මරණය-මරණය-මරණය

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මරණය-මරණය-මරණය

    තව නොබෝ දිනකින්ම
    මගේ මේ ජීවිතය
    මරණයට කැපවීම
    දැන් මෙමට සහතික ය

    ඉතින් ඒ ගැන සිතා
    ලතවන්ට දුක් වන්ට
    මුකුකුරා ගිය සිතැති
    මහට සරි වෙ ද කෙලෙස

    උපන් ලෝ සියලු සත
    මරණයට හිමිකරු ය
    ඉපදීම මරණයත්
    සමග එන දහමක් ය

    ජීවිතය අනිතමැයි
    තන’ග පිනි බිඳු සේ ම
    නියත මරණය පමණි
    ඉතින් ලතවනු කුමට

    එහෙත් නොපෙනෙන දුකක්
    මහද තුල මතුව එයි
    මගෙ දෙ ඇස කඳුළකින්
    නොදැනීම පෙගී යයි

    ජීවිතය දම්වැලකි
    ඉපදීම එහි මුල ය
    මරණය ද ඒ වැලෙහි
    අග පුරුක මිස කීම ද?

    විඳිනු හට දුකක් වුව
    සමාජය ගෙන බැලුව
    මරණයෙන් වැඩ වෙතැ යි
    විදුදරන් ගේ මතය

    මගෙ තැන වෙන කෙනෙකු
    මෙහි පැමිණ ගනු නියති
    ඒ තමයි නියම ලෙස
    මරණයෙහි ඇති අරුත

    ඉතින් කීම ලතැවෙන්නේ
    මේ ලෙස මා බොළඳ ලෙස
    ජීවිතය අතැඹුලක්
    සේ මේ ලෙස දැන හැඳින

    එහෙත් නොපෙනෙන දුකක්
    පසා කර එයි මහද

    මේ මගෙ අවසාන ද
    මා මේ ලොව දකින මේ
    අවසාන වතාවද?

    ඉරු නඟින, ඉරු බසින
    මේ මිහිරි සොඳුරු ලොව
    යලි ඉතින් කිසි දිනෙක
    යලි දකින්නට නොහැකි වේද?

    මා මෙලොව දකින මේ
    අවසාන වතාව ද?

    ගලවන්ට මා අහෝ
    කෙනෙක් මේ ලොව නැද්ද?
    අහෝ දෙවියනි මහට
    නැතිද කිසි පිළිසරණ?

    -Dr. Gunadasa Amarasekera-
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මරණය කියන වචනයටත් ගොඩක් අය බයයි.
    ඒත් ඒ වචනේ තියනවා අමුතු ගුප්තාකාර සුන්දර බවක්. :D
     
    • Like
    Reactions: IKL