මම_ඔබෙන්අසමි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

    "අපිට ජීවත් වෙන්න කොහෙත්ම ඕනෙ වුනේ නෑ ඩොක්ටර්, අම්මා උස්සන් ගිහින් ළමා වාට්ටුවේ තියාගෙන කොහොම හරි ජීවත් කෙරෙව්වා" කියමිනි.
    "ඩොක්ටර් අපි කොච්චර දුක් විඳිනවද ! ඇයි ඔයාට අපේ කතා ලියන්න බැරි. " කියා මාස කිහිපයකට කලියෙන් ද මා කලින් වැඩ කළ ඒ වාට්ටුවල දැරියක් මා හමුවේ චෝදනා රැසක් ගෙන හැර පෑවා.

    වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ.

    ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත්

    "ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුනාම ජීවත් වෙන එකක් නෑ"

    කියන වචන ටික එක්ක, මාස 9 ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා.

    අනික් අම්මලා, ප්ලාස්ටික් කූඩ වලට, පොඩි ඇඳුම්, නැපී අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුනෙන් ඇඳකට වෙලා බලන් ඉන්නවා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා ඇති දරුවා බිහි කරන්න. ඊට පස්සෙ කිරි එරෙන නමුත් එයාට ඒවා නවත්තගන්න වෙනවා.
    " තදින් බ්‍රා එක්ක් අඳින්න අම්මේ, එහෙම නැත්නම් කිරි ගල් වුනාම බෙහෙත් දෙන්න වෙනවා, ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.
    "මම කොහොමද තව ළමෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය තරහ අප දෙසට පිට කරනවා.
    "ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා නර්ස් මිස්ලා කොඳුරනවා.

    ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාධියට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් එහෙම නොවුනොත් නේද පුදුමේ. ඇයි මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැක්කේ. මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුනාට ඊට එහා යමක් කරන්න බැරි කමක් තිබුනා.

    මේවා දැක දැකම මම ගර්භනී සමයක් පසු කළා, සායන වලට ලෙඩ දරුවන්, අතින් කරින් උස්සාගෙන, දර කොට වගේ අත පය වලංගු නැති උපත් ආබාධ සහිත දරුවන් උස්සන් එන අම්මලා දකිමින් මම ගර්භනී අවධියක් පසු කළා. ඇතැම් විට ඉපදුණු ගමන් ශ්වසන මෙවලම් හයි කරගෙන නොමේරූ ළදරු ඒකක වලට දරුවන් ගෙන ගියා. ඇතැම් දරුවන්, මොළය නැතිව, අත පය නැතිව, ඉපදෙනකොට, ඒවා බලන්න යන්න එපා කියා අනිත් වෛද්‍යවරුන් මාව ඒ වාට්ටුවේ වැඩ වලින් නිදහස් කළා.

    මගේ මිතුරියක් එහෙම උපත් ආබාධ සහිතව අඩු සති ගණනකින් ඉපදුන දරුවා සමග දැන් විවිධ වූ කථන, කායික පුහුණු චිකිත්සා වලට දුවමින්, විශේෂ දරුවන්ගේ පාසැල් වලට දරුවා යොමු කරමින් යෙදෙන යුද්ධය මම දැක දැක. මනසින් බොහෝ වේදනා වින්දා.

    ඒත් එහෙම දරුවෝ දිගටම ඉපදුනා.

    මොකුත්ම කරන්න දෙයක් තිබ්බේ නෑ. "ඒක එයාලගෙ කර්මය" කියලා ෆේස් බුක් එකේ කී බෝඩ් වීරයෝ ලියලා තිබ්බා.

    ඒත් සානුකම්පිත වෙන්න පුරුදු වෙච්ච හදවත් ඇති අපට මේ දේවල් මහ විශාල කම්පනයක් ගෙන ආවා.

    මේ මම එවැනි මොළය රහිත දරුවෙක් උපදින කම්, ප්‍රසූතිකාගාරයේ බලාගෙන හිටපු හැටි...මට දැනුන හැඟීම මම මෙහෙම සටහන් කරලා තිබුනා.

    feeling emotional.
    December 7, 2015 ·
    Holding a heart in my hands while waiting for an anencephaly baby to be delivered ....heart throb ! I hate my job at times like this..

