මයිටාවෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තවත් ජංගම දුරකථන අටක දූවිලි මයිටාවෝ

    තුෂාරී කළුබෝවිල

    ජංගම දුරකථන අටකින් තවත් ගෘහ දූවිලි මයිටාවන් රැසක්‌ සොයාගෙන තිබේ.

    මීට පෙරද ජංගම දුරකථන සහ පුද්ගලයෙකුගේ කන්වල සිටි මයිටාවන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය මගින් හඳුනාගත් බවත්, ගත වූ සතියක කාලය ඇතුළත තවත් ජංගම දුරකථන අටක සිටි මයිටාවන් පිළිබඳ වාර්තා වූ බවත් එම වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා "දිවයින"ට පැවසීය.

    බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ඊයේ (06 වැනිදා) පැමිණි කතකගේ ජංගම දුරකථනයේ ද මයිටාවන් සිටින බව තහවුරු වී ඇති අතර ඇයගේ කන්වල වේදනාවක්‌ පවතින බව පැවසූ බවත් කනේ ද මයිටාවන් ඇති බව සැකකරන බවත් වෛද්‍ය සමරනායක මහතා කීවේය.

    මෙම ගෘහ දූවිලි මයිටාවන් කෘමි විශේෂයක්‌ වන අතර උන් විසින් "හොරි" නමැති රෝගය බෝකරන බව පැවසූ වෛද්‍ය සමරනායක මහතා චර්මය ආශ්‍රිතව ආසාදනයන් සිදු කරන බවද කීවේය.

    තත්aත්වයෙන් බාල ජංගම දුරකථනවල මෙන්ම අපිරිසිදු, දූවිලි සහිත පරිසරවල මෙවැනි මයිටාවන් බෝවන බවත් එවැනි උපකරණ බොහෝ විට සීතල පරිසරයක තැබීමෙන්, සාමාන්‍ය විෂබීජ නාශකයක්‌ යොදා ජංගම දුරකථන සහ ගෘහ දුරකථන පිසදැමීමෙන් මයිටාවන් විනාශ කළ හැකි බවත් පැවසූ වෛද්‍ය සමරනායක මහතා සැමවිටම තමා ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්‌ බවද අවධාරණය කළේය.


    http://www.divaina.com/2012/07/07/news04.html
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනෙ ඕකුන්ගෙ ලබ්බ.. මුල්වරට හෙලිකලෙ ස්වර්ණවාහිනියෙන් කියන්නෙ.. :rofl::rofl: