මරණය එන වෙලාව බලන්න... සිතන්න මොහොතක්...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo






    මරණය නම් පැමිණෙන්නේ ම ය, නොපැමිණෙන්නේ නම් නැත.​

    January 9th, 2022
    ජීවිතයත් සමඟ මරණය පැමිණීම නම් කොයිතරම් සත්‍යයක් ද. එයට ජාති භේද නැත. ආගම් භේද නැත. කුලමල භේද නැත. ධන නිර්ධන භේද නැත. උගත් නූගත් භේද නැත. වධයට නියම වූවෙක් කරා, ගතවෙන මොහොතක් මොහොතක් පාසා වධක දිනය ළං වෙන්නා සේ, උපන් සත්වයා කරා මරණය ම ළං වෙමින් තිබේ.
    සබ්බේ සත්තා මරිස්සන්ති – මරණන්තං හි ජීවිතං
    “සියලු සත්වයෝ ම මැරී යන්නේ ය. මේ ජීවිතය පවතින්නේ මරණය තෙක් පමණි.”
    තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අයුරිනි. ලෝකයෙන් කොයි පැත්තෙන් විමසා බැලූව ද මරණය නොපෙනෙන තැනක් නැත. පෙනෙන්නේ ම මරණය යි. පෙනෙන්නේ ම අසරණ භාවය යි. නීරෝගී බව ලෙඩදුක් ඉදිරියේ අවසන් වනු පෙනේ. යෞවනත්වය නාකි වීම ඉදිරියේ අවසන් වනු පෙනේ. ප්‍රිය ඇසුරේ සතුට, ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් අවසන් වනු පෙනේ. මුළුමහත් ජීවිතය ම මරණය ඉදිරියේ අවසන් වනු පෙනේ.
    “අහස උසැති මහා කළුගල් පර්වතයෝ සිව් දිශාවෙන් පැමිණ සියලු සත්වයින් වනසා දමනා පරිද්දෙනි, ජරා මරණ මේ උපන් සත්වයාව යටකොට දමන්නේ. රජවරු ය, ගුණවතුන් ය, ව්‍යාපාරික ධනවතුන් ය, කාර්මිකයෝ ය, සැඩොලුන් ය කියා භේදයක් නැත. සියල්ලෝම ජරා මරණ ඉදිරියේ යට වන්නේ ම ය.”
    මේ අර්ථය ලොව්තුරා සම්බුදු රජාණෝ පබ්බතූපම සූත්‍රයේ දී වදාළ සේක. මින් පැහැදිලිව පෙනෙනා දෙයක් තිබේ. එනම් කොතැනක සිටවත් මරණය මඟහැර යා නොහැකි බවයි. ඔව්! එය එසේ ම ය. ඒ බැව් අප සම්බුදුරජාණෝ ධම්මපදයේ පාප වර්ගයේ දී මෙසේ පෙන්වා දුන් සේක.
    න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ – න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ජති සෝ ජගතිප්පදේසෝ – යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු

    “යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්නට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නැත. මුහුද මැදත් නැත. කන්දක් තුළ ගුහාවක හැංගුනත් නැත. එබඳු තැනක් ලෝකයේ කොහේවත් ඇත්තේ නැත.”
    එසේ නම් මරණය පැමිණෙන්නේ ම ය. නොපැමිණෙන්නේ නම් නැත. එහෙත් ඒ කොයි මොහොතක ද? කොතැනක ද? කවදා ද? කොයි අයුරින් ද? තව කොපමණ කාලයකින් ද මරණය පැමිණෙන්නේ?
    නැත, එබඳු පැනයකට අවකාශයක් නැත. ජීවිතයට මරණය පැමිණීම සම්බන්ධයෙන් එබඳු නිමිති කිසිවක් ඇත්තේ නැත. ‘ජීවිතයේ අසවල් අවදියේ දී පමණක් මිය යයි, අසවල් අවදියේ අය මැරෙන්නේ නැත’ කියා හෝ ‘අසවල් රෝගවලින් මරණය පැමිණේ, ඒ රෝග නොවැළඳෙන තෙක් නොමැරෙන්නේ ය’ කියා හෝ ‘වර්ෂයේ අසවල් කාලයේ මරණය පැමිණේ, අසවල් කාලවල නොමැරේ’ කියා හෝ තැනක්, අවදියක්, කාලයක්, ක්‍රමයක් පිළිබඳ කිසිම පැනවීමක් මරණය සම්බන්ධයෙන් නැත්තේ ය. ඇත්තේ එකම එක පැනවීමක් පමණි. ඒ මෙයයි.
    න හි සෝ උපක්කමෝ අත්ථි – යේන ජාතා න මීයරේ
    ජරම්පී පත්වා මරණං – ඒවං ධම්මාහි පාණිනෝ

