මම එදා දැම්මනේ වයිෆ්ගේ මුනේ හීනෙන් අත වැදුනා කියලා. නැහැ මම ඇත්තටම ගැහුවා. මට නිතර කේන්ති යනවා. බ්ලොක් එකක වාහනයක් වත් අරං යන්න බැහැ තරහයි. කලර් ලයිට් එකක ගොලුබෙල්ලෙක් වගේ යන එකෙක් දැම්මම බැහැලා මරාගෙන කන්න හිතෙනවා. එදා මම වයිෆ්ට ගැහුවේ රණ්ඩුවක් වෙලා. හීනෙන් අත වැදුණු එකට අමතරව අනිත් ඔක්කොම කතා ඇත්ත. එදා ඇත්තටම වයිලගේ ගෙවල් පැත්තෙන් බන ගෙදරක් තිබ්බා. එයාට උදේම එහෙ යන්න ඕනේ කිවුවා. මම කැමති උනේ නැහැ ඒකට. මොකද ඒ මිනිස්සු මට අඩු පාඩු කරනවා. තමුසෙට මට වඩා පවුලේ එවුන් ලොකුයි නේද කියලා බැන්නා. ඒක දුර දිග ගිහින් මගේ ඉවසීම පැනලා මුනට එකක් ගැහුවා. ගැහුවට පස්සේ තමා මට කරපු අස්සිකිත වැඩේ තේරුනේ.එතකොට ඉතින් පරක්කු වැඩි. ඇහැ යට කළු වෙලා ඉදිමිලා තිබ්බේ. එදා උණු බත් වලින් තවලා ප්ලාස්ටර් ගහගෙන බණට ගියා.පහුවදා උදේ උදේ ඩොක්ටර් ලගට ගියා බෙහෙත් ගන්න. පඩි පෙලෙන් වැටුනා කියල අපි ඩොක්ටර් ට කිවුවට එයා ඒක විස්වාස කරේ නැහැ. ඩොක්ටර් මගේ දිහා බැලුවේ අසික්කිත විදිහට. එයා දැනගත්තා මන් ගහලා කියලා. මං බයේ හිටියේ ඩොක්ටර් පොලිසියට වත් කෝල් කරයි කියලා. ඒත් එහෙම උනේ නැහැ වාසනාවට.
ලොකුම අවුල කියන්නේ මම ගැහුවට වයිෆ් මාත් එක්ක තරහා උනේ නැහැ. එයා කිවුවා ඒක එයාගේ වරද සමාවෙන්න කියලා. මට ඒක අහලා පපුවේ අමාරු වගේ.මේ මම වයිෆ්ට ගහපු පලවෙනි වතාව නෙවේ. මම වෙලාවකට එයාට ගහනව. එතකොට එයා අත් දිග බ්ලවුස් දිග ගවුම් එහෙම අදිනවා ගහපු පැල්ලම් වහ ගන්න. මම පයින් පවා ගහලා තියෙනවා. ඒත් එයා මට අතක් වත් උස්සලා නැහැ මේ වෙනකන්. මට පට්ට ආදරෙයි. මට එහෙම එයාට ගහන්න හිතෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මට ගහන්න ගහන්න ආස හිතෙනවා. මට ඕනේ එයාට රිද්දන්න. මම යක්ෂයෙක් වගේ. මට තේරෙන්නේ නැහැ මට මොනවා වෙලාද කියලා. කොච්චර උනත් එයා මේ වගක් කාටවත් මේ වෙනකන් කියලා නැහැ. අපේ අම්මා ගෙදර ආපු වෙලේක එයාගේ අත නිල් වෙලා තියෙනවා දැකලා අපේ අම්මා මට හොදටම බැන්නා. මට ගෙදරිනුත් පලයන් කියලා එලෙවුවා. ඒත් මම එයාට නිතරම ගහනව කියලා කවුරුත්ම දන්නේ නැහැ. වයිෆ්ට ඕනේ නම් පොලිසි ගිහින් මාව ඇතුලට දාන්න තිබ්බා. මොකද ඕනේ තරම් ශාක්සි තියෙනවා. මට මේක මහා වදයක් මට මැරෙන්න හිතුන අවස්ථා පවා තියෙනවා.එයා එච්චර මට හොදට සලකලත් මට මෙහෙම කරන්න හිත දෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මම බැලුවේ කවුන්සිලින් යන්න. මට තවත් මෙහෙම ගැනියෙක්ට වදදෙන්න ඕනේ නැහැ. මට මං ගැන තියෙන්නේ පුදුම ලැජ්ජාවක්. මම මේ අසික්කිත වැඩේ මෙතන දැම්මේ මගේ හිත නිදහස් කර ගන්න.ඔයාලටත් කියන්නේ කවදාවත් ගනියෙක්ට අත උස්සන්න එපා. එහෙම උස්සපු පලවෙනි පාරම අවශ්‍ය උපදෙස් අරන් වෙනස් වෙන්න. මොකද එක පාරක් දෙකක් කාරාම මේකට ඇබ්බැහි වෙනවා.