මම සත්‍ය අවබෝධ කරා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකයි මචන්... හිතපන් හැමදේම script එකක් කියලා නිකමට. ;) වෙන්න තියන දේවල් වෙන්නේ. මම මේ උබට එවන reply එකත් ඒ script එකේ කොටසක්. උබ හැමදේම script එකක් කියලා හිතන එකත් , මේ ත්‍රෙඩ් එක දාපු එකා "සත්‍ය අවබෝද කරා" කියලා දාපු එකත් script එකක්.
    දේවල් වෙන්නේ වෙන්න තියන නිසා මිසක්, හේතුවකට නෙවෙයි වෙන්වා. බුදු වීමත් script එකක්, දහම් දෙසිමත් script එකක් , මාර්ග පල ලැබීමත් script එකක්... ;-) එතොකට දහමේ තේරුමක් නැති වෙනවා. යහපත් අයහපත් දේ අනුව පලය ලැබීමක් නෙවෙයි වෙන්නේ, script එකක ලෝකය ඉස්සරහට යන එකක්. ඒක නිසා මේක ගැන තර්ක කරන්න දහම් කරුණු, හාමුදුරුවරුන්ගේ නම්, බණ වැඩක් වෙන්නේ නෑ .. මොකද ඒ හැමදේම අතීතයේ වෙන්න තිබ්බ නිසා උන, දේවල් මිසක් හේතුවක් නෑ ..
    අපි කරන දේ තමයි ඔහේ ගලා ගෙන යන දෛවයක් ගැන එක තැනක් නැවතිලා තරක කරනවා කියලා හිතනවා. මේක ගැන තර්ක කරන එකත් script එකක්, එකින් නිගමන වලට එළබෙන එකත් script එකක්. :lol: තේරුමක් නෑ තර්ක කරල. මොකද ඒ හැමදේම script එකක්.
    මම කියන්නේ 100% සක්‍රිප්ට් එකක් ගැන නෙමෙයි. කරන පින් පවු අනුව ස්ක්‍රිප්ට් එක වනස් කරන්න පුලුවන් කියලත් තියෙනවා. ජීවිතේ දළ සටහනක් තියෙනවා. ප්‍රධාන කාරණා ඊට අදාලව වෙන්නේ.
    දැන් අපායේ පැහුනට දේවදත්ත මෛත්‍රී බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක වෙන්න සික්‍රිප්ට් වෙලා ඉවරයි. (මට මේ කතාව ලාවට මතක එකක් වරදින්න පුලුවන්)

    උඹල දෙන්නා බීපු බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන් මචං! 🤪
    නිදාගන්නේ නැද්ද බං? බ්‍රුන්ඩි මතක්කරන්නේ
     
    • Like
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    මම කියන්නේ 100% සක්‍රිප්ට් එකක් ගැන නෙමෙයි. කරන පින් පවු අනුව ස්ක්‍රිප්ට් එක වනස් කරන්න පුලුවන් කියලත් තියෙනවා. ජීවිතේ දළ සටහනක් තියෙනවා. ප්‍රධාන කාරණා ඊට අදාලව වෙන්නේ.
    දැන් අපායේ පැහුනට දේවදත්ත මෛත්‍රී බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක වෙන්න සික්‍රිප්ට් වෙලා ඉවරයි. (මට මේ කතාව ලාවට මතක එකක් වරදින්න පුලුවන්)
    උබ කරන්නේ දැන් අපිට ඕන විදියට කතාව ටිකක් ලිහිල් කරල ඉඩ හදල දෙනවා. ;-)
    ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියපු විදියට හැමදේම script එකක් නෙවෙයි කියල තේරෙනවා නේ..ඕක දිගේ ටිකක් ගියාම අපි දැන් හිතන් ඉන්න තැනටම ආයිත් එනව.
    දැන් උබ කරේ scipit එක ඇතුලෙම තව රාමු ටිකක් හදල ඒකද මේකද කියලා පොඩි chance එකක් දීපු එක.. ලොකු චිත්‍රෙ තාම script එකක් නිසා ඒ විදියටම ඒකත් බොරු කියන්න පුලුවන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ කරන්නේ දැන් අපිට ඕන විදියට කතාව ටිකක් ලිහිල් කරල ඉඩ හදල දෙනවා. ;-)
    ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියපු විදියට හැමදේම script එකක් නෙවෙයි කියල තේරෙනවා නේ..ඕක දිගේ ටිකක් ගියාම අපි දැන් හිතන් ඉන්න තැනටම ආයිත් එනව.
    දැන් උබ කරේ scipit එක ඇතුලෙම තව රාමු ටිකක් හදල ඒකද මේකද කියලා පොඩි chance එකක් දීපු එක.. ලොකු චිත්‍රෙ තාම script එකක් නිසා ඒ විදියටම ඒකත් බොරු කියන්න පුලුවන්
    මම දන්නේ නෑ. මට මේ නාඩි වාක්‍ය මෙච්චර උඩ දාන්න උවමනාවක් නෑ. නමුත් මේක අහපු විශ්වාසවන්තම හය හත් දෙනෙක් ඉන්නවා තිතට වැඩ ටික වෙන. ඒකට කියන වචනේ ස්ක්‍රිප්ට් එකද දන්නේ නෑ හැබැයි කියපු විදියට වැඩ ටික වෙනවා.
     
