මඳපවනිගේ_නඩුව

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    නමක්‌ නැතිව දුක්‌ විඳින
    මඳපවනිගේ නඩුවට කන්දෙමු

    අයිස්‌ලන්තය නමැති ධ්‍රැවාසන්න රටේ නීතියට අනුව නම් ඇය නමක්‌ නැති යෞවනියකි. ඇගේ වයස අවුරුදු 15 යි. ලංකාව වැනි ආසියාතික රටවල අයගේ තක්‌සේරුවට අනුව නම් ඇය තවමත් දැරියකි. එහෙත් ඇය අයිස්‌ලන්ත ආණ්‌ඩුවට විරුද්ධව නඩු කියයි. හේතුව සංකීර්ණය. ඇගේ අම්මා ඇය උපදින විට නමක්‌ තැබුවාය. එය බ්ලයර් (Blaer) ය. එහි තේරුම මද පවනය. එහෙත් අයිස්‌ලන්තයේ උපදින දරුවකුට නමක්‌ තබන විට තමන්ට අභිමත නමක්‌ තැබීමට මාපියන්ට නොහැකිය. ළමයින්ට තැබිය යුතු රජයේ අනුමත නම් අඩංගු ලැයිස්‌තුවක්‌ අයිස්‌ලන්තයේ රෙජිස්‌ට්‍රාර් ජනරාල් කාර්යාලයේ තිබේ. එහි රජයේ අනුමත කාන්තා නම් 1712 ක්‌ද, රජයේ අනුමත පිරිමි නම් 1853 ක්‌ ද ඇත. මේ නම් වලට පිටින් දරුවන්ට නම් තැබීම මා පියන්ට තහනම්ය. එයට හේතුවක්‌ තිබේ. අයිස්‌ලන්ත භාෂාවේ නාමපද සහ සර්වනාම එම භාෂාවේ ව්‍යාකරණ රටාවට දැඩි ලෙස සම්බන්ධය. මේ අනුව වැරදි නමක්‌ හෙවත් නාමපද සහ සර්වනාම යොදා තනන වාක්‍යවල ව්‍යාකරණය සහ උච්ඡාරණ නීතිය නිවැරැදි වන්නේ නැත. අයිස්‌ලන්තකාරයා තම භාෂාවට මහත්සේ ආදරය කරන නිසා වැරදි වාක්‍ය නොතනයි. ඒ නිසා රජයේ අනුමත නිවැරැදි නාමපද, සර්වනාම, සංඥානාම යනාදියෙන් තොරව දරුවන්ට නම් තැබියයුතු බවට එරට නීතිය මගින් බල කරනු ලැබ තිබේ. (ජර්මනිය සහ ඩෙන්මාර්කයේ නම් තැබීමේ නීතියත් මෙයට සමානය)

    බ්ලයර්ට නම් තැබීමේදී ඇගේ මවට ආණ්‌ඩුවේ රෙජිස්‌ටරය කල්පනා වූයේ නැත. එබැවින් 'මද පවනී' යන තේරුම දෙන ඒ නම සහිත දරුවා පල්ලියේ පූජකයා විසින් බෞතිස්‌ම කරන ලදී. සාමාන්‍යයෙන් ළමයකු බෞතිස්‌ම කරන විට එම නම ආණ්‌ඩුවේ රෙජිස්‌ටරයේ තිබේද යන්න බැලීම පූජකයන්ගේ සිරිතය. එහෙත් මද පවනී බෞතිස්‌ම කළ පල්ලියේ ස්‌වාමිට එසේ කරීමට අමතක විය. මද පවනි රජයෙන් අනුමත නමක්‌ නොව බව පූජකතුමා දැන ගන්නා විට සියල්ල අවසන් ය.

    බ්ලයර් යන නම ඇගේ අම්මාගේ හිතට ආවේ නොබෙල් ත්‍යාගලාභී අයිස්‌ලන්ත ලේඛක Halldor Laxness (හැල්ඩර් ලැක්‌ස්‌නස්‌) විසින් ලියූ පොතක්‌ නිසාය. එහි එන පිරිමි චරිතයක නම 'මද පවන' ය. සුළඟ, අහස, වළාකුළු යනාදියට ස්‌ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග භේදයක්‌ නැත. මේ නිසා බ්ලයර්ගේ මව වන පියොක්‌ එයිඩ්ස්‌ඩොමියර් (ඊBjork Eidsdottir) සිංහල සම්ප්‍රදායට අනුව මද පවනී ලෙස වැහැරිය හැකි බ්ලයර් නම දියණියට තැබුවාය.

    කුඩා අයිස්‌ලන්තයේ නම් තැබීමේ කලාව සුවිශේෂ එකකි. එරට දුරකථන නාමාවලියේ ඇති සියලු නම්වල මුල් නම සෙසු රටවල මෙන් වාසගම් නොවන අතර, දෙමාපියන් විසින් තබනු ලබන නම ය. වාසගම එන්නේ ඉන් පසුය. මේ නිසා සියලු දෙනා හඳුන්වනු ලබන්නේ ඔවුන්ගේ මුල් නමිනි. ජනාදිපති බලාෆුර් රැක්‌නර් ග්‍රිම්සන් පවා හඳුන්වන්නේ ජනාධිපති බලාෆුර් ලෙස ය.

