වියතේ දුර ගෙවා වියත් මග අවසන් ගමනේ ...
27 October 2019 10:37 am
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් ආරම්භ කෙරුණු වියත් මග වැඩසටහන මේ වනවිට බරපතළ අභ්‍යන්තර අර්බුද රැසකට මුහුණ දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
විවිධ ඉහළ වෘත්තිකයින් ඇතුළු විද්වතුන් එක් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විද්වත් මුහුණුවරක් ලබාදීම වෙනුවෙන් සම්මන්ත්රණ පවත්වමින් ගිය වියත් මගට අතර මගදී හමුදා ආක්‍රමණයකට මුහුණ දීමට සිදුවිය. එනම්, මුලින් පැමිණි විද්වතුන් වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන් වියත් මගේ ප්‍රධානීන් බවට පත් විය.
![]()
මේ තත්වය යටතේ විශේෂයෙන් හිටපු හමුදා නිලධාරීන් සිදුකළ වෛරී ප්‍රකාශ නිසා වියත් මග වැඩසටහනේ ආරම්භක සාමාජිකයින් වූ ආචාර්යවරුන් ඇතුළු කිහිප දෙනෙකුම පසුගිය යුගයේ එයින් ඉවත් වූහ.
මෑතක් වන විට එකී හමුදා නිලධාරීන් අතර ද යම් යම් ගැටුම් ආරම්භ වී ඇති අතර මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ක්‍රියාකාරකම් කෙරෙහි සෙසු ඉහළ හමුදා නිලධාරීන් බලවත් අකමැත්තක් දැක්වීම මීට හේතුවී ඇති බව සඳහන්.
ඒ අනුව, අතරින් පතර රැස්වීමක් දෙකක් පැවැත් වුව ද වියත් මග වැඩසටහන මේ වනවිට එහි අවසන් ජවනිකාවට ළඟා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
https://www.lankanewsweb.net/sinhala/127-general-news/50623-වියතේ-දුර-ගෙවා-වියත්-මග-අවසන්-ගමනේ----