    • Like
    Reactions: JohnSnow and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    මම දන්නේ නෑ. මට මේ නාඩි වාක්‍ය මෙච්චර උඩ දාන්න උවමනාවක් නෑ. නමුත් මේක අහපු විශ්වාසවන්තම හය හත් දෙනෙක් ඉන්නවා තිතට වැඩ ටික වෙන. ඒකට කියන වචනේ ස්ක්‍රිප්ට් එකද දන්නේ නෑ හැබැයි කියපු විදියට වැඩ ටික වෙනවා.
    ඕක කොහෙද ඇහුවේ? තනියම අරගෙනද කිව්වේ?
     
    • Like
    Reactions: JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි තනි නතිව ගන්නේ ??
    තම්බ් ප්‍රින්ට් එක දුන්නම උන් පැයකින් විතර කතාකරනවා රූම් එකකට. ඒකේ ඉන්නේ ඔය කියවන පොරයි සිංහලට පෙරලන කෙනයි කැසට් රෙකෝඩර් එකයි විතරයි. කැමතිනං තව කාටහරි යන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilann

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේකෙ post ටික කියවනකොට ඔලුවත් විකාර වුනා🤯
    අපි තාම ලමා මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු 😶
     
    • Like
    • Wow
    Reactions: JohnSnow and dilann

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ අවබෝධ කරගත්ත ලබ්බක් නෑනෙ.
    මෝහය මුල්තර්කයක් හදාගෙන හැම එකටම script එක කියනවා. කිසිම තේරුමක් නෑනෙ. හිතලා බලපංකො

    මෙන්න උබට දෙන්න ඕන reply එක මගෙන්.

    කඩදාසි කොලයක් සහ පෑනක් අරගෙන table එක උඩ තියල පුටුවේ වාඩි වෙලා පෑනෙං බලි කුරුට්ටක් අඳින්න.
    දැං කියපන් ඒ බලි කුරුට්ට ඒ හැඩට ආවේ scipt එකට අනුව කියලා.
    බලි කුරුට්ට උබට කැමති විදියට Change කරන්න පුළුවන් පෑන උබේ අතේ තියෙන්නේ.
    නමුත් කොයි විදිහට කරත් ඒක උබට අනුව script එකක්.
    Script එකක් නම් ඒක පට්ට advanced script එකක් වෙන්න ඕන බලි කුරුට්ටක හැඩය පවා තිරණය කරන්න නේද?

    බලි කුරුට්ට පැත්තක තියාපං. කාසියක් අරගෙන උඩ දාලා ඒකෙ head වැටුණොත් උඹ කනේ පාරක් ගහ ගනින්. Tail වැටුණොත් මුණ අත ගා ගනින්.
    උබට අනුව head or tail වැටෙන්නෙ script එකට අනුව.

