මම ගෙදර. මෙන්න විස්තරේ අහගනිල්ලා.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මු මුලින් කිව්වේ අලුත්ගම නිරෝදන එකක ඉන්නේ කියලා,දැන් කියනවා hospital කියලා..

    මු ගුන්පි media unit එකක එකෙක් කියලා මේකේ රට හරක්ට තේරෙන්නේ නැනේ..පච හලලා මිනිස්සු බය කරන්න දාපු..

    මේකේ ඇඩ්මින්ටත් ලගදීම බඩු පැකට් වෙනවා, මුන් වගේ ගොතයෝ නිසා...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මු මුලින් කිව්වේ අලුත්ගම නිරෝදන එකක ඉන්නේ කියලා,දැන් කියනවා hospital කියලා..

    මු ගුන්පි media unit එකක එකෙක් කියලා මේකේ රට හරක්ට තේරෙන්නේ නැනේ..පච හලලා මිනිස්සු බය කරන්න දාපු..

    මේකේ ඇඩ්මින්ටත් ලගදීම බඩු පැකට් වෙනවා, මුන් වගේ ගොතයෝ නිසා...
    අනේ මන්දා මේයකා කියනවා කිසි අමාරුවක් තිබ්බේ නෑ කියලා. අයේ කියනවා කන්න බැරිඋනා කන කන එක වමනේ ගියා කියලා 🤔🤔🤔🤔🤔.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ මන්දා මේයකා කියනවා කිසි අමාරුවක් තිබ්බේ නෑ කියලා. අයේ කියනවා කන්න බැරිඋනා කන කන එක වමනේ ගියා කියලා 🤔🤔🤔🤔🤔.
    උ ඒ කාලේ දාපු ත්‍රෙඩ් බලපන්..එකකට එකක් ගැලපෙන්නේ නැහැ..එක්කෝ මේ සේනාල්...

    මු හදන්නේ මෙහෙම පච දාලා කිරියට වැඩේ දෙන්න....එක පාරකුත් සේනාල් නම් වැඩේ දෙන්න ගියානේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උ ඒ කාලේ දාපු ත්‍රෙඩ් බලපන්..එකකට එකක් ගැලපෙන්නේ නැහැ..එක්කෝ මේ සේනාල්...

    මු හදන්නේ මෙහෙම පච දාලා කිරියට වැඩේ දෙන්න....එක පාරකුත් සේනාල් නම් වැඩේ දෙන්න ගියානේ..

    සෙනාල් නම් නෙමෙයි එක්කො සෙනාල් බීපු වෙලාවක ලියපු එකක්. පොර සාමාන්‍යයෙන් මෙහෙම මුල එකක් මැද එකක් අග එකක් කියල චොර වෙන්නෑ බොරුව වුණත් හරියට ගලපලා කියනවා ක්‍රියේටිව් විදිහට
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මූ අම්බ පච ටිකක්
    කෙලිනව කියල හිතෙන්නෙ නැද්ද?

    මුගෙ අවතාරෙ අප්ඩේට් කරල තිබුණෙත් මූට පොසිටිව් වෙලා ගෙනිච්චට පස්සෙ
    එහෙම ඉදන් ඕව කරන්න මානසිකත්වයක් තියේ ද බන් :confused:

    ------ Post added on May 8, 2021 at 3:27 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මම දන්නේ නැහැ බන් හරි වයස. මගේ .ලග ෆොටෝස් තියනවා. මට නමුත් මේ වගේ දේවල් පල කරන්න බැහැ මොකද ඒක සදාචාර සම්පන්න නොවන නිසා. මම කියන්නේ ඕනේ කෙනෙක්ට මෙය විශ්වාස කරන්න පුළුවන් නොකර ඉන්න පලුවන්. එත් මචං මේ වගේ දෙකින් මට මොන ආතල් එකක් ගන්නද. ආතල් ගන්නවාම නම් අර දේශපාලන ත්‍රෙඩ් එකක් දාල Erozone වගේ උන්ව අවුස්සලා ගන්නවා.
    මේ උදේ හොදටම හිටිය උන් එක පාර මැරෙනවා...
    ටිකක් අමාරු ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලක දවස් දෙකක් හිටියනම් තේරෙයි ජීවිතේ කොච්චර අනියත ද කියලා ...
    කොරොනා නිසා ඒක වැඩී..

