මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

    කාරුණික හදවත් ඇති හැමෝටම මගෙන් ආරාධනයක්..

    ලනුපටින්, දම්වැලෙන් හිරවෙලා ජීවිත කාලේ පුරාවටම මිනිසාවම පෝෂණය කරලා, අපේ බර ඇදලා දීලා, අපිටම කිරි දීලා අන්තිමට තමන්ගේ ජීවිතයෙනුත් වන්දි ගෙවන අසරණ සතුන්ගේ ජීවිත හැකි පමණින් බේරා ගැනීමේ අදහස ඇතුව දැනට සතියකට විතර කලින් "BULLSHIFT" නමින් Facebook පිටුවක් ආරම්භ කළා.

    එළකිරි එකේ ඉන්න, අසරණ සතුන්ගේ ජීවිත බේරගන්න කැමති හැමෝටමත් දැනුවත් කිරීමක් කරන්න හිතුනා. දැනටමත් Facebook එකේ like කරලා තියෙන අයට ස්තුති කරනගමන් අපේ අරමුණ සහ මේ වැඩේ ඉදිරියට යන්නේ කොහොමද කියන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කරන්න මේ හදන්නේ.

    ගවයන් නිදහස් කරන අරමුණෙන් කැටයක් අරගෙන දෛනිකව ලැබෙන පොඩි මුදලක් අපි කැටේ ඉතිරි කරනවා. මාස දෙකකට සැරයක් කලින් කථා කරගත්ත තැනකට හැමෝම එකතුවෙලා තමන්ගේ කැටවල එකතුවුන මුදල් ගැනලා ඒ මුදල් වලින් මරණයට කැප වුන ගවයන් නිදහස් කරනවා. කැටවල මුදල් එකතු කරන්න ඕනේ නැහැ කියල හිතෙන කෙනෙක් ඉන්නවනම් එදාටම කැමති මුදලක් ලබාදෙන්න පුළුවන්. එදාම එම ගවයන් ආරක්‍ෂිත ගොවි ගෙදරකට බාරදෙන්න අපි කටයුතු කරනවා.

    පළමු දිනය විදියට අපි යොදාගත්තේ මාර්තු මාසේ 26 වෙනි සෙනසුරාදා. මේ කරයුත්තට සහභාගී වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් දැන් ඉඳන්ම ඒ වෙනුවෙන් ඉතිරි කරන්න. අපි එකතුවෙන තැන BULLSHIFT පිටුව, මගේ profile එක සහ මේ thread එක හරහා ඉදිරියේදී දැනුම් දෙන්නම්.

    විශේෂයෙන් දැනුම් දෙන්න කාරණා කීපයක් තියෙනවා. පලවෙනි දේ, මේ කටයුත්තට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. දෙවැන්න, මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් කරන දෙයක්. මුදල් ගණන් කිරීම, ගවයන් මිලදීගැනීම, නිදහස් කිරීම කියන මේ හැමදේකටම ඕගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් කාරුණික හදවත් ඇති හැමදෙනාටම මම ආරාධනා කරනවා මේ පුණ්‍යකර්මයට සහභාගී වෙන්න කියලා.

    https://www.facebook.com/bullshift.sl/
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    captive-bolt%20bullshift.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Good work :cool: pin siddda wenawa machan. habai mehema dekuth thiyenawa. me nidahas karana harak aith mas kadetama noyanna magabalaganna one. anik de thamai, eka harakek nidahas kalama wenne wena ekekge maranaya ikman wena eka. eka nisa mas kama nawathweemata samajayata danum dena mokak hari program ekakuth kalanam godak watinawa. rep+
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Good work :cool: pin siddda wenawa machan. habai mehema dekuth thiyenawa. me nidahas karana harak aith mas kadetama noyanna magabalaganna one. anik de thamai, eka harakek nidahas kalama wenne wena ekekge maranaya ikman wena eka. eka nisa mas kama nawathweemata samajayata danum dena mokak hari program ekakuth kalanam godak watinawa. rep+

    ඔව් මචං ඔයා කියන දේ ඇත්ත. එහෙම සමාජය දැනුවත් කරන පිලිවෙලකුත් අපි හිතලා බලමු. අදහස් තියෙනවනම් කියන්න.. මමත් කල්පනා කරලා බලන්නම්. මචං මම අවුරුදු ගානක් පන්සලක වාර්ෂිකව කරපු හරක් නිදහස් කරන වැඩ වලට සහභාගී වුණා. ඒ නිසා ආපහු මස් කඩවලට යන්නේ නැතුව හරක් බලාගන්න තැන් කීපයක් මම දන්නවා. තව තැනුත් හොයලා බලන්න පුළුවන්.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අවුරුදු 3ක් ප්ලැන් කරලා කරලා.. අන්තිමේ ගිය අවුරුද්දේ ජනවාරිවල මමයි වයිෆුයි එකතු වෙලා මරන්න හිටිය වැස්සියක් නිදහස් කරා.. මේ අවුරුද්දෙ ජනවරි වෙනකොට එකි පැටියෙකුත් ගැහුවා බොලව්.. පලවෙනි පැටියා කියලයි කියන්නේ... අපේ මහ ගෙවල් ලඟ පවුලකට හදා ගන්න දුන්නේ.. ලොකු පිනක් කරන්න පුලුවන් නම්.. මාර සන්තොශයක් දැනෙන්නේ ඌවයි පැටියවයි දකිනකොට..