    උබට අනාගතේ bypass surgery එකක් කරන්න වෙන්න ඉඩ තියනවා. හැබැයි ඒක කරන්නේ experienced doctor කෙනෙක් ද තේරුමක් නැති doctor කෙනෙක්ද කියන දේ අනුව උඹ ජීවත් වෙනවද මැරෙනවා ද කියන එක තිරණය වෙන්නේ. එතකොට ඒ දොස්තර ඉගෙනගත්ත පාඩම් මාලාව ම උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical field එකේ දියුණුව උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical tools හදපු scientists ලාගේ creativity එක උබේ script එක වෙන්න ඕන, උඹ surgery එකට ගෙවන සල්ලි ගන්න ATM එක හදපු company එකත් script එකට අයිතියි. එයාල use කරපු cryptography technologies, it field එකේ අයත් උබේ script එකට අයිතියි.
    මොකද ඔය සියලු දෙනාගෙන් එකතුවෙන් තමයි උඹ ජීවත් වෙන්නේ.

    අගහරු වලට Elon musk කාරයා මිනිස්සු යවලා පදිංචි කරන එක පාවා උඹ ගෙ script එකට අයිතියි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද උඹ අනාගතේ අඟහරු වලට යන්න උනත් ඉඩක් තියෙනව උබට අනුව උබේ script එකේ ලියවිලා තිබුනොත්. නොගිහින් හිටියොත් එක උබේ අවාසනාව කියලා හිතුනොත් ඒක අවාසනාව වෙන්නේ එහෙම SpaceX කියලා එකක් තිබුණ නිසා, ඒත් Elon musk කාරයා කරන දේවල් උඹ ගෙ ජීවිතේ ට බලපානවා. නමුත් අනාගතේ උඹ ගෙ script එකේ තියෙන්නේ මොනවාද කියලා උඹ දන්නේ නැති නිසා anything can happen.

    And anything can happen = fucking random.

    නමුත් උබේ තර්කය:
    mysteriously written script means nothing is random. Everything is scripted. You just don't know what's in the script. So it's Not equal but two different things.

    හරියට දාදු කැටයක් උඩ දැම්මාම එක 4 වැටෙන එක random නෙමෙයි අපි උඩ දාන වේගය, angle එක, motion එක, කැටය උඩ ඉඳන් පුෂ්ටය මතට ඇති දුර calculate කළොත් ඒක වැටෙන අංකය හොයන්න පුළුවන් වගේ.

    වලාකුළු ගමන් කරන වේගය ආර්ද්‍රතාව සුළඟ වගේ සාධක අරගෙන හෙව්වොත් වලාකුළු රටාවල් random නෙමෙයි කියන එක වගේ.

    ප්‍රථමක සාංඛ්‍ය වල රටාව තවම ලෝකේ හොයා ගෙන නැහැ. මුළු ලෝකෙම cryptography base කරලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා base කරගෙන. ඒ රටාව හොයා ගත්තොත් ඕන කෙනෙකුට බැංකු ගිණුම්, Credit cards හැම දේ ම calculator පාවිච්චි කරලා hack කරන්න පුළුවන් වෙනවා. නමුත් හොයා ගන්නේ නැති තාක් කල් අපි safe.

    ඔය දේවල් ඔක්කොම මම පිළි ගන්නවා, output එක calculate කරන්න බැරි, ඒවාට අදාළ සාධක අපි ට හොයා ගන්න තියෙන නොහැකියාව නිසා අපි ඒවාට අහඹු දේවල් කියලා කියනවා, එතකොට උඹ ගෙ script එකත්, අහඹුවත් අතරේ වෙනසක් නෑ. මොකද උඹ script එක හැදෙන්න අවශ්‍ය සාදක මොනවද කියලා දන්නේ නෑ, හොයා ගන්නත් බැහැ. ඉතින් එතකොට ඒක අහඹු දෙයක්.

    අහඹු දෙයක් කියන word එකට දෙන අර්ථය මෙතැන confuse වෙනවා, මොකද මම ඔය calculation ගැන කතා කරලා ඇත්තටම random කියන දේ නෑ කියලා හිතන තැනට උබලා ව පත් කරපු එක. නමුත් ලෝකේ ඇත්තටම random කියලා දෙයක් තියෙනව.
    එහෙම නැත්නම් මේ ලෝකේ විවිධත්වයක් පවතින්නේ නෑ. True random කියන දේ exists. එහෙම නොවුණොත් සියලු දේවල් වැඩ කරන්න ගන්නවා යම් කිසි pattern එකකට අනුව.
    ඒ ගැන මන් හොයලා තියෙනව, උඹත් research කරලා බලන්න, මෙතැන ඕක දිග අරින්න ගියොත් කතාව තව දිග වෙනවා.

