සිල්ලර ,තොග කඩයක් විදියට පටන් අරගෙන වැඩේ නැගලා යනව නම් විතරක් ලොකු කරපන්. කඩේ ෆුඩ් සිටි මොඩල් එකටම හදපන්. උබ කඩේ කරන ලොකේෂන් එක, එන කස්ටමස්ලාගේ ස්වභාවය අනුව ලාබ /අලාබ තීරනය වෙනවා. බහුතරයක් මිනිස්සු ප්‍රසිද්ධ සුපර්මාකට්වලට ඇරෙන්න අනිත් ඒවට යන එක සෑහෙන අඩුයි මචන්. ප්‍රධාන ඒවගේ දෙන ඔෆර්ස්, කෙඩිට්කාඩ්වලට දෙන ඔෆර්ස්, ඊට අමතරව යුනිලිවර් එකේ බඩු රු 2000කට වඩා ගත්තම දෙන ගිෆ්ට් වගේ දේවල් නිසා මිනිස්සු ප්‍රධාන ඒවටම යන්න පුරුදු වෙලා තියනවා. මම උනත් නොදන්න පලාතකට ගියාම බඩුවක් ගන්න හොයන්නේ කීල්ස් එකක්, ෆුඩ් සිටි එකක්. උබ මම කියපු දේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.