මරුටි සහ බලාපොරොත්තු!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
මරුටි සහ බලාපොරොත්තු!!!

එක හුස්මට පිඹ ගෙන ආපු බස් එක පෑලියගොඩ ගුවන් පාලම උද නතර උනේ තවත් යන්න පාරේ ඉඩ නැති නිසා.ජනේලේ ගාව වාඩි වෙලා හිටපු මම කැළණි ගග දිහා බැලුවේ හේතුවක් නැතුවමයි.ෂාහ්!!ගිනි බෝලයක් වගේ ගග පැත්තෙන් ඉර නැගගෙන එනවා.බස් එක තවත් ඉස්සරහට ගියා.නවලෝක පිට්ටනියට මෙහායින් මරුටි කාර් පුරවලා.නිල පාට...කහ පාට..රතු පාට..බලන්න ලස්සනයි.මම ලග හිටපු මනුස්සය දිහා බැලුව.මිනිහ බර කල්පනාවක.

"අර බලන්නකෝ කාර් ගොඩ!!" මම මිනිහට ඇහෙන්න කිවා.එත් මම මිනිහගෙන් බලාපොරොත්තු උන තරම් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නෑ.ඕනවට එපාවට ජනේලෙන් බලපු මේ මනුස්සය බොහොම අපුරු කතාවක් කිව්වා.

"ඔය කාර් ටික ඔක්කොම තව ටික දවසකින් පාරට වැටෙයි.එතකොට පරක්කු වෙන්නේ හැමදාම බස් එකේ ගාටන අපිටමයි."

මේ කතාවෙන් මම පුදුම වුනා.මිනිහ දිහා බලපුවම මම කරුණු ටිකක් ටක්කෙටම දැන ගත්ත.අතේ තිබුන ෆයිල් එක දෙපාර්තමේන්තුවක එකක්.ඒ කියන්නේ මිනිහ රාජ්‍ය සේවකයෙක් වෙන්න ඕන.අතේ මුද්දක් තිබුන බවට පැල්ලමක් තියෙනවා.එත් මුද්ද නැහැ.ටික දුරක් ගිය හැටියේම හොදටම නිදි කිරා වැටෙනවා.ඇහැරුන ගමන් කේන්තියෙන් වෙලාව බලනවා.මම මේ මනුස්සයාගේ ජීවිතේ ගැන මොහොතක් අනුමාන කළා.

හැමදාම උදේට කඩවත හන්දියෙන් බස් එකට නගිනවා ඇති.එතන ඉදන් එක සීරුවට ට්‍රැෆික් එක.හැමදාම වැඩට
යනකොට රතු ඉර ගහලා...බොස් ගෙන් හොදටම බැනුම්.වැඩ ටික කවර් කරලා ඕෆ් වෙනකොට 5 විතර වෙනවා ඇති.ගෙදර යනකොට හොදටම රෑ වෙලා.දරු මල්ලෝ..බිරිඳ එක්ක සතුටින් ඉන්න ආස උනත් කොහෙද එකට වෙලාවක්.

පොඩියට හරි වාහනයක් ගන්න කියල හැමදාම බිරිදගෙන් කරච්චලේ.අතේ තිබ්බ මුද්දත් උකස් කරලා ළමයින්ට ඉගැන්නුවේ.කොහෙන්ද ඒවාට සල්ලි හොයන්නේ!! මරුටි
කාර් වල ගාන අඩු වෙලා.ඔෆිස් එකේ හැමෝම කාර් පොඩ්ඩක් ගන්න ට්‍රයි එක.එත් බැංකුවේ තියෙන සොච්චමෙන් කොහොමද කාර් ගන්නේ.හැමදාම මේ කාර් ගොඩ දකින කොට මතක් වෙන්නෙම තවත් පරක්කු වෙලා රස්සාවට යන්න උනොත් මුළු ජීවිතේම පස්සට යන බව විතරයි.
මම මෙහෙම කල්පනා කර කර යන අතරේ බස් එක කොටුවට ආවා.