    මූ අම්බ පච ටිකක්
    කෙලිනව කියල හිතෙන්නෙ නැද්ද?

    මුගෙ අවතාරෙ අප්ඩේට් කරල තිබුණෙත් මූට පොසිටිව් වෙලා ගෙනිච්චට පස්සෙ
    එහෙම ඉදන් ඕව කරන්න මානසිකත්වයක් තියේ ද බන් :confused:

    ------ Post added on May 8, 2021 at 3:27 PM
    ලෙඩ උනා කියල මොනව කරන්නද හැමදාම කරපු කියපු දේවල් තමා මිනිස්සු කරන්නේ...

    මානසික ව වැටෙන්න නැතුව ඉන්න කරන්න තියන හොදම දේත් ඒක ...

    ඔව්ව බොරු නෙවෙයි
    ------ Post added on May 8, 2021 at 3:33 PM
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මු මුලින් කිව්වේ අලුත්ගම නිරෝදන එකක ඉන්නේ කියලා,දැන් කියනවා hospital කියලා..

    මු ගුන්පි media unit එකක එකෙක් කියලා මේකේ රට හරක්ට තේරෙන්නේ නැනේ..පච හලලා මිනිස්සු බය කරන්න දාපු..

    මේකේ ඇඩ්මින්ටත් ලගදීම බඩු පැකට් වෙනවා, මුන් වගේ ගොතයෝ නිසා...
    සහෝදරයා දේශපාලනය කියන්නේ එක දෙයක් මම මේ අත්විඳපු දේ තව දෙයක්. ඒ කියන්නේ මිනිස්සු බය වෙනවට අකමැතිද ඇත්ත විස්තර එලියට කියනකොට.. ඒකනේ PCR Randomly චෙක් කරන එක ආණ්ඩුවේ බලපෑමෙන් අත් හිටෙවුවේ. ඇත්ත විස්තර එලියට ගිහින් ආණ්ඩුවේ උන්ට ගෙදර යන්න වෙයි කියල බයද. මේ සොන්න ආණ්ඩුවේ වරදින් තමයි ලංකාවේ කොරෝනා මේ විදිහට පැතිරෙන්න ගත්තේ. අනේ බන්. මට ඇති රුදාවක් නැහැ බොරු කියලා ආතල් ගන්න. අඩුම තරමේ ඇඳක්වත් තිබ්බේ නෑ . නමුත් ඒවාට දොසක් කියන්නේ නැහැ මන්. මම මේ කිවුවේ ඇත්ත කියල මම දන්නවා.

    දැන් ලංකාවේ ආණ්ඩුව මියන්මාරේ වගේ සමාජ මාධ්‍ය ජාලවලට පුදුම බයක් තියෙන්නේ. ෆේස්බුක් කියන නම ඇහුවත් ආණ්ඩුවේ උන්ට රෙද්දේ රෙවෙනවා. වැඩක් නැහැ . ආණ්ඩුවේ අසාර්ථකත්වය යටගහන්න හදන්නේ සමාජ මාධ්‍ය අවහිර කරලා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබට වඩා
    ඔන්න මචන් මම ගෙදර ආව. මට කොවිඩ් හැදුනට ලොකු අමාරුවක් දැනුනේ නැහැ. ඩොක්ටර්ස් ල කිවේ තවම වයස 20 ට අඩු නිසා අමාරු උනේ නැහැ කියලා. ඒවගේම මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා කිවා. ඒත් මගේ වයසටත් වඩා අඩු අයටත් අමාරු වෙනවලු. වෙන ලෙඩ රෝග තියනවනම් ජිවිත අවධානමක් තියනවා. උබලා මේ ලෙඩෙන් පරිස්සම් වෙයල්ලා. හිටපු තැන නම් අඩු පාඩු තිබ්බත් මම ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද රටේ හැමෝටම තියෙන්නේ ලොකු අමාරු කාලයක්. ඒ කටුක කාලය අමාරුවෙන් වින්ද දරා ගත්තා.

