මම ප්‍රස්නයක් අහන්නද ?

0_Inception

Member
Feb 12, 2011
69
2
0
මම ප්‍රස්නයක් අහන්නද ?

අපි කුඩා ළමයි ට කියල දෙන්න ඕන සතුන් මරන්න එපා කියලද නැතිනම් සතුන්ට ආදරය කරන්න කියලද? අපේ ළමයින්ට 'සතුන් මරන්න එපා කියල' කියල දෙනකොට 'සතුන් මැරීමත්' ඒසමගම කියල දෙනවා නේද? එක හොද ද?
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
මේකයි යාළුවා,
අපි චූටි කාලෙදි තමයි අපේ දැනුමේ Base එක වැටෙන්නේ. ඉතින් ඒ Base එක හරියට වැටුනේ නැත්තං......:confused:

ඉතිං ඕක දන්න කියන කොයි කව්රුත්
ළමයින්ට කියන එක් කාරනයත් තමයි 'සතුන් මරන්න එපා කියල'.... මොකද ළමයි ටික හොදට හදාගන්න ඕන නිසා.

ප්‍රශ්නෙ තියෙන්නේ, අපි ළමයෙක්ට එහෙම කිව්වම, ඒ ළමයා
'සතුන් මැරීමත්' ඒ එක්කම ඉගෙන ගන්නවා. :eek: (කවද හරි ඉගෙනගන්නවා තමයි. ඒත් Base එකේදි..:sorry:)

ඉතිං ඒ වෙනුවට අපි ඒ ළමයින්ට
'සතුන් මරන්න එපා, කියල කියනවට වඩා හොද නැද්ද ‘සතුන්ට ආදරය කරන්න කියල‘ කියන එක ?

එතකොට ළමයා පොඩි කාලේ ඉදලම දන්නේ
සතුන්ට ආදරය කරන්න:) මිසක් 'සතුන් මරන්න:growl:‘ නෙමෙයි නේද?