මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..
කාරුණික හදවත් ඇති හැමෝටම මගෙන් ආරාධනයක්..
ලනුපටින්, දම්වැලෙන් හිරවෙලා ජීවිත කාලේ පුරාවටම මිනිසාවම පෝෂණය කරලා, අපේ බර ඇදලා දීලා, අපිටම කිරි දීලා අන්තිමට තමන්ගේ ජීවිතයෙනුත් වන්දි ගෙවන අසරණ සතුන්ගේ ජීවිත හැකි පමණින් බේරා ගැනීමේ අදහස ඇතුව දැනට සතියකට විතර කලින් "BULLSHIFT" නමින් Facebook පිටුවක් ආරම්භ කළා.
එළකිරි එකේ ඉන්න, අසරණ සතුන්ගේ ජීවිත බේරගන්න කැමති හැමෝටමත් දැනුවත් කිරීමක් කරන්න හිතුනා. දැනටමත් Facebook එකේ like කරලා තියෙන අයට ස්තුති කරනගමන් අපේ අරමුණ සහ මේ වැඩේ ඉදිරියට යන්නේ කොහොමද කියන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කරන්න මේ හදන්නේ.
ගවයන් නිදහස් කරන අරමුණෙන් කැටයක් අරගෙන දෛනිකව ලැබෙන පොඩි මුදලක් අපි කැටේ ඉතිරි කරනවා. මාස දෙකකට සැරයක් කලින් කථා කරගත්ත තැනකට හැමෝම එකතුවෙලා තමන්ගේ කැටවල එකතුවුන මුදල් ගැනලා ඒ මුදල් වලින් මරණයට කැප වුන ගවයන් නිදහස් කරනවා. කැටවල මුදල් එකතු කරන්න ඕනේ නැහැ කියල හිතෙන කෙනෙක් ඉන්නවනම් එදාටම කැමති මුදලක් ලබාදෙන්න පුළුවන්. එදාම එම ගවයන් ආරක්ෂිත ගොවි ගෙදරකට බාරදෙන්න අපි කටයුතු කරනවා.
පළමු දිනය විදියට අපි යොදාගත්තේ මාර්තු මාසේ 26 වෙනි සෙනසුරාදා. මේ කරයුත්තට සහභාගී වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් දැන් ඉඳන්ම ඒ වෙනුවෙන් ඉතිරි කරන්න. අපි එකතුවෙන තැන BULLSHIFT පිටුව, මගේ profile එක සහ මේ thread එක හරහා ඉදිරියේදී දැනුම් දෙන්නම්.
විශේෂයෙන් දැනුම් දෙන්න කාරණා කීපයක් තියෙනවා. පලවෙනි දේ, මේ කටයුත්තට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. දෙවැන්න, මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් කරන දෙයක්. මුදල් ගණන් කිරීම, ගවයන් මිලදීගැනීම, නිදහස් කිරීම කියන මේ හැමදේකටම ඕගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් කාරුණික හදවත් ඇති හැමදෙනාටම මම ආරාධනා කරනවා මේ පුණ්‍යකර්මයට සහභාගී වෙන්න කියලා.
https://www.facebook.com/bullshift.sl/

pin siddda wenawa machan. habai mehema dekuth thiyenawa. me nidahas karana harak aith mas kadetama noyanna magabalaganna one. anik de thamai, eka harakek nidahas kalama wenne wena ekekge maranaya ikman wena eka. eka nisa mas kama nawathweemata samajayata danum dena mokak hari program ekakuth kalanam godak watinawa. rep+