    මේ කාලය තුල මම දැකපු අහපු දේවල්ම ඇති ජිවිතේ මොකක්ද කියල අවබෝධ කරගන්න. අපේ ජිවිත කොච්චර අවිනිශ්චිත ද කියලා හිතුනා. පන අදින මිනිස්සු මම දැක්කා. මැරෙන්න ඔන්න මෙන්න තිබිලා ජිවිතේ බේරුන අය දැක්කා. හද කම්පා වෙන එක සිද්දියක් කියන්නම්. එක අයියා කෙනෙක් ආවා. එයට වයස 40-45 වගේ ඇති. පොරටත් කොවිඩ් පොසිටිව් වෙලා. එයාට මට තරම්වත් ලොකු අමාරුවක් තිබ්බේ නැහැ . එයා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්. මගේ අනෙක් මෙට්‍රස් එකේ හිටියේ. ඉතින් ඒ අයියා මගෙත් එක්ක කතා කර කර හිටියා. බලහන් මල්ලි අපිට වෙච්ච දේ නේ. ඔය වගේ රටේ දේශපාලනය අනන් මනං කතා කර කර අපි දවස් කිහිපයක් ෆන් එකේ හිටියා. මට මතකයි එක වෙලාවක කිවා මල්ලි මගේ දුවගේ ලැප්ටොප් එක තියනවා. ඒක වැඩ කරන්නේ නැහැ වයිරස් එකක්ද කොහෙද ගිහින්. පොඩි කෙල්ලට මේ දවස්වල ඉස්කෝලේ වැඩ ඔක්කොම දෙන්නේ ඔන්ලයින්. අපි සනීප වෙලා ගියාම පුලුවන්නම් නම් මට මේක හදලා දීපන්. මම හා කියලා හිටියා. මම එයාට මට හම්බ වෙච්ච පලතුරු එහෙමත් දුන්නා. අපි දෙන්න ඇපල් ගෙඩිය දෙකට බෙදාගෙන කෑවා . මට ලෙඩේ හැදුනු මුල් දවස් වල කෑම කන්නම බැරුව හිටියේ. මොක කෑවත් වමනේ යනවා. ඒත් මේ අයියා හොදට තුන් වේලටම බත් කාල හිටියා. මට තරම්වත් අමාරුවක් තිබ්බේ නැහැ. මෙහෙම දවස් දෙකක් වගේ හොඳට හිටියා. දවසක් පාන්දර පහට හෝ හයට වගේ මේ අයියා කෙඳිරි ගානවා ඇහුනා . අනේ මල්ලි මට හුස්ම අල්ලන්න බැහැ බං කියලා. පස්සේ මම ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා කිවුවා. එයාල ඇවිත් ඔක්සිජන් දීලා ටියුබ් කරලා පැයක් දෙකක් වගේ ලොකු සටනක් දුන්නා. එක පාරටම මම දැක්කා දිව පැත්තට ගිහින් තියනවා. එවෙලේ ඒ අයියගේ පන ගිහින්. ඉන් පස්සේ එයාව අරන් ගියා ට්‍රෝලියක තියලා. ටික වෙලාවකින් එයාගේ ෆෝන් එකට කෝල්ස් එන්න ගත්තා. දිගෙන් දිගටම රිං වෙනකොට මම ඒ කෝල් එක අන්ස්වර් කළා. පොඩි ළමයෙක් කතා කලේ. මම ඇහුව කවුද කතා කරන්නේ කියලා. එයාගේ දුව. පොඩි ළමයෙක්. පස්සේ අන්කල් තාත්තට කොහොමද. හෙට අනිද්දට තාත්තට ගෙදර එන්න පුළුවන් වෙයි ද කියලා. මගේ පපුව කඩලා ගියා වගේ දැනුනා. මම කිවා ඔව් එයට ඉක්මනින් සනීප වෙයි. එයා පොඩි ටෙස්ට් වගයක් කරන්න නර්ස්ල එක්ක වෙන වාට්ටුවකට ගියා. මම තාත්තා ආවම කෝල් එකක් ගන්න කියලා කියන්නම් කියලා ෆෝන් එක තිබ්බා. මට ඒ දේ ලොකු කම්පාවක් ඇති උනා. මම දවසක්ම ඇඩුවා. ඒ ඇතිවෙච්ච කම්පනය කියල නිම කරන්න බැහැ. මම පස්සේ වෙන තැනකට නර්ස් කෙනෙක්ට කියලා මගේ මෙට්‍රස් එක මාරු කරගත්තා. නර්ස්ලාටත් තේරුනා ඒ දේ මට විශාල කම්පනයක් ඇති කළා කියලා. මගේ හිත නිතරම කිවේ අයියේ උබ දවස් කිහිපයකට හරි අන්තිම කාලයේ මගේ යාළුවෙක් උනා. උබට සුභ ගමන් . ගිහින් ඉන්න තැනක සතුටින් ඉඳපන් කියලා.

