මම ගෙම්බන්ට ආදරෙයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම ගෙම්බන්ට ආදරෙයි

    මම මේ ළගදිත් කොළඹ මගේ ගෙදර අඩි දහයක පුංචි මල් වත්තෙ පොකුණක් හදලා ගෙඹි පැටවෙක් හදන්න වැයම් කෙරුව. මට හිතන්නෙ මේ ආදරය පුංචි දවස්වල Frog and the princess කතාව කියෙව්වාට පස්සෙ ඇති වුණු බැඳීමක්. එකෝමත් එක කාලෙක රාජ කුමාරිකාවක් මහ වනයක ඇවිදින්න යනව. ඈ කැලැවේ තුරු වදුලූ වල සෙල්ලම් කරන්නේ රන් බෝලයකින්. කුමාරි අතින් රන් බෝලය පොකුණට වැටෙනව. පොකුණ ගැඹුරුයි. කුමරිය හොඳටම අඩනව. එතකොට පොකුණ ළගින් මතුවුණ ගෙම්බෙක් මෙහෙම කියනව. ලස්සන කුමරියේ අඩන්න එපා ! මම ඔයාට රන් බෝලය අරන් දෙන්නම්. හැබැයි ඊට පස්සේ ඔයා මට හාදුවක් දෙන්න ඕන. කුමරිය හිතන්නේ ගෙම්බට ඒක කරන්න බැරි වෙයි කියලා. ඒ වුනත් කුමරිය එකග වෙනව. ගෙම්බ පොකුණේ කිමිදිලා රන් බෝලය ගෙනත් දෙනව. ඉතින් අකමැත්තෙන් වුනත් කුමරිය ගෙම්බව Kiss කරනව. මෙන්න එක පාරටම ගෙම්බා Handsome කුමාරයෙක් බවට පත්වෙනව. මේ රාජ කුමාරයා නපුරු කුඩම්මා කෙනෙක්ගෙ සාපයකට ලක් විම නිසා මෙතෙක් කල් ගෙම්බෙක් වෙලා ඉඳල. ඉතින් මේ කුමාරයත් කුමාරිත් පෙම්වතුන් බවට පත්වෙනව.

    පුංචි කාලේදි මේ ආදරණීය කතාව අහල තිබුණා නම් හරි එක්කො මේ කතාව පසුබිම් කරගත් ඩිස්නි කාටුන් චිත‍්‍රපටයක් හරි දැකලා තිබුණ නම් හරි, අගමැති රනිල් වික‍්‍රමසිංහ මාධ්‍යවේදියෙකුට ගෙම්බ කියලා අපහාස කරාවි ද කියලා මට හිතුන. පසුගිය දවසක අගමැතිතුමාට හොඳටම කේන්ති ගිහින්. බයිට් එකට ගත්තෙ මාධ්‍ය. හතර වටේටම බැන්නා. රිවිර, දිවයින, ලංකාදීප, අද, ඬේලි මීරර්, ශී‍්‍ර ලංකා කර්තෘ සංසදය මේ ඔක්කෝටම දෙහි කැපුවා. අගමැතිවරයාගේ චෝදනාව මේ මාධ්‍ය සියල්ල ජාති භේදය අවුස්සනවලූ. පාර්ලිමේන්තුවෙදී මිනිත්තු දහයක් විතර කතා කල අගමැතිතුමා මාධ්‍යවේදින්ට බනින්න පටන් ගත්තෙ මෙහෙමයි.

    ”ජයන්ත නානායක්කාර කියන්නේ කව්ද ?. මිනිහා හිටියේ කාගේ සාක්කුවේද ? ඕකා මේ දඩයමේ යන එකෙක්. මම දන්නවා”.

    ජයන්ත කියන්නේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක්. එදා ඇඹිලිපිටිය සිද්ධියේ දි පොලිසිය මේ මාධ්‍යවේදියා ඇතුළු මාධවේදින් කීහිපදෙනෙකුගේ සටහන් පොත් උදුරගත්ත. ශී‍්‍ර ලංකා කර්තෘ සංසදය ඒ ගැන විරෝධතාව පළ කලා. සිද්ධිය පිළිබඳ සාධාරණයක් ඉටු නොවුනොත් අධිකරණයට යන බවත් කර්තෘ සංසදය කියල තිබුණ. අගමැතිවරයාට කේන්ති ගිහින් තියෙන්නේ ඒ නිසයි. මේ දඩයම් කථාව මොකද්ද කියල මම ජාතික පුවත්පතක කර්තෘවරයෙකුගෙන් විමසලා බැලූව. ඔහු කිව්වේ ඒක අගමැතිට කවුරු හරි දීපු ලණුවක්ලූ. කොහොම වුනත් අගමැති දිගින් දිගටම කිව්වේ මාධ්‍ය දඩයමේ යන චෝදනාවම තමයි. නැවත අගමැති තුමා කර්තෘවරුන්ට දොස් කිවේ මේ විදියට.

