පාර්ලිමේන්තුව විසුරුවනවා අවුරුදු 6කට. විසුරුවලා පාලක මන්ඩලයක් පත් කරනවා පාලනයට සහයෝගය දෙන්න. මේ පාලක මණ්ඩලයට ගන්නේ ආර්ථික විශේෂඥයන්, කෘෂි විශාරදයන්, හොදටම වැඩ කරපු/කරන රාජ්‍ය පරිපාලන සේවයේ අය( ගෝඨාභය රාජපක්ෂ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, මැ.කො වන මහින්ද දේශප්‍රිය වගේ අය) සියළු ම පක්ෂ තහනම් කරනවා ඒ අවුරුදු 6ට.
කර්මාන්ත නගා සිටුවන්න සහ ඇති කරන්න ඕන කරන නීති සහ බදු සහන දීල කර්මාන්ත ආර්ම්භ කරන්න ඕන යටිතල පහසුකම් හදනවා.( ත්‍රී වීල් ගෙන්නීම තහනම් කිරීම වගේ ඒවත් අදාලයි මේකට. ත්‍රී වීල් වලට වෙලා සොමියෙ කල් මරන එවුන් ව ගන්නවා ට්‍රේන් කරල ෆැක්ටරි වල වැඩට)
වගා කළ හැකි බිම් වලින් 90% වගා කරනවා, කරවනවා. කරන්නේ නැති ඒව රාජසන්තික කරලා වගා කරනවා. රස්සා නෑ කිය කියා පෙළපාලි යන උපාධිධාරීන්ට මේ වගේ කර්මාන්ත/ ගොවිබිම් වල රස්සා කරන න කියල බල කරන නීති ගේනවා. දරුවන්, මහල්ලන්, රෝගීන්, ගැබිණි මව්වරුන් හැර එකෙක්ටවත් නිකං ඉන්න දෙන්නේ නෑ. වැඩ කරන පැය ගාන 10ක් කරල මරවලා වැඩ ගන්නවා.
ඉරිදා, වෙසක් පෝය, නත්තල, මිලාද්-උන්-නබි යන උත්සව දින හැර අනිත් සියළු ම නිවාඩු අවලංගු කරනවා. අනිත් පෝය දවස් වලට නිවාඩු දෙන්නේ සිල් ගන්න විතරයි. ඒක ගන්න නං සිල් ගත්ත කියල පෘෘ කරන ක්‍රමයක් හදනවා. මේ රටට නිවාඩු වැඩියි. මිනිස්සු කම්මැළියි.
රටේ විනය හදනවා දරුණු නීති ගෙනෙල්ලා. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. මම ඉස්සෙල්ලාම එල්ලන්නේ විනිසුරු සරත් අඹේපිටිය මහතාව ඝාතනය කරපු පොට්ට නවුෆර්ව. මෙතෙක් එල්ලන්න නියම වුණු හැම එකාම එල්ලනවා. ස්ත්‍රී දූෂණය, ළමා අපචාර, සංවිධානාත්මක අපරාධ, සංවිධානාත්මක මූළ්‍ය අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය සහ දේශද්‍රෝහීත්වය කියන වැරදි/අපරාධ වලට වැරදි කරුවන් වන සියළු ම දෙනා ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට අණපනත් ගේනවා. ගෙනෙල්ලා ඒව ක්‍රියාත්මක කරනවා.