නෑ මේක ජාවාස්ක්රිප්ට්ටයිප්ස්ක්රිප්ට් වල සම්බන්ධයක් නැද්ද මේකට![]()
ඔව් බං..කව්ද සැපයට අකමැති..ඕන එකෙක් කැමති නාල කාල බීලා සැපේ ඉන්න..අපයේ රාජා උනත් එහෙමයි..ඒත් උන්ට ස්ක්‍රිප්ට් එකෙන් ගොඩ එන්න බෑ..මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.
තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.
මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.
උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?
ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......
දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.
ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.
ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.
මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.
උබලට මොකද මේ ගැන හිතෙන්නේ?
පොඩ්ඩක් මේක ගැන හිතනකොට ආගම වගේ රාමු පොඩ්ඩක් ගලවල දාල හිතපන්.
හැම දේකටම හේතුවක් තියෙනව. Randomness එකටත් හේතුවක් තියෙනවpseudo randomness තියෙන්නේ true ramdomness නෑ. අපි අද රැන්ඩම් කියල හිතන් ඉන්න දේවල් හෙට වෙද්දි එහෙම නෙමෙයි කියල පෙනෙන්න පුලුවන්. හැම දේකටම හේතුවක් තියෙනව හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නෑ. sub atomic particals වල ඉදන් හැම දෙයක්ම ඉන්න හදන්නේ ලෝ එනර්ජි ස්ටේට් එකක. ඒකට මූ වෙන්න අනිවා මොකක් ්හරි පිටින් හේතුවක් තියෙන්න ඕන.
මම ආස නෑ මේව කතා කරද්දි ආගම ඇදල ගන්නව. මම දන්න විදියට Buddha කියල තියෙනව කර්මය කියන්නේ කොටසක් විතරයි කෙනෙක්ගෙ ඩෙස්ටිනි එකේ. අපිට ඕනනම් යම්තාක් දුරකට අපේ අතට කොන්ට්‍රෝල් එක ගන්න පුුලුවන් කියල.
මම කියන්නේ එහෙමත් බෑ කියල. වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.
සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.
thats wut im saying.හැම දේකටම හේතුවක් තියෙනව. Randomness එකටත් හේතුවක් තියෙනව

වෙන්න බෑ බන් සිංහලු එහෙම කරනව අඩුයි.උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මමත් මේ දේ ගොඩක් වෙලාවට හිතන දෙයක්. මම පහුගිය ටිකේ කීපදෙනෙක්ට මම දන්න සාස්තරේ කියලා දීලා උන්ව ගොඩ දාන්න පට්ට ට්‍රයි එකක් දුන්නා. ඒත් උන්ට ගොඩ යන්න කිසි උවමනාවක් තිබ්බේ. සමහර විට උන්ට ලියවිච්ච කතාවෙ ගොඩ යාමක් නැතුව ඇති.![]()
වෙන්න බෑ බන් සිංහලු එහෙම කරනව අඩුයි.

ඔව් මේක තමා ඇත්ත ඕක ඇත්ත උනත් බොරු උනත් ඔය ගැන හිතන එක වැඩක් නැඔයාගෙ තර්කෙට විරුද්දව කාටවත් මුකුත් කියන්න බෑ. මොනවා කිව්වත් ඔයා කියයි ඒක උගෙ script eka කියලා. මම කිව්වොත් හැමදේම අහබුවක් කියලා. ඒකත් එහෙමම තමයි. ඔහොම තර්ක වලින් තේරුමක් නෑ