මචන්.. උඹ එයාව හම්බ වෙන්න ගියේ හිතේ අව්ලකටද? උඹ නොදන්න හින්ද වෙන්න ඇති ඔය වගේ comment එකක් දැම්මේ.. හරිශ්චන්ද්‍ර ගාම්භීර සර් දැනට ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු කීප දෙනාගෙන් කෙනෙක්..
මානසික ලෙඩ = පිස්සු කියල තම ගොඩක් ය හිතන් ඉන්නේ.. එත් මචන් පිස්සු කියන්නේ මානසික රෝග ගණනාවකින් එකක් විතරයි..
pahadili karannam ko...
onna වෙන දොස්තර කීනෙක් ගාවට පපුවේ අමාරුව , ලෙඩෙක් ගියොත් අහයි,
පපුවේ කොයි පැත්තේද? හරියටම කොතනද? ඇඟිල්ල තියල පෙන්නන්න පුලුවන්ද නැත්නම් පැත්තම රිදෙනවද?
හිරකරනවා වගේ රිදිල්ලක්ද? දවිල්ලක්ද? අනිනවා වගේ ද? පපුව උඩින් ගලක් තියනවා වගේද?
හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවද? අල වෙලා ඉන්නකොට වැඩි වෙනවද?
මොන වගේ වෙලාවටද පපුවේ රිදිල්ල වැඩි? ඒ රිදිල්ල වම අත දිගේ යනවද? හක්ක පැත්තට එනවද? පිට පැත්තට යනවද?
දාඩිය හුඟක් දැම්මද? වමනෙට වගේ එනවද? මේ වගේ ප්‍රශ්න 1000ක් අහයි...
මානසික රෝග වලටත් එහෙමයි මචන්.. උදාහරණයක් විදිහට විෂාදය (depression) ගන්න.. එකේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන තමා..
හිතට හැම තිස්සෙම හේතුවක් නැතුව දැනෙන දුක..
පෙර සතුටින් කරපු දේවල් වලට තියෙන ආසාව එක්වරම වගේ නතර වීම,
ඇඟට ශක්තිය අඩු වගේ දැනෙන එක..
.... මේ ලක්ෂණ සති දෙකකට වඩා තියෙන්න ඕන..
තව අනෙකුත් රෝග ලක්ෂණ ත් තියෙනවා..
නමුත් හිතන්න ඔයාට දියවැඩියාව කියල.. එකේදිත් මේ වගේ ඇඟට ශක්තිය අඩු වගේ ද්නෙන්න පුළුවන්.. එක වෙන් කරන්න තම මචෝ විද්‍යා උපාධියක් ඕන කරන්නේ...
"අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද?"
උඹෙන් අහල තියෙන ප්‍රසන වලින් පෙනෙන්න සර් උඹට භින්නෝන්මාදය (Schizophrenia) තියෙනවද කියල බලල තියෙනවා කියන එකයි... එක තම මචන් ලෝකේ දෙවෙනියට වැඩිම මනසික් ලෙඩේ ( 1st - Depression).. සහ පිරිමි කෙනෙක්ට හැදුනොත් හොඳ කරන්න අමාරුයි...
සද්ද ඇහෙනවා , ගඳ දැනෙනවා, රුඋප පේනවා කියන්නේ = Auditary, Olfactory, Visual Hallucinations
තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද කියන්නේ = Grandiose delusions or overvalued grandiosity
එතකොට කවුරු හරි අන කරනවද කියන්නේ කියන්නේ = commanding hallucinations ( typical for Schizophrenia)
ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද = 2nd person hallucinations
අර මම දියවැඩියා උදාහරනේ ගත්ත වගේ.. කගේ බැරි මොලේ ටුමර් එකක් නම් හෝ වෙනත් ශල්‍ය වයිද්ය හෝ medical ප්‍රශ්නයක් හොඳත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්... ඒ ගැන හොයන්න තම මචන් අහන්න ඇත්තේ...
අඳින ඇඳුමෙන් , ඉන්න විදිහෙන්, කොන්ඩේ නියපොතු තියන් ඉන්න විදිහෙනුත් මානසික රෝග ගැන නිශ්චය නොවන අදහසක් ගන්න පුලුවන් තිය ගන්නකො.. ඒවා පැහැදිලි කරන්න මෙතන ටිකක් අමාරුයි...
මේ කියපු ටිකෙන් ටිකක් හැටි තේරෙන්න ඇති කියල හිතෙනවා...