රියැදුරෙක් ඉන්න කාර් බෝම්බ, මිනිස් බෝම්බ ප්‍රවණතාව පටන් ගන්නෙ ඉරාන-ඇමරිකානු අර්බුදයත් එක්ක ඇති උන martyrdom සංකල්පයත් එක්ක. ඒක සූත්‍රගත කරන්නෙ අයතොල්ලා කොහ්මෙයිනි ගෙ කාලිෆේට් එක යටතෙ. ඕකෙ derivatives තමා අපි දකින්නෙ.
ඇත්තටම human bomb කියන්නෙ අහසින් කඩා පාත් උන දෙයකුත් නෙමේ. ඕක නැපෝලියානු යුද්ධ කාලයෙ යුරෝපීය දේශපාලනයෙ ක්‍රමයෙන් ස්ථාපිත උන මිලිටරි සංකීර්ණයෙ යම් අදහස් වල extreme එකක්. Cannon fodder නැත්තම් හමුදාවෙන් සියයට 40% විතර meat shield එකක් විදිහට බඳවගැනීම. ඒ කොටසට මරණය නියත බව හැමෝම දන්නව. එහෙම යන අයගෙ මානසිකත්වය- උතුම් අරමුණක් වෙනුවෙනුයි තමන් මරණය තෝරගන්නෙ කියන එක- ජාතික දෘශ්ඨිවාදයන් වලින් හැඩගැහෙන්න ඇති.