ලංදේසි සමයේදී ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරවීමේ ප්‍රබල ව්‍යාපාරයක් පැවතිනි. එකී අරමුණ නිසාවෙන් ලංදේසින් විසින් ගොවි කුලයට අයත් නොවූ පිරිස් වෙත වරප්‍රසාද ලබා දුන්නේ ක්‍රිස්තියානි දහම වැළඳගන්නා විට කුලයෙන් උසස් කරවමිනි. මෙය හිංග උපකුලය විසින් තම ඉපැරැණි වරප්‍රසාද නැවත ලබා ගැනීමේ මාර්ගය ලෙස දුටුවේය. එය හින්න කුලවාසීන් රොතුබුරුතු ලෙස කතෝලික දහම වළඳගැනීම ට හේතුව විය. හින්න බොහෝ පිරිසක් ගොවිගම කුලයට උසස් කළේය. නම්බු නාම වරප්‍රසාද ලබා දුන්නේය. හිංගනාම හේවා නාම ලෙස වෙනස් කළේය. අපුල්ලනගේ ලෙයිනගේ නාම වාසගමෙන් හලාදැම්මේය. නම අග පැවති ප්‍රනාන්දු නාමය වෙනුවට ද සිල්වා නාම පටබැඳුනේය.රාජපක්ෂ , විජේවර්ධන , ජයසේකර ආදී ගරු නම්බු ලැබුනේය.