    ඒ වෙලාවට තමා මම එළකිරි එකේ ඇවිත් පිස්සුවක් හරි කියව කියව ඉඳලා මානසිකත්වය හදා ගත්තේ. මේක ලෝකේ හැම මනුස්සය්ගේම නරක කාලයක් මචන්. ඒ නිසා පරිස්සම් වෙයල්ලා. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ.

    මා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු උබල හැමෝටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.
    උබට වඩා වයසින් අඩුයි කියන්නෙ පොඩි ලමයින්ටනෙ බං.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Jane Fonda Netflix GIF by Grace and Frankie
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සහෝදරයා දේශපාලනය කියන්නේ එක දෙයක් මම මේ අත්විඳපු දේ තව දෙයක්. ඒ කියන්නේ මිනිස්සු බය වෙනවට අකමැතිද ඇත්ත විස්තර එලියට කියනකොට.. ඒකනේ PCR Randomly චෙක් කරන එක ආණ්ඩුවේ බලපෑමෙන් අත් හිටෙවුවේ. ඇත්ත විස්තර එලියට ගිහින් ආණ්ඩුවේ උන්ට ගෙදර යන්න වෙයි කියල බයද. මේ සොන්න ආණ්ඩුවේ වරදින් තමයි ලංකාවේ කොරෝනා මේ විදිහට පැතිරෙන්න ගත්තේ. අනේ බන්. මට ඇති රුදාවක් නැහැ බොරු කියලා ආතල් ගන්න. අඩුම තරමේ ඇඳක්වත් තිබ්බේ නෑ . නමුත් ඒවාට දොසක් කියන්නේ නැහැ මන්. මම මේ කිවුවේ ඇත්ත කියල මම දන්නවා.

    දැන් ලංකාවේ ආණ්ඩුව මියන්මාරේ වගේ සමාජ මාධ්‍ය ජාලවලට පුදුම බයක් තියෙන්නේ. ෆේස්බුක් කියන නම ඇහුවත් ආණ්ඩුවේ උන්ට රෙද්දේ රෙවෙනවා. වැඩක් නැහැ . ආණ්ඩුවේ අසාර්ථකත්වය යටගහන්න හදන්නේ සමාජ මාධ්‍ය අවහිර කරලා.
    tenor.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ තොගෙ ටොන් පච, ඕව පිලිගන්න මීහරකුත් ඉන්නවනෙ අප්ප මේ කිරියෙම
     
    nidarsha91

    Well-known member
  • Miyaduna manussayata nemei, jeevath wela inna ayatai duka... mamath hospital iddi seeya kenek ehaa kaamare adaka maruna. duwa awilla adanna gaththamai mamath dakala baluwe.... papuwa kadan yanne ban ethakota. hoda manussakam thiyana dosthara kenek nurse kenek nam a manussayo upadinna oone divya looke. naththan kelinma niwanata.... a manussayo nahena hati dakkama me wada karanne mudalata nan kiyala hithannama baaa