    ( හදවතක් අතේ දරාඑන මම , මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මගේ රස්සාවට දැඩිව වෛර කරනවා මේ වගේ අවස්ථා වල - එහි තේරුම යි)
    මාස නමයක් දරු ගැබ සපිරුණත් අත පය ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුනේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.

    " මොකුත්ම කරන්න බැරිද " කියමින් තමන්ගේ එළියට නෙරා නොපෙනුන උදරය දිහා බලමින් අම්මලා කන් කෙඳිරි ගෑ අයුරු මතක් වෙනවා.

    " අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජිවිතේට හානියක් වෙනවනම් මිසක කළලයක් ඉවත් කරන්න බෑනේ" අපේ සර් පැහැදිලි කළා

    "මගේ ජීවිතේට හානියක් තමයි " ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

    නොවැඩුනු කළලයක්, සමග ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ඒ අම්මා ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. කවදාවත් අපේ සායනයකට ආවේ නෑ.

    "එයා කොහොමද සතුටෙන් ආයේ සායන වලට එන්නේ. එයාට බලාගන්න හොඳක් තියෙනවද ? නෑනේ" මට එහෙම හිතුනා.

    ඒ අම්මා ඒ දරුවා ප්‍රසූත කළත්, ඒ මාළුවෙක් සිහි ගැන්වෙන දරුවා, ( කකුල් දෙක එකට හා වෙලා, ඔළුවේ මොළය නෑ, පිට ඇරිලා, සුෂුම්නාව සහ ඇතුලේ කොටස් පේනවා ) ඇස් දෙක එළියට පැනලා තිබුනා. ඒ බබා බලලා තවත් කෑ ගහලා ඇඬුවා.
    ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. මගේ කරුමෙට මම මනෝ වෛද්‍ය අංශයෙත් වැඩ කළා. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරි වුනා.

    එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුනා. ඉපදිලා බොහෝ සේ දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුනා !
    එහෙම ළමයි බිහිවෙන්නෙ ඇයි මේ ලෝකෙට. ! අන්න ඒක මට නිතරම හිතුන දෙයක්.

    බොහෝ දුරට අපි ස්කෑන් වලින් මේ සංකූලතා අඳුන ගන්නවා. එවැනි දරුවන් බිහි වෙද්දි ළමා වෛද්‍යවරයාගේ සිට සියළු දෙනාට දන්වා තිබෙන්නෙ. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් පණ ඇදලා මිය යනවා. ඒක තමයි ඇත්ත.
    ඒ අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට , නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුනා.

    අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ, හරි හමන් ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව් ඒක තමයි කටුක යථාර්තය.
    මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාස වල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල් වලට එවනවා.
    එතකොට මට හමුවුන දරුවෙක් කීවේ " අපෙ අම්මා ඇයි මාව ඉපදුණු ගමන් මරලා දැම්මේ නැත්තේ ඩොක්ටර්, ඇයි මාව මෙහෙම දුක් විඳින්න අත ඇරලා ගියේ" කියලයි

    මේවගේම ජානමය රෝගයකින් දුක් විඳින තරුණ දරුවෝ පිරිසක් මම දන්නවා. මම ඔවුන්ට යහළුවෙක් වගේ. "ඩොක්ටර් ඔයා ඔච්චර කතා ලියනවා අපේ මේ දුක්බර ජීවිතේ ගැන ලියන්න බැරිද? " කියලා කෙනෙක් අහනවා.

    පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ජා තියලා කියද්දිත්, මෙච්චර දුක් විඳිමින් අම්මලා දරුවන් , ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඔයා ඔය දුක විඳගන්න කියලා කියන්නේ ?

    බෞද්ධාගමික පරිසරයක හැදුණු මම ද, ගබ්සාවට , ජීවියෙක් මරණ එකට විරුද්ධ නමුත්, මම වෛද්‍යවරියක් වෙලා, මේ දුක සහ මේ මිනිස් හදවත් වල සැබෑ ස්වරූපය දකින්න ගත්තම මම මගේ අදහස වෙනස් කර ගත්තා.

