මම ගෙදර. මෙන්න විස්තරේ අහගනිල්ලා.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    ඔන්න මචන් මම ගෙදර ආව. මට කොවිඩ් හැදුනට ලොකු අමාරුවක් දැනුනේ නැහැ. ඩොක්ටර්ස් ල කිවේ තවම වයස 20 ට අඩු නිසා අමාරු උනේ නැහැ කියලා. ඒවගේම මගේ ප්‍රතිශක්තිය හොඳයි කියලා කිවා. ඒත් මගේ වයසටත් වඩා අඩු අයටත් අමාරු වෙනවලු. වෙන ලෙඩ රෝග තියනවනම් ජිවිත අවධානමක් තියනවා. උබලා මේ ලෙඩෙන් පරිස්සම් වෙයල්ලා. හිටපු තැන නම් අඩු පාඩු තිබ්බත් මම ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද රටේ හැමෝටම තියෙන්නේ ලොකු අමාරු කාලයක්. ඒ කටුක කාලය අමාරුවෙන් වින්ද දරා ගත්තා.

    මේ කාලය තුල මම දැකපු අහපු දේවල්ම ඇති ජිවිතේ මොකක්ද කියල අවබෝධ කරගන්න. අපේ ජිවිත කොච්චර අවිනිශ්චිත ද කියලා හිතුනා. පන අදින මිනිස්සු මම දැක්කා. මැරෙන්න ඔන්න මෙන්න තිබිලා ජිවිතේ බේරුන අය දැක්කා. හද කම්පා වෙන එක සිද්දියක් කියන්නම්. එක අයියා කෙනෙක් ආවා. එයට වයස 40-45 වගේ ඇති. පොරටත් කොවිඩ් පොසිටිව් වෙලා. එයාට මට තරම්වත් ලොකු අමාරුවක් තිබ්බේ නැහැ . එයා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්. මගේ අනෙක් මෙට්‍රස් එකේ හිටියේ. ඉතින් ඒ අයියා මගෙත් එක්ක කතා කර කර හිටියා. බලහන් මල්ලි අපිට වෙච්ච දේ නේ. ඔය වගේ රටේ දේශපාලනය අනන් මනං කතා කර කර අපි දවස් කිහිපයක් ෆන් එකේ හිටියා. මට මතකයි එක වෙලාවක කිවා මල්ලි මගේ දුවගේ ලැප්ටොප් එක තියනවා. ඒක වැඩ කරන්නේ නැහැ වයිරස් එකක්ද කොහෙද ගිහින්. පොඩි කෙල්ලට මේ දවස්වල ඉස්කෝලේ වැඩ ඔක්කොම දෙන්නේ ඔන්ලයින්. අපි සනීප වෙලා ගියාම පුලුවන්නම් නම් මට මේක හදලා දීපන්. මම හා කියලා හිටියා. මම එයාට මට හම්බ වෙච්ච පලතුරු එහෙමත් දුන්නා. අපි දෙන්න ඇපල් ගෙඩිය දෙකට බෙදාගෙන කෑවා . මට ලෙඩේ හැදුනු මුල් දවස් වල කෑම කන්නම බැරුව හිටියේ. මොක කෑවත් වමනේ යනවා. ඒත් මේ අයියා හොදට තුන් වේලටම බත් කාල හිටියා. මට තරම්වත් අමාරුවක් තිබ්බේ නැහැ. මෙහෙම දවස් දෙකක් වගේ හොඳට හිටියා. දවසක් පාන්දර පහට හෝ හයට වගේ මේ අයියා කෙඳිරි ගානවා ඇහුනා . අනේ මල්ලි මට හුස්ම අල්ලන්න බැහැ බං කියලා. පස්සේ මම ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා කිවුවා. එයාල ඇවිත් ඔක්සිජන් දීලා ටියුබ් කරලා පැයක් දෙකක් වගේ ලොකු සටනක් දුන්නා. එක පාරටම මම දැක්කා දිව පැත්තට ගිහින් තියනවා. එවෙලේ ඒ අයියගේ පන ගිහින්. ඉන් පස්සේ එයාව අරන් ගියා ට්‍රෝලියක තියලා. ටික වෙලාවකින් එයාගේ ෆෝන් එකට කෝල්ස් එන්න ගත්තා. දිගෙන් දිගටම රිං වෙනකොට මම ඒ කෝල් එක අන්ස්වර් කළා. පොඩි ළමයෙක් කතා කලේ. මම ඇහුව කවුද කතා කරන්නේ කියලා. එයාගේ දුව. පොඩි ළමයෙක්. පස්සේ අන්කල් තාත්තට කොහොමද. හෙට අනිද්දට තාත්තට ගෙදර එන්න පුළුවන් වෙයි ද කියලා. මගේ පපුව කඩලා ගියා වගේ දැනුනා. මම කිවා ඔව් එයට ඉක්මනින් සනීප වෙයි. එයා පොඩි ටෙස්ට් වගයක් කරන්න නර්ස්ල එක්ක වෙන වාට්ටුවකට ගියා. මම තාත්තා ආවම කෝල් එකක් ගන්න කියලා කියන්නම් කියලා ෆෝන් එක තිබ්බා. මට ඒ දේ ලොකු කම්පාවක් ඇති උනා. මම දවසක්ම ඇඩුවා. ඒ ඇතිවෙච්ච කම්පනය කියල නිම කරන්න බැහැ. මම පස්සේ වෙන තැනකට නර්ස් කෙනෙක්ට කියලා මගේ මෙට්‍රස් එක මාරු කරගත්තා. නර්ස්ලාටත් තේරුනා ඒ දේ මට විශාල කම්පනයක් ඇති කළා කියලා. මගේ හිත නිතරම කිවේ අයියේ උබ දවස් කිහිපයකට හරි අන්තිම කාලයේ මගේ යාළුවෙක් උනා. උබට සුභ ගමන් . ගිහින් ඉන්න තැනක සතුටින් ඉඳපන් කියලා.

