ඉස්කෝලේ යන කාලේ ක්ලාස් ගිය යාලුවෙක් ගේ තාත්තා මැරිලා මළගෙදර ගියා මමයි යාළුවෙකුයි, හැබැයි එකට යන්න හිටියට ඌ පොල්ලක් තියල එනවා කියල අවේ නැතුව මට තනියෙන් යන්න උනේ. බස් එකෙන් ගිහින් පැය තුනක විතර ගමනකින් පස්සේ ඔන්න හෝල්ට් එකෙන් බැහැල අතුරු පාරකින් යන්න උන මලගේ තියෙන තැනට...
නියම වැඩේ කියන්නේ පාන්දර 1යි වෙලාව, පාරේ කලාමැදිරි එළියක් වත් නැහැ.. පාරට කරන්ට් නැහැ, හවස 7 ට පස්සේ කවුරුත් යන්නේ නැති පාරක්.
ගස් හැමතැනම වැවිල පට්ට කැලයක් මැද්දේ ලාවට කැඩිච්ච තාර තියෙන පාරක්. කකුල තියන්නේ කොතනද කියලවත් දන්නේ නැහැ ඔහේ යනව පාර වගේ දැනෙන නිසා... ඇස් පියාගෙන යන එකෙයි ඇරගෙන යන එකෙයි කිසි වෙනසක් නැහැ තනිකරම කළුවරයි. පට්ට බය හිතෙන පාරක්..
ඔන්න යකෝ ඔහොම යනකොට පාස් වෙනවා පේනවා ලාවට මිනි වලවල් වහල හදපු තැන් එක දෙක.. මට නේද... දාඩිය දාගෙන ආව බලනකොට කනත්තක් ඇතුලට ඇවිල්ල මම...
හෙමිට රිවස් එකට ඇවිල්ල ආපහු ගේට්ටුවෙන් එලියට ඇවිල්ල ඉතාමත් වේගයෙන් ඇවිදගෙන මලගේ පැත්තට විද්ද විදිල්ලක් ලොවෙත් රත් වෙලා ගියේ...
ගිහින් චාටර් නිසා මොකුත් කිව්වෙත් නැතුව ශේප් එකේ වතුර එකක් කොපි එකක් බීල කැරමක් ගහන් ඉද්දි පැය බාගෙකින් විතර ඔන්න අර මා එක්ක එන්න ආපු එකා දාඩිය දාගෙන හු තියාගෙන දුවගෙන එනවා.. ඌ ටත් ටොපිය සෙට් වෙලා... මු ට කවුද කට්ටඩි වෙදෙක් මතුරලා මොනවද කරලා ඔලුවේ තෙලක් ගාල නුලක් ගැටගහල කරලා ඉද්දි ඌ shape උනා..
මේ විදිහට තමයි පාර තියෙන්නේ..
පල්ලම බැහැගෙන එද්දිම වංගුව. වංගුව එක්කම කෙලින් ගියොත් හැරෙන්නේ නැතුව කෙලින්ම කනත්ත. කනත්තේ ගේට්ටුවත් open කරලා තිබිල තියෙන්නේ අපේ කරුමෙට...