    ලිංගික හිංසනයට පත් වූ කතුන් සහ දැරියන්, ඔවුන්ට අවශ්‍ය නැති කළලයක් දරාගෙන ඉන්න ඕනෑ නැති බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා. මරණීය ආබාධ සහිත දරුවන් මෙලෙස බිහි වුනත් මිය යන කළල යන මේ හේතු කාරණා දෙකේදී පමණයි අවසරය ලබා දෙන්නට හදන්නේ. ඒත් ඔබ මා හොඳාකාරවම දන්නවා දිනකට ගබ්සා විශාල ප්‍රමාණයක් හොර රහසේම සිදුකරන තැන් සහ පුද්ගලික ස්ථාන ඇති බව.

    "අම්මෝ ඩොක්ටර් මම නම් කරන්න තියෙන ඔක්කොම ටෙස්ට් කරනවා" එක මිසී කෙනෙක් කියයි. අපි දෙන්නාම වීදුරුවෙන් පෙනෙන trisomy 21 ගෙවත් downs සින්ඩ්‍රෝමය ඇතිව ඉපදුණු දරුවෙක් රැඳි ඉන්කියුබේටරය අසල ඇති ඔක්සිජන් ප්‍රතිශතය මැනෙන උපකරණය දිහා බලාගෙන සිටියෙමු. මේ දරුවාගේ හර්ද සංකූලතා ද එමට ය. මේ අම්මාගේම පළමු දරුවාද, උපත් ආබාධ සහිතව, මන්ද මානසික තත්වයේ පසුවේ. දෛවය ඔවුන්ට බොහෝ සේ අකාරුණික වී තිබේ.

    මේ අතර නිෆ්ටි, ට්‍රිපල් ටෙස්ට්, වැනි නම් වලින් බොහෝ ජානමය ලක්ෂන හඳුනා ගැනෙන රුධිර පරීක්ෂන ඇති හැකි පවුල් වල ගර්භනී මව්වරුන් කරගනු ලබනවා. ඉතින් ජානමය ආබාධ උපත් ආබාධ ඇතැයි ඔප්පු වුනොත් ඒ කළල දිගටම ඔවුන් තියාගෙන ඉන්නවා දැයි මම ඔබෙන් අසමි. !

    ලිංගික හිංසනයට ලක් වූ අය, සල්ලි විය පැහැදම් කරන්නට නොහැකි වු අසරණ කාන්තාවන් මෙලෙස දුක් විඳින කල, ඇති හැකි අය පමණක් සැපෙන් සනීපෙන් දුක් නොවිඳ දරුවන් හැදිය යුතුයැයි පවසන ෆේස් බුක් ප්‍රජාව දෙස මා කම්පිතව බලා සිටින අතර මෙහෙම රටක අපි තවමත් මේ දරුවන් ගේ දුක දරමින් අම්මලාගේ දුක දරමින් වෙහෙසෙමු.

    අනිත් කොන
    වෛද්‍ය බෝධිනී සමරතුංග.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.
    ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත සිහියට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.

    අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.
    එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය(යුද්ධය ඉවර නිසා) මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.
    නමුත් ඔහු කියා තිබුනේ ඇය බොරු කියන බව. අධිකරණ වෛද්‍ය සාක්ෂි කැඳවන්නට පොලීසියට පැමිණිලි දමා ඇය පරිවාසය ඔස්සේ කන්‍යාසොයුරියන් විසින් පාලනය කරන ළමා නිවාසයට බාර කර තිබුනා.
    හඳුනා ගනිද්දී ඇගේ දරු ගැබට සති විසිපහක් වුනා. ඇය මේ වන විට අවුරුදු 13 විය එළඹ සිටියා. බොහෝ දරුවන්ට මේ දේවල් ගැන දැනුමක් නෑ , බඩ ලොකු වෙද්දි තමයි මේ අය එන්නේ. ඇයට ඕනෑ වුනේ නෑ දරුවා.. ඇය දරුවා පරිවාසයට බාර දුන්නා.
    මට තවම මැවී පෙනෙන්නේ, ඇය වාට්ටුවේ ඇඳ මත සිට, හවස කාටූන් යන විට ටී වී එක දිහා බලන් ඉන්න හැටි. මම දහස් වර හිතෙන් හඬා වැටුනා. ඇතැම් විට පපුව රිදෙන්න තරම් ඒ කම්පන බලවත් වුනේ අපි මනුස්සයන් නිසා වෙන්න ඇති.
    ඇය දරුවා ප්‍රසූත කරන්නට ආවේද මම වැඩ කරන වාට්ටුවටමයි. ඇයට ප්‍රසූත වේදනා එඅ විට විශේෂඥ වෛද්‍යවරයා කීවේ සාමාන්‍ය ආකාරයෙන් ප්‍රසූත කරවන්න පුළුවන් වෙයි. සැත්කමක් කරලා මෙච්චර පොඩි වයසෙම එයාට අසාධාරණයක් කරන්න ඕනේ නෑ කියලයි. (මෙයට වෛද්‍ය විද්‍යාත්මක හේතු තියෙනවා).
    ඇය ප්‍රසව වේදනා දරා ගනු නොහැකිව කෑ ගහපු හැටි, දඟලපු හැටි මගේ හිතේ අදටත් කම්පනයන් ඇති කරන දර්ශන ලෙස මතකයට නැගෙනවා.
    මට මතක් වෙනවා, තමන්ගේ තාත්තා විසින් හෝ නෑයෙක් විසින් දූෂණය කරන ලද දැරිවියන් ගැන. ප්‍රමාණය මතකයට නොනැගේ. ඒ තරම් හිත සසල කළ සිදුවීම් වෛද්‍ය සේවයේ යෙදෙන මට දරාගන්නට බැරි වුනා නම්, ඒ පොඩි හිත් වලට කොයිතරම් කම්පනයන් ගෙන ආවේ දැයි මට සිතේ.

    එක් දැරිවියක් අප වෙත පොලිසියෙන් බාර දුන්නේ ඇගේ අවුරුදු 8ක කුඩා නැගණියද සමග ය. ඇය අවුරුදු 13 වයස් වූ අතර පියාගෙන් ලැබුණු තිලිණය සති 12 ක කළලයක් ලෙස වැඩෙමින් තිබුනා. මව ගෘහසේවිකාවක ලෙස මැදපෙරදිග රැකියාවකට ගිහින් තිබුනා.
    අක්කාට මේ දේ කළත් ඇය නිහඬව සිටි අතර නංගීටද අතවර කළ පියා ගැන ඇය අසල්වැසි කාන්තාවක් මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවට කියා තිබුනා.
    ඔවුන් දෙදෙනාගෙම ලිංඟාශ්‍රිතව, බෝවන සමාජ රෝගයක ලක්ෂන වන සැරව බිබිලි තුවාල මතුවී තිබුනා.
    "bastard ! , must have gone around too giving these innocent kids this disease" විශේෂඥ වෛද්‍ය තුමන් තරහින් පැවසූවේ මොවුන් පරීක්ෂා කරන අතර තුර.
    වාසනාවකට, ඒ දැරිවිගේ කළලය ගබ්සා වුනේ ඇය රෝහල් ගතව සිටියදී.
    අප ඇයට අත්වෙන්නට ගිය ඉරණම වෙනස් වූ බව ඇයට කියද්දී
    "ඒක එහෙම වුන එක දේවාශිර්වාදයක්" ලෙස ඇය කීවා. ඔවුන් ගැන බොහෝ දුක හිතුනා.
    මේ කතා ගොන්නෙන් කිහිපයක්. තව මෙවැනි ලියූ නොලියූ කතා බොහෝමයි.

    ඊළඟට මට හමුවෙන ජාන විකෘති සහිත දරුවෙක්ට ජීවිතය ගැන කතා බස් කරද්දී " ඇයි ඩොක්ටර් මගෙ අම්මට මාව පොඩි කාලෙම මරලා දාන්න බැරි වුනේ " කියා මගෙන් ඇසුවා. ඔහුට දුක් විඳින්න, ළමා නිවාසෙක අත හැර ගිය මව ට ඔහු සදාකාලිකව වෛර කරමින් සිටියා.