    ඒ වෙලාවට තමා මම එළකිරි එකේ ඇවිත් පිස්සුවක් හරි කියව කියව ඉඳලා මානසිකත්වය හදා ගත්තේ. මේක ලෝකේ හැම මනුස්සය්ගේම නරක කාලයක් මචන්. ඒ නිසා පරිස්සම් වෙයල්ලා. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ.

    මා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු උබල හැමෝටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    yxsdERcl.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපෙත් වැඩ කරන තම කොල්ලේක් positive කියලා දැන් call කරා
    අපෙත් PCR ගන්න එයි අද හෙටම :-(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    පිස්සුනේ බන්.... මොහිතක කලින් හොඳට කතා කර කර ඉඳල එක සැරේටම ඔහොම එකක් උනාම ශොක් වෙනව

    මොනාද බන් එතන වෙන දේවල් ? දුම් අදිනවද උනු වතුර බොනවද පොඩ්ඩක් විස්තර කියන්න
     
    • Like
    Reactions: Ryan08

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    දවසට ඔහොම අය දෙතුන් දෙනෙක්ට කතා කරන අයට කොහොම දැනෙනෙව ඇත්ත ද ?

    උදේ කතා කරපු මිනිස්සු 25 ක් විතර අතරින් හැමදාම දෙතුන් දෙනෙක් හවස් වෙනකොට මැරුණම :sorry:

    හිතා ගත්තහැකි නේද
     
    • Like
    Reactions: shenat and Ryan08

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උබ කියන කතාවල ගැලපීමක් නැ මචන්
    උබ සිරාම හිටියද
    40 45 කෙනෙක් නැති උනා කියල රිපෝට් උනේ නැනේ ලගදි
    ඔක්කොම් වයස අයනේ හිටියේ
    පුළුවන් නම් දිටෙල්ස් දාපන් තව
     
    • Like
    Reactions: weer 11 and erozan

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    උබ කියන කතාවල ගැලපීමක් නැ මචන්
    උබ සිරාම හිටියද
    40 45 කෙනෙක් නැති උනා කියල රිපෝට් උනේ නැනේ ලගදි
    ඔක්කොම් වයස අයනේ හිටියේ
    පුළුවන් නම් දිටෙල්ස් දාපන් තව
    machan news balala nam me lede gena under estimate karanna epa. you get my point
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    උබ කියන කතාවල ගැලපීමක් නැ මචන්
    උබ සිරාම හිටියද
    40 45 කෙනෙක් නැති උනා කියල රිපෝට් උනේ නැනේ ලගදි
    ඔක්කොම් වයස අයනේ හිටියේ
    පුළුවන් නම් දිටෙල්ස් දාපන් තව
    මම දන්නේ නැහැ බන් හරි වයස. මගේ .ලග ෆොටෝස් තියනවා. මට නමුත් මේ වගේ දේවල් පල කරන්න බැහැ මොකද ඒක සදාචාර සම්පන්න නොවන නිසා. මම කියන්නේ ඕනේ කෙනෙක්ට මෙය විශ්වාස කරන්න පුළුවන් නොකර ඉන්න පලුවන්. එත් මචං මේ වගේ දෙකින් මට මොන ආතල් එකක් ගන්නද. ආතල් ගන්නවාම නම් අර දේශපාලන ත්‍රෙඩ් එකක් දාල Erozone වගේ උන්ව අවුස්සලා ගන්නවා.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මූ සමහරවිට ආතල් එකක් ගන්න මෙහෙම ලිව්වා වෙන්න පුළුවන් .. ඒ වුනාට ඕක තමයි තත්වේ ! ඒ හින්ද පරිස්සමින් හිටපල්ලා !


    ☹️☹️☹️☹️☹️☹️☹️