    එතකොට උබ ගෙ ඔය තර්කයෙන් වෙන්නේ discourage වෙන එක මිනිස්සු. නමුත් ඒක අනික් පැත්තට පාවිච්චි කරලා encourage කරගන්න පුළුවන්, මගේ script එකේ දුක් විඳින කාලේ අදින් ඉවරයි කියලා හිතාගෙන වැඩ කරොත්. නමුත් මිනිස්සු කැමති තවත් discourage වෙන්න ඌ mentally down වෙලා ඉන්න අවස්ථාවේ දි. උඹ කරන්නේ ඒකට පෝර දාන එක උබේ නොවැදගත් argue එක use කරලා. නමුත් ඇත්ත තමයි anything can happen.

    මන් කරුණු එක්ක පැහැදිලි කරත් උබට දිගටම argue කරන්න පුළුවන් කියලා මන් දන්නවා.
    මොකද මේක දෙයියෝ මැව්වා වගේ වැඩක්. නමුත් ඒක උබට එහෙම හිතුනට එකට පිළිගැනීමක් ලබා දෙන්න බැහැ. හරියට මේ මොහ මූල තර්ක කතාවේ වගේ.


    ශාස්ත්‍ර කාරයන් වගේ pathetic arguments ගෙන්න එපා. (no hard feelings. උබේ argue එකට attack කරණකොට personal වගේ උබට දැනුනා නම් sorry)
     
    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මිත්‍යාදෘශ්ටි. එහෙම ස්ක්‍රිප්ට් එකකට ලියවෙන්නෙ නැහැ. තමන් කරන දේවල ප්‍රතිපල තමන්ට ලැබෙනවා. පෙර කර්මයත් බලපානවා ඒකට.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සත්‍යය පවතින්නෙ දෘෂ්ටියෙන් සහ තර්කයෙන් එපිට. උඹ සත්‍යය කියල හිතාගෙන ඉන්නෙ ඕක නං උඹ එතනම ෆ්‍රේම් එකක් දාගෙන ඉන්නෙ. හැබැයි ඕක හොඳ ආරම්බයක් නිවැරදි සත්‍යය මොකද්ද කියල හොයන්න පටන්ගන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    හැමදේම සිද්ධ වෙන්නේ script එකට අනුව නෙවෙයි බන්. හැමදේම සිද්ධ වෙන්නේ කර්මයට අනුවත් නෙවෙයි. බුද්ධ දර්ශනයේ නියාම ධර්ම 5ක් තියනවා.. ඒවා ගැන කියවලා බලපන්.. කර්මය කියන්නෙත් ඒවගෙන් එකක් විතරයි. දෙයක් සිද්ධ වෙන්න හේතු කියල පැහැදිලි කරන්නේ ඒවා. ඒවා එකක් හින්ද හරි කීපයක් එකතු වෙලා හරි මොනවහරි දෙයක් සිද්ධ වෙන්න මුල් වෙන්න පුළුවන්. ඒවා පිළිගත්තත් නැතත් ජිවිතේ උබට සිද්ධ වෙනකන් ඉන්නේ නැතුව try එකක් දීපන් මොනවටහරි. ඉබේ හැමදේම වෙනකන් ඉන්න එපා. ඕනිම condition එකක් වෙනස් කරගන්න උබට ඔනිකම තියනවා නම් පුළුවන්. e වගේම ඕනිම දෙයක් කරුමේ, එක්කෝ ග්‍රහ පිහිටීම, එක්කෝ ලබා උපන් හැටි කියල ඔහේ බලන් ඉන්නත් පුළුවන්. ඒකෙන් උබට හොඳයි කියල හිතෙන දේ මොකක්ද? කොච්චර වැරදුනත් try කලොත් අනිවා හරියනවා. වරදින්නේ නැතුව හරි ගියපු මිනිස්සුත් නෑ. අපි හරිගිහින් වගේ දකින මිනිස්සු ජිවිතේ අනන්ත කට්ට කාල, වැටිලා, එපා වෙලා ඉදල තියනවා. එත් try කරන එක අතැරලා නෑ. වරදින්න වරදින්න ආයේ try කරපන්. මොකක්හරි පිනක් හින්ද මනුස්සයෙක් වෙලා ඉපදුන ජිවිතේ ඔහේ බලන් ඉන්න එපා..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සත්‍යය පවතින්නෙ දෘෂ්ටියෙන් සහ තර්කයෙන් එපිට. උඹ සත්‍යය කියල හිතාගෙන ඉන්නෙ ඕක නං උඹ එතනම ෆ්‍රේම් එකක් දාගෙන ඉන්නෙ. හැබැයි ඕක හොඳ ආරම්බයක් නිවැරදි සත්‍යය මොකද්ද කියල හොයන්න පටන්ගන්න
    දෙයියෝ මැව්වා වගේ වැඩක් මෙක. අසත්‍යක් කියලා ඔප්පු කරන තාක් කල් මේ script කතාව තමයි සත්‍යය කියලා හිතන එක වැරදියි.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කෙටියෙන් කියන්න තියෙන්නෙ මේකයි....

