මරා-සිරා ගැටුම් ඇරඹේ!

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    Sri Lanka President says scrapped Chandrasena, Godahewa appointments

    Nov 26, 2018 05:20 AM GMT+0530

    ECONOMYNEXT - Sri Lanka's President Maithripala Sirisena said he had opposed the appointments of Kapila Chandrasena as Chairman to SriLankan Airlines and Nalaka Godahewa to Sri Lanka Insurance.

    "The person at SriLankan had been removed," President Sirisena told Colombo based Foreign Correspondents Friday.

    "We opposed the appointment as soon as it was done."

    Chandrasena is at the centre of several fraud allegations at SriLankan Airlines under a commission of inquiry appointed by President Sirisena himself.

    Soon after disputed Prime Minister Mahinda Rajapaksa was appointed by President Sirisena, plunging the country into a political crisis, Kapila Chandrasena was also brought back as Chairman of the airline, while the inquiry was still underway.

    Godahewa is also on bail related to another matter.

    "We also opposed Nalaka Godahewa," he said. I believe Nalaka Godahewa has also been removed."

    President Sirisena said judicial inquiries against alleged financial frauds during the Rakapaksa regime will continue. (Colombo/Nov26/2018)

    - https://economynext.com/Sri_Lanka_P...rasena,_Godahewa_appointments-3-12717-10.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවක් හැදුවේ පොහොට්ටුවට නටන්න නෙවෙයි !

    පසුගිය දිනවල රටේ සිදුවූ දේ සම්බන්ධයෙන් ජනතාව තුළ සතුටක් නොමැති බවත් ඒවා වැරදියැයි සමහරුන් සිතන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තාමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය නොදන්නා අතර ඔවුන් සිතා සිටින්නේ ආණ්ඩුව ඔවුන්ගේ ලෙස බවයි දයාසිරි මහතා ප්‍රකාශ කරන්නේ.

    "ඒගොල්ලො නටනවා, රතිඤ්ඤා දානවා, ඊළඟට කිරිබත් කනවා, තව ලංගම බස්වලට පැනලා ඒවයෙ යන අයට ගහනවා, ඇමති පත්වීම් ගහගන්නවා, ආයතනවලට පැනලා ඒවා අල්ලා ගන්නවා .. ඉතිං මේ ඔය වැඩේ කරන්න නම් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආණ්ඩුවක් හැදුවෙ. මතක තියාගන්න" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

    දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ 2015ට කලින් කළ ක්‍රියාමාර්ගත් වැරදි බවත් 2015 සිට අවුරුදු තුන හමාරක් කළ ක්‍රියාදාමයක් වැරදි බවත් ඒ දෙකට ම මැදින් අලුත් ගමනක් යා හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත්ය.

    ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (25) හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


    - https://lankanewsweb.net/sinhala/පු...ත්තයා-ආණ්ඩුවක්-හැදුවේ-පොහොට්ටුවට-නටන්න-නෙවෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    “මෛත්‍රී එපා කියයි-මහින්ද බැහැ කියයි”

    මුදල් අමාත්‍යංශයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ජනපති-අගමැති ගැටෙති..!
    නාලක ගොඩහේවා-ලක්ෂ්මන් හුලුගල්ල-ගාමිණී අබේරත්න-කපිල චන්ද්‍රසේන ජනපතිට ප්‍රශ්නයක්..!


