මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අපේ කිරිඅම්මා නැති උනා ගියමාසෙ 17...අපිව දාලා යන්න දුකයි, මම ඉන්නෙ මහගෙදර නේද වගේ දේවල් කියවන්න පටන් ගත්තා...මමනම් එතකොට දන්නවා නැතිවෙනවා කියල...හැබැයි ඉතින් ගෙදර අයට කිව්වේ නෑ එයාල කලබල වෙන නිසා...ගෙදර අය ඉස්පිරිතාලෙ අරන් ගියා මොකක්හරි ලෙඩක්වත්ද කියල බලාගන්න...නැතිවෙන්න කලින් දවසෙ ගෙදර කොස් ගහක අත්තක් කඩන් වැටිලා තිබ්බා...රෑ බල්ලො රංචුවක් උඩුබිරුවා...එතකොට කවදාවත් නැතුව ගේ ඇතුලට කුරුල්ලෙක් ආවා හවස් වෙලා...මම ඕවා හොඳට නෝටිස් කරනවා...ඉතින් මම දන්නවා වෙන්නෙ මොකක්ද කියල

    අපි නොහිතුවට මේ ලෝකෙ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනවා...

    කියන්න අමතක උනා...අපෙ මලගෙදරට පස්සෙ එක ලග මරණ පහක් හයක් විතර උනා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ උඩ ගෙදර අත්ත නැති උනා. ඊට මාසෙකට පස්සේ අපේ ආත්තම්මා නැතිඋන, ඊට මාසෙකට පස්සේ පල්ලෙ ගෙදර ආත්තම්මා නැති උනා. ඉතුරු 4 කොහෙද දන්නේ නෑ. 😓
     
    • Sad
    Reactions: Shamal3001 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙදර තමයි body එක තිබ්බේ, කලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
    purely coincidence වෙන්නත් පුලුවන්, අපි නොදන්න දෙයක් වෙන්නත් පුලුවන්
    මේකතාව නම් ඇත්ත මගේ යාලුවෙක්ගෙ තාත්තා හදිස්සියේ නැති උනා ගිය අවුරුද්දේ. පස්සේ දවසක මට පොර කිව්වා ගෙදර සාලේ කලුපාට සමනල්ලු වගෙයක් හිටියලු. කොච්චර එලෙව්වත් ආයේ එනවලු. තාත්තා නැති උනාම උනුත් අන්ත්රස්ධාන්න උනාලු :(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry::dull: සුනාමි දවසට කලින් දවසෙ රෑ තමයි අමතක නොවෙන රෑ, අකුනු ගැහුවා හෙන සද්දෙට එක දිගට, ඒක පට්ටම අමුතු අකුනු ගැහිල්ලක්, ගමේම හිටපු බල්ලො නස්ටොප් උඩුබුරුලන්න පටන්න ගත්තා රෑ ඉදන් උදේ වෙනකං එක දිගට.. හෙනම බීශනේ එදා රෑ...:dull: මට හොදටම මතකයි අපේ අම්මා මාරම ඇලර්ට් එකේ හිටියෙ ඔය සීන් එකට බය වෙලා, ඊලග දවසෙ උදේ සිල් ගන්න යන්න හිටියෙ මමයි අක්කයි, පෙර පිනක් සෙට් වෙලා තාත්තයි අම්මයි එදා පන්සල් එක්කගෙන ගියේ නෑ අපිව, මමයි අක්කයි සිල් කිට් එකත් ඇදගෙන ලෑස්ති වෙලා බලං හිටියෙ... ඒ දෙන්නට මොකක්ම හරි අමුත්තක් හිතිල එච්චර ලොකුවට ඕන කමක් කරේ නෑ... :baffled::sorry::dull: ඊට ටිකකින් පස්සෙ තමයි ඔක්කොම අකුලෝගෙනම ගියේ... අර එදා රෑ එලිවෙනකං උඩුබුරලපු එක බල්ලෙක්වත් උදේ වෙද්දි ගමේ ඉදල නෑ, එකෙක්වත් මැරුනෙ නෑ.. උන් ඔක්කොම දවස් දෙක තුනක් ගිහින් ආයෙ ගමට ආවා.. මිනිස්සු ටික තමයි හැදි ගෑවිලා ගියේ...:sorry:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ එක්කන් ගියා..හයිවේ එකේදී ..
    කුරුල්ලෙක් දඩස් ගාලා වැදිලා මැරිලා ගියා
    ඒක සයින් එකක් කියලා මට ඒවලේ දැනුනා..මම මුකුත් කිව්වේ නෑ.ඒ ගැන
    ඩ්‍රයිවර් කිව්වා, ඒක සාමාන්‍ය දෙයක් කියලා..මමත් ඒකට ඔව් කිව්වා
    ඒත්, ඊට දවස් 04 ට පස්සේ තාත්තා නැතිවුනා..
    මට හිතෙන්නම , ඒ සොබා දර්මයෙන් දුන්න මැසේජ් එකක් කියලා..
    හයිවේ එකේ නම් කුරුල්ලො වැදිල මැරෙනව බං සෑහෙන. අපි 100ට විතර යද්දි වායු රික්තයක් හැදෙනව නේ ඒ පැත්තට වාතය ඇදිල එනව. එතකොට උඩ හරියෙ පියාඹන කුරුල්ලොන්ට ඒ ප්‍රෙෂර් එකට විරුද්ධව පියාඹන්න බෑ. එතකොට වැදෙන්නෙ. මගේ අතිනුත් දෙකක් තුනක් වැදිල ඇති. මාර අප්සට් ඉතිං එතකොට
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    අපේ තාත්ත නැතිඋන දවසෙ රෑ අකුනු එක්ක පට්ට වැස්ස. එකපාර අකුනක් එක්ක ලයිට් එකක් පුපුරල වැටුන මගේ ඉස්සරහට.

