පැයකට කලින් කරපු අලුත්ම මරිසිය අහපල්ලකෝ....
පවු වැඩක් තමයි කලේ...
ඒත් කරන්න දෙයක් නැහැ...
වටේ ඉන්න එවුන් හිනා උනා පැලෙන්න...
ඒ නිසා ගානක් නැහැ...
අපේ ඔෆිස් එකේ ඉන්නවා එකෙක් ඕන දේටයි එපා දේටයි වට්ටි අම්මල වගේ කියව කියවා ඉන්නවා..
අපි ගොඩක් ට්‍රයි කළා ඒ කතාවල් නවත්වන්න..
ඒත් පුළුවන් උනේ නැහැ....
අද අපි සේරම සල්ලි දාල දවල්ට රයිස් ගෙනාව...
ඉතින් රයිස් කාල, ඉතිරි සල්ලි වල ගෙනාව බබල් ගම් හප හප අපි ඉන්නකොට,
අරූ ඇවිත්, උඹ දන්නවද මචං කිය කියා කතාව....
ටිකක් කතා කරලා බබල් ගම් එක පනවා...
මම ටිකක් බලන් ඉඳල, අපේ පොඩි කුස්සියක් තියෙනවා...
එකට ගිහිං බබල් ගම් එකක් මැද්දට ලුණු ඇටයක් තද කරලා කොලෙන් ඔතල ගෙනාව...
දැන් අරූ වෙලාවට කියනවා මේ උට්ටේ බබල් ගම් එක කිසි රහක් නැහැනේ කියල...
එක විසි කරලා දැම්ම...
මම ලුණු බබල් ගම් එක පෙන්වන සැනින් අරගෙන කටට දා ගත්ත...
දැන් මූ කියවනවා...
කියවල ඉවර වෙලා බබල් ගම් එක හපනකොටම,
"මැස්සෙක් මැස්සෙක් " කියල මම කෑ ගැහුවා...
අරූ ඒත් එක්කම බබල් ගම් එක හැපුව...
හපද්දික් චටස් ගාල ලුණු ඇටේ හැපුන...
උගේ හිතේ හැපුනේ මැස්ස කියලා..
දන්නානේ හැපුන ගමන් ලුණු රහ එනවනේ...
කට තද කරගෙන දිවුව එලියට....
ගොඩක් වෙලා යනකන් ඔඔක් ඔඔක් කියන සද්දේ ඇහුනා...
මම අනිත් එවුන්ට සීන් එක කිවුව...
සේරටම මැරෙන්න හිනා...
එකෙක් ගිහිං කිවුව මචං මැස්සෙක් නෙවි ලුණු ඇටයක් කියල..
ඒ පාර කියනවා උඹල මම බය වෙන නිසා තමයි එහෙම කියන්නේ කියල මම දන්නවා...
මට හැපුන මැස්ස කලබලේට බඩට ගිහිං කියලා...
එක ඇහෙද්දී අපි සේරටම හිනා...
උබත් එක්ක ඉන්න එවුන් පවු බන්