    බ්ලයර් නම ගැහැනු නමක්‌ය යන්න රජයේ සෑම ලේඛනයකම සඳහන් කළ යුතුව තිබේ. නැත්නම් නිලධාරීන්ට පැටලෙයි. බැංකුවට ගියත්, පාස්‌පෝට්‌එක අලුත් කිරීමට ගියත් ස්‌වකීය නම පිළිබඳ ඉතිහාස කතාව නිලධාරීන්ට කියන්නට ඇයට සිදුවෙයි. එසේ කිරීමට ඇය නීතියෙන් ම බැඳි සිටින්නීය.

    'එල්විස්‌' නමට මෑතක්‌ වන තුරු අයිස්‌ලන්තය තුළ නිල පිළිගැනීමක්‌ නොමැති විය. එහෙත් පොප් ගායක ලොවේ විශාල පෙරළියක්‌ කළ එල්විස්‌ගේ නම පිළිගැනීමට අයිස්‌ලන්ත රජය කැමැති විය. එල්විස්‌ පිළිබඳ ප්‍රශ්නය එසේ විසඳුන ද සී අකුරෙන් පටන් ගන්නා කාරා (Cara) කැරොලිනා (Carolina) සෙසිල් (Cesil) ක්‍රිස්‌ටා (Christa) වැනි නම්වලට අයිස්‌ලන්ත නීතිය තුළ පිළිගැනීමක්‌ නැත. සී (C) අකුර අයිස්‌ලන්තයේ අකුරු 32 ක්‌ සහිත හෝඩිය තුළ නැත. තම හෝඩියෙහි නැති අකුරුවලින් නම් පටන් ගත හැකි බව අයර්ලන්තයේ ව්‍යාකරණ යාන්ත්‍රණය පිළිගන්නේ ද නැත. මේ නිසා නමක්‌ කොතරම් ලස්‌සන වුවද, (ශබ්ද රසයෙන් අනූන වුවද) කොතරම් හොඳ තේරුමක්‌ තිබුණද, අර්ථ රසයෙන් අනුන වුවද) එය පටන් ගන්නා අකුරු හෝඩියේ නැතිනම් එය ප්‍රතික්‍ෂේප කිරීම අයිස්‌ලන්තයේ පුද්ගල නාම පිළිබඳ කොමිසමට පුළුවන. ළඟදී මේ කොමිසමට 'සාතනියා' යනුවෙන් නමක්‌ ඉදිරිපත් විය. එය කතෝලික ආගමේ එන සාතන් හෙවත් යක්‍ෂයා යන වචනයේ උච්ඡාරණ ස්‌වරූපය සමඟ බැඳී ඇති නිසා කොමිසම වහාම එම නම ප්‍රතික්‍ෂේප කළේය.

    අයිස්‌ලන්තයේ පුද්ගල නාම කොමිසම තිදෙනකුගෙන් සමන්විතය. එහි නිල කාලය අවුරුදු හතරකි. අනාගතයේදී වෙනස්‌ කිරීමේ අපේක්‍ෂාවෙන් දමා ගන්නා මැද නම්වලට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කිරීමට කොමිසමට හැකිය. Birgir Orn Thoroddsen නමැති ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්‌ අයිස්‌ලන්තයේ ජීවත් වෙයි. ඔහුට තම නම (කර්වර්) යනුවෙන් වෙනස්‌ කර ගැනීමට වුවමනා විය. Curverර යනු 'කව් යන තේරුම දෙන Curverර නමැති ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආවකි. එහෙත් නම් වෙනස්‌ කරන කොමිසම එයට විරුද්ධ විය. මේ නිසා සිය 30 වන උපන් දිනයේදී අයිස්‌ලන්තයේ පුවත්පත්වල සම්පූර්ණ පිටුවක දැන්වීමක්‌ දැමූ Curverර මෙතැන් පටන් (2006 පෙබරවාරි 1 වැනිදා) Curver Thoroddsen යනුවෙන් තමා භාවිත කරන බව රටවැසියන්ට දැන්වීය. එහෙත් ආණ්‌ඩුව ඔහුගේ අලුත් නම පිළිගන්නේ නැත. Curverර නම පටන් ගන්නා C අකුර අයිස්‌ලන්ත හෝඩියේ නැත.

    මේ අතර මද පවනිගේ අම්මා සිය දියණියගේ නම පිළිබඳ අවනඩුව අයිස්‌ලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වාම ගෙන යන්නට සූදානම් ය. "නමක්‌ යනු මූලික අයිතියකි. එය කුණුහරුපයක්‌ නොවේ නම් තම අභිමතය අනුව දමා ගැනීමට හෝ වෙනස්‌ කරගැනීමට හැකි එකක්‌ විය යුතුය." අම්මා කියන්නීය.


    14796_494441863941235_747868812_n.jpg

    අනුර සොලමන්ස්‌
     
    • Like
    Reactions: dilshan87