මරණ දණ්ඩනය ලැබූ පැමිණිලිකාරිය >>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මරණ දණ්ඩනය ලැබූ පැමිණිලිකාරිය >>

    මරණ දණ්ඩනය ලැබූ පැමිණිලිකාරිය
    ------------------------------------------
    නුස්රත් ජහාන් රාෆි, දහඅට වියැති සුරූපී යුවතියකි. ඇය බංග්ලාදේශයේ ඩකා නගරයෙන් කිලෝමීටර් සියයක් පමණ දුරින් ඇති ෆෙනි නම් වූ කුඩා නගරයක පදිංචිව උන් ඇය සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක දැරියකි. ඇය ඉගෙනගනිමින් උන්නේද මුස්ලිම් මද්රසා පාසලකය.
    පසුගිය මාර්තු 27 වෙනිදා නුස්රත් පාසැල ඇරී ගෙදර ආවේ කදුළු පුරවා ගත් දෑස් වලිනි.
    “අම්මේ, අද අපේ විදුහල්පති මට එයාගේ කාර්යාලයට එන්න කියලා තිබුණා. මං එතනට ගියාම එයා අනවශ්‍ය විදිහට මාව අතපත ගෑවා.. මට කරදර කරන්න හැදුවා.. මං එයාගෙන් බේරිලා එතනින් පැනලා ආවා..” ඇය හඩමින්ම අම්මාට කීවාය.‍
    “මේක මහ නින්දාවක්.. මේක කාටවත්ම දැනගන්න තියන්න එපා..” සාම්ප්‍රදායික බංග්ලාදේශ මුස්ලිම් ගැහැණියක වූ නුස්රත්ගේ අම්මා කීවාය. බංග්ලාදේශයේ බොහෝ කාන්තාවන් අනුගමනය කරන ක්‍රමය එයයි. ලිංගික හිංසනයක් අතවරයක් වූ විට ඔවුන් කරන්නේ කිසිවෙකුට ඒ ගැන දැනගන්නට නොතියා නිහඩ වීමය. බංග්ලාදේශ සමාජයේ තත්වය එයයි. අතවරයක් ගැන කියනා කාන්තාවම සමාජයෙන් කොන් වෙයි. නින්දා අපහාස විදියි. නීතිය හමුවට ගියද ඇයට ලැබෙන්නේ අසාධාරණයත් අපහාසත් පමණකි. එනිසා හොදම දෙය ලැජ්ජාවත් අසාධාරණයත් දරාගෙන නිහඩ වීමය. තමන්ගේ දියණියට නින්දා අපහාස විදින්නට සිදුවනු දැකීමට අකමැති අම්මා නිහඩ වීමට යෝජනා කළේ එබැවිනි.
    එහෙත් නුස්රත්ට උවමනා වූයේ එය නොවේ.
    “බෑ අම්මේ.. මං මේක පොලිසියට කියන්න ඕන.. නැත්තම් තවත් ගෑණු ළමයි කී දෙනෙකුට ඔය මනුස්සයා ඔහොම කරයිද දන්නෑ..” නුස්රත් කීවාය. එසේ කී ඇය අයිියාත් සමග පොලිසියට ගියාය.
    ඇය විදුහල්පති වරයා ගැන පැමිණිල්ලක් කළාය. පැමිණිල්ල ලියාගත් පොලිස් නිලධාරියා ඊලගට කලේ තමන්ගේ ජංගම දුරකථනයෙන් නුස්රත්ගේ රුව වීඩියෝ කරගැනීමය.
    නුස්රත් තමන්ගේ මොට්ටැක්කිලියෙන් මුහුණ වසා ගන්නට උත්සාහ කළාය.
    “මේක ඔය හැටි බය වෙන්න දෙයක් නෙවෙයි.. අපි මේ නිකම් වීඩියෝ කරගත්තේ..” පොලිස් නිලධාරියා සිනාසුණේය.
    එහෙත් පසුදා වන විටම ඔහු වීඩියෝ කළ නුස්රත්ගේ රුව සමාජ ජාලා මාධ්‍ය වෙත එක් කොට තිබිණ. සමාජජාලා වෙබ් අඩවි වලට එක් වුණු නුස්රත්ගේ වීඩියෝව නිසා නුස්රත්ගේ පැමිණිල්ල ගැන පලාතේ බොහෝ දෙනා දැනගත්හ.
    පසුවදා වන විට විදුහල්පතිවරයාව පොලිසියෙන් අත් අඩංගුවට ගෙන තිබිණ. එහෙත් තත්වය හැරුණේ යහපත් අතට නොවේ. විදුහල්පතිවරයාව නිදහස් කරන්නැයි ඉල්ලමින් උද්ගෝෂකයන් සිය ගණනක් වීදි බැස තිබුණාහ. ඒ උද්ගෝෂණ සංවිධානය කොට තිබුණේ විදුහල්පතිවරයාට හිතවත් පිරිමි සිසුුන් දෙදෙනෙකුත්, විදුහල්පතිවරයා සහය දැක්වූ දේශපාලන පක්ෂයකිනුත් ය.
