මම lawyer කෙනෙක් උන හැටි..

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    102420669_958507591247242_7119189509507490343_n.jpg


    මම පොලොන්නරුවේ..පොලොන්නරුව කිව්වට තව බස් එකකින් ගිහින්..ඒකේ බැහැලා බස් එකේ ආපු දුර වගේ දුරක් පයින් යන්න ඕන..


    අම්මලට ඉස්සරම රජයෙන් දුන්න ඉඩම්..අක්කර කීපයක් දිලා තිබුනා ගොඩ මඩ දෙකෙන්ම..
    තිබුන එකම ආදායම් මාර්ගය වී ගොවිතැන..
    ඒක ඉතිං මේ කතාව කියවන මිනිස්සු දන්නව මේ පැත්තේ නම්..

    අපේ ගෙදර පොඩි ගෙයක්..කපරාරු කරලා නෑ..පොලොවේ සිමෙන්ති දාලා නෑ..සිවිලින් ගහලා නැ..හිතාගන්නකො තත්වේ..
    බොන්න වතුර නෑ..වතුර ගන්නේ සල්ලිවලට..අදත් එහෙමයි..
    දුප්පත් කමින් නම් අඩුවක් තිබුනේ නෑ..

    එක කන්නයක් නයවෙලා වගා කරනවා..අස්වනු නෙලලා ඒ ණය බේරනවා..ආයිත් ණයට ගන්නවා..ඕක තමයි අපේ ජීවන චක්‍රය..

    මමත් එක්ක පවුලේ ලමයි 6ක්..මම තමයි වැඩිමලා..නංගිලා 2යි..මල්ලිලා 3යි..වෙලේ වැඩ ගොඩාක් වෙලාවට මමයි අම්මයි තාත්තයි තමයි කරන්නේ..

    මම ගියේ ගමේ පාසලට..ඒකේ උසස්පෙල දක්වාම තිබුනා..අපි 4 දෙනෙක් පෝලිමට ඉස්කෝලේ යනවා..සෙරෙප්පු දෙකක් වත් නෑ එක්කෙනෙක්ටවත්..අපි පොත් අරං යන්නේ අතේ..එක පෑනයි ඒක සාක්කුවේ දාගෙන යන්නේ..

    මට ඉගෙන ගන්න ඕනකම තිබ්බා..අම්මා තාත්තා විශේෂයෙන්ම නංගිලා මල්ලිලා දුක් විදිනවා බලන්න දුකයි..මගේ සහෝදරයෝ ටික ගොඩදාන්න නම් ඉගෙනගන්නවා හැර වෙන දෙයක් කරන්න නැති බව තේරුණා..
    ඉතිං මම හොදට ඉගෙනගන්න උත්සාහකලත් ප්‍රශ්නම තමයි..

    මුදල් තමයි ඔක්කොටම හරහට හිටියේ..මම සා.පෙල. කාලේ එක අමතර පංතියකට ගිහින් නෑ..යන්න සල්ලි තිබුනේ නෑ..හැබැයි අපේ ගෙදරින් අපිට කන්න බොන්න අඩුවක් කලේ නෑ..

    මම AL කාලේ පංති යද්දි Tuition පංති දෙකකට ගියා..එක විශයක් හොදට පාසලේ ඉගැන්නුවා..අනිත් විශයන් දෙකටම ගුරුවරු හිටියේ නෑ..

    මම AL කාලේ කදුරුවෙල,ත්‍රීකුනාමලය,කතරගම වගේ බස් වල රෑට හවසට cool වතුර අඹ අච්චාරු විකිණුවා..ඕවා විකුනද්දි ඉස්කෝලේ ගුරුවරුන් ට එහෙම අහුවෙලා තියෙනවා ඒවා ඉතිං ගානක් නෑ..මට ඒ කාලේ හොද ආධායමක් තිබුනා..රෑ බඩු විකුණලා 12ට 1ට විතර බයිසිකලෙන් තමයි ගෙදර එන්නේ..ඒ එද්දි අලි එහෙමත් හම්බෙනවා ඕනතරම්..ඔන්න ඔහොමයි ජීවිතේ..ඊට පස්සේ මම උදේ 9 විතර වෙනකන් නිදාගන්නවා..
    මොකද ඉස්කෝලේ ගිහින් වැඩක් නෑ..
    අපිව හොයන්නෙත් නෑ හොයලා වැඩකුත් නෑ..ඇහැරුණවෙලාවට යනවා..
    අඹ තියෙන කාලෙට මම අඹ කඩලා හවස නංගිලාට දෙනවා නංගිලා ඉතිං ඒවා ගාණට හදලා තියෙනවා රෑට විකුණන්න යද්දි අරං යන්න..

