දැන් දවස් තුනකට විතර කලින් 1st Semester එකේ GPA

එක ආවා

. අපේ Batch එකෙන් වැඩිම තියෙන්නේ මට

. Batch එක කිව්වට එච්චරම ලොකු එකක් නෙවෙයි

. ඔක්කොම ඉන්නේ 30ක් 40ක් විතර

. ඒත් ඉතින් මේක මට ලොකු දෙයක්. මොකද මට මේ වගේ දෙයක් මීට කලින් ලැබිලා නෑ

. දෙපාරක් ම A/L's කරලා, ඒකෙන් ගොඩයන්න බැරි උනු තැන

තමයි, මේ අවුරුද්දේ ජනවාරි වල මේ Course එක කරන්න පටන් ගත්තේ.
ඇත්තටම කියනවනම් බං, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ

, මම වැඩ කරපු විදිහට

. මම හිතාගෙන හිටියේ මම විභාගේ පාස් ඇති කියලා විතරයි

. මම වැඩ කරපු විදිහට මේ ලැබිච්ච ප්‍රතිඵලය මට ඉහටත් උඩින්


.
මම මේ Thread එක දාන්න හේතු උන එකම කරුනත් ඒක නෙවෙයි. ඊයේ හවස මට කොළඹින් ලියුමක් ආවා. මගේ 1st Semester GPA එකට, මට Half Scholarship එකක් Present කරනවා කියලා


. ඒ කියන්නේ මම ඊලග Semester එකට ගෙවන්න ඕන ගානෙන් බාගයයි(82000ක් ගෙවන්න ඕන නෑ, 41000යි ගෙවන්න ඕන). අපි කාගෙත් දෙමව්පියෝ අපිව මේ වගේ Course වලට යවන්නේ කහනවට නෙවෙයි නේ


. ආමාරුවෙන් සල්ලි හොයලා අපිව ගොඩ දාන්න හදන ඒ අයට මෙහෙම හරි සහනයක් දෙන්න පුලුවන් එක හුගක් වටිනවා

. හැබැයි මම මේක මහන්සි වෙලා ගත්ත ජයග්‍රහනක් නෙවෙයි. ඒක ගැන මට පොඩි දුකකුත් තියනවා


. මගේ වාසනාවට හරි මෙහෙම දෙයක් ලැබිච්ච එක සිරාවටම ලොකු හයියක්

.තාම මේ Semester එකේ වැඩත් හරියට Set කරගන්න බැරි උනා. ඒත් කරන්න පුලුවන් උපරිමය කරන්න Try එකක් දෙනවා

මම මේ Scholarship එක ගැනනම්, තාම අපේ Batch එකේ යාලුවොන්ටවත් කිව්වෙ නෑ
. අපි හැමෝටම හුගක් සමීප Elakiriයේ ඉස්සල්ලම සතුට බෙදා ගන්න හිතුවා
.
හැමෝටම ජය !!