    (රසික මහගෙදර)
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දරන මුදල් අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන සහ විශේෂ ආයතන හතරකට ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මත ගැටුමක් මේ වන විට නිර්මාණය වී තිබේ.
    දෙපාර්ශවය අතර මේ ගැටුම ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද ලංකා හොස්පිටල් ආයතනයේ සභාපති ධූරයට ලක්ෂ්මන් හුලුගල්ල මහතා ද හිල්ටන් හෝටලයේ සභාපති ධූරයට ටැක්සි අබේ නොහොත් ගාමිණී අබේරත්න මහතා ද ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ධූරයට කපිල චන්ද්‍රසේන මහතා ද පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කිරීමට යන තත්ත්වය හමුවේය.
    මේ සිව් දෙනාටම විවිධ දුෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ද ඒ අතරින් ඇතැම් අයට එරෙහිව අධිකරණ හමුවේ නඩු ද පවතින තත්වය හමුවේ ඒ ඒ ආයතනවල සභාපති ධූර සඳහා ඒ අය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරෝධය පළ කර තිබේ.
    නව ආණ්ඩුව පත් කිරීමෙන් පසුව ඒ ඒ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සංස්ථා ඇතුළු ආයතනවල සභාපති ධූර සඳහා රාජ්‍ය සේවයේ සිටින ජේෂ්ඨ නිලධාරීන් තාවකාලිකව වැඩ බලන ප්‍රධානීන් ලෙස පත් කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ චක්‍ර ලේකයක් නිකුත් කරනු ලැබ ඇත්තේ මොවුන් මේ ආයතන හතරේ සභාපතිවරුන් ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වන දේශපාලන උපක්‍රමයක් ලෙස යැයි ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
    කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන පාර්ශව දෙක අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිකුරාදා (23) පැවති විශේෂ සාකච්ඡාවේදී, මේ පුද්ගලයින් ඒ ඒ තනතුරු සඳහා පත් කිරීමට තමාට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර ඇතත් “lankanewsweek” වෙත වාර්තා වන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ජනාධිපතිවරයා එහිදී ඒ සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවක් දී නොමැති බවය.
    කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ දේශපාලන බුද්ධි තොරතුරු “lankanewsweek” සමග සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ මේ චක්‍ර ලේකය නොතකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පුද්ගලයින් ඒ ඒ තනතුරු සඳහා පත් කරනු ඇති බවය.


    - http://lankanewsweek.com/මෛත්‍රී-එපා-කියයි-මහින්ද/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මහින්දගෙන් බැසිල්ට කුණු බැනුම්!

    "අයියණ්ඩිය බිය නොවන්න බහුතරය මම පෙන්වන්නම්" යැයි කියූ බැසිල් රාජපක්ෂ මහතාට එය ඉටුකරදීමට නොහැකි වීම නිසා අද (28) සිය වැඩිමහල් සොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.



    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 15කගේ කණ්ඩායමක් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී පවත්නා දේශපාලන අර්බුදය විසඳා ගැනීමට අගමැති ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.



    අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ මහතා එම මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදීම බැසිල් රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ගෙන තිබේ.

    බය නොවී අගමැතිකම භාරගන්නා ලෙසත් සතියක් තුළ බහුතරය පෙන්වන බවට බැසිල් රාජපක්ෂ මහතා සහතික වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී නව අගමැතිවරයා ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සන්ධ්‍යාවේ දිවුරුම් දී තිබුණි.

    එහෙත් මේ මොහොත වන විටත් බැසිල් රාජපක්ෂට හෝ එස්.බී.දිසානායක ඇතුළු කණ්ඩායමට බහුතරය දිනාගැනීමට නොහැකි වීමෙන් මහින්ද රාජපක්ෂ මහතාද මේ දිනවල කල් ගතකරන්නේ නොසන්සුන්තාවකින් බව වාර්තා විය.



    එම කලබලය මැද අද දින ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් පැමිණ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ සමඟ උරණ වී එම මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදීම දුරකථන ඇමතුමක් ගෙන ඔහුට බැණ වැදී තිබේ.

    "අගමැතිකම භාර ගන්න මම බහුතරය හදල දෙන්නම් කියල තමුසේ මට කරපු මඟුල තමයි මේ. සතියෙන් බහුතරය හදනවා කියල කිව්වේ. මෙන්න මට දැන් ඉල්ලා අස්වෙන්න කියනවා. උඹලා තමයි මේක කෑවේ."

