මම ජනාධිපති උනොත්,
1. අවුරුදු 10ක කාලයක් තුළ ක්‍රමයෙන් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරනවා
2. වෛද්‍ය සංගම් වලට උකාගනින් කියලා පුද්ගලික වෛද්‍ය පීඨ ඇති කරනවා
3. A/L Bio වලට C 3ක් තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට රජයේ වෛද්‍ය පීඨ වලට පාඨමාලා ගාස්තු ගෙවා ඉගෙන ගන්න අවස්ථාව දෙනවා
4. පාසැල් පවත්න වේලාව උදෑසන 8 සිට හවස 4 දක්වා සිදු කරනවා
5. පිහිනුම් ක්‍රීඩාව සෑම ළමයකුටම අනිවාර්ය කරනවා
6. පාසල් වලට ගුරුවරුන් ඒ පාසළ පිහිටි දිස්ත්‍රික්කය තුළින් පමණක් පුහුණු කර බඳවා ගන්නවා
7. ගුරුවරුන් බඳවා ගැනීම ගුරු පුහුණු විද්‍යා පිඨ වලින් පමණයි. උපාදියක් ගත්තා කියලා ගුරු පත්වීම් දෙනු නොලැබේ.
8. විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය අධ්‍යපනය ලබන්න සුදුසුකම් නැති හෝ අකැමති පාසල් හැරයන්නන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් කිරීම අනිවාර්යයි. සියළු වෘත්තීය පුහුණු පාඨමාලා නොමිලේ ජාත්‍යන්තර ප්‍රමිතයට පවත්වනු ලැබේ.
තව තියෙනවා මතක් වෙන පරිද දාන්නම්