මමත් කාලයක සිට ජෙප්පෙක්, මේ පාර අනුර ට ඡන්දය දෙන්න හිතන් ඉන්නෙ.
ඒත් මට ඔවුන්ගේ ප්රායෝගික පැත්ත ගැන පැහැදිලි සැකයක් තියෙනවා දැන්.
පොඩි උදාහරණයක් කියන්නම්,
- JVPSriLanka.com නිල වෙබ්සයිට් එකේ contact page එකට යන්න.
- එකේ contact form එකේ security captcha image එක දැන් ගොඩාක් කාලයක සිට load වෙන්නෙ නැහැ (ඒක තවම හදලා නැහැ).
ඉතින් ඒක මේ සංවිධානය එක්ක සන්නිවේදනය කරන්න තිබෙන ප්රධානතම අංගයක්, ඒ වගේ දෙයක් ගැන සැලකිල්ලක් නැති එක ගැන මට පුදුමයි.
කෙනෙක් කියන්න පුළුවන් කෙලින්ම Email එකක් යවන්න පුළුවන්නේ කියල, ඔව් නමුත් ඇයි ක්රියා විරහිත contact form එකක් ලොකු ඉඩක් අරන් දාලා තියෙන්නෙ?
රට කරන විදිය මීට වඩා වෙනස්වෙයි කියල කොහොමද අපි කියන්නෙ?