    පාන්දර තාත්තා නැති උනා හාට් ඇටෑක් එකකින්
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira and NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113
    හයිවේ එකේ නම් කුරුල්ලො වැදිල මැරෙනව බං සෑහෙන. අපි 100ට විතර යද්දි වායු රික්තයක් හැදෙනව නේ ඒ පැත්තට වාතය ඇදිල එනව. එතකොට උඩ හරියෙ පියාඹන කුරුල්ලොන්ට ඒ ප්‍රෙෂර් එකට විරුද්ධව පියාඹන්න බෑ. එතකොට වැදෙන්නෙ. මගේ අතිනුත් දෙකක් තුනක් වැදිල ඇති. මාර අප්සට් ඉතිං එතකොට
    හයිවේ කතාව ..ඇත්ත මාත් එකගයි..ඒත් මෙහෙම දෙයක් වුනේ හෙන කලාතුරකින් අපේ ගෙදර

    අපේ ගෙදර වහලේ කවදාවත් පරෙවියෝ දැකලා නැහැ මං.තාත්තා නැතිවෙන්න කිට්ටු කාලවල්වල සුදු කලු පරවියෝ කීප දෙනෙක් හිටියා වහලෙට ඇවිත්
    මට යකා වැහිලා හිටියේ..උන්ගේ බෙටි අස්කරත් මම ..ජරා වෙලා.. සුදු පාට උන් 04 ක් විතර
    මට නිකන් අමුත්තක් දැනුනා
    තාත්තා නැති වුනායින් පස්සේ එක පරවියෙක්වත් මම අදටත් දැක්කේ නෑ

    සමහර විට මම හිතින් මවාගත්ත දෙයක් කියලා හිතුනේ ...

    අනික් උන්ට වෙලා ද නැද්ද කියලා දැනගන්න මම මේ තෙඩ් එක දැම්මේ ..
    දැන් හැමෝම හැමෝටම වුනු දේවල් කියනවා

    ඉතින් විශ්වාස කරන නොකරන එක හැමෝටම බාරයි..

    අපි විශ්වාස කලත් නැතත් විය යුතු දේ නොවිය යුතු දේ සිද්ද වෙනවා..ඒක ස්භාවය.
    මිනිස්සු සොබා දහම එක්ක බැදිලා ඉන්නේ...ඒක මිනිස්සු දන්නේ නැහැ .අවාසනාවකට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    උම්බට පෙට්ටි කඩේ ලාල්ගේ මල්ලි නේද පෑලියගොඩ ?
     