    තැලසීමියාව නම් ජාන රෝගය වැළදී සිටි දරුවන් සමග වැඩ කරද්දී එවැනි අක්කා නගෝ දෙන්නෙක් කීවේ, "අපිට ජීවත් වෙන්න කොහෙත්ම ඕනෙ වුනේ නෑ ඩොක්ටර්, අම්මා උස්සන් ගිහින් ළමා වාට්ටුවේ තියාගෙන කොහොම හරි ජීවත් කෙරෙව්වා" කියමිනි.
    "ඩොක්ටර් අපි කොච්චර දුක් විඳිනවද ! ඇයි ඔයාට අපේ කතා ලියන්න බැරි. " කියා මාස කිහිපයකට කලියෙන් ද මා කලින් වැඩ කළ ඒ වාට්ටුවල දැරියක් මා හමුවේ චෝදනා රැසක් ගෙන හැර පෑවා.

    අප ළමා වාට්ටුවට, මානසික ඒකකයෙන් ළදරුවන් යොමු කරයි. මොවුන් ඇති දැඩි වෙන්නේ, සාත්තු සේවිකාවන්ගේ සෙවනේය. මව එක්කෝ හිර ගත වී ඇත, නැත්නම් මනෝව්‍යාධියකින් අසනීප වී දරුවා එපා කියා අයින් කර සිටී.
    ළමා රක්ෂණ අධිකාරියේ ළමානිවාසයකට ගෙන යන තෙක් දරුවන් බාර කරන්නේ රෝහල් වලටය. එයින්ද මානසික ඒකකයට එවන පිරිසකුත් සිටී.

    "මෙයාගේ අම්මා මානසික රෝගියෙක්. තාත්තෙක් නෑ. මේ ළමයා අරගෙන මෙයාගේ අම්මාගේ නංගි කෙනෙක් හිඟා කද්දී, එයාවයි ළදරුවාවයි අල්ලලා උසාවි දාලා, උසාවියේදි, මෙයා ඉදිරිපත් වෙලා අර මෙයාගේ පුංචිව නිදහස් කරලා, දැන් මෙයා තමා අත් අඩංගුවේ ඉන්නෙ. එතකොට මෙයා කියන්නේ එයා දන්නේ නැතුව ළමයා අරන් ගිහින් තියෙන්නෙ කියලා" අපෙ ප්‍රශ්න හමුවේ මේ කතා දිග හැරේ.

    1. තමන්ට උවමනා නැති ඉරණමකට බලෙන් තල්ලු කරන ලද ගැහැණු සහ දැරිවියන් , ජීවිත කාලයක්ම තමන්ට අනවශ්‍ය දරුවෙක්ගේ බර දරාගෙන ජීවත් විය යුතු ද ?
    අපේ රටේ එවැනි දරුවන් , මවට එපා කියන දරුවන්, සියල්ලෝම අන්තිමට නවතින්නේ, රජයේ ළමා නිවාසවල ය. හදා ගන්නට කෙනෙක් ඉදිරිපත් නොවුනොත් මොවුන් ඒවායේ උස් මහත් වේ.

    එනිසා මේ සම්මත වුනු ගබ්සා නීති ගැන මේ මොහොතේ විරුද්ධව බණ කියන්න එන කවුරුන් හෝ වෙත්නම් ඔවුන් ගැන දැනෙන්නේ පිළිකුලකි. මන්ද ඔවුන් හැමටම වඩා ,
    මේ ගැහැණුන් සහ දරුවන් විඳින දුක හොඳින්ම දැකිය හැකි ඒකක කිහිපයක මා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරන නිසා ය.
    ඔව් එය ජීවියෙක් කළලයක් වැනි බොහෝ තර්ක තිබෙනවා. හැකිනම් රජයේ ළමා නිවාස වලට ගොස් බලන්න.

    2. කරදර කාරී ප්‍රතික්ෂේපිත පරිසරයක වැඩෙන්න සිදුවෙන ඒ දරුවා ඊට වඩා අමාරු ජීවිතයක් ගත කරනවා නොවෙ ද ?

    3.මේ මව්වරුන් ට තනිව දරු බර දරන්නට වීමෙන් ඔවුන් පත් වෙන කරදරකාරී තත්වය ගැන අප සංවේදි වෙනවා ද ?

