මා මිත්‍ර නැකතානෙනි ,
පුද්ගලිකව මා හට ලෝකායත ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ඇල්මැරුනු අදහස් පැවතියද ඉදිරියේ සිදුවීමට නියමිත සහ දැනට සිදු වී ඇති ග්‍රහ ගෝචරයන් පිළිබඳව මා තුල ඇත්තේ සුබවාදී ආකල්පයක් නම් නොවේ.ශ්‍රී ලංකා කේන්දරෙයේ පුණ්‍යස්ථානය මේ වන විට ආවේගයේ චන්ඩියා සළකුණත් රවිගේ අණුවන නොන්ඩි පුත්‍රයාත් කදේ වැටී සිටී.තෙවැන්නේ සිටින ග්‍රහ රජ තෙමේ උපරිම බලයෙන් සිය පූර්ණ ආශීර්වාදය නමවැන්නේ සිදුවෙන අණුවන කතාබහට උල්පන්දම් දෙයි.
නරකම හරිය සිදුවන්නේ මින් පසුවය.උද්දච්ච ග්‍රහ රජාගේ අහංකාරය තිබෙන්නේ තව සති තුනකි.ඉන්පසුත් කට වසාගෙන සිටිය නොහැක.වසා සිටි කට ඇරීමට සිදුවේ නොහොත් ඉබේම ඇරේ.එතෙක් 9 ඕනෑම ආවේගී අනුවන ක්‍රියාදාමයක් කිරීමට ආගමික නායකයන්ට හැක.එහෙත් එයට එවිට කල්ගත වී වැඩිය.
ජූලි වලින් පසු රියල් චන්ඩියා කුජ ගේමට පැමිණේ.නිකන්ම නොව තෑගිත් රැගෙනම පැමිණේ.මේ තෑගි වෙනමොනවත් නොව ලේ සෙලවිය හැකි සෙල්ලම් බඩුය.බුධ දුර්වල වේ.ඌ කොහොමත් දුර්වලයාය.දෙවරක් සිතීමට වඩා ක්‍රියාකිරීම අගනේ යැයි සිතයි.
ඉහතින් කී සියලු සැඟවුනු කතා වස්තුව එලිපිට ක්‍රියා කිරීම ජූලි වලින් පසු ආරම්භ වනු ඇතැයි මාගේ විශ්වාසයයි.ඒ වන විට සියල්ල පහසුවෙන් හැරවිය නොහැකි නරක අතට ගොස් තිබිය හැක.තුලාව යනු තරාදයියයි.නීතියේ සලකුණයි.චන්ඩි තිදෙනා තරාදියේ පිස්සු කෙලියි.ආගමික නායකයෝ පිස්සු කෙලියි.නීතිය නැමැති තරාදියේ ආගමික යුක්තිය ලෙයින් කිරාමැන බැලීමට පෙළෙබීමට ඉඩ ඇතැයි මාගේ අදහසයි.