මල්දෙණිය සහ 2020 ෆැන්ටසිය
මල්දෙණිය අපිව පිස්සු වැට්ටුවා. සමහරු කියනවා ඒ පීටර් නිසා කියල. හරි පීටර් හොදට රගපානවා තමයි. හැබැයි ජෙහාන්ගේ ඉදන් බැරල් සුනිල් දක්වා හැමෝමත් හොදටම රගපානවා. මල්දෙණිය කියන්නේ කුබියෝ නාට්‍යයේ තියෙන ස්ටෝරි ටෙලින් ටෝන් එකේම සාධාරණ දිගුවක්. එහෙනම් ඇයි මල්දෙණිය අපේ බඩ කොර කලේ? රනිල් විසින් නන්නත්තාර කරල තිබ්බ ‘විපක්ෂ නායක’ කියන තනතුර සහ පෙනුම ‘ස්මාර්ට් ඇන්ඩ් ෆැෂනබල්’ කරලා ශ්‍රී ලාංකීය චන්දදායකයා ‘මානසිකව’ ගොඩදැමීමට අමතරව, මං හිතන හැටියට මෙතන දේවල් ‘දෙකක්’ වෙන්න පුළුවන්.
එකක් තමයි අපේ ‘ego’ එකට ලැබුණු බෙහෙත. අපි හැමෝම අප්සෙට් එකේ හිටියේ, අපේ පන්තියේ එකෙක් වුන ජෙහාන් කොහොමද මෙච්චර ලොකු ගේමක් තනියම ගහන්නෙ කියල. අපිට පොඩි ඊරිසියාවක් තිබුනා අපි වගේ ගමෙන් ඇවිත් ලංකාවේ කැම්පස් එකක ඉගෙන ගත්ත ජෙහාන් අපි වගේ රස්සාවක් කරලා පාඩුවේ ගෙදර යන්නෙ නැතුව, අපේ ෆැන්ටසියේ තියෙන සමාජ විරෝධී ගේම් එක ගහනවට. අපි වගේ මධ්‍යම පාන්තිකයෝ පොඩි දුකකින් හිටියා අපිට යන්න බැරි උඩ තැනකට ජෙහාන් අපිව දාල යයි කියල. ජෙහාන්ට කෙලවෙවා කියල පැතුවෙ නැති උනාට ජෙහාන් හිරේ ගියාම අපේ පන්තියේ එවුන් පොඩි සැනසුම් සුසුමක් හෙලුවා. ජෙහාන් දිගින් දිගටම ලංකාවේ මධ්‍යම පාන්තික බයියන්ගේ ‘ego’ එක පැරුවා. එකයි ෆේස්බුක් පුරාම අනෙකා තුලින් ජෙහාන්වම හෙවුවේ. ඔය අතරෙ තමයි ගිය සතියේ මල්දෙණිය ඇවිත් අපිව ගොඩදැම්මේ. ගිය සෙනසුරාදා රෑ අපේ පන්තියේ එවුන් සතුටට යටි ගිරියෙන් කෑ ගහල තමුන්ටම, තමුන්ගේ යටි හිතටම කියා ගත්තා ‘යකෝ ඒක තමයි මම කීවේ මේක පිටිපස්සේ ලොකු එකෙක් ඉන්න ඕන කියලා. යන්තම් ඇති මේකෙන් ගොඩ යන්නේ අපේ පන්තියේ ජෙහාන් පරය නෙමෙයි අපිට වඩා ලොකු, අපේ පන්තියට වඩා උඩ පන්තියක ඉන්න වෙන එකෙක්’. මල්දෙණිය, අපේ ෆැන්ටසියේ ඉන්න මොඩන් හාමු මහත්තයා, අපේ ‘ego’ එකට බෙහෙතක් දුන්නා. ජෙහාන්ව ඉත්තෙක් කළා.
දෙවැනි එක තමයි ‘2020’. ලංකාවේ වර්තමාන දේශපාලනයේ කේන්ද්‍රය තියෙන්නේ තවමත් නම් කරලවත් නැති 2020 ජනාධිපති අපේක්ෂකයා වටේ. මහින්ද - සිරිසේන වගේ දුර අන්ත දෙකක් අත්හදා බලපු සිංහල ගැමි මධ්‍යම පාන්තික අපේ ගැලවීම, සැනසීම, නිවන, සංතුෂ්ටිය වගේ හැම ලෞකික සහ අලෞකික බලාපොරොත්තුවක්ම රැදිලා තියෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා වටේ. අපිට ඕන මල්දෙණිය වගේ, මේ වෙලාවේ දුර ගේමක්, ‘අපිටත් හොරෙන් අපිව පාවිච්චිකරල’ ගහමින් ඉන්න කෙනෙක්. අපි හැමෝම ජෙහාන්ල වෙන්නේ ඒ අපේක්ෂකයා මේ වෙලාවේ එහෙම ගේමක් ගහමින් ඉන්නවනම්. එකයි මල්දෙනියගේ කණ්නාඩි දෙක දැක්කම සමහර ජෙහාන්ලට චම්පිකව මතක් උනේ. එකයි මල්දෙනියගේ මොඩන් ඇදුම දැක්කම සමහර ජෙහාන්ලට ගෝටාව මතක් උනේ. එකයි ප්‍රියන්ත දැක්කම ජෙප්පො ෆේස්බුක් කමෙන්ට්ස් නොදා ඉන්නෙ. 2020 ජනාධිපති අපේක්ෂකයා හෙවත් සිංහල ගැමි මධ්‍යම පාන්තික අපේ දේශපාලන ෆැන්ටසියේ උත්කෘෂ්ටය තමා ‘මල්දෙණිය’. එකයි අපිට අපිවම කොන්ට්‍රෝල් නැතුව ෆේස්බුක් එක පුරාම නන්දොඩවන්නේ.
ඒක වැරද්දක් නෙමෙයි මිත්‍රයා. ඔයා ‘ජෙහාන්කරණයට’ ලක්වුන දවසේ තමයි ‘මල්දෙණිය’ ඔයාගෙ හෙවනැල්ල බවට පත්වුණේ. දැන් ඉතින් මල්දෙණියට උඩු රැවුලක් දාන්න.