    මට හොදට මතකයි චූට් නංගිට සපත්තු දෙකක් අරං දුන්න දවස..නංගි ඇඩුවා..
    ඒවා තමයි ඉස්සර අපේ හීන..මම ඒ කාලේ ඉදං නංගිලා මල්ලිලා ටික බලාගත්තා..
    පස්සේ මම හවසට වඩේ විකුනන්න පටං ගත්තා හැමදාම අඹ නෑනේ..වඩේ වැඩේ හොදට නැගලා ගියා..මම හම්බෙන සල්ලි වලින් නංගිල මල්ලිලා ටිකට හොදට ඉගැන්නුවා..කොටසක් සල්ලි අම්මට දුන්නා..

    මම OL ඉංග්‍රීසි ගණං දෙකම fail..මම බස්වල කෑම විකුනන්න ගත්තම සල්ලි තිබ්බ නිසා පංති ගිහින් ඒ විශයන් දෙකටම සම්මාන ගත්තා..AL මම Art කලේ..

    මම ගොඩක්ම පාඩම් කලේ රෑට..බස් එනකන් බලං ඉන්න ඕන ගොඩක් වෙලා..ඉතිං බස් එනකන් කලේ පාඩම් කරපු එක..මම පලමුවරින්ම කොලඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා..

    මම කැම්පස් එන්න කලින් full time අර බිස්නස් එක කලා...ඉංග්‍රීසි course එකකුත් ඒ කාලේම..
    සල්ලි ටිකක් එකතුකරගෙනමයි මම කැම්පස් ආවේ..

    කැම්පස් ඉන්න ගමනුත් මම පොඩි පොඩි දේවල් කලා..අත්තමට බදාම එහෙම අනන්න යනවා..බස්වල පත්තර කතාපොත් විකුණුවා..දොඩම් විකුණුවා..එකක් කියලා නෑ..
    ගොඩක් වෙලාවට රෑට තමයි..කැම්පස් ඉන්න නිසා..අදුරන අය හම්බෙයි කියලා බයයි..

    මම නංගිලා මල්ලිලා ඔක්කොටම ඉගැන්නුවේ ඒ සල්ලි වලින් තමයි..මම උපාධිය අවසන් කරලා ජ්‍යෙෂ්ඨ නීතීවේදී අයියා කෙනෙක් ලග වැඩකලා..හැමවෙලේම ඔලුවේ තිබුනේ නංගිලා මල්ලිලා අම්මා තාත්තා තමයි..

    කියන්න සතුටුයි නංගිලා මල්ලිලා 5 දෙනාම කැම්පස් ගියා..මල්ලිලා දෙන්නෙම ඉංජිනේරුවෝ..
    නංගිලා එක්කෙනෙක් නීති පීටයේ..එක නංගි කෙනෙක් වෛද්‍යවරියක් අනිත් නංගි නර්ස් කෙනෙක්..මට පුදුම සතුටක් දැනෙන්නේ..
    නංගිලා මල්ලිලා හැමෝගෙම වැඩකරලා මම බැන්දේ අවුරුදු 36න්..

    මම ඉන්න ගේ සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ නංගි..ඉඩම අරං දුන්නේ මල්ලි..මොකද මම හම්බකරපු හැම සතේම ඔවුන් වෙනුවෙන් වියදම් කලේ...ඔවුන් ඒ නිසා මං ගැන ඕනවටත් වඩා හිතනවා..පොඩි නංගි විතරයි බදින්න ඉන්නේ..

    කාටහරි ආදර්ශයක් ගන්නයි මේ කතාව ලිවේ..මම කටින් කිව්වා..ලිව්වේ නිලන්ත මල්ලි තමයි ගමේ ආපු වෙලාවක..ස්තූති ඒකට..

    අපිට තිබුණ ප්‍රශ්න එක්ක බැලුවම අදකාලේ ලමයිට තියෙන්නේ ප්‍රශ්නද...දෙමව්පියන් තමයි බහුතරයක් ලමයි නරක් කරන්නේ..
    ලමයිට දුක් විදින්න දෙන්න නොවෙයි මම කියන්නේ..ලමයිට ජීවිතේ කියලා දෙන්න ඕන..