    4. අප දකින්නේ පණ ඇති ගැහැණු ය. පණ ගැහෙන ජීවී ගැහැණියකගේ , ගැහැණු දරුවෙකුගේ ජීවිතය තමන්ට අනවශ්‍ය තමන් ඉල්ලූ නැති, කාටවත් වගකිව නොහැකි ජීවියෙකුගේ බරක් සමග ඉතිරි වෙනවා නම් ඒ දරුවා ඉන්පසු සමාජයේ නොයෙකුත් අකටයුතුකම් මැද දිවි ගෙවනවා නම් එය කොයි තරම් නම් සමාජ ඛේදවාචකයක්දැයි ඔබ මදකට සිතුවා ද ?

    motherhood is a choice ! මාතෘතවය යනු ස්ව කැමැත්තක් !
    අප හමුවට විවිධ වූ සංකූලතා ඇතිව , හොර ගබ්සා කරුවන්ගේ අලකලංචි නිසා අසාධ්‍ය තත්වයෙන් පසුවන ගැහැණුන්ද දරුවන් ද, පැමිණේ, මා විටින් විට ඔවුන් ගැන ලියා තැබුවා ඔබට මතක ඇති.
    ජීවී වේවා අජීවී වේවා, ජීවත්වෙන්නට ඇති අයිතිය ගැන පඬි වදන් දොඩවන මහතුනි, නෝනාවරුනි, ඔබ අසල ඇති මහ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයට ගොස් ඇත්ත තත්වය වටහා ගන්න!

    ඇගේ ගර්භාෂය ඇගේ ය. ඒ ගැන තීරණයක් ගැනීමට ඇයට නිදහස තිබිය යුතු ය !
    මේ ගබ්සා නීති ගෙන ආවේ බොහොම සාධාරණ මානුෂීය හේතු සහිත කාරණා දෙකකදී ය ! එනිසා මම ඒවාට එකඟ වෙමි.

    අනිත් කොන බ්ලොග් අඩවිය
    වෛද්‍ය බෝධිනී සමරතුංග
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව කියල වැඩක් නෑ :no: අපේ රටේ ඉන්න ගෝත්‍රිකයො අදහස් වෙනස් කරගන්න සූදානම් නෑ :no: අපි තාම ඉන්නෙ මීට සියවස් ගානකට කලිං යුරෝපෙ තිබුණු තැන. මුස්ලිම් අන්තවාදී රටවල් මට්ටමේ. පිරිමි තමා නෑ ගෑණු අය එහෙම ගබ්සා කරගන්න කැමති නෑ විකෘතිතා සහිත ලමෙක් වුනත් හදාගන්න කැමතියි කියල පණ්ඩිත කම් කියවන්නෙ. විකෘතිතා සහිත ලමයි බිහිකරල දූශකයන්ගෙ ලමයි බිහිකල්ල ජාතිය රැකගන්න පුලුවන් කියල හිතන මුස්ලිම් උන්ට නොදෙවනි කාලකන්නින්ගෙන් පිරිච්ච සමාජයක් මේ රටේ තියෙන්නෙ :( තව සමහරු හිතං ඉන්නෙ පනත සම්මත වුනාට පස්සෙ විකෘතිතා සහිත ලමයව හදාගන්න කැමති නම් ඒත් බෑ බලෙංම වගේ ගබ්සා කරවනව කියල :( දොස්තරලට කරන්න පුලුවන් දෙයක් නෑ :no: අපිට කරන්න පුලුවන් එකම දේ මෙහෙම අදහස් තියෙන අයගෙ ලමයින්ට ලියුකේමියාවම හැදියං කියල ප්‍රාර්ථනා කරන එක විතරයි :yes: අනේ එහෙම කරන ප්‍රාර්ථනා ඉශ්ඨ වෙනවනං ලියුකේමියාව හැදුන ලමයි අරං ඉස්පිරිතාල වලට එන අය දිහා බලල කොච්චර සතුටු වෙන්න තිබ්බද :sorry:
     
    • Like
    Reactions: B_i_n_g_o

    නොදකිං, මෙහෙම හිතන්නවත් එපා බං. :no::no::no::no:

    ඒත් ඔය වැදි බන කියවන මිනිස්සුන්ට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් උන් සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කරයි අනේ ගබ්සාව නීතිගත වෙලා තිබුනනම් කියල.:yes::yes:
     