    මෙලෙස බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් බැණවැදී ඇති බවයි වාර්තා වුණේ. දෙසොහොයුරන්ගේ දුරකථන සංවාදය උණුසුම් වී ඇති අතර කෝපයට පත් බැසිල් රාජපක්ෂ මහතා ඇමතුම විසන්ධි කර ඇති බව සඳහන්.


    - https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/35731-මහින්දගෙන්-බැසිල්ට-කුණු-බැනුම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ජනාධිපතිතුමා අසරණ නොකර ඉල්ලා අස්වෙන්න - ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් මහින්දගෙන් ඉල්ලයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 දෙනෙකු අද මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. පවත්නා දේශපාලන ව්‍යාකූලතාව විසඳා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට මැදිහත් වන ලෙස පවසා ඇති ඔවුන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා මේ මොහොතේ ඉතාම අසරණ තත්ත්වයක පසුවන හෙයින් අර්බුදය විසඳා ගැනීම සඳහා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

    "මේ වෙලාවේ ජනාධිපතිතුමා ඉන්නේ ඉතාම අසරණ තත්ත්වයක. දැන් මේ ප්‍රශ්නය විසඳාගන්න නම් ඔබතුමා ඉල්ලා අස්වෙන්න වෙනවා. එහෙම නැතුව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ." යනුවෙන් ශ්‍රීලනිප කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.



    ඊට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එසේ ඉල්ලා අස්වීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි.

    "ඇයි මම ඉල්ලා අස්වෙන්නේ. වෙච්ච දේට ජනතාව මට බනින්නේ නැහැ. මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට. මම අස්වෙන්නේ නැහැ. මට 07 වෙනිදා වෙනකම් කල්දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ව්‍යවස්ථා විරෝධී දෙයක් වෙලා තියෙන්නේ කියලා එත් මට බහුතරය හදාගන්න අවුරුදු එකහමාරක් තියෙනවා. මට බහුතරය පෙන්වන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට මම ඒවා එළියට දානවා. ඒ නිසා මම කොහොමත් අස්වෙන්නේ නැහැ."



    තමන් ඉල්ලා අස්වනවාට වැඩියෙන්ම විරුද්ධ වන පාර්ශවය ගැනද මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පවසා තිබේ. ඒඅනුව පවත්නා අර්බුදය හමුවේ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වනවාට විරුද්ධ වන්නේ ශිරන්ති රාජපක්ෂ හා තමන්ගේ දරුවන් තිදෙනා බව රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා විය.

    "මට දැන් කරන්න දෙයක් නැහැ. මම කොහෙත්ම ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ. කොහොමත් ශිරන්ති සහ දරුවෝ කැමති නැහැ මම ඉල්ලා අස්වෙනවාට. පහුගිය කාලේ විටින් විට ඔවුන්ට කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා දැන් ඔවුන්ගේ වාරේ."



    අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙස පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාදැයි එම අවස්ථාවේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇත.

    සිනහවකින් පිළිතුරු දී ඇති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, "පිස්සුද අයිසේ රනිල් බලාගෙන ඉන්නේ ආපහු අගමැති වෙන්න. මිනිහට මොකටද මාව මේකේ තියාගෙන" යනුවෙනි.


    - https://lankanewsweb.net/sinhala/පු...‍රීලනිප-මන්ත්‍රීවරු-පිරිසක්-මහින්දගෙන්-ඉල්ලයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    කෙහෙළිය හරහා මෛත්‍රීගෙන් මහින්දට තවත් කැපිල්ලක් !

    සම කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් එම තනතුරෙහි ක්‍රියා නොකරන බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.



    භාරකාර ආණ්ඩුවක් පවතින අවස්ථාවක රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර අහෝසි වන බැවින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වී ඇති නිසා ඔහුගේ කැබිනට් ප්‍රකාශක තනතුර ද අහෝසි වී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව රජයේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ නොවැම්බර් 04 වනදාය. නව රජයේ ප්‍රකාශකවරුන් ලෙස මහින්ද පාර්ශ්වයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ මෛත්‍රී පාර්ශ්වයෙන් මහින්ද සමරසිංහ මහතා නම් කෙරුණේ ඊටත් පෙර ඔක්තෝබර් 29 වනදාය.