    ”කර්තෘ සංසදය! දෙයියෝ සාක්කි. උදයන් එකට ගහන කොට කර්තෘ සංසදය මොකද කලේ ? ඔය එක කර්තෘවරයෙක් ඉන්නවා මාධ්‍යවේදියෙක් ගැන කේලම් කියල. පෙත්සම් ගහල. උස්සගෙන යන්න ආව සුදු වෑන් එකෙන්. මමත් මැදිහත් වෙලා කරේ. මමත් දන්නවා, අනිත් කර්තෘත් දන්නවා, මම කියන්නේ දේශයේ නාමයෙන් ඕක සුද්ද කරන්න. ඉතින් ඕවට ද උසාවි යන්නෙ ?”

    අගමැතිතුමා මේ බරපතල චෝදනාව කරන්නේ ලංකාවේ ඉන්න ප‍්‍රවීනතම කර්තෘවරුන්ගෙ න් සැදුම්ලත් ශී‍්‍ර ලංකා කර්තෘ සංසදයට. කර්තෘ සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙ ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහයි. ලේකම් වරයා දිවයින පුවත් පතේ ප‍්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරායි. මම හිතන්නෙ කර්තෘ සංසදය අගමැතිවරයාගෙ මේ තර්ජනයට ප‍්‍රබල විරෝධතාවක් පල කල යුතුයි නේද? කේලාම් කියපු එක්කෙනාගෙ නමත් සුදු වෑන් එකෙන් උස්සන් යන්න නියමවුන එක්කෙනාගේ නමත් හෙළිදරව් කරන ලෙසත් කර්තෘ සංසදය අගමැතිට අභියෝග කල යුතුයි.

    මාධ්‍යවේදින් ඝාතනයට ලක් වීම අපේ රටට අලූත් දෙයක් නොවෙයි. පේ‍්‍රමදාස ජනපති යුගයේ දී මාධ්‍යවේදී රිචඞ් සොයිසා ඝාතනය කොට මුහුදු වෙරළට හෙළනු ලැබුවේ හෙළිකොප්ටරයකින්. අද මාධ්‍යට දඩයමේ යන්න එපා යැයි තර්ජනය කරන රනිල් ඒ ආණ්ඩුවේ ප‍්‍රබලතමයෙක්. මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස එ.ජා.ප සමයේදි ඝාතනයට ලක්වුණු පේ‍්‍රමකිර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ ආදීන් ඇතුළු හතලිස් දෙනෙකුගෙ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරනව. ජවිපෙන් ඝාතනය කළ අයගෙ නම් ද තියෙනවා චන්ද්‍රිකා ජනපති සමයේ රෝහණ කුමාර ඝාතනයට ලක් වුනා. ජනපතිනි චන්ද්‍රිකා සන්ඬේ ටයිම්ස් ප‍්‍රධෘන කර්තෘ සිංහ රත්නතුංගටත්, ලක්බිම ප‍්‍රධාන කර්තෘ ලෙස කටයුතු කල මටත් සාපරාධී අපහාස යටතේ නඩු පැවරුව. අවුරුද්දකට පස්සෙ අධිකරණය සිංහ රත්නතුංගට සත් වසරකට අත්හිටවු තුන් අවුරුදු සිර දඩුවමක් නියම කලා. රාජපක්ෂ යුගයේදි ලසන්ත වික‍්‍රමතුංග කපා කොට ඝාතනය කරනු ලැබුව. එදා එ.ජා.ප ප‍්‍රබල නායකයෙක් කිව්ව එවකට යුධ හාමුදාපතිවරයා යටතෙ හිටපු විශේෂ කාණ්ඩායමක් මේ ඝාතනයට සම්බන්ධ කියලයි. ඒ කාලෙම වගෙ රිවිර පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වෙලා හිටිය උපාලි තෙන්නකෝන්ට නාදුනන මැරයෝ පහර දුන්න. ඔහු මරණ භය නිසා ලංකාවෙන් පිටව ගියා. ඬේලි මීරර් මාධ්‍යවේදී කීත් නොයාර් සිළුමිණ මාධ්‍යවේදී පෝද්දල ජයන්තලට පහර දුන්න. ඔවුන්ටත් මරණ බය නිසා රට හැර යන්න සිදුධ වුණා. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරනු ලැබුව. මේ සියළු දෙනාම දේශපාලකයන්ගෙ වෛරයට ලක්වෙලයි හිටියෙ. ප‍්‍රබල දේශපාලකයෙක් මාධ්‍යට තර්ජනය කල විට කාලෙකට පස්සෙ අවසානයේ සිදුවිය හැකි දෙවල් තමයි ඒ.

