මර්සි එදිරිසිංහ

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මර්සි එදිරිසිංහ

ප‍්‍රවීන චිත‍්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා.
ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඇය වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇත.

1964 වර්ෂයේදී නවක මඬල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරැඹූ ඇය 1967 වර්ෂයේදී වේදිකා නාට්‍යවලට අවතීර්ණ වී ඇත .
z_page-18-Rendezvous-02.jpg




mercy-02.jpg


ප්‍රවීණ රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ ඇයගේ අසනීප තත්වය පිළිඹඳව මෙසේ පවසා තිබිණි ....

"2012 වසරේ මගේ ගර්භාෂයේ සැත්කමක් කළා. ඒ සැත්කම කළේ කොළඹ නවලෝක රෝහලෙන්. පසුව මම කලා කටයුතු කරමින් ජීවත් වුණා. ඊට පස්සේ මගේ තුනටියට පහළින් කැක්කුමක් ආවා. මම බාහිරව ප්‍රතිකාර කළා. නමුත් අඩුවක් දැනුණේ නෑ. තුනටියට පහළින් කුද්දටි ඉදිමිලා කියලා මා පරීක්‍ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළා. මම ඒ හැමදේටම ප්‍රතිකාර ලබා ගත්තා.
mercy+edirisinghe.jpg


7cEFrug.jpg

ඔහොම ඉන්නකොට මට ඇවිදින්න බැරිව ගියා. දැනටත් ඇවිදගෙන යන්න එන්න බෑ. ගොඩක් අමාරුයි. ඊට පස්සේ 11දා කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා මම නතර වුණා. වෛද්‍යවරු පරීක්‍ෂා කර බලා මට ප්‍රතිකාර කරනවා. මගේ ශරීරයේ සීනි අඩුවෙලා, ඒ වගේම ලේ හොඳටම අඩුවෙලා. මට අද ලේ ලබාදෙනවා කියලා කිව්වා. කෑගල්ල මහ රෝහලෙන් ලබාගත්ත ප්‍රතිකාරවලට ගොඩක් සනීප බව දැනෙනවා. නමුත් මට ශක්තියක් නෑ. නැඟිටලා යන්න එන්න බෑ. වමනේ යනවා, ක්ලාන්තය හැදෙනවා."





කෙසේ වෙතත් රටක් හිනැස්සු ඇය රටම හඬවා අද සදහටම යන්න ගිහින් :(:(:(
ඔබේ අඩුව පුරවන්න තරං කෙනෙක් තවත් ඉන්නවද කියන එක නං සැකයක් ... ඒ හිස් තැන සදහටම එසේම තියේවි :(:(:(

zfLngOK.jpg


ඔබට නිවන් සුව ...... !!!!!

 
  • Like
Reactions: EUMA175

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    විනෝද සමයේ ජීවත්ව සිටි සාමාජිකයින්ගෙන් අග්‍රගණ්‍ය අයෙක් !

    නිවන්සුව !

    berty007gossiplanka.jpg

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටට යහපත කරපු මිනිස්සු ටික ටික නැති වෙවී යනවා.....
    රට දෙවියො නැති තැන පිශාචයො කරණම් ගහන තැනක් බවට පත් වෙමින් යනවා.....
    කලාව ඉන්ඩස්ට්‍රි කරපු අව-මානවයො අතින් මානුෂ සාරාර්ථ කෙළෙසෙමින් පවතිනවා......

    කවදා පායත් ද අප දිණිසුරාණෝ??????:dull::dull::dull:

    මර්සි එදිරිසංහ මැතිණියට ස්වර්ග මෝක්ෂ සුවය ළගා වේවා!!!!!!!!

    ආහ්...නන්නී...
    හුග කාලෙකින්....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රටට යහපත කරපු මිනිස්සු ටික ටික නැති වෙවී යනවා.....
    රට දෙවියො නැති තැන පිශාචයො කරණම් ගහන තැනක් බවට පත් වෙමින් යනවා.....
    කලාව ඉන්ඩස්ට්‍රි කරපු අව-මානවයො අතින් මානුෂ සාරාර්ථ කෙළෙසෙමින් පවතිනවා......

    කවදා පායත් ද අප දිණිසුරාණෝ??????:dull::dull::dull:

    මර්සි එදිරිසංහ මැතිණියට ස්වර්ග මෝක්ෂ සුවය ළගා වේවා!!!!!!!!

    ආහ්...නන්නී...
    හුග කාලෙකින්....


    ඒක තමයි ... ඉක්මනට ලැප් එක හදන් එන්න :angry::angry::angry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Paw oi. Rangapaala amaaruwen jeewithe gatagahagaththa minissu :( RIP


    Ai oi Mercy wa thiyala Mahindawa ganinko redda :(