"කොටුව බහින්න..කොටුව බහින්න. ආයේ
නවත්තන්නේ අනිත් පැත්තේ." කොන්දොස්තරගේ යකඩ හඳට ගැස්සිලා ඇහැරුණ මනුස්සය දඩි බිඩි ගාල බස් එකෙන් බැහැ ගත්ත.අතේ තිබුන බෑග් එකයි ෆයිල් එකයි උස්සගෙන 138 බස් එකක් පස්සේ දුවගෙන ගිය ම්නිහ මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා නොපෙනී ගියා.

මේක මට සිද්ධ උන ඇත්ත කතාවක්.අපි හැමෝටම මේ වගේ කතා තියෙනවා.අපි ලගින් ඉන්න බොහොම දෙනෙකුට රසවත් කතා තියෙනවා.එකම දේ අපි ඒවා බෙදා හදා ගන්න අකමැතියි.හැබැයි එහෙම ඉදල හිටලා හරි හම්බෙන කතාවලින් ලෝකප්‍රකට නිර්මාණ රාශියක් බිහි කර ගන්න පුළුවන්.මම එළකිරි එකෙත් ඒ වගේ අපුරු කතා ගොන්නක් දැකල තියෙනවා.ඒ දේවල් බෙදා ගත්තු,ඒ අයගේ හිත හදපු හැමදෙනාටම ස්තුතියි.

හොද නම් රෙපක් දාල කොමෙන්ටුවකුත් දමා යන්න.
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ බං.... දැන් රස්සාවක් කරලා ජීවත් වෙන මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්දා.....!! :(
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    කියලා වැඩක් නෑ බං.... දැන් රස්සාවක් කරලා ජීවත් වෙන මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්දා.....!! :(

    siraawata machang....minissunge kathaa ahuwama adenawa...
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    sulu job ekak karala........wadak naa machan......Rs 30K gaththath wadak naa......!!! Badala lamai 1-2 itiyoth sorima thamai.......!!

    Single inna kota owa therenna.......!!! marry kalama sorry . com......me & my wife brings home about 80K but still struggles in life......!

    if you don't have own house & you don't have an capital.....life is suck in CMB.....!!! what you earn is enough to live an month..not more then that...!!! everything is expensive.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කියලා වැඩක් නෑ බං.... දැන් රස්සාවක් කරලා ජීවත් වෙන මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්දා.....!! :(
    ජොබක් නැතුවත් බැනේ ඉතින් :(

    පට්ටෙට දාලා තියනව රෙපක් ඔන්න:cool:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අමූලික ඇත්ත මචන් දැන් කොහොමද බන් බස් වල වැඩට යන්නේ....සල්ලි..;)
    කොහොමද බයික් එකේ වත් යන්නේ තෙල්..;)
    මේ බලු ආණ්ඩුව අවුරුද්දකට දෙපාරක් වැඩිකරන ජිවන වියදම් දීමනාවවත් තවම දීලා නැහැ...
    ඔව්වා එකතුවෙලා රුපියල් 2000ක් විතර උනහම රුපියල් 1000කින් පඩි වැඩි වීමක් රාජ්‍ය සේවකයින්ට කියනවා...
    මුන්ට මේ දවස්වල ගහන වැහි නැති හෙණ ගහන්න ඕන....
    :angry::angry::angry::angry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අනේ මන්දා බං වාහන ගෙන්නනවා හිටු කියලා.... ඕවා පාරට වැටුනම කොහේ යන්නද මන්දා.... උඹ තොටළඟ පැත්තෙන් ආවා නම් බලන්න තිබ්බා ඔය වගේම TATA nano ගොඩගහල තියෙන හැටි... ඔච්චරම නැතත් සෑහෙන ගාණක් එතනත් තියනවා... permit වලට ගෙන්නන්න Mitsubishi Montero Sport වාහන 1000+ orders දැනටමත් ලැබිල තියෙන්නේ.... බහුතරයකට සල්ලිත් නෑ... ඒත් permit එක නිසා loan දාල කොහොමහරි ගන්නවා... ඕවා නඩත්තු කරන්න ගත්තම තමා පුක් වෙන්නේ....