    දැන් අපි අගමැති තුමා කියු තවත් අදහස් කිහිපයක් උපුටා ගනිමු.

    ”ඒ කාලේ දඩයමේ ගිය එක වහන්න මේවා කරනවා. අනෙක් පැත්තෙන් ඉන්නව කිර්ති වර්ණකුලසුරිය. එයාව අල්ලගෙන දැන් පටන් ගන්නව අලූත් සෙල්ලමක් ..... මම හැම දෙනාගෙන්ම විද්‍යුත් මාධ්‍ය වලින් අහනව එක්නැලිගොඩ කියන්නේ මාධවේදියෙක් ද ? නැද්ද ? කිර්ති වර්ණකුලසුරිය වගේ ගෙම්බෙක් ද නැත්නම් මාධවේදියෙක් ද ”

    අගමැති තුමා මේ ගෙම්බා කියන්නේ, දිවයින පුවත් පතේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකුට. ඔහු දිවයින පුවත් පතේ අවුරුදු විස්සකටත් වඩා දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා හා විදෙස් විත්ති විචාර ඉදිරිපත් කරනවා. අගමැතිවරයාට ඔහු ගෙම්බෙක්. අගමැතිගෙ වාග් ප‍්‍රහාරයෙන් විද්‍යුත් මාධ්‍ය බේරෙන්නේද නැත.

    මේ බලන්න එතුමාගේ වචන.

    ”දැන් අලූත් සෙල්ලම මොකද්ද ? ඔයා රිවිර පත්තරේ දාන්න මේක. මං ඇවිල්ලා දෙරණෙ හරි කොහෙ හරි කියවන්නම්. ඕකයි ඔය චතුරගේ ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. දෙරණ චතුරත් ඔය දඩයමේ ගිය එකෙනෙක් නෙ. මම අලූතින් කියන්න ඕන නෑනේ. චතුරයි - මාධව මඩවලයි එකතු වෙලා කෑවා එතන. රාජපක්ෂ එක්ක. දැන් එනවා කතා කරන්න. අපි දන්නව, දැන් ඔතෙන්ට ජාති වාදය අදින්න එන්නෙ, දෙරණනින් ජාතික දිනයට විරුද්ධව ගෙනියනව චතුර ව්‍යාපාරයක්. ... චතුර ඊරි යකා වගේ කියවන්නේ නැතුව හෙට මම කියන එක දාන්න සම්පුර්ණයෙන්. දඩයමේ ගිහින් ජාතිවාදය අදින්න එපා.”

    ඊරි යකා කියන්නෙ ලේ උරා බොන යක්ෂයෙක්. අපේ ගම්වල තොවිලයක් නටද්දි යකැදුරා, කුකුලෙකුගේ බෙල්ල කපලා, ඊරි යකාට බොන්න කියල පුජා කරනවා.

    තරුණ ජනපි‍්‍රය මාධ්‍යවේදී චතුර අල්විස් ට ඊරි යකා කියල කියන්න තරම්, පහත් තත්වයකට අගමැතිවරයෙකුට වැටෙන්න පුළුවන්ද ? චතුර දීප්තිමත් අනාගතයක් ඇති මාධ්‍යවේදියෙක් බවයි මම හිතන්නෙ. මම ඔහුගේ මාධ්‍ය ජීවිතය ගැන මහත් සතුටකින් බලා ඉන්න කෙනෙක්. ඔහු ජාතිවාදියෙක් ලෙස හංවඩු ගැසීම බරපතල අපරාධයක්. එය ඔහුගෙ ජීවිතයටත් එල්ල විය හැකි බරපතල තර්ජනයක්.

