අපි හැමෝම තම තමන් පුද්ගලිකව ගෙන ඇති ණය ප්රමාණයන්ට වඩා නොදැනුවත්වම, ලක්ෂ 3 බැගින් එතෙර බැංකු සහ මුල්‍ය ආයතන / සංවිධාන වලට ණය වී ඇති බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය – 2012 වසරේ ප්‍රගතිය සහ 2013 සහ ඉදිරිය සඳහා ක්රමෝපායන් වාර්තා වේ දැක්වේ.
ඒක පුද්ගල ණය ප්‍රමාණය ගණනය කිරීමේදී ගෙන ඇති ණය ප්‍රමාණය, සේවා නියුක්තිකයන් ගණනෙන් පමණක් බෙදුවහොත් (සේවා නියුක්තිකයන් අතර පමණක් විසුරුවා හැරියොත්) එක් සේවා නියුක්තිකයෙක් (කුමන හෝ රැකියාවක නියුතු) මත පැටවෙන ණය ප්‍රමාණය ලක්ෂ 3කටත් වඩා වැඩිවන බවද පැවසේ.
රුපියල් ලක්ෂ තුන අන්තර්ගත වන්නේ ණය ප්‍රමාණය පුරවැසියන් (අත දරුවන්, සිසු සිසුවියන්, අබාධිත පුරවැසියන් , විශ්‍රාමිකයන් සහ තවත් අය) අතරේ විසුරුවා හැරීමෙන් ගත් ගණනය කිරීමෙන් පමණකි.
සැබෑ ණය ලබාගැනීම සහ ණය මට්ටම .
2012 වර්ෂය තුලදී දල ණය වශයෙන ලබාගත් රු බිලි 1139ක ප්‍රමාණය අනුමත වාර්ෂික ණය ලබාගැනීමේ සිමාව ඇතුලත පවත්වා ගැනිණි .
2012 වර්ෂය අවසානයේදී නොපියවූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලි 6000.1 ක් වූ අතර එය 2011 වර්ෂය අවසානයේදී පවතී මට්ටම හා සැසඳීමේදී රු බිලි 886.7 ක ඉහළයාමකි
මැදි වසර පුද්ගල ජනගහනය 2012 (දහස්) – 20,328
ශ්‍රම බලකාය 2012 (දහස්) – 8,465
උපුටනය – 1 පිටුව (ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය – 2012 වසරේ ප්‍රගතිය සහ 2013 සහ ඉදිරිය සඳහා ක්රමෝපායන්.)
කෙසේවුවද පසුගිය කාලයේදී සෝමරත්න දිසානායක මහතාගේ සිරි පැරකුම් චිත්‍රපටයේ වූ ජනප්‍රිය වැකියක් වන "මම රාජකුමාරයෙක් නෙවෙයි, ගමේ කොල්ලෙක්" යන්න මෙම දත්ත අනුව වරනැගිය හැකි වන්නේ "මම රාජ කුමාරයෙක් නෙවෙයි, ලක්ෂ 3ක ණය කාරයෙක්" ලෙස යැයි ආර්ථික ප්රවීනයෝ කියති.




boru neda? 