උඹට කට පුරා කියන්න පුලුවන් කොහේ ඉන්න දෙවියෙක්ද, දෙයියෝ ළඟට යන්නේ නෑ, ඒව ඔක්කොම බොරු හැබැයි මැරිලා පනුවෙක් වෙලා උපදින්න පුලුවං ඒක නං ඇත්ත

නොදන්න නොදැක්ක ඔප්පුකරගන්න බැරි ඊළඟාත්ම උත්තක් ගැන දොඩවනවා හැබැයි මැරිලා දෙයියෝ ළඟට යන එක උත්ටක් නෙමෙයි
උඹළට ගහන්න ඕන මඩු වලිගෙන්
මෑරිල පනිවෙක් වෙන එක පෙන්න පනුවො පෙන්න හරි ඉන්නවනෙද?
.
.
හරි එක පෑත්තකින්ග් තියමුකො, කාට හරි ඔක හරියටම දෑන ගන්න ඔනෙ ණම් කරන්න ඔන දේ බුදු දහමේ තියෙනව.
1)ඔය කිව්වට පිලිගන්න අමරු නම් එයට පුලුවන් සිල් රෑකල, භවනා කරල සමධියක් වගෙ ලබාගෙන එකෙන් බලන්න පුලුවන් ඔය කියන දෙවල් වෙනවද කියල.
.
2)එහෙමත් අමරුඉ වගෙ ණම් මාර්ග පලයක් ලබාගෙන බලන්න පුලුවන් ඔය කියපුව ඈත්තඩ කියල.
3)ධෑන් උම්බ කියන ඔය දෙවිය බලන්න මරෙන්නම ඔනෙද? මරෙන්න හෑම එකම ඔය කියන දෙවිය ගාවට යනවඩ?
කවුද මේක කියලා තියෙන්නේ ?
බුදු දහමේ ප්‍රධාන මිත්‍යා දෘෂ්ටික සංකල්ප 10ක් පිළිබඳව දේශණා කර ඇත. ඒවා නම් ,
ආනන්තරීය පවකටත් වඩා භයානක නියත මිථ්‍යාදෘෂ්ටිය..
ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්, මෙම ත්‍රිවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් (ලෝකෝත්තර) සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.
මේ අනුව පැහැදිලි වනුයේ දුක - දුක ඇතිවීමට හේතුව - දුක නැතිකිරීම - එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය. “සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය - ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි. මිථ්‍යා දෘෂ්ටිය නැවත ඇති නොවන පරිදි නැතිකර දමන අවබෝධ ඥානය (ලෝකෝත්තර) සම්මා දිට්ඨිය යි. මේ සම්මා දිට්ඨිය සෝවාන් වීමේදී ඇති වන්නකි.
දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ
1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.
මේ මිත්‍යාදෘෂ්ටික අදහස් වලින් බැහැර වීම ලෞකික සම්මා දුෂ්ටිය යනුවෙන් හැදින්වේ. ලෞකික සම්මා දුෂ්ටියෙන් යුතුව පින්කම් කිරීම, සීල භාවනා ආදියේ යෙදීම සුගතියේ ඉපදීමට හේතුවේ.
මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත.
එහෙත් නියත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය. ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය. නමුත් නියත මිථ්‍යාදෘෂ්ටියට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.
විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත් වීමංසන බුද්ධියෙන්ය.තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි. යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක් ලෙස හැදින්විය හැක.
බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්‍ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති. බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය.
මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.
එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්‍රාවක නොවේ යැයි පැහැදිලි කළහ. දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත.
මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය. වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය.
ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි. එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය. ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය. බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය. අවසානයෙහි දේහය ගෙනගොස් දැමීමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.
සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ. ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ. සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා ප්‍රේත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය.
මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් පළමු වන අංගය වශයෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.
මදකට සිතා බලන්න.. ලෝකයෙහි මිත්‍යා දෘෂ්ඨිකයින් බහුලව වාසය කරන කලෙක පෙර පින නිසාම සම්‍යදෘෂ්ඨික පෙදෙසක උපත ලැබූ ක්ෂණ සම්පත්තියෙන් යුත් පින්වත් ඔබ වටිනා මනුෂ්‍ය ජීවිතය නිකරුණේ ගෙවා දමන්නේ ද? මදක් නැවතී සිතා බලන්න. නුවණින් විමසා බලන්න..
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.!!!
===
බුදු දහම පතුරුවා හරිමින් අපි සිදුකරන මේ ධර්ම දානමය පින්කමට ඔබත් දායක වන්න. අපේ පිටුව පුරා ඇති දේ කියවා, බලා යහපත් යැයි හැගේනම් . අපට සහයෝගය ලබාදෙන්න. මිතුරන්ද දැනුවත් කරන්න. සියලු පුණ්යස්කන්ධයන්ගේ ආශිර්වාදය සම්බුදු සසුනත්, ජාතියත්, රටත්, රැකගැනීමට මා සිදුකර ඇති සියලු සැලසුම් සාර්ථක කරත්වා. ශ්රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා ... ... ...
අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා ..සසර කතරින් එතෙරව ඔබ සියළු දෙනා පමා නොවී ධර්මාබෝධය ලබත්වා !!!
.
.
ඔය කියන අගම් දෙකෙම ඔය 10 යෙන් කීපයක්.තියෙනව නෙද? ඓ තින්ක් ඔය දෙකම මිත්යා දුශ්ටික ආගම තමයි
------
Post added on Aug 31, 2023 at 4:11 PM