    දිනෙන් දින නුස්රත්ට සමාජයෙන් එල්ලවන අපහාස හා පීඩනය වැඩිි වෙන්නට විය. ඇය ඒ සියල්ල දරා ගත්තාය.
    ඇය පාසැල් නොයා නිවසට වී උන්නාය. දවස් එකොලහකට පසු නුස්රත් යලිත් පාසැල වෙත යන්නේ නොයා බැරි කමටය. එදා. එනම් අප්‍රේල් 06 වෙනිදාට ඇගේ අවසන් විභාගයට ලියන්නට යෙදී තිබුුණු බැවින්ය.
    පාසැලට ඇතුළු වූ නුුස්රත්ගේ ඉදිරියට ආවේ ඇගේ පන්තියේ මිතුරියන් දෙදෙනෙකි.
    “කවුදෝ කට්ටියක් අපේ පන්තියෙ ගෑනු ළමයෙක්ව වහල උඩට ගෙනිහින් හොදටෝම ගහනවලු.. යමුද බලන්න..?” ඔවුහු නුස්රත්ගෙන් ඇසූහ. ඔවුන් දෙදෙනාව විශ්වාස කල නුස්රත් ඔවුන් සමග වහලය මතට නැග්ගාය.
    වහල මත ගැහැණුන්ද පිරිමින්ද කියන්නට නොහැකි මිනිසුන් හතර දෙනෙකු උන්හ. ඔවුන් උන්නේ බුර්කා හැදගෙනය. එහෙත් අර කී සිසුවිය නම් එතැන සිටියේ නැත.
    ඒ වෙනුවට බුර්කා හැදගත් හතරදෙනා වටකරගත්තේ නුස්රත්වය.
    “විදුහල්පතිට විරුද්ධව තියෙන පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නවද නැද්ද..?” ඔවුහුු නුස්රත්ට තර්ජනය කළහ.
    පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නට තමන් සූදානම් නැති බව නුස්රත් එවෙලේද නොබියව කියා සිටියාය.
    ඉන්පසුු ඒ අවාසනාවන්ත මොහොත එළඹිණ.
    බුර්කාව ඇද උන් මිනිස්සු නුස්රත්ගේ ශරීරයට භූමිතෙල් වත්කොට ඇගේ සිරුරට ගිනි තැබුහ. ඔවුහු එසේ කළේ මේ මරණය සිිය දිවිනසා ගැනීමක් යැයි අනෙක් අයට පෙන්නන්නටය.
    සිිරුර දවන ගිනිදැල් පිටින්ම නුස්රත් වේදනාවෙන් කෑ ගසමින් වහලෙන් බැස දිව්වාය. පාසලේ උන් තවත් පිරිසක් ඇගේ සොයුරාද සමගින් එක්ව ඇයව රෝහලකට ගෙනයන්නට කටයුුතු කළහ.
    නුුස්රත්ගේ සිරුර ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී තිබිණ. තමාගේ ජීවිතය බේරේවියැයි ඇයට විශ්වාසයක් තිබුණේ නැත. එනිසා අයියාගෙන් ජංගම දුරකථනය ඉල්ලා ගත් ඇය එහි තම කටඋත්තරය පටිගත කලාය.
    “විදුහල්පති තුමා මට කරදර කළා.. මගේ අන්තිම හුස්ම වෙනකල්ම මං ඒ්කට විරුද්ධව සටන් කරනවා..”
    සැබැවින්ම නුස්රත් ඇගේ අවසන් හුුස්ම දක්වාම සටන් කළාය. 80%ක් පිළිස්සුම් තුවාල ලබා උන් නුස්රත් අප්‍රේල් 10 වෙනි දින අවසන් හුස්ම හෙළුවාය.
    ඇය ජීීවත්ව සිටියදී ඇගේ හඩ නොඇසුණු බංග්ලාදේශ වැසියන්ට මියගිිය නුස්රත්ගේ හඩ ඇසිිණ. නුස්රත්ගේ අවමංගල්‍ය දිනයේදී බංග්ලාදේශ වැසිියන් දහස් ගණනින් නුස්රත්ට සාධාරණය ඉල්ලා වීදි බටහ.
    බංග්ලාදේශයෙන් නොනැවතීී නුුස්රත්ගේ කතාව අන්තර්ජාලය ඔස්සේ ලොවම දැනගෙන තිබිණ.
    අපරාධකරුවන් සියළු දෙනාටම දඩුුවම් ලබා දෙන බවට අගමැතිනිය ෂෙයික් හසීනා පොරොන්දු වූූවාය. පොරොන්දු වූ පරිදිම මෙම සිදුවීමට සම්බන්ධ 15 දෙනෙකු අත් අඩංගුවට ගැනිණ.
    එහෙත්... දැන් අහිංසක නුස්රත් මිය ගොස් හමාරය. නීතියද සමාජයද, මිනිසුන්ගේ ආකල්පද වෙනස් නොවුණ හොත් හෙට දිනයේද තවත් නුස්රත්ලා සිය ගණනින් අපරාධකරුවන්ට බිලිවීම වලක්වන්නට නොහැකි වනු ඇත.

    නිම්මි මුදිතා හේරත්



    pZaNfv8.jpg