    • Haha
    Reactions: NRTG and Shamal3001

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    තාත්තට අමාරු වෙලා ICU ඉද්දි තාත්ත අම්මට කීවලු අම්මා සුදු ඇඳගෙන දාස් පෙතිය මල් වට්ටියක් අරන් පූජා කරන්න යද්දි මල් වට්ටිය බිම වැටිලා විසිරුනා කියලා. ආය 1 යි 9 යි කියලා කීවලු. ඒක අපිට එච්චර තේරුනේ නෑ. අපි ඊට පස්සේ දාස් පෙතිය මල් වට්ටියක් හදලා තාත්තට කියල අත ගස්සල මාලිගාවටත් පූජා කරා. දිගටම අම්මයි මමයි තුන් වේලටම හොස්පිටල් ගියා. නැතිවෙන්න කලින් දවසේ හවස ගියාම පිරිත් අහන්න අහන්න ඕනි වෙලා අහන්න දුන්නා. පහුවෙනිදා උදේ මං විතරයි ගියේ. අම්මට උදේ පාන්දර යන්නත් මහන්සිනේ කියල මම කීව මං තනියම ගිහින් එන්නම් අම්ම දවල්ට යන්න කියල. මං ගියාම වෙනදට වචනයක් හරි කතා කරනව එදා මුකුත් නෑ. නර්ස් කීව පාන්දර ටිකක් අමාරු උනා කියල. මං හිතුව ඒ නිසා කතා කරන්නේ නැත්තේ කියල. ඊට පස්සේ මම පිරිත් දාන්නද කියල අහල තුන් සූත්‍රය දැම්ම. පිරිත් ඉවර වෙන්න ලං වෙද්දි මැශින් ඔක්කොම එලාම් එන්න ගත්තා. නර්ස්ල ඩොක්ටර්ස්ල ඇවිත් පැය භාගයක් විතර ට්‍රයි කරා. තාත්ත හොස්පිටල් හිටියේ හරියටම දවස් 19. 19 දවසේ උදේ නැතිඋනා.. අම්මා ඒ වෙලාවේ හිටිය නම් කොන්ට්‍රොල් කරගන්න බැරි වෙනවා. නැතිවෙන්න කලින් දවස් ටිකේම වැස්ස තිබ්බා. නැතිඋන දවසේ ඉඳන් අවසන් කටයුතු ඉවර වෙනකම්ම හොඳට පායල තිබ්බා. පාන්ශකූලේ දෙන වෙලාවෙ පොඩි පොදයක් ගියා එච්චරයි.
     
    හරි කණගාටුයි සහෝ. ඔබගේ පියාණන්ට නිවන් සුව පතනවා ....... 🙏
     
    • Like
    Reactions: meeka and ela

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    මේකතාව නම් ඇත්ත මගේ යාලුවෙක්ගෙ තාත්තා හදිස්සියේ නැති උනා ගිය අවුරුද්දේ. පස්සේ දවසක මට පොර කිව්වා ගෙදර සාලේ කලුපාට සමනල්ලු වගෙයක් හිටියලු. කොච්චර එලෙව්වත් ආයේ එනවලු. තාත්තා නැති උනාම උනුත් අන්ත්රස්ධාන්න උනාලු :(
    කලු පාට නම් moth ලා. මලගෙවල් වල රෑටත් ලයිට් දාලා නිසා එනවා ඇත්තෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    onna awa bawuthika wadiya :P
    එහෙම නෑ යකෝ මාත් ආසයි හොල්මන් අද්භූත එකී මෙකී නොකී ලබ්බවල් ඔක්කොටම.ඒත් මේක නම් මට හිතුනා මොකද මම නිකනුත් උන් එනවා දැකලා තියේ
     
    • Like
    Reactions: ela and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,973
    2
    116,091
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහර විට අන්තිම දවස් වල දෙන උත්තර වලින් එහෙම ඇඟවීම් වෙන්ඩ පුලුවන් "ඔක්කොම ලෙඩ සනීපයි" වගේ.. චුති සිත කියන එකේ ඊලඟ භවයේ පෙර සලකුණු සමහර අයට දවස් ගානකට කලින් පේනව. දැනෙනව ඇති.