පොහොට්ටුවේ රැළියකට ගිය තරුණියකට හෙම්මාතගමදී අතවර කළ බවට පැමිණිල්ලක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
විමර්ශන ආරම්භ කර ඇත්තේ තරුණියගේ පියා කළ පැමිණිල්ලකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය තම දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
බිරිඳ සහ දියණිය මන්ද මානසික තත්ත්වයෙන් පසුවන බව ද පියාගේ පැමිණිල්ලේ සඳහන් විය.
පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු මෙම තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව ය.
සැකකාර තරුණයා එම ස්ථානයේදී තරුණියට ලිංගික අතවර සිදුකර ඇතැයි පොලීසියට ප්‍රකාශ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ය.
තරුණිය අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
News 1st - 08 Nov, 2019