මේක ඉතින් පොඩි පාපොච්චාරනයක් එල කිරි එකේ දුකටත් සැපටත් ඉන්න මගේ යාලුවන්ට.
මේ කෙල්ලව මම මුලින්ම දැක්කේ මම "ඒ ලෙවල්" කරන කාලෙ. එයයි මමයි එක ටියුශන් ක්ලාස් එකේ.
බිශොප්ස් එකට ගිය මේ කෙල්ල හරිම පොශ්... ඒත් හරිම ලස්සනයි, අහින්සක පාට වුනාට එයා ටිකක් වසයි. සමහර දවස් වල අපේ කොල්ලෝ සෙට් එක මේකිව විහිලුවට බයිට් කලාම, "ටූ මච් නෝ" කියලා ඒකිගෙ යාලුවන්ට කියනවා මට තාම මතකයි. හැබයි ඉතින් මම එයාට මොකුත් කිව්වේ නැහැ. ඉතින් මගෙත් එක්ක කිසිම තරහකුත් නැහැ. හැබැයි කිසිම කතාවකුත් නැහැ.
දවසක් එයාවයි මාවයි ටියුශන් එකේ ඔෆ්ස් එකේදී මූනට මූන මුන ගැහුනා. ඒත් ඉතින් මම ගල් ඉබ්බෙක් වගේ (ගොන් හරක් රජෙක් ඒ කාලෙ මම), මොකුත්ම කිව්වේ නැහැ.
හැබයි ඉතින් යටි හිතින් එයා මගේ මුලු ජීවිතයම බිලිගෙන හිටියේ. මට රේඩියෝ එකේ යන ආදර සින්දු වල ලස්සන දැනුනේ එයා ගැන හිතනකොට.
ඒත් ඉතින් මගේ 'පොන්ස්' ගති නිසා (ඒ දවස් වල), එයාව මගෙන් ඇත්වෙලා නැතිවම ගියා.
ගිය අවුරුද්දේ මම දැක්කා එයා විවහ වෙනවා කියල ෆේස් බුක් එකේ දාලා තියෙන්වා. (මම දැක්කේ එයා මගේ තවත් යාලුවෙක්ගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉඳලා). එදා මට ඇත්තටම ඇඩුනා... මගේ වෙන්න හිටිය ඒ කෙල්ලව කවුද තඩියෙක් බැදගෙන.
මේ අවුරුද්දේ මැද මම ආයේ දැක්කා ෆේස්බුක් එකේ, එයාට දැන් බබෙකුත් ඉන්නවලු කියලා..
මම තවමත් තනිකඩයෙක්... මම එයාට බනින් නැහැ... එයා මම මෙහෙම හිතනව කියලවත් දන්නැතුව ඇති. පව්.
මගේ කොන්ද පණ නැතිකම තමයි මගේ තනිකඩ පාලු ජීවිතයට හේතුව.
මට කෙල්ලෝ සෙට් වෙන්න වගේ ඇවිත් නැති වෙන්වා බන්... තවත් කෙල්ලෝ මට කැමතිවෙලා හිනාවුනත්, මට උන් ලගට ගිහින් "මම ඔයාට කැමතියි" කියන්නවත් බයයි. ඉතින්?
මොකද උඹලා හිතන්නේ?