    පාර්ලිමේන්තුවේදී, වචන නැමැති මඩු වලිගෙන් හතර අතටම පහර දෙමින්, අගමැතිතුමා කතාව පැවැත් වු දවසට පහුවෙන්ද චතුර අල්විස් අගමැති ගේ ඒ කතාව, තම වැඩසටහනෙන් විකාශය කෙරුව. ඊට පස්සෙ මෙහෙම කිව්ව.

    ”අගමැති තුමා කියන විදියට මාධ්‍ය ජනතාවගෙයි. ඒක තමයි අපෙත් විශ්වාසය. ඉතින් ජනතාව තමයි තීරණය කළ යුත්තෙ අපි, මාධ්‍ය යන සියල්ලෝ කවුරුන්ද යන වග”

    ඒ වචන ටික නිවී සැනසිල්ලෙ කියල චතුර කිණ්ඩි හිනාවක් දැම්ම. ඒ තමයි අපුරු මාධ්‍යවේදියෙකු විසින් මාධ්‍ය විරෝධී අගමැතිවරයෙකුට තර්ජනයකට දිය හැකි හොඳම පිළිතුර.

    එස්මන්ඞ් වික‍්‍රමසිංහ කියන්නෙ ලේක් හවුස් ආයතනයේ මුල් යුගයේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂකවරයා. එතුමාගෙන් උපන් පුතා තමයි අද රාජ්‍ය නායක රනිල් වික‍්‍රමසිංහ. ඉතින් අගමැති රනිල් මතක තබා ගත යුතු දෙයක් තියෙනව. ඒ තමයි ගෙම්බෙකුගෙන් රාජ කුමාරයෙක් මැවෙන්නත් පුළුවන් බව.

    කොහොම වුනත් මම ගෙම්බන්ට ආදරෙයි.


    http://sinhala.asianmirror.lk/bandula-s-column/item/19250-bandula-padmakumara
     
    • Like
    Reactions: TakurZ

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කිස් එකක් දීල බලපං ගෙම්බ කුමාරයෙක් වෙයිද දන්නෑ වුනොත් උඹට ඒ කුමාරයව බැන්දෑකි :baffled: :baffled:
    මම නං ගෙම්බො කෑගහන සද්දෙට මාර ආසයි බං වැස්සත් එක්ක ඇහෙද්දි රෑට :love: :love:
    උන්ව අල්ලන්න බෑනෙ බං නානකාමරේ එකෙක් ඉඳල අල්ලන්න හදද්දි ලෙස්සනව ඌ පැන්න :sorry: :sorry:
    අල්ලල කිස් එකක් දෙන්න බැලුවෙ :P :P
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කිස් එකක් දීල බලපං ගෙම්බ කුමාරයෙක් වෙයිද දන්නෑ වුනොත් උඹට ඒ කුමාරයව බැන්දෑකි :baffled: :baffled:
    මම නං ගෙම්බො කෑගහන සද්දෙට මාර ආසයි බං වැස්සත් එක්ක ඇහෙද්දි රෑට :love: :love:
    උන්ව අල්ලන්න බෑනෙ බං නානකාමරේ එකෙක් ඉඳල අල්ලන්න හදද්දි ලෙස්සනව ඌ පැන්න :sorry: :sorry:
    අල්ලල කිස් එකක් දෙන්න බැලුවෙ :P :P

    අල්ලලා බැද ගනින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් ගෙම්බන්ට ආදරෙයි ඕයි.....
    මොකද මාත් ගෙම්බෙක් වෙලා හිටියා.....
    අද මං ගාවට ආවා අපි වඩාත්ම ආදරේ කරන ගෙම්බන් ගෙන් කෙනෙක්...
    සුනිල් මාධව ප්‍රේමතිලක කියන ගෙම්බා.......
    ඒ ගෙම්බා ගමා හොද ගෙම්බෙක් වෙන්න මේ හිටපු ගෙම්බ වන මට කියල දුන්න ගෙම්බා......
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොහොම හරි ගෙම්බෙක් අල්ලලා kiss එකක් දීපන්, එතකොට කුමාරයෙක් උනාම උඹට බදින්න පුළුවන්, හබි ලංකාවේ නීතියට අනුව register කරන්න බැරි උනොත් වෙන රටකට ගිහින් රෙගිස්ටෙර් කරලා සතුටින් ජීවත් වෙයන් :baffled::baffled::rofl::rofl::P:P
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උඹ වරෙංකො සාක්ෂි කාරයෙක් විදිහට අස්සන් කරන්න :P :P

    tis.gif