    මේ අතර නොවැම්බර් 09 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සතු සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පවරණු ලැබිණි. එහෙයින් එතැන් පටන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුවූයේ කිසිදු ආයතනයක් හිමි නොමැති අමාත්‍යවරයකු ලෙසය.

    ජනමාධ්‍ය විෂය ද හිමි දයාසිරි ජයසේකර මහතා කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස කරළියට එන්නේ ඉන් අනතුරුවය. එහෙයින් දැනට සිටින සම කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනාම නියෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයයි. ඒ අනුව කැබිනට් මාධ්‍ය හමුවලදී මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මතය ඉදිරිපත් කිරීම වළක්වා තිබේ.

    තමන් බිහි කළේ භාරකාර ආණ්ඩුවක් බව පසුගියදා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ කතාවෙන් ප්‍රයෝජන ගනිමින් අමාත්‍ය ධුරයක් ලබන්නටත් ප්‍රථම රජයේ ප්‍රකාශකයෙක් ලෙස නම් කෙරුණු, කැබිනට් ඇමති ධුරයක් නොමැතිවත් කැබිනට් ප්‍රකාශයකු ලෙස කටයුතු කළ මහින්ද පාර්ශ්වයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කපා දමා ඇති බව පැහැදිලිය.


    - https://lankanewsweb.net/sinhala/පු...හෙළිය-හරහා-මෛත්‍රීගෙන්-මහින්දට-තවත්-කැපිල්ලක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    අපි කළේ පොහොට්ටුවේ ගමන සැර බාල කරපු එකයි ! - එස්. බී. කියයි

    තමන් එකතුවී සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමන සැර බාල කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ ප්‍රබලයකු වන හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.



    එස්.බී. දිසානායක යනු මහින්ද - මෛත්‍රී දේශපාලන දීගයේ මූලික නිර්මාතෘවරයෙකි.

    ඒ මහතා මාධ්‍ය සගයකු සමග ප්‍රකාශ කර ඇත්තේ "පොහොට්ටුව ආවෙ මාර ගමනක්. ඒ ආපු ඒම ආවා නම් ලංකාවම පොහොට්ටුවට යට වෙනවා. අපි සීසීකඩ යනවා. මේකෙන් පොහොට්ටුවේ ඒ ගමන අඩාල වුණා" යනුවෙනි.



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යස්ථ තැනකට ගෙන ඒම හරහා තමන්ට පොහොට්ටුවේ ගමන සැර බාල කිරීමට හැකිවූ බවයි එස්.බී. දිසානායක මහතා පෙන්වාදී ඇත්තේ.

    එහිදී මාධ්‍ය සගයා ලබාදී ඇති පිළිතුර ද අපූරුය.

    "කියන්න එපැයි දෙයියනේ. ඕක කලින් කිව්වා නම් අපි කලබල වෙන්නෙ නෑනෙ. අපිත් පැත්තකට වෙලා ඉන්නවානෙ" යනුවෙන් ඔහු එස්.බී. මහතාට ප්‍රකාශ කර ඇත.


    - https://lankanewsweb.net/sinhala/ගොසිප්/35537-අපි-කළේ-පොහොට්ටුවේ-ගමන-සැර-බාල-කරපු-එකයි-එස්-බී-කියයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අද රෑ 12ට අවලංගුයි ?

    අද (දෙවැනිදා) මධ්යම රාත්රියේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    - http://divaina.com/sunday/index.php/main-news-2/7189-23-35
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අද රෑ 12ට අවලංගුයි ?

    අද (දෙවැනිදා) මධ්යම රාත්රියේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    - http://divaina.com/sunday/index.php/main-news-2/7189-23-35


    පඹයාට අලුත් අගමැට්ටෙක් පත් කරන්නත් වෙනවා එහෙම උනොත්...