    “උපන් තැනැත්තා හට නොමැරී ජීවත් වීම පිණිස කිසිදු උපායක් නැත්තේ ය. නාකි වී මැරී යාම යනු, ප්‍රාණීන්ට උරුම වූ ධර්මතාවය යි.”
    සුගත වූ අප සම්බුදුරජාණෝ සල්ල සූත්‍රයේ දී වදාළ ඒ භාෂිතය කෙතරම් සත්‍යයක්දැයි කියා ලෝකය දෙස විමසුම් ඇසකින් බලනා ඕනෑම නුවණැත්තෙකු හට පෙනේ. එහිලා නුවණැත්තා තමා හට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදුවන, කිසිසෙයකින් මඟ හැර යා නොහැකි මරණය ගැන මෙසේ තව දුරටත් නුවණින් සැලකීම වටී. ඒ උදෙසා මින් පසු දිගහැරෙනා කරුණු මහෝපකාර වනු ඇත.
    (1) කොතරම් ප්‍රසිද්ධ වුණත් මරණය පැමිණෙන්නේ ය. නොපැමිණෙන්නේ නම් නැත.
    මහා යසා රාජවරා – මහාසම්මත ආදයෝ
    තේපි මච්චුවසං පත්තා – මාදිසේසු කතාව කාති.

    “මහා යස පිරිවර ඇතිව බොහෝ ප්‍රසිද්ධව සිටි මහා සම්මත ආදී මහා රාජයෝ ද සිටියාහු ය. ඔවුහුත් මරු වසඟයට පත්වූවාහුය. මා වැන්නෙකු ගැන කවර කතා ද?”
    (2) පුණ්‍ය ඉර්ධි තිබුණේ වුව ද මරණය පැමිණෙන්නේ ය. නොපැමිණෙන්නේ නම් නැත.
    ජෝතියෝ ජටිලෝ උග්ගෝ – මෙණ්ඩකෝ අථ පුණ්ණකෝ
    ඒතේ චඤ්ඤේ ච යේ ලෝකේ – මහා පුඤ්ඤාති විස්සුතා
    සබ්බේ මරණමාපන්නා – මාදිසේසු කතාව කාති.

    ජෝතිය සිටුහු ය. ජටිල සිටුහු ය. උග්ග සිටුහු ය. මෙණ්ඩක සිටුහු ය. එසේ ම පුණ්ණක සිටුහු ය. මේ මහා සිටුහුත්, අන්‍ය මහා සිටුවරයෝත්
    ලෝකයෙහි මහා පින්වන්තයෝ’ යි ප්‍රසිද්ධව විසුවාහු ද, ඒ සියල්ලෝ ම මරුමුවට පත් වූවාහු ය. මා වැන්නෙකු ගැන කවර කතා ද?
    (3) කොතරම් කාය ශක්තිය තිබුණේ වුව ද මරණය පැමිණෙන්නේ ය. නොපැමිණෙන්නේ නම් නැත.
    වාසුදේවෝ බලදේවෝ – භීමසේනෝ යුධිට්ඨිලෝ
    චානුරෝ පියදාමල්ලෝ – අන්තකස්ස වසං ගතා
    ඒවං ථාමබලූපේතා – ඉතිලෝකම්හි විස්සුතා
    ඒතේපි මරණං යාතා – මාදිසේසු කතාව කාති.

    “වාසුදේව, බලදේව, භීමසේන, යුධිට්ඨිල, චානුර, පියදාමල්ල යන අයත් මැරිලා ගියා නොවැ. ඒ තරම් කාය ශක්තියක් ඇතිව සිට, කායික හැකියා නිසාවෙන් ලෝකයේ නම් දැරූ යෝධයෝත් මරණයට පත් වුණා නම්, මා වැන්නෙකු ගැන කවර කතා ද?”
    (4) ඉර්ධි ඇති මහෝත්තම රහත්හු පවා කය අත්හැර ගියෝ ම ය. සදාකාලික වූයේ නැත.
    පාදංගුට්ඨකමත්තේන – වේජයන්තිං අකම්පයී
    යෝ නාමිද්ධිමතං සෙට්ඨෝ – දුතියෝ අග්ගසාවකෝ
    සෝපි මච්චුමුඛං ඝෝරං – මිගෝ සීහමුඛං විය
    පවිට්ඨෝ සහ ඉද්ධීහි – මාදිසේසු කතාව කාති.


