තාත්ත අසනීප වෙලා ඉස්පිරිතාලෙ හිටිය ගොඩ සැරයක්..
මං තමයි හැමදාම ලඟ හිටියේ.. එතකොට මං ඔය සේරම දැක්ක බං.. පණ අදින මිනිස්සු, ඒ පණ අදින මිනිස්සුන්ගෙ පවුල් වල තත්වෙ.. අන්තිමට ඒ මිනිස්සු මැරෙන විදිහ.. කෝමා වල ඉඳං ගොඩ ආපු මිනිස්සු, එහෙම ගොඩ එන මිනිස්සු ගැන සතුටු වෙන බලන්න එන මිනිස්සු.. මට මේ මොකක්ද වුනේ කියල අඬන ලෙඩ්ඩු, ඒ ලෙඩ්ඩුන්ව සනසන ගෙවල් වල මිනිස්සු.. තමං ලෙඩ වෙලා කියල නොතේරෙන නාහෙට අහන්නැති අහංකාර ලෙඩ්ඩු..
අන්තිමට වාට්ටුවෙ දොස්තරලයි , නර්ස්ලයි මාත් එක්ක ෆිට් වුනා.. නයිට් ශිෆ්ට් ඉන්න නර්ස්ලට උදව් කරා ලෙඩ්ඩු මැරෙන්න නොදී බේරගන්න... ඔය ඩෙත් රැටල් එකත් හොඳටම ඇහුව.. අන්තිමට තාත්තව ගෙදර එක්කං ඇවිල්ල පලවෙනි දවසෙ නිදාගන්න යනකොටත් කං වල ඇහෙනව ඉස්පිරිතාලෙ මැශින් වල බීප් බීප්... ටීක් ටීක්.. සද්ද..
මේ වෙනකං මගේ ජීව්තේ ලඟම ආදරේ කරපු කවුරුත් එහෙම මැරිල තිබ්බෙ නෑ.. මැරිච්ච අය එක්කත් මගේ ලොකු ක්ලෝස් කනෙක්ශන්ස් තිබ්බෙ නෑ. මම ටිකක් ආතල් එකේ හිටිය ඩයල් එකක්.. වැඩිය වගකීම් ගන්නෙ නැතුව, ආ වෙන දෙයක් වෙච්චාවෙ කියල.. හැබැයි ඔය ඉස්පිරිතාලෙ අත්දැකීම් වලින් පස්සෙ නිකං සතර පෙරනිමිති දැක්ක වගේ තමයි..
මට තේරුණ එක දෙයක් තමයි මේ මොන ජිල්මාට් දදා අපි ජීවත් වෙන්න දැඟලුවත් ජීවිතේ අවසානෙ ඔය කාලෙට එනකොට ඕක දුකක්ම තමයි.. සතුටින් මැරෙනව කියල එකක් නෑ... අවුරුදු 60+70 පැනපු ගමං ඔය සතුට ටික ටික අඩු වෙනව. අවසානේ බිල් ගේට්ස් වුනත් මැරෙන්නෙ අනේ මං හිටියෙ කොහොමද දැං ඉන්නෙ කොහොමද කියල හිත හිත.. අනික් එක තමයි ලෙඩ/අනතුරු කියන ඒව කොහෙන් එනවද කොහොම එනව අපි දන්නෙ නෑ.. හැබැයි හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක් අරං ගියොත් වැඩි කාලයක් දුක අවම කරගන්න පුලුවන්.. අනික් එක තමයි උඹල යාලුවෝ, සල්ලි, බලය ඔය මොන දේ පිරිවරාගෙන හිටියත්.. ජීවිතේ අවසාන කාලෙ ශාරිරිකව නොවුනත් මානසිකව හරි උඹල තනි වෙනව. ඒක වලක්වන්න බෑ.. මං හිතාගත්තෙ එක දෙයයි.. එහෙ බලල මෙහෙ බලනකොට මේ ජීවිතේ කියන එක ඉවර වෙනව.. ඒ නිසා ඉන්නකං උපරිම ට්‍රයි කරනව ලෝකෙ දකින්න.. මං කැමති දේවල් කරන්න.. රිස්ක් ගන්න පුලුවන් හැම මොහොතෙම.. හැබැයි ඔය මොන හුත්ත කරත් එන්ඩින් එක ඩිප්‍රෙසිව්.. කවදාවත් අපි ඔය හොයන සතුට කියන එක කොච්චර හම්බුනත් ඇති වෙන්නෙත් නෑ ඒක හැමදාම තියෙන්නෙත් නෑ.. එච්චරයි..