන්නේ.

    ඇයි බුදුන් මනු ලොව පමණක් පහල වන්නේ?

    බුදුවීමට අවශ්‍ය ප්‍රඥාව පිරීමට මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍යයි. දුක හා සැප සමව විඳින්න පුළුවන් එකම ලෝකය මනුෂ්‍ය ලෝකය. ඒ නිසයි බුදුන් මනුලොව පමණක් පහල වන්නේ.

    දෙවි බඹුන්

    මම අර කලින් කිව්වනෙ මනුෂ්‍ය භවාංගය වානේ වගේනම්, දෙවියන්ගේ ඇලුමිනියම් වගේ, බ්‍රහ්මයින්ගේ රිදී වගේ කියල. ඒ නිසා දෙවියන්ට සහජයෙන් සියුම් ධර්ම කරුණු අවබෝධ කරගැනීමේ හැකියාව මනුෂ්‍යයෙක්ගේ සහජයට වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ සහජය දෙවියන්ට වඩා වැඩියි. මේ නිසා තමයි දෙවි බඹුන් කොටි ගණන් බුදුන්ගේ එක ධර්ම දේශනාවෙන් මාර්ගඵල ලැබුවේ. ඒ නිසා ත්‍රිපිටකයේ ඕනෑ තරම් අවස්ථා තියනව දෙවියන්, බ්‍රහ්මයින් බුදුන් හා රහතුන්ගෙන් අති සියුම් හා ගැඹුරු ධර්ම කරුණු විමසපු.

    ඒ එක්කම මතක තියාගන්න ඕන, රිදී තහඩුව උනත්, පැල්ලම් වැඩිනම්, ඇද ඇරල ඔප දමන්න ආයාසයක් ගත්තේ නැත්නම්, පැල්ලම් නැති වානේ තහඩුවක් ඔප දාල ඊට වඩා හොඳට අපේ මුණ බලාගන්න පුළුවන් බව.

    අති ශෝක්තිය?

    මාත් කාලයක් ත්‍රිපිටකයේ ගොඩක් තියෙන්නෙ අතිශෝක්තිය කියල හිතුව. නමුත් අභිධර්මයෙන්, තර්කාන්විතව, ප්‍රාතිහර ඇතිවන්නේ කොහොමද, සෘධි බලය වැඩ කරන්නේ කොහොමද, දෙවුලොව, බඹලොව, නිර ඇති වීම, සක්‍ර, මාර සත්වයින්ගෙ ස්වභාවය හා ඇති වීමට හේතුව වගේ දේවල් පැහැදිලි වෙනව.
    ඒක නිසා ඔබ පිළිගැනීමට අපහසු දෙයක් ත්‍රිපිටකයේ දැක්කොත්, ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව, අනෙක් තැන් වලින් තමන්ගෙ ප්‍රඥාව වැඩි කරගන්න.

    එහෙම නැතුව තමන්ගෙ අවබෝධ මට්ටමින් ඒව බොරු විදිහට දැකල, තමන්ගෙ අවබෝධ මට්ටමින් ඒ වෙනුවට දේවල් ආදේශ කරන්න ගියොත් වෙන්නේ ධර්ම කරුණු පරස්පර වෙලා, නිවන තව දුර කරගන්න එක.

    ඒව බොරු, පරස්පර දේවල් විදිහට දකිනවට වඩා, ඒ තවමත් තමන් අවබෝධකරනොගත් කොටස් ලෙස සලකල ඉස්සරහට ගියොත් සෑහෙන දුර යන්න පුළුවන්. ;)

    P.S-මේ විස්තර කිරීමත් සම්පුර්ණ විස්තරයක් නෙමෙයි. ඕනෑවට වඩා සරල කරපු උත්තරයක් මම මේ දීල තියෙන්නෙ. ඒක නිසා පුලුවන්නම් ඔබම ධර්ම කරුණු විමසල මේ ටික අවබෝධ කරගන්න එක තමයි වඩාත් හොඳ.
     
    Last edited:
    • Like
    Reactions: Aruna119 and sgrdk1

    බොහෝම පිං සහෝදරයා.. ගොඩක් වටිනවා අභිධර්මය ගැන තියන අඩු දැනුම නිසා මේවා ප්‍රශ්ණවිදිහට පේනව ඇත්තේ. කොාහාමත් හිතෙන් අයින් කරන් හිටියේ ප්‍රශ්නේ මොකද මාර්ගයේ යන්න එක බලපාන් නැති නිසා...:yes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ත්‍රෙඩ් එක ඔක්කොම කියෙවුවා. :)
    වටිනවා ගොඩාක්.
    ගොඩාක් පින් පෝය දවසේ මේ වගේ වටිනා දෙයක් share කලාට.:)
    තෙරුවන් සරණයි!!!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසේවා !
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීතොටමුල්ලේ කුණු ගොඩ මිනිසුන් යට කර මැරුවා
    මීරිගමින් හමන දුගඳ සසුන මරන්නට හැදුවා
    මුසා වාද පවසාලා මිනිසුන් අඳුරේ හෙළනා
    දුභාෂිතය කාගේදැයි නුවනැත්තෝ තේරූවා

    * ඉඟිය: http://www.sirisaddharmaya.net/contact.html
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21633056

    Skylark