    “පා ඇඟිල්ලෙන් වෛජයන්ති ප්‍රාසාදය කම්පා කළෝ උන්වහන්සේ ය.
    මේ බුදු සසුනේ ශ්‍රාවක සංඝයා අතර ඉර්ධිමතුන්ගෙන් ශේ්්‍රෂ්ඨයා ද උන්වහන්සේ ම ය. උන්වහන්සේ තමයි මේ බුදු සසුනේ දෙවැනි අගසව් උතුමන් වන මහා මුගලන් මහරහතන් වහන්සේ.
    එබඳු මහා ඉර්ධි ඇති මුගලන් තෙරුන් වහන්සේ පවා මේ ලොවේ පවතින ඝෝර වූ මරණය නිසාවෙන්, සිංහ මුඛයට යන මුව පොව්වෙකු සේ තමන් වහන්සේගේ ජීවිතය අවසන් කොට පිරිනිවනට වැඩි සේක්මැයි. මරණය ඉදිරියේ මා වැන්නෙකු ගැන කවර කතා ද?”
    (5) ආර්ය ප්‍රඥාවෙන් ජීවිත සනසවාගෙන වැඩ සිටි රහත් උතුමන් පවා කය අත්හැර ගියේ ම ය. සදාකාලික වූයේ නැත.
    ලෝකනාථං ඨපෙත්වාන – යේ චඤ්ඤේ අත්ථි පාණිනා
    පඤ්ඤාය සාරිපුත්තස්ස – කළං නාග්ඝන්ති සෝළසිං
    ඒවං නාම මහා පඤ්ඤෝ – පඨමෝ අග්ගසාවකෝ
    මරණස්ස වසං පත්තා – මාදිසේසු කතාව කාති.

    “ලෝකනාථයන් වහන්සේ හැරුණු කොට මේ ලෝකයේ අන් සියලු සතුන්ගේ ප්‍රඥාව එකතු කළත්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් නොවටී. එබඳු මහා ප්‍රඥාවක් ඇති මේ බුදු සසුනේ පළමු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ද මරණය නමැති ධර්මතාව ප්‍රකට කරවමින් ජීවිතය අත්හැර පිරිනිවනට වැඩි සේක. මා වැන්නෙකුගේ මරණය ගැන කවර කතා ද?”
    (6) අප සම්මා සම්බුදුරජාණෝ ද පිරිනිවනට වැඩි සේක් ම ය.
    ඒවං මහානුභාවස්ස – යං නාමේතං මහේසිනා
    න භයේන න ලජ්ජා ය – මරණං වසමාගතං
    නිල්ලජ්ජී වීතසාරජ්ජං – සබ්බසත්තාභිමන්නදනං
    තයිදං මාදිසං සත්තා – කථං නාභිභවිස්සති

    අහෝ මෙබඳු මහානුභාවසම්පන්න වූ මහර්ෂි වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ භයෙන් හෝ ලැජ්ජාවෙන් හෝ මරණයෙහි වසඟයට නොගිය සේක් ම ය. එහෙත් නිර්ලජ්ජී වූ සියලු සත්වයන් මැඬලීමෙහි සමත් මරණය ම උන්වහන්සේව පිරිනීවීමට සැලැස්සුවේය. එසේ ඇති කල්හි මා වැනි සත්වයෝ මරණය විසින් කෙසේ නම් නොමැඩලන්නෝ ද ?
    කරුණු මෙසේ ඇති කල්හී කොතරම් ධනවත් වුව ද පිහිටක් තිබේ ද? කොතරම් බලවත් වුව ද පිහිටක් තිබේ ද?
    කොතරම් ප්‍රසිද්ධ වුව ද පිහිටක් තිබේ ද? මේ ලොවෙහි සාමාන්‍ය ජනයා දියුණුවකැ’යි අභිවෘද්ධියකැ’යි කියනා කොයි යම් හෝ දෙයකින් දියුණු වූව ද පිහිටක් තිබේදැ’යි කියා නුවණැත්තෝ නිදහස් සිතින් කල්පනා කළ යුතු ම ය.
    එවිට සම්බුදුරජුන්ගේ ධර්මය තුළ මෙබඳු දහම් ඔවදනක් හමු වේ.
    අප්පමායු මනුස්සානං – හීළෙය්‍ය නං සුපෝරිසෝ
    චරෙය්‍යාදිත්තසීසෝ’ව – නත්ථි මච්චුස්ස නාගමෝ

