මම විනසවෙනවා

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    පුදුම අවුලකින් දුකකින් ඉන්නේ බං .. ඒ කාලේ ඉගෙන ගන්න සල්ලි තිබ්බේ නෑ.. ජීවිතේට කවදාවත් සතුටක් තියෙන්න නැද්ද කොහෙද ?? මම කවදාවත් කාටවත් අත පාල ජිවත් වෙච්ච එකක් නෙවෙයි කොහොම හරි කැම්පස් ආවා.. දැන් අදින්නවත් ඇදුමක් ගන්න සල්ලි නෑ පුදුම විදියට ජිවිතේ කල කිරෙනවා බං අන්තිමට සේරම තීරණය කරන්නේ සල්ලි අමාරුවෙන් අවුරුදු 2ක් ඇද්ද තව 2ක් තියනවා මොන කරන්නද මන්ද ?? පුලුවන්නම් මට part time එකක් හොයලා දීපල්ලා කවදාවත් මුල අමතක කරන එකක් නෙවෙයි මම.. හැමදාම පින් දෙන්නම්.. මේක නැතිඋනොත් ජිවත් වෙලා වැඩක් නෑ :(:(:(:(:(

    මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික්
    කම්පුටර් රෙපයාර් පුළුවන් හොදට දන්නවා ඒ පැත්ත ෆෝන් ගැනත් දන්නවා රෙපයාර් බෑ
    ක්ලාස් ගිහින් නෑ බන් youtube වලින් තමයි ගොඩක් ඉගෙනගත්තේ

    හවස 6 ඉදන් 2 විතර වෙනකන් පුළුවන් ඉරිදා දවසම පුළුවන්

    දෙහිවල ඉන්නේ
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තව අවුරුදු 2ක නේ තියෙන්නේ, කොහොම හරි ඇදගෙන යන්න. Job එකක් ඕනේ නම් හොදම වැඩේ ebay buying and selling කරන එකයි නමුත් ඒක 100% ෂුවර් නෑ ඒ වගේම කාලයක් යනවා හොද ගාණක් අතට එන්න, තව freelancing තියෙනවා ,freelancing කරනවා නම් හොදම දේ logo හදන එකයි, web development,designing කරන එකයි. ඒ වගේම offline වැඩක් ඕනේ නම් ත්‍රීවිල් එලවන්න පුලුවන්, මොනවා හරි හදලා විකුණන්න පුලුවන්, type setting කරන්න පුලුවන් (type කරලා දෙනවා සල්ලි වලට, සිංහල English දෙකම), DVD write කරලා විකුනන්න පුලුවන් (movies,games වගේ, cafe එකකට ගියා ගාණක් ගෙව්වා, movies බාගත්තා ඇති තරමට ඊට පස්සේ Pen එකකට දාලා ගෙදර ගෙනත් DVD වලට write කරා විකුණුවා), බෝතල් පත්තර වෙළදාම කරන්න පුලුවන් (කොහෝහරි පැත්තක් අල්ල ගත්තා , බෝතල් පත්තර එකතු කරා, ඒක කඩේකට දුන්නා සල්ලි ගත්තා) තව නව නිපැයුම් කරන පුලුවන්, IT නම් කරන්නේ software හදලා විකුණන්න පුලුවන්. තව මචන් ඉස්කෝලවල් ළග කෑම හදලා විකුණන්නත් පුලුවන්, බත් ,අයිස් පැකට් වගේ.

    ඔය මොනවා කරත් වැරදි වැඩ කරල සල්ලි හොයන්න එපා. :yes: වැරදි වැඩ කිව්වේ කුඩු business, පිම්පි කම්, Male prostitutes.
     
    Last edited:
    • Like
    Reactions: t.lakmal

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹේ කොලිෆිකේෂන් දාපං මචං. ඩිග්රිය කරන්නේ මොනවයින්ද වගේ විස්තර. උසස්පෙළ ලමයින්ට ක්ලාස් ටිකක් කරපං.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Macho successful wechcha hema kenekma wage oya wage katta kala thienawa, ithuru 2 years kohoma hari edagena palayan ikman.lk eke podi jobs danawa district eka select karala balapan thawa mama dekka topjobs eke part time data-entry gannawa pizahut,kfc,cargills wage ewatath part time gannawa neda? poddak oyawage thenakata gihillama balanna (umbata karanna puluwan nam samahara security guard wage jobs walata, building constructions walatath labors la widiyata gannawa )

    Good Luck!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... උඹට IT ගැන තියෙන දැනුම කොහොමද....?? විස්තර කියලා PM එකක් දාපන්.... පාට් ටයිම් වැඩක් දෙන්නම්...... :yes:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මචන් කරන්න පුළුවන් 1000ක් දේවල් තියාගෙන campus යන්න තරම් මොලයකුත් තියාගෙන මොනාද බන් මේ කියවන්නේ. මචන් ඉපදෙනාකොට කිසිම මිනිහෙක් සල්ලි අරන් නෙමයි එන්නේ. එක නිසා ජීවිතේ පසු තැවී තැවී ඉන්නේ නැතුව අර උඩින් යාලුවෙක් කියපු දේවල් try වත් කරපන් මචන් ජීවිතේ කවදම හරි ගොඩ යයි. ගොඩ නොගියත් මේ ජීවිතේදී හොඳට ඉඳපන් මචන් ලබන ආත්මයක් කියල දෙයක් තියනවා නම් එතැනදී වත් වෙනසක් කරන්න හිතට ගනින්... qualifications තියන ඒවා දාපන් බලන්න මෙතන ඉන්න ගොඩක් උන් උදව් කරයි
     
    • Like
    Reactions: Maxxwell

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    duk seen thamai machan den hemathenama thiyenne,uba newspapers wala ehema thiyena job walata try kare nadda?
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    තව දෙයක්.. මචන් මම වැඩ කරන company එකේ security officer කෙනෙක් ඉන්නවා මචන් එයා කැම්පස් යන කොල්ලෙක්, උදේට කැම්පස් යනවා රැට security. මාරම උනන්දුවක් මචන් එක නම්, අන්න මචන් අදහන්න වටිනා මිනිස්සු ධෛර්ය කැපවීම(උඹට ඒ දේ කරන්න කියනවා නෙමයි කියපු කතාවෙන් දෙයක් ඉගෙන ගන්න බලන්න)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    0114940341

    machn mekata call karalaa bamapan.

    ogilvy කියල අද්වටයිසින් කෙරන එකක්. ප්‍රොමෝෂන් කරන්න තියෙන්නේ. දවසට 2000 විතර වැටෙනවා. හැමදාම වැඩ නැති වෙන්න පුළුවන්. මියුසියස් එක ( එස්කොලේ) ඉස්සරහ තියෙනේ. උබට එන්න කිවුවොත්. ගිහින් කතා කරපන්. ගොඩක් වෙලාවට හැමබෙයි ජොබක්. පාට ටයිම්. උබේ නො1 pm කරපන්. මම තවත් බලන්නම්
     
    • Like
    Reactions: t.lakmal

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සතියකට 3ක් විතර සෙට් උනොත් උබට පිරිමහගන්න පුළුවන් නේ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම් මේකට නම් කියන්න තියෙන්නේ මෙච්චර කල් ඉදලා අවසාන මොහොතේ අතාරින්න එපා කියලා තමයි...උඩින් කියන ඒවා කරාද?