මේ ලෝකයට උපත ලබන කුඩා දරුවන් අප දැක ඇත. ඔවුන්ගේ උපත සමඟ සතුට ඇති වේ; ප්‍රීතිය ඇති වේ; සියල්ලෝ ම පිනා යති. උපත ලබන කුඩා දරුවා ළදරුවා, ඒ කිසිවක් දක්නේ නැත; දන්නේ නැත. ඔහු ලෝක ධර්මතාවට පමණක් මුහුණ දී ඇත. එනම් එක් ගමනක් නවතා තවත් ගමනක් අරඹා ඇත. මිනිස්, තිරිසන් සියලු සත්ත්වයන්ට ම මෙය පොදු ය.
අපි උපතේදී සතුටු වෙමු; විපතේදී හෙවත් මරණයේදී දුකට පත් වෙමු. සතුට ප්‍රීතිය සමග අප හමුවට ආ සත්ත්වයා, පුද්ගලයා අපට දුක උරුම කොට දී යම් මොහොතක අපටත් නොකියා, නොදන්වා අපගෙන් සමුගන්නා බව අප සිතන්නේ ද? නැත.
අප එය කිරීමට පවා ප්‍රිය නො වේ. බිය දක්වයි. මන් ද යත්: යථා ස්වභාවයට අප බිය දක්වන හෙයිනි; එනම් අප තුළ තණ්හාව පෝෂණය කරවන හෙයිනි. ඒ පුහුදුන් සත්ත්වයාගේ ස්වභාවය යි. අප ප්‍රිය දේ අපට අහිමි වීම දුක ගෙන දේ. පි‍්‍රය දේ ලැබීමෙන් සතුට ඇති වේ.
මෙය ලෝක ධර්මතාව යි. අප කළ යුත්තේ කුමක් ද? ප්‍රිය දේ අහිමි වීම පිළිබඳව සිහි කිරීම යි. එනම් මරණය පිළිබඳව සිහි කිරීම යි. මරණය පිළිබඳව සිහි කිරීම මරණ අනුස්සති භාවනාව යි; සතර ආරක්ෂක භාවනාවන්හි සතර වැන්න යි.
“ඒක ධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ, ඒකත්ත නිබ්බිධාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. කතමෝ ඒක ධම්මෝ මරණ සති...” යන ආකාරයෙන් අංගුත්තර නිකායේදී බුදුන් වහන්සේ මරණය සිහි කිරීම බොහෝ කොට වැඩීමෙන් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස කෙලෙසුන්ගෙන් දුරු වීම පිණිස, විශිෂ්ට ඤාණ ලැබීම පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේ.
එසේ වූ ධර්මය නම් මරණ සතිය යි; මරණානුස්සති භාවනාව යි. මෙසේ මරණය සිහි කිරීමේ වටිනාකම බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවන්හි දක්වා තිබේ. මිනිසුන්ගේ ආයුෂය අල්ප ය. නැණවත් වූ පුද්ගලයා මේ පිළිබඳව සුළු කොට නොසිතයි. ඔහු හිස ගිනි ගත්තකු සේ කුසල් දහම් සම්පාදනය කරයි; මරණය හමුවේ බියට පත් නො වේ.
මරණය සිහි කරන්නා මරණාසන්න මොහොතේ සිහි මුළාවෙන් තොර ව කටයුතු කරයි; වීර්ය වන්තයෙකු බවට පත් වේ. අප්‍රමාදි බවින් යුක්ත වේ. තව ද මරණය සිහි කරන යම් අයකු වේ ද, හේ නිතර මැරෙන බව සිහි කිරීම නිසා කුසල් දහම් සිදු කරයි; මරණය සිහි කිරීම තුළින් සිහිය පිහිටුවයි. නැවත නැවත මරණය සිහිකිරීම හේතුවෙන් සිත මනා ලෙස එකඟ වේ. ඒ තුළන් පංච නීවරණ යටපත් වේ.