    “මිනිසුන්ට ඇත්තේ ස්වල්ප ආයුෂක් බව නුවණැති සත් ජනයා දත යුතු ය.
    එසේ දැන, හිස ගිනි ගත්තෙක් ගිනි නිවාගැන්මට වෙර දරනා සේ, යහපත උදෙසා වෙර දැරිය යුතු ය. මරණය නම් නොපැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ ම ය.”
    මරණය සිහිකරමින් යහපතේ හැසිරීමට වීරිය කිරීමෙන් ජීවිතයකට ලැබෙනා ආනිශංස දහම් ග්‍රන්ථයන්හී බොහෝ කොට හමුවේ. එහිලා මරණය සිහිකිරීමෙන් සැලසෙන යහපත හෙවත් මරණසතියේ ආනිශංස සංක්ෂිප්තයක් ලෙස මෙසේ පෙන්වා දිය හැකි ය.
    (1) පින් පිරීමටත්, දහමේ යෙදීමටත් ඇති ආධ්‍යාත්ම බලය වන අප්‍රමාදය උපදින්නේ ය.
    (2) දූ දරු, වතුපිටි, යාන වාහන කෙරෙහි වේවා, යම් හෝ කාම සම්පත්තියක් වේවා අතහැර ගැනීමට ඇති අපහසුතාවය දුරු වන්නේ ය.
    (3) ජීවිත තෘෂ්ණාව නැති වන්නේ ය.
    (4) පාපයට ඇති සිත දුරු වන්නේ ය.
    (5) බොහෝ දෙයට ගිජු වී රැස් කරන්නෙක් නොවන්නේ ය.
    (6) මසුරුමල දුරු කොට සිත තුටින් දන් දෙන්නට හැකි වන්නේ ය.
    (7) අනිත්‍ය සඤ්ඤාව වැඩී යන්නේ ය.
    (8) අනාත්ම සඤ්ඤාව ද වැඩෙන්නේ ය.
    (9) මරණ මොහොතේ යක්ෂ භූතාදී කිසිවෙකුගේ පීඩා කිරීමකින්වත් ඔහුගේ සිත මුළා නොවන්නේ ය. නිර්භයව සැනසිල්ලේ නිවුන සිතින් මරණයට මුහුණ දෙන්නේ ය.
    (10) මේ ජීවිතයේ මාර්ග ඵල නිවන පිණිස අවකාශ නොලැබූයේ වේ නම් යළි නිවන් මඟෙහි යෙදිය හැකි සුගති ලොවක ම උපදින්නේ ය.
    තස්මා හවේ අප්පමාදං – කයිරාථ සුමේධසෝ
    ඒවං මහානුභාවාය – මරණානුස්සතියා සදා

    එහෙයින් මෙතරම් යහපතක් ජීවිතයට සලසා ගැනීමේ හැකියාව ඇති කල්හී, යමෙක් නුවණැත්තෙක් වේ ද ඔහු නොපමාව ම මහත්ඵල, මහානිසංස වන මරණසති භාවනාවේ ම යෙදෙන්නේ ය.
    මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    යකෝ ඒ කලාන්තයක් දැම්මේ. අශ්ටක කියනකොට එහෙම තමයි පතිවත රැකලා තිබ්බේ නැත්නම්.
    273613445_920640462076593_633787364784334377_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Witnessed one a while ago sinhalayo :(

    So let me tell me about our insurance plan that will grant you a luxurious life after your own death...

    You just have to accrue pin points, the fastest way to accrue as many pin points as possible is to give away any wealth or items of value you might have to our insurance agents. More money = more pin points. Of course you can give to those who are in need too but you won't be accruing as many pin points that way :yes:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    🌼
    🌸
    ..නිතර මෙනෙහි කළයුතු කරුණු පහක්..
    🌸
    🌼

    මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්...
    1). මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    2). මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.
    3). මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    4). ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    5). මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
    ------ Post added on Apr 26, 2022 at 5:37 AM