    වාහන ගෙන්නන්න එක ප්‍රශ්නයක් නෙමේ... ඒත් රටේ මාර්ග පද්ධතිය ගැන අවබෝධයක් තියෙන්න ඕන.. මේ තියෙන traffic එකේ හැටියට තවත් අලුතින් වාහන 1000s ගාණක් පාරට වැටුනම කොහොම තියෙයිද......!
    :confused::confused:

    +++
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo

    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕච්චර වාහන ගෙන්නනෙ ඕවා ගන්නත් කට්ටිය ඉන්න හින්දා නේද ?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    boru kiyanna ona na..lankawe ekthara minissu kottashekata sewayata hariyana padiyak hambenne na :nerd:
    eth balahalla companies wala loku lokko.. samahara un OL pass na

    eth laksha 2k 3k padi

    lankawe career opportunities na.. degree eka thibba minihatath kade badu kiranna wela thiyenne :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත කතාව.:yes::yes:
    ඉස්සර අපේ ගමේ වාහනයක් තිබ්බේ ගමේම එක්කෙනෙක්ටයි. ඉතින් අපි හදිස්සියක් වුනාම ඒ වාහනේ තමයි වැඩ වලට ගන්නෙ.. අද වෙද්දි වාහනයක් නැති ගෙදරක් නැත්තෙම නැති ගානට.. සමහර පවුල් වල අයට එක්කෙනාට එක ගානේ වාහන 3,4.. එක වාහනේක යන්න පුලුවන් ගමන එක එක්කෙනා වෙන වෙනම තනි තනියෙන් යනවා (ලොකු කම පෙන්නන්න) හැබැයි ඔය හැම එකක්ම පාරෙ හිර වුනාම දුප්පත් අපි තමයි තැලෙන්නෙ.. මම නම් පුලු පුලුවන් වෙලාවට බයික් එකේ යද්දි පාරෙ ඉන්න කෙනෙක්ව බලල දාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. සමහරැ රෑ 10,11 ටත් බස් එනකල් බස් හෝල්ට් එකේ ඉන්නවා. ඒ අයට කුලී වාහනයක යන්න තරම් වත්කමක් නැහැ.. ඒත් පයින් යන්නත් බැහැ දුරයි. ඒ වගේ වෙලාවට හරි අසරණයි. අපිත් ඔය කට්ට කෑවා..සමහර වෙලාවට තාමත් කනවා. ඒක නිසා කට්ටෙ රසේ දන්න නිසා පුලුවන් විදිහට පුලුවන් තරමින් හැමෝටම උදව් කරගෙන යහපත් විදිහට ඉන්නවා..
    කතාවට රෙප් +5 මගෙන්
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තටම මේ පත්වෙන එන දේශපාලක්ඤයෙක්ටවත් අවංක හැඟීම් නැත්තේ ඇයි...............
    කිසම කෙනෙක් සාමාන්‍ය ජනතාව ගැන හිතන්නේ නැහැ.........
    මුං කොහොම හර්දසාක්ෂිට මූනදෙනවද මන්දා........
    ආණ්ඩුව ඉහගෙන කනවා..............
    විපක්ෂය බොරදියේ මාළු බානවා.............
    කොයි පක්ෂේ ඔය තැන්දෙකේ හිටියත් කරන්නේ ඕක තමා................
     
    හිතහොඳ එකාට කවදාවත් වරදින්නේ නැහැ...............
    එලාස්..............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්තටම මේ පත්වෙන එන දේශපාලක්ඤයෙක්ටවත් අවංක හැඟීම් නැත්තේ ඇයි...............
    කිසම කෙනෙක් සාමාන්‍ය ජනතාව ගැන හිතන්නේ නැහැ.........
    මුං කොහොම හර්දසාක්ෂිට මූනදෙනවද මන්දා........
    ආණ්ඩුව ඉහගෙන කනවා..............
    විපක්ෂය බොරදියේ මාළු බානවා.............
    කොයි පක්ෂේ ඔය තැන්දෙකේ හිටියත් කරන්නේ ඕක තමා................
    අපේම ආත්මාර්තකාමිබව හින්දා තමයි ඔය. දැං ඡන්දෙ දෙන්නෙ ඡන්ද අපේක්ෂකයා රටට මොකද්ද කරන්නෙ කියලා බලලා නෙමෙයි, තමන්ට උගෙන් මොකද්ද කරගන්න පුලුවං කියලා බලලා. ඡන්දෙ ඉල්ලන්නෙත් එහෙමයි. ඉතිං මේ තියන තත්වෙ ඇති වෙන එක පුදුමයක් නෙමෙයි.