ඔහු භවයේ ඇලීම දුරු කරයි. ඒ හේතු කොටගෙන සුගතියක පුනර්භවය සිදු වේ. මෙසේ යම් අයකු මරණ සතිය නිතර වඩයි ද, ඔහු ලබාගත් ජීවිතයේ සැබෑම පලය ලබා ගන්නෙක් වේ. තමා හා තමාගේ යැ යි සලකනු ලබන සෑම ප්‍රිය වස්තූන් අහිමි වීම හමුවේ ඔහු ශෝක නො කරයි. යථා ස්වභාවය මත පදනම් ව සියලු යුතුකම් ඉටු කරයි. එහි ඇලීම බැඳීම ඔහුට නැත.
ඔහු දුකින් මිදුණු අයකු බවට පත් වේ. ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක ඔහු අත් නො විඳී. ජීවිතයේ මරණය නම් වූ ධර්මතාව ඔහු වටහා ගනී. ඒ සඳහා සෑම සියලු දෙනාට ම ප්‍රඥාව ලැබේ නම් සියල්ලෝම පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේ දුකින් මිදුණු අය බවට පත් වනු ඇත. දිනක් භාග්‍යවතුන් වහන්සේ මරණානුස්සති භාවනාව පිළිබඳව භික්ෂූන් වහන්සේලාගෙන් විමසූ හ.
පළමුව විමසන ලද භික්ෂූන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නේ ය:
“භාග්‍යවතුන් වහන්ස, මම එක් දිනක් ජීවත් වේ නම් යහපත්. එහෙත් කාලයක් නිර්වාණ ගමනය පිණිස බොහෝ කුසල් කරන ලද්දේ යැ යි සිතමි,” යනුවෙන් පිළිතුරු දී ඇත.
දෙවැනි භික්ෂුව: “
මම දවාලක් ජීවත් වන්නේ නම් ඉතා අගනේ ය. එහෙත් කාලයක් කුසල් කිරීමෙන් බොහෝ කුසල් කළේ යැ යි සිතමි,” යැ යි කීවේ ය.
තෙවැනි භික්ෂුව:
“මම අඩදිනක් ජීවත් වන්නෙම් නම් ඉතා මැනව. එම කාලය තුළ බොහෝ කුසල් කළේ යැ යි සැනසෙමි,” යි කීවේ ය.
පසුව භික්ෂූන් වහන්සේ නමක්:
“මට එක් බත් පිඩක් සපා ගිලින තාක් කාලයක් ජීවත් වන්නෙම් නම් ඉතා මැනවි. එම කාලය තුළ බොහෝ කුසල් කෙළ් යැ යි සැනසෙමි.” යි කීවේ ය.
අන්‍ය භික්ෂුවක්:
“මම යම් කාලයක් තුළ ආශ්වාස කොට, ප්‍රාශ්වාස කෙරෙම් ද, ඒ තාක් කාලයක් ජීවත් වන්නෙමි නම් ඉතා මැනවි යැයි සිතමි,” යි කීවේ ය.
මේ අතරින් එක් පිඬක ආහාරයක් වළඳන තරම් කාලයක් ජීවිතය පැවතුණ හොත් ප්‍රමාණවත් යැ යි සිතන භික්ෂූන් වහන්සේ හා ආශ්වාස ප්‍රාශ්වාස කරන තරම් කාලයක් ජීවිතය පැවතුණ හොත් ප්‍රමාණවත් යැ යි සිතන භික්ෂූන් වහන්සේත් පමණක් නිවැරැදිව මරණානුස්සති භාවනාව වඩන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
අන්‍ය භික්ෂූන් වහන්සේලා දෝෂ සහිතව ප්‍රමාදීව මරණය සිහි කරන ලද බව ද උන් වහන්සේ දේශනා කළහ. මේ අනුව මරණය පිළිබඳ කොතරම් උනන්දුවෙන් සිහි කළ යුතු දැ යි මනාව වැටහෙනු ඇත.