    උඹ කල්පනා කරන්න පටන් ගත්තා ජීවිතය ගැන යම් දෙයක්... මනස පොඩ්ඩක් හරි විවෘත කරගන්න උත්සාහයක් දරල තියෙනව.
    හැබැයි... උඹ යන්නෙ වැරදි පාරක.

    ආගම කියන ෆ්‍රේම් එකෙන් පිට හිතන්න ඕනෙ නම්..... සරලව මේ දේ ගැන හිතන්න.

    Script එකකට උනා හෝ නැතා හෝ...
    උඹ හිතින් දුක් විඳිනව නම්... ලබා ගන්න ඕනෙ දේ ලැබුණෙ නැති වුනාම... නැත්තං පුළවන් තරම් උදව් කරල ඒකට ස්තූතියක්වත් ලැබුණෙ නැත්තං මල පනිනව නම්.... දෙයක් දැක්කම ඕනෙ කියල හිතෙනව නම්... පොඩි දේකට මල පනිනව නම්.... කේන්තිය නිසා බණිනව නම් ගහන්න යනව නම්.... කෙල්ලෙක් පොඩ්ඩක් හරි පේන්න ඇඳන් යනකොට ඉන්ඩ බැරි ආසාවක් එනව නම්.... හිතට ආස දේ හරියට උනේ නැති වුනාම කියාගන්න කෙනෙක් නැතිව අසරණ වුනොත් ඒකට මූණ දෙන්න හිත හයිය නැති වුණොත්... යාළු වෙච්චි කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු උනොත් හිතට දැනෙන දේ අනුව එක එක දේවල් කරන්න හිතෙනව නම්... .... වටේ පිටේ තියෙන දේවල් වලට වඩා උඹේ හිත ගැන උඹ දන්නෙ මොනවද කියල කල්පනා කරන්න.

    එතකොට උඹට තේරෙන්න පටන් ගනීවි... අවුල තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි උඹේ හිත ඇතුලෙමයි කියන එක. දැන් පටන් ගන්න හිත ගැන හොයන්න. මොකද උඹට පෙනුනා කියන සිද්ධිය (ස්ක්‍රිප්ට් එක) හැම කෙනාටම ආවේණිකයි. හැම කෙනාටම හිතක් තියෙනව. ඒ අයගෙ ලෝකෙ ඒක වටේ ගොඩ නැගිල තියෙනව.

    ඒ ස්ක්‍රිප්ට් එක වෙන මොකක්වත් නෙමෙයි තමන්ගේම හිත. ලෝකෙ සිද්ධ වෙන හැමදේකම සංසිද්ධීන් ගලප ගලප හේතු හොය හොය ඉන්න ගියොත් උඹට මේ ජීවිතේ මදි ඒක හොයල ඉවර කරන්න. කොටින්ම කිව්වොත් ඒක හොයල ඉවර කරන්න උඹට හම්බවෙන්නෙ නැහැ. උඹ ලෝකෙ සිද්ධවෙන දේවල් වලට වඩා තමන්ගේ හිත ඇතුලට එබිල එතන හොයන්න පටන් ගන්න. උඹට ඕනෙ උත්තරේ එතන හම්බ වේවි.