    මම නම් අවංකවම හිතනව බං :yes: උන්ගෙ තියෙන කාලකන්නි චින්තනය නිසා විඳවන්නෙ උන් නෙමේ. තමන්ගෙ මතය වෙනුවෙන් තවත් ලමයි අම්මල තාත්තල කී දෙනෙක් විඳෙව්වත් උන්ට ඒ ගැන ගානක් නෑ. එහෙම ගානක් නැති වෙන කෙනෙකුගෙ දුක තේරෙන්නැති කාලකන්නින්ට ඔහොම දෙයක් වුනා කියල මට නං කිසිම දුකක් නෑ :no:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඕව කියල වැඩක් නෑ :no: අපේ රටේ ඉන්න ගෝත්‍රිකයො අදහස් වෙනස් කරගන්න සූදානම් නෑ :no: අපි තාම ඉන්නෙ මීට සියවස් ගානකට කලිං යුරෝපෙ තිබුණු තැන. මුස්ලිම් අන්තවාදී රටවල් මට්ටමේ. පිරිමි තමා නෑ ගෑණු අය එහෙම ගබ්සා කරගන්න කැමති නෑ විකෘතිතා සහිත ලමෙක් වුනත් හදාගන්න කැමතියි කියල පණ්ඩිත කම් කියවන්නෙ. විකෘතිතා සහිත ලමයි බිහිකරල දූශකයන්ගෙ ලමයි බිහිකල්ල ජාතිය රැකගන්න පුලුවන් කියල හිතන මුස්ලිම් උන්ට නොදෙවනි කාලකන්නින්ගෙන් පිරිච්ච සමාජයක් මේ රටේ තියෙන්නෙ :( තව සමහරු හිතං ඉන්නෙ පනත සම්මත වුනාට පස්සෙ විකෘතිතා සහිත ලමයව හදාගන්න කැමති නම් ඒත් බෑ බලෙංම වගේ ගබ්සා කරවනව කියල :( දොස්තරලට කරන්න පුලුවන් දෙයක් නෑ :no: අපිට කරන්න පුලුවන් එකම දේ මෙහෙම අදහස් තියෙන අයගෙ ලමයින්ට ලියුකේමියාවම හැදියං කියල ප්‍රාර්ථනා කරන එක විතරයි :yes: අනේ එහෙම කරන ප්‍රාර්ථනා ඉශ්ඨ වෙනවනං ලියුකේමියාව හැදුන ලමයි අරං ඉස්පිරිතාල වලට එන අය දිහා බලල කොච්චර සතුටු වෙන්න තිබ්බද :sorry:

    :no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes:
    :no::yes::no::yes::no::yes::no::yes::no::yes::yes::no::yes::no::yes:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Good Post. Reasonable discussion :yes::yes:
    Thanx :)
    මම නම් අවංකවම හිතනව බං :yes: උන්ගෙ තියෙන කාලකන්නි චින්තනය නිසා විඳවන්නෙ උන් නෙමේ. තමන්ගෙ මතය වෙනුවෙන් තවත් ලමයි අම්මල තාත්තල කී දෙනෙක් විඳෙව්වත් උන්ට ඒ ගැන ගානක් නෑ. එහෙම ගානක් නැති වෙන කෙනෙකුගෙ දුක තේරෙන්නැති කාලකන්නින්ට ඔහොම දෙයක් වුනා කියල මට නං කිසිම දුකක් නෑ :no:

