යාලුවෙක්ටවත් කියන්න බෑ සිද්දිය. ඒකයි මේකේ දාන්නෙ. මට බැඳපු අක්කා කෙනෙක් සෙට් වුනා. මුලින් චැට් එකට සෙට් වුනා හිමීට. මුල් කාලෙ එහෙම ලොකුවට චැට් නෑ. පස්සෙ පස්සෙ පර්සනල් දේවල් කතා කරන්න පටන්ගත්තා. ලොකු දේවල් නෙමෙයි. ඒත් චැට් කරන විදිහෙන් මට තේරුණා මට පොඩි කැමැත්තක් තියෙනවා කියලා. මගේ හිතෙත් පොඩි කැමැත්තක් තිබුනා මොකද කෙල්ල ලස්සනයි. ඔහොම ඉතින් ඉන්න ගමන් මම කීවා මම එයාට කැමති කියලා. ඊට පස්සෙ එයා කීවා එයා ගැන දැනගන්න ඕනේ දේවල් තව ගොඩක් තියෙනවා ඒ ටික දැනගත්තට පස්සෙ ඔයා ඔහොම අහන්නෙ නැතිවෙයි කියලා. එදා රෑ වෙලා තිබුන නිසා හෙට කියන්නම් කීවා.
මේ එයා මට කියපු දේවල්. කෙල්ලගෙ අම්මයි තාත්තයි ඉඳලා නෑ පොඩි කාලේ ඉදන්ම. හැදිලා තියෙන්නේ ආච්චි ගාව ලොකු අම්මලා ගාව නැන්දලා ගාව ඔහොම. ඊට පස්සේ අවුරුදු 18න් බන්දලා දීලා ඒ මිනිස්සු A/L වත් කරන්න දෙන්නෙ නැතුව කෙල්ලට වැඩිය සෑහෙන වැඩිමල් මනුස්සයෙක්ව. දැන් ලොකු ළමයෙකුත් ඉන්නවා. ඔහොම මට විස්තර ඔක්කොම ටික කිව්වා. ඊට පස්සේ කිව්වා තාමත් අරක අර විදිහටම අහනවද කියලා. ඇත්තටම මට ඒ කතා ටික ඇහුවට පස්සේ මාර විදිහට දුක හිතුනා. ඊට පස්සෙ ඕක ඔය විදිහට ගිහින් දැන් affair එකක් පටන් අරන් තියෙන්නෙ. ඇත්තටම මට ඕනේ උනේ කෙල්ලගෙ හිත හදන්න. ඇත්තටම පව්. එහෙම ජිවිතයක් ගත කරන්න ඕනෙ කෙල්ලෙක් නෙමෙයි. දැන් පේන විදිහට කෙල්ල මට බොක්කෙන්ම ලව්. කවදාවත් දාලා යන්නෙ නෑ නේද කියලා අහනවා. ඒත් ඉතින් කවදාහරි එහෙම කරන්න වෙනවනෙ. බැඳලා divorced වෙච්ච කෙල්ලෙක් නම් අවුලක් නෑ ලොකු ළමයෙකුත් ඉන්නවනෙ. මං තාම බැඳලත් නෑ
මං මේ කරන්නෙ වැරදි වැඩක්ද? හැබැයි මට ඇත්තටම ඕනේ කෙල්ලගේ life එකට මොනාහරි හොඳ දෙයක් කරන්න. මට මේක තිබ්බා කියලා ආතල් එකක්වත් ගන්න වෙන්නෙ නෑ. ඒ වුනාට අඩුම තරමේ ඒ මනුස්සයව සතුටින් හරි තියන්න පුළුවන් එක ගැන සතුටුයි.