මරු දොස්තර මහතා

මරු දොස්තර මහතා

අපේ පැත්තෙ කාලයක් අමුතු තාලයේ දොස්තර මහත්තයෙක් හිටියා,මනුස්සයා හරිම හොඳයි,දැන් කාලේ මෙහෙම දොස්තරලා ඉන්නවද කියන එකත් පුදුමයි,එන මිනිස්සුන්ට කතා කරන්නෙ නැන්දා,මාමා,නංගී,මල්ලි කියලා,මට මතක විදියට එයා අපේ පැත්තෙ ඩිස්පෙන්සරිය දැම්මෙ විශ්වවිද්‍යලයෙන් පිට වෙලා එ හැටි කාලයකින් නෙමෙයි,එයා ඩිස්පෙන්සරිය දාගන හිටියේ අපේ මාමා කෙනෙක්ගේ ගොඩනැගිල්ලක,එක නිසා අපිත් එක්ක බොහොම සුහද උනා,එයා බැඳලා දවසක් නෝනත් එක්ක අපේ ගෙදරත් ආව මට මතකයි,මගුල අරන් තියෙන්නෙ බොහොම චාමේට,තිබුනු අඩුම සාරිය අරන් තියෙන්නෙ,ගෙදර මගුල අරන් තියෙන්නෙ,මගුලෙන් ඉතිරි උනු මුදල් වගයක් පිනට යොදවලා තියනවා,එයා කවදාවත් දුප්පත් අයගෙන් මුදල් ගත්තෙ නැ,තියන මිනිස්සුන්ගෙන් උනත් බොහොම සුළු මුදලක් තම අය කලේ,මේ මනුස්සයා ගැන මට මතක් උනේ අද මට දොස්තරයෙක්ගෙන් උනු වැඩක් නිසා,එවා කියන්න ඔනේ නැ...මෙහෙම මිනිස්සු තමා නියම දොස්තර ලා.

දොස්තර කෙනෙක් වෙන්නෙ බැ,දොස්තර කම ඇඟේ උප්පත්තියෙන් තියෙන්න ඔන.එකයි මට කියන්න ඔන වෙලා තිබ්බෙ,දැන් ඉන්න සමහරු දොස්තර වෙශයෙන් ඉන්න මුදලාලිලා.
:(
 

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දොස්තර හොඳ හිතද?
    Dosthara_Honda_hitha.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් ඇත්ත..
    සමහරු මේ ක්ෂෙත්‍රයට එන්නේ සල්ලි හම්බ කරන්න බලජගෙන මිස සේවය කරන්න බලං නෙවෙයි.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    වෛද්‍යවරයෙක් වෙද්දි දෙනු ලබන ප්‍රතිඥාව හරියටම රකින අය මුලු රටේම අතේ අඟිලි ගානට විතර ඇති බන්.. එහෙම අය ඒ තරම්ම අඩුයි දැන්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩාක් වෙලාවට සමහර වයසක අයට, බෙහෙත් වලට වැඩිය ඉක්මනට ලෙඩ හොඳ වෙනවා දොස්තරගේ කරුණාව මත... :nerd::nerd:
    ඒත් ගොඩක් දොස්තරල ඒක තේරුම් නොගෙන වැඩ කරන එකයි ලොකුම අවාසනාව...:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩාක් වෙලාවට සමහර වයසක අයට, බෙහෙත් වලට වැඩිය ඉක්මනට ලෙඩ හොඳ වෙනවා දොස්තරගේ කරුණාව මත... :nerd::nerd:
    ඒත් ගොඩක් දොස්තරල ඒක තේරුම් නොගෙන වැඩ කරන එකයි ලොකුම අවාසනාව...:(:(

    :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada

    සල්ලි සහ රැකියාවේ වගකීම balance එකේ යන්න ඕන. දොස්තරලා රෝගියකුට අඩුමගානේ විනාඩි 15ක් වත් ගත කරන්න පුළුවන් නම් හොදයි. සමහර දොස්තරලා දවසකට රෝගීන් විශාල ගනනක් බලනවා.

    උණක්, කැස්සක් වගේ දෙයක් හැදුනම අපි දොස්තර කෙනෙක් ලගට යනවා. ලංකාවේ දොස්තර හුගක් වෙලාවට අපිට බෙහෙත් දෙනවා සනීප වෙන්න.

    එත් ඇත්තටම හුගක් අසනීප හැදෙන්නේ virus වලින්. මම දන්නා තරමින් ඒවාට බෙහෙත් දෙන්නේ නැහැ. බොහෝ රටවල්වල අපිව පරික්ෂ කරලා virus එකක් කියල අදුනගත්තම කියනවා තව සතියක්, සති දෙකක් බලන්න කියල. උනයි කැස්සයි තියාගෙන අමරුවෙන සතියක් විතර ඉන්නවා. එත් අඩු උනේ නැති උනොත් ( lead to bacteria infection), antibiotics දෙනවා. Antibiotic resistance නිසා වෙන්න ඇති එකපාරට බේත් දෙන්නේ නැත්තේ.

    මේක දන්න කෙනෙක් පැහැදිලි කරනවද?