මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක රටක, කාලෙකට ඉස්සර order කරපු පාර්සල් ගොඩක් නැවෙන් ගේද්දි,
    මුහුදු වතුර වැදිල, ලේබල් වල විස්තර මැකුණා...
    ඊට පස්සෙ ඒ්ව order කරපු අයට දුක හිතුණ, ගොඩක් තරහත් ගියා....
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    දුම්රියෙන් කොඹල ගිහිල්ලා ඉස්ටේසම පැනලා ගියා මහ තැපැල් කන්තෝරුවට. පල්ලෙහා කවුන්ටරේට ලියුම පෙන්නුවම යන්න කිව්ව උඩ තට්ටුවට.

    උඩට ගියාම කස්ටිය අතේ ලියුම් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පස්සෙ මම කවුන්ටරේට ලියුම දුන්නම අත්සන් ගහන්නයි, නමයි, ඇඩ්‍රස් එකයි ලියන්න තැන් පෙන්නුවා අපි ගෙනිච්ච ලියුමෙ. එතන අත්සන් ගහන්න පෑන් තියෙනවා එල්ලලා බැංකුවෙ වගේ. ඒක නිසා එක එක්කෙනාගෙන් පෑන් ඉල්ලන්න ඕන නෑ. පාර්සලේ මගේ නමටද තියෙන්නෙ ඇහුවා. මම ඔව් කිව්වා. ඊට පස්සෙ අයිඩී එක ඉල්ලුව. එයා මොකක්ද පොතක අයිඩී නම්බරේ ලියාග්ත්තා. මගේ අංකෙ 18 කියල සුදු කොලේ ඒගොල්ලො අරගෙන රෝස කොලේ මට දීලා වාඩිවෙලා ඉන්න කිව්වා අංකෙ කතා කරනකන්.

    පස්සෙ වාඩිවුනා විතරයි අංක 17 කතා කලා. ඊට විනාඩි 10 කට විතර පස්සෙ මගේ අංකෙ කතා කලා. මම ගියා එතනට. කවුන්ටරේ දිගට තියෙනවා. දකුණු කොනේ තමා අංක කතා කරන්නෙ. පස්සෙ මගේ රෝස කොලේ ගත්තා. ආයෙ වාඩිවෙලා ඉන්න කිව්වා.

    විනාඩි පහකින් වගේ ආයෙ කතා කලා අංකෙ. ඊට පස්සෙ උන් මගෙ පාර්සලේ තියාගෙන කිව්වා බලාගෙන ඉන්න කියල පාර්සලේ අපි ඉස්සරහ කඩනවා කියලා. එතනම කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවා පාර්සලේ බලාගෙන. පාර්සලේ කඩන්නෙ වෙන කෙනෙක්. පොර ස්පීකර් පෙට්ටිය එලියට අරගෙන පස්සෙ හිස් පාර්සලේ අනිත් පැත්තට හලලත් පෙන්නනව තව මුකුත් නෑ කියල.

    පස්සෙ කස්ටම් ඔෆිසර් මගෙන් ඇහුවා කීයක් වුනාද කියල මේක. මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.

    පස්සෙ ආයෙ මට වටෙන් ඇතුලට යන්න කිව්වා ටැක්ස් එක ගෙවන්න. ආයෙ ඇතුලට ගිහිල්ලා වාඩිවෙලා හිටියා අර කොලෙයි පාර්සලෙයි එතන ඔෆිස් එකට එනකන්.දැල් ගහලා තියෙන හෙන කලුවර ඔෆීස් එකක්.

    පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්. 😎
    Oya officerta kivvnm, meka mage pvichchiyata gaththe kiyala bayila tikak gana adu krgnna thibba
     
    • Wow
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එල එල. ♥️

    අපේ ගෙට අල්ලපු ගෙදර එකාට කවුරු හරි කියල උගේ සින්දු ලස්සනයි කියලා මළ වදයක් වෙලා දැන් ස්පීකරයක් අරගෙන වෙලාවක් අවෙලාවක් නෑ කතා කියනවා වගේ සින්දු කියනවා. ඔයත් ඒ වගේ නන් වෙන්න එපා හරිත. 😐

    transfomare gini thiyapn
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    තට්ටයගෙන් උන් ආතල් එකක් අරගෙන.🙁 හෙට ගිහිල්ලා ගිණි තියලා එමු ඔෆිස් එක. කට්ටිය ඕගනයිස් කරන්න @Walter White 9 inch සෙට් එකයි. @hichchiputha එබුසේ සෙට් එකයි. 6 inch සෙට් එකයි @wissnshaftler 🤷‍♂️
    බාවනවා එකා ගානේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    Snoop Dogg Dancing GIF by Romy
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    8000/- wageda ungen hamba wena warranty eka...

    මාත් ඕකයි මෙහෙන් ගන්නේ ගොඩක් වෙලාවට. නැතිම උනොත් හරි 50%ක්වත discount තිබ්බොත් ඇරෙන්න නැත්තං ගනෙන්ම නෑ ඔන්ලයින්.

    හැබැයි මම අවුරුදු 6කට විතර කලින් ගත්තු හෙඩ් සෙට් එකක් තියෙනවා තාම වැඩ අවුලක් නැතුව.

    කෙල වෙන එක depends මොනවා හරි උනොත් තමා අවුල.

    මාස 6 ක වොරන්ටියකට බඩුවෙ ගානෙන් 50% වැඩිපුර ගෙවන එකේ තේරුම මොකක්ද බන්.
    විකුණන හැම ස්පීකර් දෙකකින් එකක් ගානෙ කැඩෙනවනන් තමයි ඒ ගාන ගෙවන එක worth.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Eswaran Sanjeewa කියල තියෙන නිසා. 🤷‍♂️
    සරි සරි 🤦‍♂️
    ඔය මගේ එකක් නෙවෙයි, කලින් thread එකක තිබුණ එකක්.

    අලී එකේ reviews බලද්දී දැක්කේ, share කරන්න හිතුනා එළකිරි සෙට් එකට බලා ගන්න.

    හිතන විදියට fedex හරි DHL හරි එන්න තිබ්බ එකක් කරුමෙට කොළඹ post office එක හරහා ඇවිල්ලා. Stamp එක වැදිලා තියෙන්නේ 2024.02.20 (බිල zoom කරාම දිනේ පැහැදිලිව පේනවා)

    පව් ඒ පොරට item එක ගත්ත ගානට සමාන ගානක් ම post office එකේ නූගත් හැත්ත tax කරලා තියනවා.