මම හිරිකටු ඔයේ නාන්ට ගියා Pics +++
කොළඹ - බදුල්ල මාර්ගයේ බෙලිහුල්ඔය කි. මී. 160 කණුව අසලින් වමට ඇති නන්පෙරියල් වතු යාය හරහා දිවයන මාර්ගයේ කි. මී. 5.7 ක් පමණ ගිය විට ලෝකාන්තය කඳු පාමුල සෞන්දර්ය පරිසරයක් උරුම කර ගත් ප්‍රදේශයක හෝර්ටන්තැන්න ඔස්සේ ගලා බසින සෞම්‍ය වූ ශීතලකින් හෙබි ජලයෙන් පිරි හිරිකටු ඔය අසබඩ මෙම සුන්දර පරිශ්‍රය පිහිටා ඇත.
ලෝකාන්තය පාමුල හෝර්ටන්තැන්න ශ්‍රීපාද රක්ෂිතයෙන් ආරම්භ වන මෙම හිරිකටු ඔය ජල ධාරාව මහා වන පියස අතරින් සමනළ වැවටත්, එතැනින් වලවේ ගඟටත් ගලා බසී.
ලෝකාන්තය, ශ්‍රීපාද කඳු වළල්ල, හෝර්ටන් තැන්න හා ඉම්පීරියල් කඳු වැටියෙන් මෙම ප්‍රදේශය ආවරණය වී තිබෙන අතර, කුඩු දවුල, අල හෙළිය, බටදොඹ, අංකෙන්ද, බදුල්ල, බෝඹු, පිහිඹිය, පුස්වැල් ආදි තුරු ලතාවලින් ගැවසී ගත් මෙම වනය නෙල්ලි වැනි ඖෂධීය ශාකවලින් ද සමන්විතය.
එමෙන්ම දිවියා, වලසා, ඕලු මුවා, ඉත්තෑවා, මීමින්නා, හාවා ආදි වන සතුන්ගෙන් ද මෙම පරිසරය අලංකාර වී ඇත.
එහෙව් හිරිකටු ඔය මම ඉන්න ඉසව්වට ලඟ නිසාවෙන් පොඩ්ඩක් නා කියා ගන්න පහු ගිය සති අන්තයේ මෙතනට ගොඩ උනා. ඒ ගමන් පොඩි පින්තූර කිහිපයකුත් ගත්තා..
ඔන්න එහෙනං එහෙව් පින්තූර ටික අහවරයි.. බැලු හැමට ඉස්තූතියි

camerawa gatta passe trip ywa neda
saratama