මරණය යනු ජීවිතයේ අවසානය නොවේ...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මරණය යනු ජීවිතයේ අවසානය නොවේ...

    1901251_628633073870685_1008614359_n.jpg


    ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතය කලකිරුණු බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණියක් ප්‍රශ්නවලින් බේරෙන්න තෝර ගත්තේ සිය දිවි නසා ගන්න එක...වස බෝතලය අරන් ඇවිත් රෑට හැමොම නිදා ගන්න අතරෙ වහ බොන්නම් කියල වෙලාව යනකන් ලියුමකුත් ලියලා රේඩියෝව දානවා....ඒ වෙලාවෙ මෙයාගේ පෙර පිනකට Tune වුනේ ඌව ප්‍රජා ගුවන් විදුලිය...මෙ තරුණියට ඇහෙනවා ස්වාමින්වහන්සේ නමක් ලස්සනට බණ කියනවා....
    "මෙ ජීවිතේ මෙතනින් ඉවරයි කියල හිතන්න එපා.....ආයේ ආයෙමත් ඉපදි ඉපදි මැරෙමින් යන සසර ගමනක් අපට උරුමයි......”
    පැය 2ක් පුරාවට මෙ තරුණිය ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා.....අවසානයේ ඇය තීරණය කරනවා ජීවත් වෙන්න....වස කුප්පිය විසි කරල දානවා....පසුවදාම ඇය ඌව ප්‍රජා ගුවන් විදුලිය සොයා යනවා....එදා ඒ ගුවන් විදුලියේ විකාශය වුනේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක්....එදා ගුවන් විදුලි නිවේදකයා වුනේ විමල් ධර්මශ්‍රි මහතා.....මෙ මීට වසර 4-5ට පෙර සිදු වූ සිදුවීමක් අදත් ඒ තරුණිය බණ්ඩාරවෙල ජීවත් වෙනවා.....

    "මෙ ධර්මය ඇහුන් නැත්නම් මෙ මිනිසුන් විනාශ වෙනවා" කියල සහම්පති බ්‍රහ්මයාගේ ප්‍රකාශය කෙතරම් සත්‍යයද?

    වැදගත් ධර්ම දේශනා කොටසකට සවන් දෙන්න


    https://soundcloud.com/path-nirvana/01-30-karapitiya-apaya