    එක එක්කෙනා හිතන හැටි තමයි. මම දන්නෙ නෑ උඹ බැදලද නැද්ද කියල. ඒත් කවදහරි උඹ බැදල වයිෆ්ට ලමයෙක් ලැබෙන්න ඉද්දි තේරෙයි හිතට දැනෙන දේවල්. ලමයගෙ අතපය හතර හොදට තියනවද?, ඇගේ අවයව හොදට තියනව ඇද්ද?, ඉපදුනාට පස්සෙත්, කන් ඇහෙනවද? කතා කරයිද? මේ වගේ ප්‍රශ්න හිතට දැනෙයි. ඒ නිසා හතුරෙක්ටවත් මේ වගේ දේවල් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න එපා.:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ජීවිතයක් නැති කරන්න අපිට කිසිම අයිතියක් නෑ. නමුත් මේක විය යුතු දෙයක් කියලා මට හිතෙනවා. ඊලඟ පියවර අංගවිකල,කොට,අන්ධ,ගොළු,බිහිරි දරුවන් ඉපදුන ගමන් හෝ සීමිත කාලයක් ඇතුලත නැති කරලාදන්න වගේ තත්වෙකට මේ වැඩේ වර්ධනය වෙන්න පුළුවන්. අපිට ඒක නවත්තගන්න පුළුවන් වෙයිද? මිනිසා එන්න එන්නම තිරිසන්නු ගානටනෙ වැටෙන්නෙ :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජීවිතයක් නැති කරන්න අපිට කිසිම අයිතියක් නෑ. නමුත් මේක විය යුතු දෙයක් කියලා මට හිතෙනවා. ඊලඟ පියවර අංගවිකල,කොට,අන්ධ,ගොළු,බිහිරි දරුවන් ඉපදුන ගමන් හෝ සීමිත කාලයක් ඇතුලත නැති කරලාදන්න වගේ තත්වෙකට මේ වැඩේ වර්ධනය වෙන්න පුළුවන්. අපිට ඒක නවත්තගන්න පුළුවන් වෙයිද? මිනිසා එන්න එන්නම තිරිසන්නු ගානටනෙ වැටෙන්නෙ :(

    අංගවිකල දරුවන් ඉපදෙනකන් ඉන්න ඕනෙ නෑ ගබ්සාව නීතිගත උනොත්.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සංවේදී වගේහ කාලෝචිත මාතෘකාවක පෝස්ටුවක්. ඉදිරියටත් මෙවැනි දෑ පල කරන්න :cool::cool::cool:
     
    • Like
    Reactions: B_i_n_g_o

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගබ්සාව නීතිගත කිරීම ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

    ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ.

    ගබ්සාව නීතිගත කිරීම සඳහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර තිබෙනවා. කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම එම කරුණු 02 යි.

    එම කරුණූ දෙක සැළකිල්ලට ගනිමින් ගබ්සාව තීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නැති බවයි පෙන්වා දෙන්නේ.

    එම යෝජනා ලැබුනු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මේ පිළිබඳව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන බවයි. එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හඳුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.​

    http://nethnews.lk/article/45342
     
    bump
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    හිතට බොහොම තදින් දැනුන පොස්ට් එකක්. රෝහල් වලින් පිට ඉන්න අපිට ඔය වගේ දේවල් මේ වගේ ඉඳල හිටලා අහන්න ලැබුනට මේ වගේ ළමයින් එක්ක අම්මල එක්ක ඉන්න වෛද්‍යවරු සහ මේ වගේ රෝග තියන ළමයින් ඉන්න දෙමවුපියන් කොච්චර නං විඳවනවා ඇත්ද කියන එක අපිට මෙහෙම මේවා කියවන වෙලාවට ඇතිවෙන දුකත් එක්ක හිතාගන්නත් අමාරුයි...
    ගබ්සාව නීතිගත විය යුතුයි කියන මතයේ මම ඉන්නේ මේ සඳහන් කරලා තියන හේතු කාරණා එක්ක. එත් මේ මොනවා උනත් අමාරුවෙන් තමන්ගේ කුසට ආපු දරුවා නැති කරලා දානවා කියන්නේ මොනවගේ වේදනාවක් ඇති කරන දෙයක්ද කියන එක උනත් අපිට හිතා ගන්න අමාරුයි ඒ දේට මුහුණ දෙන අයකුට ඇරෙන්න.

    B_i_n_g_o ඔබට ස්තුති මෙහෙම දෙයක් අපිට දැනගන්න සැලැස්වීම ගැන
     
    ඔව්. ගබ්සාව කියන දේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල පමණක් නියමිත කොන්දේසි යටතේ සිදුකල යුතුයි. ජීවත් වෙලා ඉන්න අම්මව මැරි මැරී ඉපදෙන්න සලස්සනවට වඩා සමහර අවස්ථාවල ගබ්සාව මානුශීයයි.
    :(