    (නිලන්ත පොන්නම්පෙරුම)
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ ජීවිතේ ගොඩ යන්න ලැබෙන ලොකුම තැන තමයි ඉගනීම.
    මටත් ඔලුවේ තියෙන ප්‍රශ්න නිසා මගේ ඉගනීම් වැඩ අනාගත්ත.දැන් නම් අනාත වෙලා ඉන්නේ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ කතාව කියෙව්වම හිතට මාර ගැම්මකුයි තරහකුයි ආවා .ගැම්මක් ආවේ උත්සහයෙන් සහ ඉගෙනීමෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතලා.
    තරහක් ආවේ අපි ගොඩක් දෙනෙක් අරක නෑ මේක නෑ කිය කියා කොච්චර නහයෙන් අඬනවද ? සමහර අය ජීවිතේ පවා නැති කරගන්නවා.හිත ඇත්තම් පත කුඩාද ?
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    ජීවිතය දිනන්න හිතන ඔබට..ඉගෙන ගන්න දරුවන්ට අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් ලෙස හදුන්වන්න පුලුවන්..

    ජීවිතය ගොඩනගාගන්න වැදගත්වන සත්‍ය කතා රාශියක් අන්තර්ගතයි..

    තැපැල් මගින් ලැබෙන්න සැලැස්විය හැක..

    මිල 400/= 0716747839

    100620513_944805292617472_2852308435771326464_o.jpg
     

    blue_in_rio

    Well-known member
  • 102420669_958507591247242_7119189509507490343_n.jpg








    කියන්න සතුටුයි නංගිලා මල්ලිලා 5 දෙනාම කැම්පස් ගියා..මල්ලිලා දෙන්නෙම ඉංජිනේරුවෝ..
    නංගිලා එක්කෙනෙක් නීති පීටයේ..එක නංගි කෙනෙක් වෛද්‍යවරියක් අනිත් නංගි නර්ස් කෙනෙක්..මට පුදුම සතුටක් දැනෙන්නේ..



    (නිලන්ත පොන්නම්පෙරුම)
    මමත් එක්ක පවුලේ ලමයි 6ක්..මම තමයි වැඩිමලා..නංගිලා 2යි..මල්ලිලා 3යි..වෙලේ වැඩ ගොඩාක් වෙලාවට මමයි අම්මයි තාත්තයි තමයි කරන්නේ..






    කියන්න සතුටුයි නංගිලා මල්ලිලා 5 දෙනාම කැම්පස් ගියා..මල්ලිලා දෙන්නෙම ඉංජිනේරුවෝ..
    නංගිලා එක්කෙනෙක් නීති පීටයේ..එක නංගි කෙනෙක් වෛද්‍යවරියක් අනිත් නංගි නර්ස් කෙනෙක්..මට පුදුම සතුටක් දැනෙන්නේ..



    (නිලන්ත පොන්නම්පෙරුම)


    :baffled::baffled:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    wow patta. tawa issarahata palayan macho. umbe gamana tawa iwara ne. ochhara loku target ekak cover kala kiyanne umbata karanna beri deyak ne
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අපේ ජීවිතේ ගොඩ යන්න ලැබෙන ලොකුම තැන තමයි ඉගනීම.
    මටත් ඔලුවේ තියෙන ප්‍රශ්න නිසා මගේ ඉගනීම් වැඩ අනාගත්ත.දැන් නම් අනාත වෙලා ඉන්නේ.

    boru kathawak. ona tharan nugaththu sallikarayo wela thiyenawa. Standard Education kiyanne amulika prodawak
     
    • Like
    Reactions: Tharaka_x

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    රෙස්පෙක්ට් තමන්ගේම උත්සාහයෙන් තමන්ගේ පවුලේ අනික් අයවත් නැගිට්ටගෙන ආපු ගමනට. :love: :love: :love:

    හැබැයි ඉතින් හැමෝටම ඉගෙනගන්නත් බෑ, එහෙම පොතේ පතේ ඉගෙනගන්න බෑ කියල හැම මනුස්සයටම දියුණු වෙන්න බැරිකමකුත් නෑ. ඉස්සර තමා පොතේ පතේ ඉගෙනීම එක වුනේ. අද එහෙම කාලයක් නෙමෙයි. ඕනෑම හැකියාවක් විකුනන්න පුළුවන්. වෙනස් විදිහට හිතන එක විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: Tharaka_x

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mara Depress una meka kiyawala. Sirawata. Sathutuyi uba gana. mama AL kela karagaththa, ita passe kelo gaththa. 25 + welath kalakanni wage thama inne. dan thama tikak hari back to track watenna hadanne,